+1-778-834-5353 info@namaroopa.com
Select Page

අධිවචන සහ නිරුක්ති

Glossary of Dhamma

අනෙංජාභි සංඛාර

English: Don’t know yet. Sankhara (or sankara) means Mental Fabrications.

Sinhala: ලෝකෝත්තර කුසල ක්‍රියා නිසා උපදනවන -මනස් එකතූන්- (මීට වඩා හොඳ විග්‍රහයක් දැනට සොයමින් පවතී).

ගන්ධබ්බ ලෝකය

English: You would learn about some creating who lives in transition. Their food is smell.

Sinhala: අමුතුම සත්තු ගැන කියවෙන විස්මිත ලෝකයක් ගැන මේ කතාව අසා තිබෙනවද? පිනෝකියෝ බූරුවෙක් උනෙත් මේ වාගේම නේද?

සංජාතික, ප්‍රේත, භූත, කුම්භාණ්ඩ

English: In this vast world there are other creatures. Can you see the magnetic power? Even though you cannot see it is there.

Sinhala: තණ්හාව උපාදාන කරගෙන ජීවත් වන සත්වයෝ සංජාතිකයෝය. අනෙක් වචන තේරුම් සඳහා මේ ලිපිය කියවා ගන්න.

අන්තරාය පරිනිබ්බායී අවස්ථාව

English: A state of life transfers to, when someone died who passed beyond Once Returner stage and on the process to Arihant but not an Arihant yet (well there is more to this, but I don’t know words to explain completely).

Sinhala: උප්පත්ති පටිලාභී සංයෝජන දුරුවූ නමුත් භව පටිලාභී සංයෝජන සම්පූර්ණයෙන් දුරු නොකල කෙනෙක්ට මස්-ලේ කය මරණයේදී මේ අවස්ථාවට අත්බැව් පරිවර්තනයක් සිදුවේ.

වැඩිපුර විස්තර:

තුන් භවයට හිත නොතබා භාවනා කොට, අරිහත් නොවී එහෙත් මග ඵල ලැබූ කෙනෙක් පිරිණිවන්නොපා මරණයට පත් උනොත් එවැන්නා නිවන් දකින්නේ කෙසේද? බ්‍රහ්ම ලෝකයට හිත නොතැබූ නිසා.
https://www.youtube.com/watch?v=tohrbklTzKU&list=PLetVXp4Mj3bVhszNwpFohtPgsB-DiuQBG&index=68

https://www.youtube.com/watch?v=tohrbklTzKU&list=PLetVXp4Mj3bVhszNwpFohtPgsB-DiuQBG&index=69

මේ අන්තරායපරිණිබ්භායී අවස්ථාවයි.
මෙහිදී වැදගත් වන වචන දෙකක් ඇත. එනම් උප්පත්ති පටිලාභී සංයෝජන (කාම රාග, රූප රාග අරූප රාග) සහ භව පටිලාභී සංයෝජන (මාන, උද්දච්ච සහ අවිද්‍යා) යන දෙකයි.
මේවාට හේතුව සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මූලික කොටසයි (සෝවාන් ඵලයෙන් නිරෝධ වේ), කාම රාග, රූප රාග, අරූප රාග කියන කාම ලෝකයේ උපතට හේතුවන, රූපලෝකයේ උපතට හේතු වන, සහ අරූප ලෝකයේ උපතට හේතුවන රාග කොටසයි.
අනාගාමී කෙනා රූප රාග අරූප රාග ක්ෂ්‍ය කරේ නෑ. කාම රාග ක්ෂ්‍ය කර අවසන්. ඉන් අසු අරිහත් මාර්ගය වඩාගෙන යනවිට රූප රාග අරූප රාග ක්ෂ්‍ය කරනවා නමුත් භව පටිලාභී සංයෝජන (මාන, උද්දච්ච සහ අවිද්‍යා) ඉකමවා නෑ.
ඉතිං අස්මී මානය තියෙනවා, මමත්වය තියෙනවා, මමත්වයට පහර වදින විට වික්ශිප්තයක් ඇතිවෙනවා, උද්දච්ඡයක් ඇතිවෙනවා. ඒක වටිනවා කියල ගත්ත දෘශ්ඨිය හේතුවෙන් අවිද්‍යාව තියෙනවා.
උප්පත්ති පටිලාභී සංයෝජන දුරුවූ හෙතුවෙන් උප්පත්ති භවයක් ලෙස උපදින්න තැනකුත් මේ තුන් ලෝකයේම නෑ (එනම් චුති උප්පත්ති).
නමුත් භව පටිලාභී සංයෝජන තියෙන නිසා මිනිස් අත්බව මරණයෙන් කෙලෙවර වෙන්නේ නෑ. එනම් චුති පටිසංධියක් වීමක් නැත – අත්බැව් පරිවර්තනයක් පමණි සිදුවන්නේ.
තිරෝකුඩ්ඪ සූත්‍රය සඳහන් කරන පරිදි සංජාතික ස්වරූපයේ ජීවත් වෙයි. කුමන භවයකද? අන්තරායපරිණිබ්භායී භවයක. තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙයි.
මස්ලේ කයේ ආයුෂ සහ ගන්ධබ්බ/සංජාතික භවයේ ආයුෂ එකිනෙකට වෙනස්.
අනාගාමී ඵලයද පසුකර අරහත් මාර්ගයට පිළිපන්, එහෙත් අරහත් ඵලය පූර්ණ නැති හේතුවෙන් එවැන්නෝ ගන්දබ්භ ලෙස එනම් සංජාතික ලෙස එනම් අන්තරායපරිණිබ්භායී භවයක උපදී. අරහත් ඵලය පූර්ණ කල පසු පිරුණුවන් පානවා.
පිරිනිවන් නොපෑමට කලින් භවය කෙලවර උනොත් පශ්චිම භවික චිත්තයෙන් පිරිනිවී යනවා.

නිරුක්ති - කාලගුණය සහ දේශගුණය

English: PS: These words are decoded based on feeling/expression. Which reveals the inner meaning of the word.

Sinhala: නිරුක්ති පටිසබ්භිදා ඥානය අනුව මේ දේශනාව අසන්න. එම නිරුක්ති සසර දුක කෙලෙවර කරන්න ඔබව උනන්දු කරන්නේ නම් මේ උත්සාහය සාර්ථකයි.

වචනය සහ තේරුම

 පද නිරුක්තිය ගතියට බලපාන හැටි මෙයින් තේරුම් ගන්න.
පිටාරය → ආරය පිට.
වැහි → ගුණ ධර්ම වැසීගිය විට වැහි.
ගංවතුර → ගම් ගනු නින්දිත වැඩ, වාත්තුවට උරදෙන → වතුර. එනම් නින්දිත වැඩට උරදී වැඩකිරීම.
නාය → න-අය නාය එනම් අය නොවිය යුතු. එනම් දස අකුසලය, නොයා යුතු පැත්තේ යාම.
භූමිකම්පාව →කම්පා එනම් කනට ගත්ත දේ පහකර දැමීම. භූ+අමි යනු භිහිවීමට හේතුකාරක වන.
කුණාටු → කුනෙන් අටවාගත්.
සුලිසුලං →සූල යනු උල්. රිදවන දේ. එයට වැඩපිළිවෙළක් සකස් කිරීම.
ලැව් ගිනි → ලයට වූ ගිනි.
සුනාමි → යහපත් නම / නාමය සුං කර දමන විපාකය.
කරදිය → කෲර බව දියත් කල නිසා.
මුහුද → අඳ බව මුසු කල නිසා.
අකුණ → කුණ ආව. වැඩක් නැති ජරා වැඩ බාරගැනීම.
නියඟ → අගේ වැඩේ නියපිටින් බෑ. අගෙන් ගන්න ඕන වැඩේට නියපොත්තා දානවා. නුසුදුසු කෙනාට තැන දීම.
ඉඩවර / ඉඩෝර → එම ඉඩ වැරුවාම
සාගත → සහයට ගත්, ගතට සහට ගත්.. තමාගේ වහල් කමට වෙනත් අය යොදා ගන්නා.
දුර්භික්ෂ → භික්ෂ – එනම් පැවැත්මට හේතුවෙන ආහාරය විනාශ කර දමනවා. කන්ඩ තියෙන දේ නොරැක නොවටිනා දේ කිරීම.
බැක්ටීරියා → ඉරියාව යනු ඉරියවු. බැට්ටි යනු බාල. ලාමක ඉරියවු පවත්වන්න, ලාමක ඉරියවුවලට බැසීම. වටිනා පැවත්ම පසෙක දැමීම.
වෛරස → වෛරය ආශ්‍රය කරගෙන සිටින ගතිය. මෙත් වැඩීම ලෙඩ අඩුකරයි.
දිලීර → ලාමක, කුණුහරුප, ආදිය ලය තුල රාවය කිරීම. නැවත නැවත මෙනෙහි කිරීම ආවර්ජනා කිරීමේ ගතිය.

 

උද්දේස නිද්දේස පටිනිද්දේස

English: These are the three levels of Dhamma is explained. Sometimes idiomatic meaning of a word should be taken.

Sinhala: දහම තේරුම් කරන මට්ටම් තුනකි.

සියලු ලෝක සියලු සත්වයෝ
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!