+1-778-834-5353 info@namaroopa.com
Select Page

]

 

 

 

එක ප්‍රශ්නයක් - එකම උත්තරයක්...

by වහරක අභයරතනාලංකාර හිමි

සියලු කොටස්...

Find all sections and this valuable content here..

 

 

 

 

 

 

මානසික මිදීම ඇති කරගෙන සෝවාන් වෙන්න අසන බණ කුමක්ද?

 

 සතුටම දුකක් වන්නේ කෙසේද?
උපත දුක ගෙන දෙන්නේ කොහොමද? සංඛාර හෙවත් මනසේ තැනුම් ඒකක..
වේදනා පච්චයා පසාදෝ යනු? දෙවියෙක් හෝ මිනිසෙක් වන්නේ කෙසේද? පටිසන්ධිය සහ ඔක්කන්තිය.
නාම ධර්ම තෝරා ගන්නේ කෙසේද? අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන සහ භව

අරි අටැගි මඟ

අරි අටැගි මඟ හෙවත් ආර්‍ය අෂ්ඨාංගික මඟ වැඩෙන ආකාරය සහ හේතු ඵල අනුව මාර්ග අංග වැඩෙන විදිය

නිරුක්ති

මේ නිරුක්ති දේශනාවන් මැකී ගිය දහම අපට නැවත විවෘත කර දෙනවා කියා කියන්න කාටද බැරි?

මේ බලන්න… මේ සියල්ල ක්‍රියා, කරුම වලට සම්බන්ධ වෙන අපූරුව.
අපේ ගතිය වැරදි නම් උපත හරිගස්සනවා කියන්නේ වෙන්ඩ පුලුවන් දෙයක් නොවෙයි.
ඒක නිසා මෙච්චර කල් දැන අසා සිටි දේ මඳක් පසෙක තබා විවෘතව කියවන්න.
මෙයින් ඔබට හිතුනොත් “මෙහෙම මම කටයුතු කර එහි ඵලය මේ ආකාර උනොත් එහි ප්‍රථිපලය කොතරම් භයානකද?” කියා එයින් ඔබට යහපතක්ම වේවි.

දැනීම වරදක් ද?

නිවීම වරදක් ද?

සම්පූර්ණ විස්තරේ...

මේ කතාව අගක් මුලක් ඇතිව තව දුරටත් අහන්න… Click on this for full Audio Sermon.

පද නිරුක්තිය ගතියට බලපාන හැටි
පිටාරය → ආරය පිට.
වැහි → ගුණ ධර්ම වැසීගිය විට වැහි.
ගංවතුර → ගම් ගනු නින්දිත වැඩ, වාත්තුවට උරදෙන → වතුර. එනම් නින්දිත වැඩට උරදී වැඩකිරීම.
නාය → න-අය නාය එනම් අය නොවිය යුතු. එනම් දස අකුසලය, නොයා යුතු පැත්තේ යාම.

මේ වටිනා දහම ඇසූ අයට තේරුම් යෑම ඇසූ අයගේ වරදක් නොවේ. තේරුම් ගිය අය දාස් ගණනින් ඇසීමට එකතු වීම එකතු වූ අයගේ වරදක් නොවේ.
එකතුවූ අය දහමේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන අසා දැන ගැනීම දෙසූ අයගේ වරදක් නොවේ.
යම් දෙසුමක් අසා රාග ද්වේශ මෝහ නිවේනම්, එවැන්නෝ නිවනට පත්වීම නිවනේ වරදක් නොවේ.
එය ධර්මතාවයකි. සිදු වන්නකි.

ඥාන ගෝචර දහමක් තෝරාගැනීම

මේ දේශනා සියල්ල එකක් විනාඩි 20ක් පමණ වන රූපවාහිනි විකාශන සඳහා කල පටිගත කිරීම්.  දහම් කරුණු පහසුවෙන් අවබෝධ කල හැකි ලෙස පැහැදිලිව කෙටියෙන් මේ දේශනා කර ඇත. අට්ටකරා තීනිපදා සම්බුද්දේන පකාසිතා. When you look for something over many years and when you find that if that makes you happy, now you can be happy about finding something like that. Dhamma heals.

Decoding Buddhism

All you have to understand is 8 letters in 3 words. Speaking grammatically, how can you compress a vast knowledge in to such a tiny grammar? This comes with the context. Understand words beyond their word meaning. Getting the essence of a word by finding its form and nature (“gathi”) that influence efforts towards Nirvana/Nibbana/Nivana. These short discussions in Sinhala helps that.

For more simpler easy to understand sections refer to “For Beginners A to Z” – (linked at here) of this website. When you learn about the base form of the universe one important material you find is “Dhathu” or “Dhatu” – these are the basic building block of universe. Beyond this is just the pure mind – the ultimate fabricator of all matter or “Sankatha”. By listening to Beginners section you will gain access to the foundation of true knowledge. පහත සඳහන් ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු බවක් දැනේ නම් මූලික දැනුම ලබා දෙන “For Beginners A to Z” යන වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදී මූලික දැනුම ලබා නැවත පහත කරුණු සඳහා පිවිසෙන්න.

 

සසර බිය ඇති කරගන්න…

භයට්ඨේන දුක්ඛා

මේ දීර්ඝ ලිපියක එක කොටසක් පමණි. ඇය තම සංසාර ගමනේ ආත්ම තුනක කතාව මේ ලිපියේ ලියා ඇත. මේ ලිපියෙන් ඇය අද මුහුණපා සිටින තත්ත්වයට එදා ඇය කළ කර්මය විපාක දෙමින් පවතින බව ඇය විස්තරාත්මකව පෙන්වා දෙයි.

සසර භිය ඇති කරගන්න. මේ සසර පැවැත්මේ
අසාර බව දකින්න.
එයින් අනුලෝමක්ශාන්තියටත්,
නිවන සාර සුභ සුඛිතතර බව තේරුම් ගැනීමෙන්
සම්‍යක්ත නියාමයත් ආර්‍ය ශ්‍රවකයා පත්වේ.
මාර්ග ඵල සංඛ්‍යාත නිවන පූර්ණ කරයි.

Try to understand the danger of the birth – re-birth cycle.
A lady writing a letter explains 3 of her previous lives.
Fear this sansaric journey and act without delay.

කර්මයක විපාක එන හැටි

Listen to this marvelous disclosure on Karma Energy

භාවනාව

කමටහන් ක්‍රම

Instructions from a Meditation Teacher

eMonastery Mp3

eMonastery Repository of Karmasthana

භාවනාව යනු නවක ඔබට අලුත් දෙයක් වෙන්න පුලුවන්. නමුත් මේ කතාකරන්නේ විවිධ ආගම්, දර්ශන රාශියක නොයෙකුත් ආකාරයෙන් දකින්න ලැබෙන, ලොව පුරා විවිධ ආගම් අතර ප්‍රචලිත ක්‍රම වේදයක් ගැනයි.

මෙතරම් ක්‍රම තිබෙන නිසාම අද නිවැරැදි බෞද්ධ භාවනාව කුමක්ද යන්න හරියට තෝරාගැනීමට අපහසු තත්ත්වයක් උදාවී තිබෙනවා.

අපට ඉතා සමීප ඉන්දීය හින්දු සංකල්ප තුල දක්නට ලැබෙන, පතාංජලී යෝග භාවනා සමඟ මිශ්‍රවූ විවිධ ක්‍රම බෞද්ධ භාවනාව යැයි වැරදියට වටහාගෙන වසර සිය ගණනක්ම, සංඝ පරපුරෙන් පරපුරට විකාශනය වෙමින් පැවතී තිබෙනවා.

මේ පිටුවේ ඔබට නියම භව උද්ද කරන භාවනාව කුමක්ද කියා හඳුනා ගැනීමට පහසුව සලසනවා.

For many years Buddhists have lost the ability to achieve results in meditation due to misleading meditation techniques as well as to following numerous techniques without knowing its underlying meaning or connection to Nibbana. In recent years this hidden Dhamma was rediscovered. Follow along to learn and end this journey at Nibbana.

Buddhist Meditation

Beyond inner peace. Beyond suppression. No ignorance.

Look under Meditation Section for more like below:

Basics

What are the basics and how the technique develops.

Precepts

Do you have to observe precepts everytime before meditation?

5 Rounds

Udayangama, Astangama, Assada, Adeenava, Nissarana

Get Rid Of

What you should let go in Meditation? Correct approach for that?

Incorrect Tech.

Is there a wrong way to meditate? What can go wrong?

(Auztralia) 2018 ජූලි ආරම්භ කළ නව ධර්ම දේශනා මාලාව:

  1. චතුරාර්‍ය සත්‍යය (දේශනා 6කි) : https://www.youtube.com/playlist?list…
  2. පටිච්චසමුප්පාදය (දේශනා 8 කි) : https://www.youtube.com/playlist?list…
  3. ආනාපාන සති සමාධිය (දේශනා 4 කි) : https://www.youtube.com/playlist?list…
  4. වැදගත් දහම් කරුණු සම්බන්ධ දේශනා : https://www.youtube.com/playlist?list…

 

Read some of the previous posts

You can read some interesting posts published in various times by following section.

පසුගිය ලිපි සහ විවිධ ඵල කිරීම් කියවීමට මෙම කොටසට පිවිසෙන්න.

අභිධර්මය – ගැඹුරු දහම් කොටස්

බුදු දහමේ පරම ගාම්භීර දහම් කොටස අභිධර්මය යි.

බුදුන් වදාල ධර්මය තේරුම් ගැනීමට බුදුන් ජීවමාන කාලයේ අභිධර්මය වැනි ඉතා ගැඹුරු ගාම්භීර දහම් කරුණු අවශ්‍ය නොවීය. එහෙත් අවාසනාවකට මේ දහම කලින් කලට විවිධ බලපෑම්වලට යටත් වී විනාශ වී ගොස් බුදු දහමට අදාල නොවන, බුදු දහමේ අදහසට එකඟ නොවන, නමුත් බැලූ බැල්මට වැරද්දක්ද නොපෙනෙන ඉතා සියුම් ආකරයන්ට පරිහාණියට පත්විය.

Deep Core of Dhamma

The deep core of Dhamma. To solve the deepest and most complex of all problems.

 

ප්‍රශ්න – Questions and Answers

නිවන් මඟ වඩන ඔබට ඇති ප්‍රශ්න මෙතෙන අහන්න…

 ප්‍රශ්න ඇසීමට ලැබීම ඔබ ලබන භාග්‍යයකි. උත්තර දෙන්න හැකි කල්‍යාණ මිත්‍රයන් ලොව පහළවී සිටීම මහත් වූ භාග්‍යයකි. එනිසා… මේ මොහත මග හැර ගන්න එපා.

ඇතැම් ප්‍රශ්න සඳහා දැනටමත් උත්තර ලැබී තිබේද කියා බලන්න. නැතිනම් අලුතෙන් ප්‍රශ්නයක් අහන්න.

Type නොකර සිංහලෙන් අහන්න උනත් පුලුවන්…

අහන්න දැනගන්න...

Ask Questions. Get Answers. Browse Previous Answers.

නොපෙනෙන ලෝකය

නොපෙනෙන ලොව සිදුවීම් දකින්න හැකියාව ඇති අය එදා වාගේම අදත් අප අතර සිටී. ධ්‍යාන වඩා තම ඉංද්‍රිය ඥානය දියුණු කල කෙනෙකුට මෙය අමාරු කාර්‍යයක් නම් නොවේ. පේන නිසා බලනවා වෙනුවට මේ දැක්ම කෙනෙකුගේ කලකිරීමට සහ විරාගය සඳහා යොදා ගැනීමයි නිවනට හේතු වන්නේ.

එසේ දැක, මේ සසර ගමනේ අසාරත්වය වටහා ගැනීමට හේතුපාදක වන,
දහම් කරුණු බොහෝමයක් අන්තර් ජාලයතුල සොයා ගත හැකිය.

අන්තරාය පරිනිබ්බායී අවස්ථාව

Non Arihant, but Non Returner – what state after death?

චුති සිත

Death and Rebirth – Effect of last Mind.

නූතන කාලාමයන්ට…

පසුගිය කාලයේ බුදු දහමේ මූලික අර්ථ විකෘති කරනවා කියා ඇතැම් සංවිධාන සහ පූජ්‍ය පක්ෂය විවිධ චෝදනා එල්ල කර තිබුණා. ඒත් එවැනි මතවාද ඉදිපත් නොවේ නම් දහම ඉදිරියට ගලා යෑමක් තිබේද කියන එක විමසා බැලිය යුත්තක්.

බුදු දහම ජනපද නිරුක්තියෙන් ඈත් වීමත්, බුදු දහම ලියැවී තිබෙන මූල ග්‍රන්ථ කියවීමට සහ තේරුම් ගැනීමට හැකි වී තිබුනේ කීප දෙනෙකුට පමණක් නිසාත්, වචන අර්ථ සහ හැඟීම එම වචන තුලින් මතු නොවීමත් නිසා දහම අවශ්‍ය අයට ප්‍රථිඵල නොලැබීමත් මේ ගැටලු වලට බලපෑ හේතු අතරින් කීපයක් ලෙස හදුනාගත හැකිය.

එම ඉදිරිපත් වන අදහස් අතුරින් කීපයක් බොහෝ දෙනා ප්‍රථිඵල දායක ලෙස බාරගන්නවා…

අද අප පත්ව ඇති බරපතලම ගැටලුව වී ඇත්තේ කිව්වේ මොනවාද කියා නොසොයා කිව්වේ කවුද කියා සෙවීම යි.

මේ පිටුවේ බොහෝමයක් කරුණු දිහා ඔබ බැලිය යුත්තේ අන්න ඒ වැරදි දෘෂ්ටි බැහැර කරල.

කියල තියෙන යම් කරුණක් හේතුවෙන් රාගය ද්වේශය මෝහය අඩුවේ නම්, සම්පූර්ණ වශයෙන් සිඳ දැමීමට උදව් වේ නම් ඒ කියූ දේ ධර්මය යි.

බුද්ධ භාශිතයම යි.

හැම දේශකයාම එකම මට්ටමේ දමා “මුං ඔක්කෝම එකයි” කියා එකටගෙන කටයුතු කිරීමෙන් වැලකිය යුතුය. එයින් සත්ධර්මයක් ඇසීමට ඔබට තිබෙන අවස්ථාව ඈත්වී යෑමයි සිදුවන්නේ. ඒ ඒ දේශකයා දෙසන දහම වෙන වෙනම තේරුම් ගෙන තම නිවීමට හේතු වේද කියා “කාලාමයන්” කලා සේ කටයුතු කිරීම කාලෝචිත ය. මේ පිටුව එසේ විවෘතවූ මනසක් ඇතිව කරණු සොයන අයට යි.

කාලාමයන් සේ සොයන්න…

2018-0ct-06

@ University of Westminster, London

සිත හටගන්නේ ප්‍රභාස්වරව - කාමයට අධි වචන

මේ කියන්නේ පළමුව හටගන්නා විපාක සිත.

ඉච්ඡාව සහ සහ තණ්හාව අධිවචන - නිරුක්ති සහ මට විරුද්ධව එවපු ලියුම්

එනම් මේවා සමාන පද. ඉඡ්ඡා, තණ්හා, සල්ල, ධූපායනා, සිසත්තිකා, … තවද සං.නි.1 77පි ඉච්ඡා සූත්‍රය අනුවද මෙසේමය. නමුත් අද මේ කාරණය නොතේරෙන බොහෝ දෙනෙක් ඉන්නවා. මල්වතු පන්සලේදී ප්‍රශ්න අහන්න ගත්ත වෙලාවේ දීත් මම උන්වහන්සේලා කියනදේ අහගෙන ඉදල උත්තර දුන්නා… ප්‍රශ්න ඇහුවා – එක ප්‍රශ්නයක් තමයි “තණ්හි තණ්හි හාවෙනවා”.

අල්පප්‍රාන සහ මහප්‍රාන - අනිත්‍ය - අනිච්ච - අනිච්ඡ ප්‍රශ්නය

පටිච්ඡසමුප්පාදය හැදෙන්නේ කොහේද? හිතේ. එතැන ඉදල හිතන්න.

බුදුන් උපන් දේශය සොයා

අප මෙතෙක් කලක් අතරමං වී සිටි බව නම් සත්‍යය කි. බුදු වදන කාලයේ තාලයට විලාසිතාවට ගැලපෙන්න “මොඩනයිස්” කරගෙන කාලීන ධර්ම්ම සවනං යන බුද්ධ වචනයේ නාමයෙන් කාලයේ තාලයට ගැලපෙන්න බණද දෙසමින් / අසමින්, මේ තමයි නිවන, මින් එහා නිවීමක් නම් නැත කියා සිටි ජාතියක අපද මිය යමින් සිටි කොටස් කාරයන් වීමු.

මේ ඉබාගාතේ යන ගමනට ලෞකික මෙන්ම ලෝකෝත්තර
මඟපෙන්වීම අවශ්‍ය වේ.

මේ සොයා බලන්නේ බුදුන් උපන් දේශය කොහේද යන වගයි.

සොයා යන්න...

Where did Buddha really born? A scientific research by a monk

මේ කතිකාවත අහිමි වූ බුද්ධ ශක්තිය, අපේ ශ්‍රීලාංකික ඉතිහාසය සහ අපේ පෞඩ උරුමය පිළිබඳව යි.

නම හිස් කර, යට නොවී, සම්මත අධ්‍යාපනයේ සියල්ල පසෙක තබා, විවෘතව, ඏජුව සිතා බලමින් මේ කතිකාවත අධ්‍යනය කරන්න.

මේ 02 කොටසේ වීඩියෝවේ පැවති පූර්විකාවක්:
බුදුන් උපන්නේ ලංකාවේද ? දඹදිව කතිකාවත වැඩසටහන් මාලාව | පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් නිවැරදි ලෙසින් කාලනිර්ණය කරන්නට නොහැකි වූ තරම් පැරණි, අනුරාධපුර යුගයටත් පෙර යුගයක භාවිතා කළ හෙළ අක්ෂර වලින් ලියූ සෙල්ලිපි 28 ක් පමණ දැනටමත් මෙම රජගල පුරාවිද්‍යා වැඩබිමෙන් සොයාගෙන ඇත. මේවායේ සඳහන් වන අකුරු අනුරාධපුර යුගයට පෙර යුගයේදී භාවිතා කළ හෙළ අක්ෂර බව විද්වතුන්ගේ මතයයි.අනුරාධපුර යුගයට පෙර මගධ රාජ්‍ය යුගයේදී, එනම් ගෝතම බුදුපියාණන් ජීවමානව වැඩසිටි යුගයේදී ඉදිකරණ ලද රජගහනුවර ගොඩනැගිලි (මෙම පුරාවිද්‍යා නටඹුන්) ඉදිකර, නිර්මාණය කර ඇත්තේ සියයට සියයක්ම තනි කලුගල් වලිනි. ගෝතම බුදුපියාණන් ජීවත් වූ ඒ අතීත යුගයේදී මේ හෙළබිමේ ඉදිකළ සියලුම පූජනීය ස්ථානයන් හි පදනම ඉදිකර ඇත්තේ තනි කලු ගලෙනි. බුදුගල, රිටිගල, හිරිවඩුන්න, තිරියාය, මානෑව කන්ද, ඉසින්බැස්සගල, මාලිගාවිල ආදී සියලුම ස්ථාන වලදීද අපට අදටත් දැක ගත හැක්කේ රජගලදීද දැකගත හැකි ආකාර වූ එකම රටාවක නිර්මාණයන්ය. ඒවා ගඩොලින් කර වූ නිර්මාණ නම් නොවේ. ඉන්දියාවේ ඉදිකළ සියලුම ආකෘති ගොඩනැංවූයේ ගඩොල් වලිනි. එදා හෙළබිම ගොඩනැංවූ සියලුම පූජනීය ස්ථානවල පදනම තනි කලුගලෙන්ම ගොඩනගා ඇති බව පෙන්වා දිය යුතුය.පසු කලකදි ජන ශුන්‍ය තත්ත්වයට පත් වූ රජගල පුරාවස්තු අද වන විට නිදන් හොරුන් විසින් හාරා වටිනා රන්රුවන් සොරාගෙන ගොස් ඇත. මේ රජගල පුරාවිද්‍යා පුදබිම ඉන්දියානු ආක්‍රමණ වලින් කිසිදා විනාශ නොවීය. පෘතුගීසීන්, ලන්දේසින් හෝ ඉංග්‍රීසින්ද මේවා විනාශ කළේ නැත. කොඩ්රිංග්ටන්, එච්.සී.පී.බෙල් වැනි අතීත පුරාවිද්‍යාඥයින් ද මේවා ගැන තොරතුරු දැන සිටියේ නැත. මහාචාර්ය පරණවිතාන මහතාටද අක්කර 1600 ක් පමණ විශාල වූ අම්පාර රජගහ නුවර නටඹුන් සියල්ලම දැකගන්නට නොලැබිණි.අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි තවමත් ජනාවාස නොවූ රජගල, නිල්ගල, බුද්ධංගල, සමන්ගල, පියන්ගල හා නුවරගල යන කඳුවලල්ලකින් වට වූ මේ විශාල භූමි භාගය එදා මගධ රාජ්‍යයේ අගනුවර වූ රජගහනුවර, ගෝතම බුදුපියාණන්ට පූජා කළ වේලුවනාරාමය හා ඒ ආශ්‍රිත විහාර ආරාම 28 ක් පිහිටි ප්‍රදේශය බව දැන් සහතික කර පෙන්වා දිය හැකිය. රුහුණේ හා නැඟෙනහිර මුල් හෙළ රාජධානි විනාශ වී ගිය පසුවද අනුරාධපුර නගරය අග නගරය බවට පත් වූ යුගයකදී මේ රජගල ප්‍රදේශයද ක්‍රමයෙන් වල්බිහි වී ගොස් මගධ රාජධානිය, ලිච්ඡවි රාජධානිය හා වජ්ජි රාජධානියද, ශාක්‍ය රාජධානියද යන සියල්ලම මහවනයෙන් යට වී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය.මහාවංශයේ හා ත්‍රිපිටකයේ මේ ස්ථාන ගැන පැහැදිලි විස්තර ලියා තැබුවත් පසු කලෙක පොත පත ලියූ විද්වතුන්ට මේ පිළිබඳව සිතාගන්නට හෝ ක්‍රමයක් නැති වූ නිසාත්, ඉන්දියාවේ අශෝක රජු ඉදිකළ ආකෘති ස්ථාන ගැන මධ්‍යකාලීන බෞද්ධයින් අසා දැනසිටි නිසාත් මේ සියලු ස්ථාන ඉන්දියාවේ පිහිටි තැන් හැටියට සිතා කටයුතු කිරීමද සිදු විය. අද ජීවත්වන හෙළදිව බෞද්ධයින්ටත් මේවා දැක බලාගන්නට ධර්මතාවයෙන්ම මේ පුරාවිද්‍යා බිම් රැකුණේ මේ අයුරින්ය. ගෝතම බුදුපියාණන් දේශනා කර වදාළ, නිවන් දැකගන්නට උපකාර වූ, උතුම් බුද්ධ ධර්මය ඉගෙන ගන්නට එදා දෙස් විදෙස් වලින් මහජනයා රජගහනුවරට පැමිණියහ. පැරණි ලෝක බෞද්ධ මූලස්ථානය, මධ්‍යස්ථානය වූයේ මේ හෙළබිමේ පිහිටි එදා රජගහනුවර නමින් ප්‍රසිද්ධ වූ අද රජගල නම් වූ ස්ථානයයි. ගෝතම බුදුපියාණන් පිරිනිවන්පා වදාළ කාලයට පසුවත්, තවත් වසර දහසක් පමණම දිගු කාලයකුත් මේ බෞද්ධ විද්‍යාස්ථානය දියුණු තත්වයෙන් පැවති නමුත් ඉන් පසුව මෙය කාටවත්ම සිතාගන්නටවත් බැරි ආකාරයට විනාශ වී අභාවයට ගොස් ජන ශුන්‍ය ප්‍රදේශයක් බවටම පත් විය. අදටත් තවමත් එය ජන ශුන්‍ය ප්‍රදේශයකි………. ?පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ වසර 1800 කට පමණ පෙර වැසී වැළලී යටපත්ව ගිය පරම දුර්ලභ බුද්ධ භාෂිතය www.utube.sirisaddharmaya.net බලන්න.

title="2" _builder_version="3.17.3"]
title="3" _builder_version="3.17.3"]

මේ අපට අපේ උරුමය අහිමිවූ කතාව. ඇතුන් හත්දෙනෙක්ගේ බර එනම් ටොන් ගානක පොත් අපට අහිමි උනා. ස්වභාවික ව්‍යසන හේතුවෙන් අපේ රටේ විශා භූමි ප්‍රදේශයක් අපට අහිමි උනා. මේ එම කතාව. ටොලමිගේ සිතියමට අපට කියන්න බැරිවූ.. අපේ දෙස, භස, රැස ගැන නොකියූ කතාව.

<a href="https://www.youtube.com/watch?v=cOhfMeTKCMo" target="_blank" rel="noopener noreferrer">https://www.youtube.com/watch?v=cOhfMeTKCMo</a>

 අභිධර්මයේ වටිනාකම

බුදුන් වදාල ධර්මය තේරුම් ගැනීමට බුදුන් ජීවමාන කාලයේ අභිධර්මය වැනි ඉතා ගැඹුරු ගාම්භීර දහම් කරුණු අවශ්‍ය නොවීය. එහෙත් අවාසනාවකට මේ දහම කලින් කලට විවිධ බලපෑම්වලට යටත් වී විනාශ වී ගොස් බුදු දහමට අදාල නොවන, බුදු දහමේ අදහසට එකඟ නොවන, නමුත් බැලූ බැල්මට වැරද්දක්ද නොපෙනෙන ඉතා සියුම් ආකරයන්ට පරිහාණියට පත්විය. වැලලී ගිය අර්ථ නැවත ගොඩගත හැකි විදියක් නොවීය. බුදු සසුන තුල මාර්ග ඵල ලාබීන් බිහිවීම අරුමයක් සහ පුදුමයක් බවට ක්‍රමයෙන් පත්ව තිබිණ.

ආචාර්‍ය වාද, තර්ක, මතවාද සහ අත්තනෝමත තුල සිරව ඉදියට යාගත නොහැකිවූ දහමක් ක්‍රමයෙන් පුනරුදයට පත්වන්නේ විසිඑක්වන ශතවර්ෂයේදී මේ දහම තේරුම් ගෙන ඉදිපත් කල එක් යුග පුරුෂයෙකුට පිං සිදුවන්නටය.

එතුමාද ගිහි කල මේ දහම යතා පරිදි තෝරාගැනීමට නොහැකිව පැටලීම් වලට ලක්වන විට ඒවා විසඳා ගත්තේ අභිධර්මයේ අඩංගු කරුණු සැලකිල්ලට ගැනීමෙන් සහ ඒ ඔස්සේ ඥාණය මෙහෙයවීමෙන්ය. පසුකාලීනව පැවැත්වූ ධර්ම දේශනා කීපයකම අභිධර්මය සහ අභිධර්ම පිටකය ජීවමානව පවත්වාගෙන යෑමේ වැදගත්කම උන්වහන්සේ විසින් අවධාරණය කර ප්‍රකාශ කර ඇත.

අභිධර්ම පිටකය නොවන්නට පටිච්ඡසමුප්පාදය නිවැරැදිව ලෙහා තේරුම් ගැනීමට හැකියාවක් නැත. අද එම දැනුම උපයෝගී කරගෙන අර මුලින් පැටලැවී තිබු සරල කාරණා රාශියක් නිරවුල් කර ඇති නිසා අභිධර්මය නොදත්තත් නිවන් මඟ යලිත් පූර්ණ කල හැකි මට්ටමක් පවතී. ඒ හේතුවෙන් දහම යලිත් බැබලීමට පටන් ගෙන ඇත.

තවත් කරුණු සහ විස්තර

Listen to these and find out more on these topics.

කුමක් කළ යුතුද?

මාර්ග ඵල අවබෝධයට කුමක් කළ යුතුදැයි හැම කෙනෙක්ම සොයයි. විවිධ සේ සොයා ගනී. ඒවා කරයි. ඒත් මාර්ග ඵල ලැබුනාද? ලැබුනොත් දැනගන්න පුලුවන්ද? බැරිද? මුලින්ම ඔබ සොයනා දේ මොනවාගේද කියා දැන සිටීම හොඳයි නේද?

First know what you are searching for. It makes searching effective.

සසරේ නිමාවද… යලිත් හට නොගැනීමද…

ලොව සියලු දෙනාට එකම ආකාරයකට තේරුම් යන ස්වභාවයක් නැත.

කෙනෙක් වචනයෙන් දෙකෙන් තේරුම් ගන්න කරුණු තව කෙනෙන්ට කෙසේවත් තේරුම් නොයයි.

සොයන දේ නොදැනීම මෙයට එක ගැටලුවකි. කරුණු තේරුම් ගැනීමට තමාගේ ජීවිතටයට ගලපා ගැනීමට නොදන්නාකම තවත් හේතුවකි. මේ දෙකට අමතරව තවන් බොහෝ හේතුද ඇත.

කරුණු තේරුම් ගැනීමේ හැකියාව අනුව පුද්ගලයෝ හතර කොටසකට බෙදා ඇත.

බුදුන් පදපරම කොටස බොල් කුඹුරු සේ සලකා ධර්මයෙන් අස්වැද්දීමට වෙහෙස නොගත් සේක. දහම් කරුණු කියාදී වෙහෙසීමට මහන්සි නොගත් සේක. ඒ වෙනුවට ඔව්න්ගේ ලෞකික කුසල මාර්ගය, දස අකුසලයෙන් වෙන්වීම ආදී මූලික ගුණ ධර්ම කියා දුන් සේක.

  • උග්ගටිතන්‍ය 5%
  • විපරිතන්‍ය 20%
  • ඤයිය 40%
  • පද පරම 35%

එහෙත් අන් සියල්ලන්ටම ඔවුන්ගේ වත්මන් මිත්‍යා දෘෂ්ටි වලින් මිදීමටත්, සම්මා දෘෂ්ටියට පත්වීමත් අර්ථයෙන් ධර්මයෙන් කරුණු දැක්වූ සේක.

ඉහත අගයන් යම් දල චිත්‍රයක් මවා ගැනීමට උපකාර පිණිස මිසක් සංඛ්‍යාලේඛන තුලින් ලබාගත් ඒවා නොවේ.

ඔබ කුමන තරාතිරමක වුවත්, ධර්ම ශ්‍රවනය ඔබ කවුදැයි ඔබටම තේරුම් ගන්නා ආකාරය කියා දෙයි. ඔබට තේරුම් ගියොත් සසරේ භයානක බව ඊට ප්‍රතිකර්ම සොයන අවශ්‍යතාවය ඔබ තුලින්ම ජනිත වේ වි.  ධර්ම ශ්‍රවණය සඳහා පහත මෘදුකාංග ඊට උදව් කර ගත හැකිය.

Phone එකෙන් දහම් ඇසීමට උපකාර වන Apps:

Electronic Devices එක්ක ගෙවී යන ජීවිතේ එම උපකරණ වලින්ම නිවැරදි ප්‍රොයෝජන අරගෙන බේරා ගන්න පුලුවන්. සසර ගමනේ රැවටි රැවටී කැමති දෙයක් කැමති විදියටම තියාගන්න විඳින දුක තේරුම් ගැනීමටත්, මතු භවයකට හේතු සැකසීම නතර කිරීමට ශ්‍රී සත් ධර්මය ඇසීමටත්, අසා ගත් දහම් වැඩීමටත් මේ උපකරණ සහ මෘදුකාංග ප්‍රොයෝජනවත් වෙනවා. මේ ඇප්ස් දෙකම ගූගල් ප්ලේ ස්ටොර් එකෙන් ගන්න පුලුවන්.

Smart AudioBook Player එකට පුලුවන් වෙන වෙනම ඔබ කලින් ඇසූ තැන මතක තියා ගන්න. ඒවගේම විශාල ධර්ම දේශනා ප්‍රමානයක් පහසුවෙන් ප්‍රතිවාදනය කරමින් අහන්න උනත් පුලුවන්.

MePlayer Audio වාහනයේ යනවිට ධර්ම දේශනා ඇසීමට පහසුම ඇප් එකයි. Phone එකේ screen එක off උනත් දිගටම වැඩකරනවා. ඉතාම සරල ඇප් එකක්.

Smart AudioBook Player

A very useful app when you have a large collection of MP3 Dhamma Talks/ Pod Casts/ Audio Books organized as folders in your phone.

MePlayer Audio

When you are one the drive this player can play your Dhamma surmons without distractions. Very good in playing and remembering last play location.

අන්තර්ජාලය තුල සිංහල භාශාවෙන් දහම් කරුණු සොයා යාමට සහ දහම් ඇසීමට:

මෙම වෙබ් අඩවිය ඔබට ශබ්ධ කෝශයක් මෙන්ම English-to-Sinhala සෙවුම් මෙවලමක් සහ සිංහල යතුරු පුවරුවක් ලබා දෙයි. සෙවීමට අවශ්‍ය දෙය මෙයින් type කරල google වල search කරන්න.

පැන්සල නම් මෙම මෘදුකාංගය සම්පාදන කල අයට අනේක වාරක් පුණ්‍යානුමෝදනා වේවා! සිංහලයෙන් ලියන්න මෙය ගන්න. UNICODE fonts මෙන්ම TrueType fonts ද යොදාගත හැකිය.

සොයන්නෝ බොහෝය.
සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search

මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.