+1-778-834-5353 info@namaroopa.com
Select Page

කර්මස්ථාන

Meditation Instructions

ධාතු මනසිකාර භාවනාව
Dhathu Manasikara Mediation

සාම්ප්‍රදායික විස්තරය

ධාතු වර්ග හතරක් - එනම් ආපෝ, තේජෝ, වායෝ හා පඨවි ලෙස ශරීරය කොටස් කර එනම් කේස් තද ගතියයි, කලකදී සුදුවෙනවා, කැත වෙනවා, වැටෙනවා, අනිත්‍යවී යනවා. කෙස් පඨවි ධාතු. කියමින් ආන-පාන සතිය තුලම කායානුපස්සනාවේ කොටසක් ලෙස ධාතු මනසිකාරය වඩයි.
Looking at the body you consider how you sit and how you meditate. You can identify your body having liquids, warmth, gases and hard-condensed part. Looking at body parts in this manner you consider how each part is impermanent. Example: consider hair. You can see hair is hard-condensed. It gets old and falls off. Becomes impermanent. Hair is hard-condensed - Patavi Dhathu.

විවර කල විස්තරය

ආපෝ, තේජෝ, වායෝ හා පඨවි ලෙස ධාතු ගති ලෙස හතර වර්ගයකි. මේ ගතියට ලොල් වීම, ඇලීම, කැමතිවීම, නැවත නැවත කැමති වීම, කැමැති සේ පැවැත්වීමට යෑම යන උත්සාහයේ අසාර්ථක බව අසා දැනගෙන එසේ වීමේ ආදීනවයත් එයින් මිදීමේ ආනිසංසත් දැන එම ධාතු උපාදාන කරමින් සදන භව නසා එයින් මිදීම යි (බණ ඇසූ මට දැනට තෝරාගත හැකි පමණට).
Four main elements - Meditate on the nature of each element. For example Patavi elements or Solid elements are hard, strong and rigid. Idea is to identify the craving, attaching, needing, desire, wanting, wanting again an again and insatiability generated by that effort due to this nature of elements.
සියලු ලෝක සියලු සත්වයෝ
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

පඨිවිය සමාන කොට බවුන් වැඩීම:

රාහුලයන් ලද සේ සිරුර බෙදා බලන්න:

දෙවන කොටස – ක්‍රම රටාව:

Detailed Explanation

ධාතු මනසිකාරය කුමක් සඳහා ද? පඨිවි ධාතු අස්සාද වන්නේ කෙසේද?
පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන්ගේ මේ දේශනා කොටස අහන්න.
එහිදී සරල උදාහරණයක් මත මේ ධාතු ස්වභාවය සමඟ අපේ වැරදි ගනුදෙනුව විස්තර කරන්වා.
අපට ධාතු හය සමඟ යම් ආරවුලක් තියෙනවා. එනම් යමක පඨවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය හෝ වායෝ ගතිය අප කැමති හැටියට පැවැත්වීමට එනම් එම ගතිවලින් ආශ්වාද බලාපොරොත්තුව. දියවුන අයිස්ක්‍රීම්, බෙරිවූ බත්, AC එකේ ලෙඩක්, රස්නය - පෑවිල්ල... ආදිය උදාහරණ. අයිස්ක්‍රීම් සහ බත් කෑවට උෂ්ණත්වය කන්න බෑ. නමුත් සංකල්පිතව හදාගෙන ඉන්නවා උණුසුම් හෝ සිසිල මෙසේ වේවා, මෙසේ නොවේවා කියා.
Meaning in simple English:Four main elements - Meditate on the nature of each element. For example Patavi elements or Solid elements are hard, strong and rigid. Idea is to identify the craving, attaching, needing, desire, wanting, wanting again an again and insatiability generated by that effort due to this nature of elements.
Problem in traditional way of explanation:පහත උපදෙස් වලට සවන් දෙන්න. හිතා බලන්න මේ විදියට සිතීම තුල නිවීමක් ඇති වන්නේ කෙසේද කියා.
Listen to the following and think for yourself if that bring you some peace in mind or it make you feel awkward.
How Ravi Koggalage Explains Dhathu Manasikara Meditaion in English during a Dhamma Discussions

Check out other interesting sections

Basics

Road Map To Nibbana

Decoding

20 mins each session

Meditation

Learn the Liberation

Deep Core

The Nuts and Bolts

Questions

Buddhists Answer

ත්‍රිපිටකයට අනුව : / Per Tripitaka

සබ්බධම්මමූලපරියාය සූත්‍රයේ පරිදි:

පෙළ දහමෙන් උපදෙස්:

පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි දේශනාකල ධර්ම දේශනාවක කොටසකි

මනසට අරමුණු වන දෙය පිළිබඳ මූලික ආකෘතිය ප්‍රකාශ කරන ඉතාම වටිනා සූත්‍රයක් මූලපරියාය සූත්‍රය(පාළි) – මජ්‌ඣිමනිකාය, මූලපරියායවග්‌ගො. මූලපරියාය සූත්‍රයේ මේ මනසට අරමුණු වන හැම දෙයක් පිළිබඳවම මුල් ආකාරය, මුල් ආකෘතිය පෙන්නුම් කරන වා. ධාතු සහ ධම්ම ගැන කියා දෙනවා.

‘සබ්‌බධම්‌මමූලපරියායං වො, භික්‌ඛවෙ, දෙසෙස්‌සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්‌සාමී (මහණෙනි මම නුඹලාට හැම දෙයකම මුල් ආකාරය, මුල් ආකෘතිය දේශනා කරන වා……… මනසට අරමුණු වන හැම දෙයක්ම හිතට වැටහෙන ආකාරයක් තියෙන වා මෙම සූත්‍රයේ දී ධම්ම 24ක් ඉදිරිපත් වෙනවා. එය බුද්ධ ඥාණයට අනුවයි එය කෙටියෙන් මෙසේ සලක ගන්න පුළුවන් පලමුවෙන් ම පඨවි, ආපෝ, තේජෝ, වයෝ. එනම් මහා භූතධර්ම හතර(4) ඊලගට භූත, දේව, පජාපති, බ්‍රහ්ම,ආබස්සර,සුබකිණ්ණ, වේහප්ඵල, අභිභුං කියන සත්ව කොට්ඨාශ අට(8). ඊලගට ආකාසානඤ්‌චායතන, විඤ්‌ඤාණඤ්‌චායතන, ආකිඤ්‌චඤ්‌ඤායතන,නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතන ඒ අරූප හතර(4). ඊලගට දිට්‌ඨ, සුත, මුත, විඤ්‌ඤාත හතර(4). අන්තිමට එකත්‌ත, නානත්‌ත, සබ්‌බ, නිබ්‌බාන කියන ප්‍රඥ්නප්ති හතර(4)………


References from scriptures of Tripitaka:

<!-- [et_pb_line_break_holder] --><!-- [et_pb_line_break_holder] --><!-- [et_pb_line_break_holder] -->

0 Comments

Like more Meditation?