+1-778-834-5353 info@namaroopa.com
Select Page

නිවනම නාථයි නිවනම වෙත්වා!

Lets understand the meanings and internals of the frequently used karmastana “Nivanama Nathai – Nivanama Wethva”

2008-03-23 – 1932 – නාථ සහ අනාථ

ඇයි අසාරයි අනාථයි කියන්නේ? මොන හේතුවෙන්ද?

අසාර කියන්නේ මොකක්ද? මොකක් හින්ද අසාරද?
මෙය පටිච්ඡසමුප්පාදය තුල දැකිය යුතුය.
යම් අරමුණක් ඇසුරු කිරීම හේතුවෙන් අස්සාර දෙයක් ගොඩනැගේද ඒ හේතුවෙන් එම වැඩපිළිවෙළ අසාරයි.
යම් අරමුණක් ඇසුරු කිරීම හේතුවෙන් ජාරා මරණ දුක්ක දෝමනස්සයන්ට…. ගොඩ නැගේද අන්න ඒ හේතුවෙන් අසාරයි.
යමක් ඇසුරු කිරීම නිසා ජාරා මරණ දුක්ක දෝමනස්ස උපායාස…. ගොඩ නැගීම නවතීද අන්න ඒ හේතුවෙන් සාරයි.
කුමක් ඇසුරු කිරීම හේතුවෙන් ජාරා මරණ දුක්ක දෝමනස්ස උපායාස…. ගොඩ නැගීම නවතීද? ජාති නිරෝධය ඇසුරු කිරීමෙන්. ජාතියෙන් නිදහස් වීමයි.
මෙසේ නිවන සාර ලෙස දකිමින් මේ නාථ බව වඩයි.

සියලු කටයුතු අත හැරීම නිවන නොවේ!

මෙය අද වැසී ගිය දහම් කොටසක්...
යමක් යමක් නිසා රාගය ද්වේශය මෝහයට හේතුවේ නම් එම ක්‍රියාවේ අසාර බව දකින්න පුරුදු වෙනවා. ආදීනව දකින්න දකින්න නිවනේ ශාන්තිය වැටහෙනවා. අත්හරින්නේ නෑ එවිට අතහැරී යනවා.

බුදු දහම යනු කතා කරන්න එපා, ගොලුවත රකින්න කියූ දහමක් නොවේ. (12 වන මිනිත්තුව අහන්න).