+1-778-834-5353 info@namaroopa.com
Select Page

අභිධර්මය – ගැඹුරු දහම් කොටස්

බුදු දහමේ පරම ගාම්භීර දහම් කොටස අභිධර්මය යි.

Deep Core of Dhamma

The deep core of Dhamma. To solve the deepest and most complex of all problems.

පිරිත් දේශනාවේ අතීතය

බුද්ධ කාලයේ යම් කිසි ආපදාවන්ට ප්‍රතිකර්ම ලෙස පිරිත පාවිච්චි කළ විදිය වෙනස්. කරණීය මෙත්ත සූත්‍රය දින හතක් කීවා. එයි ප්‍රථිඵල නැති නම්, මහා මංගල සූත්‍රය දින හතක් කීවා. ඒත් බැරි උනොත් තමයි ආටා නාටිය සූත්‍රය අරගෙන කරදර කරන යකුන් ප්‍රේතයන් ගැන ඒ සම්බන්ධයෙන් පත්කර සිටින දෙවියන්ට කීවේ. සතර බණවර පිරිත් කීමක් එදා තිබුනේ නෑ.

කායත් එක්ක ත්‍රිපිටකයම දරාගන්න පුලුවන් භික්ෂූන් අඩු නිසා සංඝ සම්මතය වුයේ බණවර හතරක්වත් දන්නේ නතිනම් උපසම්පදාව ලබා දෙන්නේ නෑ කියන එකයි. ඉතින් පසුකාලීනව හැමෝටම අඩුම ගානේ සතර බණවර පාඩම් කරන්නයි වෙහෙසුනේ. පාඩම් තියෙන්නේත් පාඩම් කරන්නේත් සතර බණවර නිසා පිරිතට සතර බණවර යොදා ගැනුණේ ඊට පස්සේ.

ජලනන්දන පිරිත මහායානික පිරිතක්. නමුත් එම පිරිතද අක්ෂර පිහිටුවීම සහ අදහස අනුව හොඳ බැවින් හොඳ ප්‍රථිඵල ලබා දෙනවා.

An Introduction… History, and Why?

Paritta in Pali or Pirith in Sinhala refers to a practice that comes from the times of Buddha. Once when there was a disastrous situation to a once beautiful city (like New York today) called Visala, it was Buddha who advised maha Sanga (Bikkus) to chant pirith and spread holy water (Pirith Pan) through out the city. Pirith is the truthful words. That truth carries such a power that can change the molecular structure of water (search google to see pictures). Pirith helped to ward off evil fortune or dangerous conditions. Pirith chanting helped shielding from various forms of evil spirits, misfortune, sickness and influence of the planetary systems as well as instilling confidence in the mind. The vibrant sound of the chanting creates a very pleasing atmosphere for listeners of human and non human beings. The rhythm of the chanting is also important.

අභිධර්මයේ වටිනාකම

බුදුන් වදාල ධර්මය තේරුම් ගැනීමට බුදුන් ජීවමාන කාලයේ අභිධර්මය වැනි ඉතා ගැඹුරු ගාම්භීර දහම් කරුණු අවශ්‍ය නොවීය. එහෙත් අවාසනාවකට මේ දහම කලින් කලට විවිධ බලපෑම්වලට යටත් වී විනාශ වී ගොස් බුදු දහමට අදාල නොවන, බුදු දහමේ අදහසට එකඟ නොවන, නමුත් බැලූ බැල්මට වැරද්දක්ද නොපෙනෙන ඉතා සියුම් ආකරයන්ට පරිහාණියට පත්විය. වැලිවිට සරණංකර හිමියන්ගේ කාලය වනවිට දහම පවත්වාගෙන ඒමට භික්ෂූන් හීන විය. ඒ වෙනුවට ගණින්නාසේලා හෝ ගණගෙඩියෝ කියා එකල ජනතාව අතර ප්‍රචලිතවූ පිරිසක් සමාජ ගතවී සිටියහ. (සියම්) රටෙන් ගෙනා උපසම්පදාවට පිං සිද්ද වෙන්න නැවතත් අමර්පුර, රාමණ්‍ය, මල්වතු අස්ගිරි ලෙස බුදු දහමේ උපසපන් සංඟ පරපුර ප්‍රතිස්ථාපනය විය. ඒත් වැලලී ගිය අර්ථ නැවත ගොඩගත හැකි විදියක් නොවීය. බුදු සසුන තුල මාර්ග ඵල ලාබීන් බිහිවීම අරුමයක් සහ පුදුමයක් බවට ක්‍රමයෙන් පත්ව තිබිණ.

ආචාර්‍ය වාද, තර්ක, මතවාද සහ අත්තනෝමත තුල සිරව ඉදියට යාගත නොහැකිවූ දහමක් ක්‍රමයෙන් පුනරුදයට පත්වන්නේ විසිඑක්වන ශතවර්ෂයේදී මේ දහම තේරුම් ගෙන ඉදිපත් කල එක් යුග පුරුෂයෙකුට පිං සිදුවන්නටය.

එතුමාද ගිහි කල මේ දහම යතා පරිදි තෝරාගැනීමට නොහැකිව පැටලීම් වලට ලක්වන විට ඒවා විසඳා ගත්තේ අභිධර්මයේ අඩංගු කරුණු සැලකිල්ලට ගැනීමෙන් සහ ඒ ඔස්සේ ඥාණය මෙහෙයවීමෙන්ය. පසුකාලීනව පැවැත්වූ ධර්ම දේශනා කීපයකම අභිධර්මය සහ අභිධර්ම පිටකය ජීවමානව පවත්වාගෙන යෑමේ වැදගත්කම උන්වහන්සේ විසින් අවධාරණය කර ප්‍රකාශ කර ඇත.

පොතක් තිබුනාට, එහි අකුරුත් නොමැකී තිබුනාට, එම වචන සහ භාශාව කියවිය හැකි අය හිටියාට දහම් දර්ශනයක් ජීවමානව පවතින්නේ නැත. ඒ සඳහා එම වචන වල අරුත් දහමේ මූලික හර පද්ධතිය අනුව තෙරුම් ගත් පිරිසක් ජීවත්ව සිටිය යුතුය. ආර්‍ය කලන වැට මෙයයි. අර්ථ වැලලීගිය දාක වචන කුමට ද? ව්‍යාකරණ නීති කුමට ද? ලෝකයේ පවතින් ජන්ප්‍රිය ආගම් බොහෝමයක අදට ඉතිරිව ඇත්තේ පොත පමණි. කුරානය, බයිබලය, වේදය හෝ ශික් දහමේ පොත් මෙහිදී සලකා බලන්න. ඇත්තටම, අවංකවම ඔවුන් දෙවියන්ට ලං වෙනවාද?

න-පටිච්ඡ – ධම්ම ධාතුව මනෝ ධාතුව

රූප විසි අට

අභිධර්මයේ මුලික කරුණු

Abidharma for Beginners – is a series of dhamma talks held at Vancouver Canada by Ven. Thiththagalle Anandasiri Thero.
This page is to carry on the teachings from there on wards and continue to learning process. New learning material and links will be updated to this page as they become available.

අභිධර්මයේ මුලික කරුණු ගැන ඉගෙන ගැනීමට මෙම පාඩම් මාලාව බලන්න. සියලු දේශනා කැනඩාවේ වැන්කූවර් නගරයේ දී ජූලි දොළොස් වනදා සිට අගෝස්තු හය වනදා දක්වා පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් පවත්වන්නට යෙදිනි.

අභිධර්ම පංතියෙන් (සැසිප්)

Videos from Abidharma Class of Sasip

These videos are from an excellent series by Ven. Anandasiri Thero. These are from is early days of teaching Dhamm. He is trying to explain Abidhamma in simple terms – mostly the basics.

දර්ශන සිදුවන ආකාරය

When you see something there is nothing traveling between eye and the object you see. Eye takes වර්ණ ආරම්මන (arammana) as the object stays the same. This what the Abidhamma book explains about this situation.

Questions to Discuss:
What are Bootha-Parampara?
How can some one see the unseen?
How does “Divya Chakku” works in this context?

Read all pages form ‘Abidhamma’ or Deep Core of Dhamma Category in here.

අභිධර්මය ගන මෙතෙක් නාමරූප වෙබ් අඩවියේ සඳහන් වූ සියලු සටහන්..

අභිධර්මයේ මුලික කරුණු පොතෙන්

From the “Basics of Abidhamma” book

මුලු පොතේම පිටු පිළිවෙලින් මෙහි ඇත. ඒ සඳහා පත ලින්ක් එකේ ඇති පිටුව බලන්න. සමහර පිටු කීපයක් උදාහරණ ලෙස. 

 

චුති පටිසංධිය සිදුවන්නේ චිත්ත වීථියක

 චුති සහ මරණ යනු දෙකක්

මරණයක් මරණයක් පාසා චුති වෙන්නේ නෑ.
මරණ නම් හතර විදියකි. මේ හැම එකකදීම චුති පටිසංධි වෙන්නේ නෑ.

කර්මක්කය සහ උභයක්කය දෙකේදී පමණයි චුති පටිසංධි වෙනේ. අත්බැව් මාරුවෙන්නේ මෙතනදී.
උපච්ඡේද මරණ ඇවිල්ලා හදිස්සි මරණ. ඇසිඩන්ට් එකක් වගේ. එකම ඇස්ට්‍රල් බොඩි එක තමයි යන්නේ. මිනිහෙක් වෙලා හිටියනම් ආයෙත් ඉතුරු ආයු ගෙවන්න මිනිසෙක් වෙලාම උපදිනවා.
ආයුක්කය මරණය සිදූනාම සිදුවෙන්නේ ගෙනාපු ආයු ඉවර වීමයි. මෙතනදිත් වෙන්නේ තියෙන බොඩිය පාවිච්චි කරන්න පුලුවන් කාලය ඉවර වීමයි. අලුත් එකක් ගන්නවා මැරිල ඉපදිල. එකම ඇස්ට්‍රල් බොඩි එක තමයි යන්නේ.
මරණයේදී වෙන්නේ ඝන බොඩි එකෙන් ඇස්ට්‍රල් බොඩි එක ගැලවෙන එක.

චුති පටිසංධියක් වෙන්නේ චිත්ත වීථියක් ඇතුලේ. එතනදී තමයි අභිධර්මය මේකට සම්බන්ධ වෙන්නේ.

අජන්ත සම්පත් මහතා පැවැත්වූ දේශන

 

අභිධර්මය විග්‍රහ කර ගැනීම

අභිධර්මය විග්‍රහ කර ගැනීමට අදාළ ගැටලු මෙතන පටිගත (record) කරන්න.

You can record questions that needs to get clarified when re-listening or watching the Abidhamma Deshana series held at Vancouver BVS – by Ven. Thiththagalle Anandasiri Thero.

Want to learn more about similar Dhamma Topics? please follow and subscribe the YouTube Channel. You will find 10,000+ hours of Videos to listen..  Most of these Dhamma Talks are in Sinhala Language and contains deep knowledge of Buddhism.

Read all pages form ‘Abidhamma’ or Deep Core of Dhamma Category in here.

අභිධර්මය ගන මෙතෙක් නාමරූප වෙබ් අඩවියේ සඳහන් වූ සියලු සටහන්..

If you find these topics to be a bit challenging to understand, then please refer to the section “For Beginners A to Z” – (linked at here) of this website. When you learn about the base form of the universe one important material you find is “Dhathu” or “Dhatu” – these are the basic building block of universe. Beyond this is just the pure mind – the ultimate fabricator of all matter or “Sankatha”. By listening to Beginners section you will gain access to the foundation of true knowledge. පහත සඳහන් ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු බවක් දැනේ නම් මූලික දැනුම ලබා දෙන “For Beginners A to Z” යන වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදී මූලික දැනුම ලබා නැවත පහත කරුණු සඳහා පිවිසෙන්න.
There was a time like… සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය… වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය. පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත. මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

නැවත…

නොසාදන්නට.

සොයන්නෝ බොහෝය. සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.