+1-778-834-5353 info@namaroopa.com
Select Page

ප්‍රභාස්සර

චිත්තය හඳුනා ගැනීම

ඔබේ අදහස

Voice your thoughts regarding this…

සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් දැන ගත යුතුය.

මේ ගැන අභය හිමියන්ගෙන් විවිධ අවස්ථාවන් වලදී ප්‍රශ්න අසා ඇත. උන්වහන්සේ විස්තර කරදුන් අවස්ථාද ඇත. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවක්.

මෙහිදී උන්වහන්සේ සඳහන් කරන්නේ ධ්‍යාන වැඩීමේදී ප්‍රභාස්වරව පවතින සිත ඒ මට්ටමේම තියා ගැනීම මිසක් කිලිටි සිතක් පිරිසිදු කිරීමට උත්සාහ කිරීමක් සිදු නොකල යුතු බවයි.

මේ පිටුවම වෙන්කරන්නේ සිත ප්‍රභාස්ව උපන්නේද? යන ප්‍රශ්නට උත්තරයක් සොයා ගැනීමටයි.

For many years Buddhists have lost the ability to achieve results in meditation due to misleading meditation techniques as well as to following numerous techniques without knowing its underlying meaning or connection to Nibbana. In recent years this hidden Dhamma was rediscovered. Follow along to learn and end this journey at Nibbana.

Meditation is About Mind

The question is to find out if minds starts pure or impure.

ප්‍රභාස්වර චිත්තය ගැන සඳහන් වූ අවස්ථා

2019-09-29 England / Leicester

මේ දේශනාවේ කෙටි විස්තරය වන්නේ: ප්‍රභාස්වරව හටගනී යි -> හදුනා ගනී -> අවිද්‍යා ඇති විට කෙලෙස් හටගනී.

2018 අගෝස්තු 11 දින වැන්කූවර් හීදී කල මන-ධම්ම දේශනය

මේ දේශනය පසුගිය අප්‍රේල් මාසයේදී කල දේශනා වලින් පසුව උන්වහන්සේ මේ මාතෘකාව නැවත සාකච්ඡාවට ගත් පළමු අවස්ථාවයි.

මේ විස්තරය පංචස්කන්ධය සහ උපාධානාස්කන්ධය පිළිබදවයි. පහත සටහන් එහි කෙටි විස්තරයකි.

Icing Cake එකක් උදාහරණයකට ගන්න. කේක් කෑල්ල පංචස්කන්ධය යි, අයිසින් උපාධානාස්කන්ධය යි.

පංචස්කන්ධය නිර්මාණය වන පටිච්ඡසමුප්පාදය කෙලෙස් නොමැත. මෙහිදී සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වෙයි. මෙය අභිසංඛාරයෙන් තොරව විපාක අවස්ථාවයි.

මේ පංචස්කන්ධයේ දුකක් නැතිද? තියෙනවා. නමුත් මේක නොවේ ප්‍රහාණය කරන්න හදන්නේ.

ඉහත සූත්‍රයේ දැක්වෙන කරුණු අනුව සම්මා සමාධියට පත්වූ පසු උපදින සිත ප්‍රභාස්වරයි.

මුලින් හදනවා… හදල පිටකරනවා (Creating). පසුව ඒ හැදූටික නැවත ලබාගන්නවා (Retrieving). මුලින් ගත් ටික සංස්කරණය කලේ නැතිනම් ගත්ත විදියටම තැන්පත් කර නැවත ගන්න පුලුවන්.

අභිසංස්කරනය නොකරන කල මෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන වෙයි.

උපක්කිලෙස සූත්‍රය අනුව කිලිටි නොවූ සිත, පංච උපක්කිලෙසයන්ගෙන් විමුක්ත සිත ප්‍රභාස්සරයි. එනම් සම්මා සමාධියේදී සිත ප්‍රභාස්වරයි. මෙය විනීවරන මොහොත කියාද කියයි. බණ අහන්න කලින් (පෘතග්ජන භූමියේ දී) විනීවරන මොහොතක් තිබෙනවාද? තිබෙනව (කියා අභය හිමි උත්තර දෙයි).

සැ:යු: නමුත් මෙහි තීරණය කරන විදියට විනීවණ මොහොතක තියෙන සිත ප්‍රභාස්වර වූ නිසාම පෘතග්ජන භූමියේ දී හටගන්නා අනෙක් සියලු සිත් ප්‍රභාස්වර හටගනී කියා තීරණය කල හැකිද?

https://youtu.be/LI27U9nvXCU?t=1329

ඉහත අවස්ථාව අසා බලන්න. එහි චතුරර්‍ය සත්‍ය දේශනාවට කලින් ප්‍රභාස්වර සිතක් තිබුන බවත් එසේ තුබුනේ නැති නම් මේ විදියට ප්‍රභාස්වර සිතක් ගත නොහැකිය කියාත් අදහස් දක්වයි.

මෙහිදී ඇති ප්‍රශ්ණය ප්‍රභාස්වරයි කීවේ පංචනීවරන දුරුවූ සිත් පමණක්ද නැති නම් සියලු සිත්ද කියන එකයි. එහෙම නැතිනම් බණ අසමින් සිටින විට ඇති සිත පමණක් ද නැතිනම් සියලුම අවස්ථාවන් වලදී, එනම් දස කුසලයේ හෝ දස අකුසලයේ යෙදී සිටින විට ද මේ සිත ප්‍රභාස්වරද කියන එකයි.

මේ විස්තරය අනුව රහතන් වහන්සේගේ සිත පමණක් නොවේ ප්‍රභාස්වරව පටන් ගන්නේ (https://youtu.be/LI27U9nvXCU?t=1442).

තණ්හක්ඛයෝ….

ප්‍රශ්නය:

https://youtu.be/LI27U9nvXCU?t=1729

කෙලෙස් එනවිට කෙලෙස් කියල අදුනාගන්නේ කොහොමද (හිත නොකෙලෙසී? ඒ block එකම ගිනි ගෙන තියෙන්නේ… Dual Core නෑ… මේ සියුම් අවස්ථාව…  (මේ උත්තරය පැහැදිලි නොමැත).

 

 

ප්‍රශ්නය:
https://youtu.be/LI27U9nvXCU?t=2030
“මේ” සිත කියන්නේ මොන සිතද?
සේකයාගේ “මේ” සිතද?
පෘතග්ජනයාගේ “මේ” සිතද?
එවිට ඒ අන්ත දෙක අතර සිටිනා කෙනෙකුගේ සිත හටගන්නේ ප්‍රභාස්වරවද? නොමැතිවද?
බුදු කෙනෙක්ගෙන් බණ අසන විටත් වෙන්නේ මේ ටිකම ද? වෙන එකක් ද?
 
උත්තරය:
චුල්ල වේදල්ල සූත්‍රයට අනුව චතුත් ධ්‍යානයේදී මේ ශුද්ධ සිත දිගටම පවතී. රහතන් වහන්සේගේ මේ සිත දිගට ප්‍රභාස්වරව පවතී.
පෘතග්ජනයෙක් චතුත්තත් ධ්‍යානයට සම වැදුනත් මේ සුද්ද හිත නොමැත. Its here in the video.
ඒත් සියලු දෙනාගේම හිත් පටන් ගන්නේ එක විදියට.
පෘතග්ජානයාගේ හිත පටන් ගන්නේත් ප්‍රභාස්වරව නමුත් කිලිටි වෙන්වා. සේකයාගේ හිත සංයෝජන 10න් 7කින් කිලිටි වෙනවා(මෙතැන් සිට අඩුවන පිළිවෙළට).
පටන් ගන්නේ කෙලෙස් වලින් කියල කිව්වොත් බුදු කෙනෙක් බණ කීවත් ගැලැවෙන්න බෑ.

ලොහිච්‌ච සූත්‍රය
http://www.thripitakaya.org/tipitakaya/Index/56?s=17

අව්‍යාකෘත අර්ථ දැක්විම (ධම්මසඞ්ගණීප්‍රකරණය):
http://www.thripitakaya.org/tipitakaya/Index/722?s=21775

 
ප්‍රශ්නය:
https://youtu.be/LI27U9nvXCU?t=3260
මුලිම රූපය දැක හදුනාගන්නා තුරු තියෙන්නේ හිත ප්‍රභාස්වරද? (ඔව්.. අව්‍යාකෘත පටිච්චසමුප්පාදය)

එතකොට කොහොමද (පෘතග්ජනයාගේ සිතේ) කෙලෙස් එකපාර නැතිව ගියේ (සිත ප්‍රභාස්වර වෙන්න නම්)? උත්තරය: එහෙම උනා නොවේ.

 

මේ රහතන් වහන්සේගේ චිත්ත ස්වභාවයයි. මේ කොටස අභිධර්මයේ සඳහන්වේ.

මෙහිදී සංඥාව සහ වේදනාව වෙන වෙනම අදුනා ගත යුතය.

වර්ණය සංඥාවක්, ගද සුවද සංඥාවක්, රසය සංඥාවක්… මේ ආදී වශයෙන්.

වේදනාව ඇතිවන්නේ සංඥාව හේතුවෙන්.

මෙහිදී ආයතන 6ට කුසල / අකුසල ලෙස මේ ආරම්මණ ස්වභාවයන් වෙන්කල හැකිය.

පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය

Read on Below drop downs.

සිංහලෙන් මේ කියවන්න...

404. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් උපේක්ෂා සහගත වූ රූපාලම්බන වූ විපාකචක්ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චෙතයිත බවෙක් වේ ද මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ චක්ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.

එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප චක්ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ කවරෙ යත්: යම් ස්පර්ශයෙක් ස්පර්ශාකාරයෙක් සංස්පර්ශාකාරයෙක් මොනොවට ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ’ යි කියනු ලැබේ.

එහි ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චෙතොසම්ඵස්සයෙන් උපන් නො දුක් නො සුව වූ වෙදයිතයෙක් චෙතොසම්ඵස්සජ වූ අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්ධ ය, සංස්කාර ස්කන්ධ ය, විඥානස්කන්ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ.

එහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ අරූපීධර්මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් වේ ද, මේ ‘භවප්‍රත්‍යයෙන් ජාති’ යි කියනු ලැබේ.

එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරාවක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ ධර්මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ ධර්මයන්ගේ ක්ෂය වීමෙක් ගෙවීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මේ ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ’ යි කියනු ලැබේ.

‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යනු: මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි ප්‍රාදුර්භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

ඊලඟට කොටස

405. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාම ප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් ස්පර්ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

406. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් ස්පර්ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

407. එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙනුදු විඥානය වේ. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය වේ. ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙනුදු ස්පර්ශ වේ. වේදනාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

408. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්ෂා සහගත ශ්‍රොත්‍රවිඥානය උපදනේ වේ ද, … ගන්ධාලම්බන වූ උපේක්ෂා සහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද, … රසාලම්බන වූ උපේක්ෂා සහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද, … ස්පර්ශාලම්බන වූ සුඛසහගත වූ කාය විඥානය උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චෙතයික බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය’ යි කියනු ලැබේ.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්ධය සංඥාස්කන්ධ ය සංස්කාරස්කන්ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.

එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ කවරෙ යත්: යම් ස්පර්ශයක් ස්පර්ශාකාරයෙක් මොනොවට ස්පර්ශ කරන අයුරෙක් ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ’ යි කියනු ලැබේ.

ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් කායිකසාතයෙක් කායිකසුඛයෙක් කායසම්ඵස්සයෙන් උපන් සාතසුඛවෙදයිතයෙක් කායසම්ඵස්සජ සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

එහි වේදනාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: වේදනාව තබා සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ ය, විඥානස්කන්ධ යි. මේ ‘වේදනාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

409. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ විපාක වූ මනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

එහි සංස්කාර කවරෙ යත්: යම චේතනාවක් සඤ්චේතනාවක් චෙතයිත බවෙක් වේ ද, මේ ‘සංස්කාර’ යි කියනු ලැබේ.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්ධ ය සංඥාස්කන්ධ ය සංස්කාරස්කන්ධ යි. මේ ’විඥානප්‍රත්‍යයෙන් නාම’ යි කියනු ලැබේ.

එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝධාතුයෙක් වේ ද, මේ ‘නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ කවරෙ යත්: යම් ස්පර්ශයෙක් ස්පර්ශාකාරයෙක් මොනොවට ස්පර්ශ කරන අයුරෙක් ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ’ යි කියනු ලැබේ.

එහි ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චෙතොසම්ඵස්සජ වූ උපේක්ෂාවෙදයිතයෙක්, චෙතොසම්ඵස්සජ අදුක්ඛමසුඛ වේදනාවක් වේ ද, මේ ’ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

එහි වේදනාප්‍රත්‍යයෙන් අධිමොක්ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමොක්ෂයෙක් අධිමොක්ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ’වේදනාප්‍රත්‍යයෙන් අධිමොක්ෂ’ යි කියනු ලැබේ.

එහි අධිමොක්ෂප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: අධිමොක්ෂය තබා වේදනාස්කන්ධ ය, සංඥාස්කන්ධ ය, සංස්කාරස්කන්ධ ය, විඥානස්කන්ධ යි. මේ ’අධිමොක්ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

410. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ’එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

411. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂාසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ’එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

412. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි, … ධර්මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එයින් කියනු ලැබෙයි: ’එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

413. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥාන ධාතුව සඞ්ඛාර සහිත ව උපදනේ වේ ද … සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (විපාකමනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව උපේක්ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ … උපේක්ෂාසහගත වූ (විපාකමනෝවිඥාන ධාතුව) සඞ්ඛාර සහිත ව … උපේක්ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … උපේක්ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සඞ්ඛාර සහිත ව රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපදනේ වේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ’සංස්කාර’ යි කියනු ලැබේ.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ’සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …

එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් ශ්‍රද්ධාවක් හදහන අයුරෙක් අරමුණෙහි බැසගැනීමෙක් අභිප්‍රසාදයෙක් වේ ද, මේ ’වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.

එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂ කවරෙ යත්: යම් අධිමොක්ෂයෙක් අධිමොක්ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂ’ යි කියනු ලැබේ.

එහි අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමොක්ෂය තබා වේදනා ස්කන්ධ ය සංඥාස්කන්ධ ය සංස්කාරස්කන්ධ ය විඥානස්කන්ධ යි. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

414. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවොත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂෙපය වේ. එ ම රූපාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම … විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ’එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

415. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවොත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, විතර්කවිචාරයන්ගෙන් සන්හිඳීමෙන් … ද්වීතියධ්‍යානයට … තෘතියධ්‍යානයට … චතුර්ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට … පෘථිවිකෘත්ස්න සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම රූපාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ද ප්‍රහාණයෙන් … විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. … එහෙයින් කියනු ලැබෙයි: ’එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

416. අව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවොත්පත්තිය පිණිස මාර්ගය වඩා ද … සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් … නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ සිව් වැනි දැහැනට පැමිණ වෙසේ ද එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂෙපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. එ අරූපාවචරකුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා සුඛයාගේ ද ප්‍රහාණයෙන් … විපාක වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන සහගත වූ සිව් වැනි දැහැනට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ … එයින් කියනු ලැබෙයි: ’එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති’ යි.

417. ආව්‍යාකෘතධර්මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලොකොත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂෙපය වේ. මේ ධර්මය කුශලයෝ යි. එ ම ලොකොත්තරකුශලධ්‍යානය කළ බැවින් භාවිත බැවින් කාමයන්ගෙන් වෙන් ව ම … විපාක වූ දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාද ප්‍රත්‍යයෙන් අධිමොක්ෂය වෙයි, අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්මයන්ගේ සමුදය වේ.

එහි සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් චෙතයිත බවෙක් වේ ද, මේ ’සංස්කාර’ යි කියනු ලැබේ.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: යම් සිතක් මනසෙක් මානසයෙක් … තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ’සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ. …

එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදහීමෙක් හදහන අයුරෙක් බැසගැනීමෙක් වෙසෙසින් පැහැදීමෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.

එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් (අරමුණෙහි) නිශ්චයයෙක් නිශ්චයාකාරයෙක් එහි නිශ්චිත බවෙක් වේ ද, මේ ’ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමොක්ෂ’ යි කියනු ලැබේ.

එහි අධිමොක්ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමොක්ෂය තබා වේදනාස්කන්ධ ය … විඥානස්කන්ධ යි. මේ ‘අධිමොක්ඛප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … ‘එවමෙතෙසං ධම්මානං සමුදයො හොති’ යනු: මෙසේ මේ ධර්මයන්ගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමොධානය වෙයි, ප්‍රාදුර්භාවය වේ. එයින් කියනු ලැබෙයි: ’එවමෙතෙසං ධම්මානං සමුදයො හොති’ යි.

මේ ප්‍රශ්නයක් තියෙන තැනක්…

https://youtu.be/LI27U9nvXCU?t=4870

කයට සැප දුක විතරක් පනවා (රලු භාවය මත) උපේක්ෂාව නොපනවා ඇත්තේ ඇයි කියන එකයි මේ ප්‍රශ්නය.
නමුත් සූත්‍ර පිටකයේ මේ උපේක්ෂා වේදනාව සඳහන් කර ඇත.

Bio BlueTooth

මේ වීඩියෝව බලන්න.

විපාකය ආවේ රූපයෙන්ද / ධම්මයෙන්ද? ** වැදත්ම කොටස

කෙනෙක්ව දැක්කගමන් හිතට එන අදහස එන්නේ කොහොමද? This talks about how electromagnetic waves work with Bio Bluetooth.

චිත්ත මනෝ මානසං...

ධාතු විභංගය: මේ යමක මූල ස්වභාවය බෙදා දැක්වීමයි. Nine steps of making a mind – starting from Chitta to Manovinyanadathu.

චිත්තයේම ආකර 9යක් – අර්ථ දැක්වීම

චිත්ත – මූලික ස්වභාවය. වෙනස් වෙනස් අරමුණු දැනගැනීම
මනෝ – මැන ගැනීම
මානසං – එකතු කිරීම. එනම් රූපය නම් එක dot එක ගානේ එකතු කරන්න ඕන.
හදයං – බලන්න හාද වෙන්න ඕන
පණ්ඩරං – පන තියන්න ඕන
මනෝ / මනායතනං – පරන අතීත දත්ත එක්ක එකතු කරල මනායතනයේදී හඳුනාගනී.
මෙතෙනදී තමයි හඳුනා ගන්නේ. තාම කෙලෙස් නෑ.
විඥානං – අවිද්‍යාව සම එක්වී රාග ද්වේශ මෝහ විඥානයක් සාදයි.
විඥානක්කන්ධෝ – කෙලෙස් සහිතව නිපැදවීම.

මනස හටගන්න හේතුව

මනායතනය අර්ථ දැක්වීම
ඒකවිධෙන මනායතනං: ඵස්ස සම්පයුත්තං
දුවිධෙන මනායතනං: අත්ථි සහෙතුකං අත්ථි අහෙතුකං.
තිවිදේන මනායතනං: අත්ථි සුඛාය වේදනාය සම්පයුත්තං, අත්ථි දුක්ඛාය වේදනාය සම්පයුත්තං, අත්ථි අදුක්ඛමසුඛාය වේදනාය සම්පයුත්තං, .. ඒවං බහුවිදේන මනායතනං. ඉදං වුච්චති මනායතනං.
මේ තමයි මනායතනයේ මුල.

ඒකවිධෙන මනායතනං එකම හේතුව ස්පර්ශ වෙන්න ඕන. Generator eka වගේ. කැරකෙන විට පමණි Current එක නිර්මාණය වන්නේ.

අත්ථි සහෙතුකං: ඒ කියන්නේ ලෝබ ද්වේශ මෝහ අලෝබ අද්වේශ අමෝහ හේතු ඇතිව හටගන්නා කොටස.

අත්ථි අහෙතුකං: ඒ කියන්නේ අව්‍යකෘත කොටස. එනම් ශුද්ධ කොටස.

තිවිදේන මනායතනං: සැප දුක උපේක්ෂාව කියන තුනම හටගන්නවා.

නිරුද්ධ සමනංතරව මනෝවිඥාන ධාතු හටගැනීම

චක්ඛු විඥානය නිරුද්ධ සමනංතරව තමයි මන නිර්මාණයක් වූ යේ.
කැරකෙනවිටයි කරන්ට් එක නිර්මාණය වෙන්නෙ.
ඇහැට රූපයක් ඝට්ටනයවෙලා නොපෙනී ගියා. ඊලඟට හටගන්නවා මනායතනය.

 

මේ දෙවන වටය.

චිත්ත මනෝ මානසං හදයං පණ්ඩරං මනෝමනායතනං විඥානං විඥානක්කන්ධෝ තජ්ජා මනෝවිඥාන ධතු.

මේ හැදෙන ධාතුව ඝට්ටනය වන්නේ මනායතනයේ. මේ හැදෙන මනට ස්පර්ශ වන අනෙක් කොටස වන්නේ පෙර කල කුසල / අකුසල / මධ්‍යස්ථ ස්වභාවය යි.
https://youtu.be/LI27U9nvXCU?t=6258

මේ හේතුවෙන් තමයි සමහර කට්ටිය දැක්කම ඇදී යන්නේ, කැමති වෙන්නේ, ඇකැමැති වෙන්නේ…. කලින් දැන හැදින්නේ නැතත් පෙර භවයක කල දේ මෙහිදී ධම්ම ලෝකයෙන් ඇදී එයි.
එයින් නැවත මන නිර්මාණය වේ. දෙවන වටය අවසන්. දැන් තෙවන වටය යි.

තෙවන වටය.

මේ වටය පටන් ගන්නේ සැප දුක් උපේක්ෂා ලෙස දෙවන වටයේ දී පෙර කල කර්මයේත් බලපෑම මත ස්පර්ශවූ ධම්මයන්ගේද කලවං වීමත් සමඟ ඇතිවූ මනෝවිඥාන ධාතුව සමඟ.

මේ තමයි triggering point එක. මෙතැන සඟවී ගිය දෙයක් තියෙනවා. මෙතෙනදී තමයි ඇලීම ගැටීම පටන් ගන්නේ. සැප දුන්නේ රූපයෙන් කියල වරදවා ගන්නේ මෙතනින්.

නිබ්බාන ධාතුව වේදනා චෛතසිකයෙන් ගත නොහැකිය. එනිසායි මේ ධම්ම ධාතුවේ පස් දෙනෙක් උපේක්ෂාවෙන් යුක්තයි (ඇසෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්). කය සුඛ සහ දුඛ ලෙසයි පනවන්නේ.

මනෝවිඥානධාතුව සුඛ වේදනා ලෙසත් දුක් වේදනා ලෙසත් උපේක්ෂා වේදනා ලෙසත් කිව හැකිය.
ධර්මධාතුව සුඛවේදනාව (සුදු ඕරා/ පිං විපාක) ලෙසත් දුක් වේදනා (කලු ඕරා / අකුසල විපාක) ලෙසත් උපේක්ෂා වේදනා ලෙසත් කිව හැකිය.
ධර්මධාතුව සුඛවේදනාව සහ දුක්ඛ වේදනා සහ උපේක්ෂා වේදනා ලෙස (අසංඛත ධාතු/නිබ්බාන ධාතු ඇසුරේදී) නොකිය යුතුය.

ධර්මධාතුව අසංක්ඛත ධාතුව සම්ප්‍රයුක්තව ඇති අවස්ථාවක් ඇති නිසායි මේ ධර්මධාතුව දෙකට බෙදා දක්වා තිබෙන්නේ.

උපතින්ම මොලය නැතිව උපදින දරුන් සහ ශරීරයෙන් පිට ජීවත්වූවන්ගේ අත්දැකීම් මෙයට උදාහරණ වේ.

මෙහිදී දැනගත යුතු වන්නේ විඳින්නෙ මනස මිස ආයතනය නොවන බවයි. රූපය දැක්කේ ඇහෙන්. ඒත් රහ දැන්නේ මනසට.

 

ඉන්ද්‍රිය බෙදීම වේදනාව අනුව — විඳින්නේ සිතයි.

සුවයේ රාගයෙන් බැදීම යනු මෙයයි. නැතිනම් තව විදියකින් කියනවා නම් සැපයේ රාගයෙන් බැඳීම.
දුරු කල යුත්තේ මෙයයි. දැන් මේ පෙර කී 4 වන වටයේ කතාවට මුල්වන සැපයයි.
මෙය විපාක බව නොදැන එම සැපයේ රාගයෙන් ඇලීම හෝ ද්වේශයෙන් ගැටීම නව කර්ම සකස් කරයි.
එවිට නිවන තව දුර වේ.
ඉංද්‍රිය භාවන සූත්‍රයේ මේ ගැටලුව ලෙහෙන ආකාරය දක්වා ඇත.

https://youtu.be/LI27U9nvXCU?t=8532
සංකල්පිත කිව්වේ මනෝ මූලික හේතුවෙන්. මේ තමයි lamination.

මේ නිසාම තමයි පහාන සූත්‍රයේ දී සුව වේදනාවේ රාග අනුශය පහ කරන්න කීවේ.

මේ ගැන පඨමාහුනෙයිය සූත්‍රයේ දක්වා ඇත.
https://youtu.be/LI27U9nvXCU?t=8841

2018 ජූලි ආරම්භ කළ නව ධර්ම දේශනා මාලාව:

  1. චතුරාර්‍ය සත්‍යය (දේශනා 6කි) : https://www.youtube.com/playlist?list…
  2. පටිච්චසමුප්පාදය (දේශනා 8 කි) : https://www.youtube.com/playlist?list…
  3. ආනාපාන සති සමාධිය (දේශනා 4 කි) : https://www.youtube.com/playlist?list…
  4. වැදගත් දහම් කරුණු සම්බන්ධ දේශනා : https://www.youtube.com/playlist?list…

මෙම දේශනා මාලාවේ ධහම් කරුණු රාශියක් ගැන කතා කරනවා. මන-ධම්ම වැනි ගඹුරුම ධර්ම කරුණු තේරුම්ගන්න නම් මේ දේශනාවල මූලික මට්ටමට වත් මුලින් කරුණු තේරුම් කරගන්න. පසුව විඤ්ඤාණයේ මායාව ~ ධර්ම දේශනා (15.09.2018) ධර්ම දේශනා අසන්න.

නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා …!!!

මන ධම්ම ක්‍රියාකාරිත්වය

පසුගිය අප්‍රේල් මාසයේ මහත් කතා බහට ලක් වූ මෙම දේශනා 3 ගැන සොයා බලන්න. මෙම දෙශනා සියල්ලම මෙමෙ පිටුවෙන් අසන්න.

  • මන ධම්ම තුලින් පටිච්චසමුප්පාදය
  • එලිය සහ ඇතුල
  • ධම්ම තුල සිරවූ ලෝකය
💐💐💐

Ven Kothmale Kumarakassapa Thero

on 2018-10-24 video. At 47m16s Thero explains about storing of data by experience and then goes on to explain about how to look on impermanace. රූපයරූපය පිනිස රැස් කරනවා කියා මෙහිදී උන්වහන්සේ විස්තර කරනවා.

  • 31m20s – ඉතිරි නැතිව නැතිවූ විට දැනගන්නේ කෙසේද?
  • (ඉහත සඳහන් කලේ ධම්ම ලෝකය ගැන වෙන්න ඕන. නිමිති ටිකක් නැති උනොත්, පෙර දැනුමක් නැති උනොත් තේරුම් ගන්න බෑ. ස්ප්‍රශ්ටව්‍ය කියලා කිව්වේ මේක වෙන්න ඕන)
  • 51m50s – නිරෝධය යනු කුමක්ද?
  • 57m – කුසල සීලය / ලෞකික කුසලය / නිත්‍ය සංඥාව /
  • 1h – තියෙන-නැති බව – බව සංඥාව (my Thinking: මේ බව යන වචනයේ ගැඹුරු අර්ථයද? මෙහෙම සංඥාවක් බුද්ධ දෙශනාවේ තිබේද?)
  • 1h5m – අනිච්ඡ ඉච්ඡ – කැමති සේ නෑ කියන්නේ මානසික දුකක්, මෙය දුක්ක ආර්‍ය සත්‍ය නොවේ.
  • 1h12m – රූපයේ හට ගැනීම සහ නිරුද්ධ වීම.
  • 1h37m – අස්ස-පස්ස කියා කීම වැරදියි. කලාප සම්මර්ශනය ගන්න එයින් උපදින නුවණ භාවිතා කරල අනාත්ම ධර්මය අවබෝධ කරගන්න.
  • 1h46m – ඝන සංඥාවෙන් මිදී බලන්න සතිපට්ඨානය පුරුදු වෙන්න.

ප්‍රභාස්වර සිත (වීඩියෝව පහත ඇත)

ඇදුමක් කිලිටි කරගන්නේ නැතුව ගෙදර එන්න කියනවා. ඒත් ඇහැට නොපෙනෙන කිලිටි කොච්චර ඇඳුම ඇඳී මොහොතේ සිට තියෙනවද? කහට පැල්ලමක් දාගෙන ආවොත් ඒක හොදින් ඇහැට පේනවා.
අචිද්‍යා පච්චයා සංකාරා. පුණ්‍ය අපුණ්‍ය ආනෙන්ජාභි තුන් ආකාරයම ඇති වන්නේ මෙයින්. උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරන අදහස අනුව:

  • චතුත්තත් ධ්‍යානයේදී ප්‍රභාස්වර චිත්තයක් ඇත.
  • අරිහත් ඵලයේදීත් ප්‍රභාස්වර චිත්තයක් ඇත.
  • මේ දෙක එක සමාන නොවේ.
  • අරිහත් ඵලයේදීත්අවිද්‍යාව නැත.
  • චතුත්තත් ධ්‍යානයේදී ප්‍රභාස්වවුවත් අවිද්‍යාව ඇත.

සටහන: “සිත හටගන්නේ ප්‍රභාස්වරවයි” යන්න අසන්නට නොලැබුනි.

ප්‍රශ්න අසන්නෝ බොහෝය
උත්තර දෙන්නෝ අල්පය

සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවන්න.