පටිභාන කවි සහ භාවනා


Patibana or Poems for Meditation
යම් හැදින්වීමක්…
කාව්‍යමය භාවනා ක්‍රමයක් වන පටිභාන භාවනාව ආධුනිකයන්ට එනම් භාවනාවට අලුත් කෙනෙකුට ඉතාම යෝග්‍ය භාවනා ක්‍රමයක් බව පෙනී යයි. මූලික ධර්ම කරුණු කීපයක්වත් හරි හැටි හදුනා ගෙන, එම ධර්ම කරුණු මත පිහිටා මේ භාවනාව වැඩීමට පුලුවන්. එය මහා ගොඩක් නොදන්නා අයට ඉතාම පහසුවක්.
භාවනාව ගැන හොද දැන්නුමක් ඇති හතර දැහැන් වැඩීම පටන් ගත් අයෙකුට මේ පටිභාන කව්‍ය ක්‍රමය තුල තමාට සසර හුරුදේ තුල පහසුවෙන් හිත සංසුන් කර සමථයේ සිට විදර්ශනාව දක්වා දිවෙන, නිවනින් කෙලවර කරන මේ භාවනාව ඉහළටම වඩන්න පුලුවන්. භාවනාව ගැන දන්නා අය, ඒ ඒ කර්මස්ථානයේ තේරුම නැවන නැවත අසා (Explain The Technique කොටස මේ සඳහාය) එම භාවනාවේ තාක්ෂණික පසුබිම ගැන අවබෝධයක් ලබා, නැවතන් මතක් කරගෙන භාවනාව වඩන්න ගන්න (Practice The Technique කොටස මේ සඳහාය).
An Introduction…
If lord Buddha was here we would go and consult him for the best medicine for our sansaric illness. Now we don’t have him. So we have to try different medicines available and retain the best that work for us.
At namaroopa.com this effort is to bring one such marvelous medicine closer to you. To save you from confusion of choices, to save you from too much google, and to save you from going many options that might not fit your need.
By: ධම්මදින්නා මෙහෙණින් වහන්සේ, ඔස්ට්‍රේලියාව
සබ්බ බුද්ධානු භාවේන… විනබන්ධන විනස්සතු…
අහං අවේරෝ හෝමී…
රූපය අසාරයි පෙන පිඩුව අසාරයි…
රාගයෙන් රත්වෙලා මොනවා මා ලබන්නද…
නත්ථිමේ සරණං අඤ්ඤං සරණං…
https://www.youtube.com/watch?v=3Ee5GTlNjlc
By: ධම්මදින්නා මෙහෙණින් වහන්සේ, ඔස්ට්‍රේලියාව
චක්කුනා සංවරෝ සාදූ – සාදු සෝතේන සංවරෝ…
අහං අවේරෝ හෝමී…
රූපය අසාරයි පෙන පිඩුව අසාරයි…
රාගයෙන් රත්වෙලා මොනවා මා ලබන්නද…
නත්ථිමේ සරණං අඤ්ඤං සරණං…
චක්කුනා සංවරෝ සාදූ – සාදු සෝතේන සංවරෝ
ඝානේන සංවරෝ සාදූ – සාදු ජිව්හාය සංවරෝ
කායේන සංවරෝ – සාදු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාදූ – සාදු සබ්බත්ථ සංවරෝ
සබ්බංත සංවුතෝ භික්කූ – සබ්බ දුක්ඛා පමුච්චතූ
වහරක අභයරතනාලංකාර හිමි කර්මස්ථානය සජ්ජානා කරන අවස්ථාවක් මෙහි ඇත.
සාදුකාරයේ නියම අරුත මේ ගාථාවේ සඳහන්වේ.
කර්මස්ථාන විස්තරය
මෙම කර්මස්ථානය වහරක අභයරතනාලංකාර හිමි විස්තර කරන ලද ආකාරය ඉහත ඇත.
By: මහරගම කුමාර කාශ්‍යප හිමි
මෙය ආරම්භක භාවනා වැඩසහනක්. පන්ච ශීලයේ සිටම පටන් ගනී. එය ඊලග tab එකේ ඇත. උන්වහන්සේ භාවනාවේ බොහෝ කොටස් අසා සිට කරුණු විග්‍රහ කරමින් භාවනාව සිදුකරයි.
අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබසරයි යන කර්මස්ථානය මුලින් පැහැදිලි කර දීම සිදුවේ. එහි වැදගත් කම පැහැදිලි කරයි. පහත ඒ ගැන වැඩිදුර විස්තර ඇත.
පන්සිල් සහ බුද්ධ පූජාව සමඟ:
https://youtu.be/DkKA0u0pe38?t=200
අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබසරයි විස්තරය:
https://youtu.be/DkKA0u0pe38?t=200
අවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි, පබසරයි
මොකක්ද මේ අවංකයි කියන්නේ? මොකක්ද වංකයි කියන්නේ? වක්‍රයි කියන්නේ?
බණ අසන්න පෙර සහ පසු ස්වභාවය හිතල, ඒ ශාන්ත බව ලැබුනෙ රාග ද්වේශ මෝහ ප්‍රහානයෙන් නේද කියල හිතල ඒ නිසාම නම්, නිවටනටම නම් භාවනාවට ඉදගත්තේ ඔබ අවංකයි.
ප්‍රාණඝාත වැඩපිළිවෙළ, අදත්තාදාන, කාම මිත්‍යාචාර වැඩපිළිවෙළ ඉහත අවබෝධය එක්ක නතර වෙන එක ධර්මතාවක් මයි නේද?
වරද ප්‍රමාද දෝශ කොපමණ අපෙන් වෙනවාද? එයින් ගැලවෙන්න නම් අවංක වෙලා, පිරිසිදු වෙලා පිවිතුරු කෙනෙක් වෙන්න ඕන.
මෙසේ යම් මට්ටමකට ධර්මාවබෝධය ලබනවිට මම ක්‍රියාවෙන් අවංක උනා, පිරිසිදු උනා, පිවිතුරු උනා. යම් මට්ටමකට පවිත්‍රනම් ඒ මට්ටමට සිතුවිලි ප්‍රභාස්වරයි.
යම් මට්ටමකට ප්‍රභාස්වර උනාද ඔහුට ධට්මාව බෝධයෙන් සීලය ඇතිවෙනව.
මේ සීල විසුද්ධිය සිහි කරනවිට චිත්ත විසුද්දිය පහල වෙනවා.
මේ තමයි ප්‍රධාන කර්මස්ථානයට අව්ශ්‍ය පසුබිම හැදෙන හැටි.
යම් ප්‍රමානයක් අත්හැරී නොඇලී මිදී ගියාද ඒ තමයි නිවන. යම් අවිද්‍යවක් දුරු උනාද, මේ ලෝකයේ සරන්න අවශ්‍යතාවයක්, හරයක් නෑ කියල අවබෝධ උනාම චිත්ත විසුද්දිය ලැබෙනවා. විමුක්තිය ලබනවා.
අභිජ්ජා දෝමනස්ස දෙක දැනෙනවා… එය දුරු කරගන්න පුලුවන් නම් පභසර වීම ධර්මතාවයයි.
මෙම කර්මස්ථාන සජ්ජානය කරන ආකාරය
අවංක වෙමි, පිරිසිදු වෙමි, පිවිතුරු වෙමි, පබසර වෙමි, සංසිඳුවමි, සංසිඳුවමි, සංසිඳුවමි, සංසිඳුවමි….
මමද, සියළු ලෝක සියළු සත්ත්වයෝ අවංක වෙත්වා, පිරිසිදු වෙත්වා, පිවිතුරු වෙත්වා, පබසර වෙත්වා…
විග්‍රය
කර්මස්ථාන විස්තරය
Q: විස්තර කරන අවස්ථාවක්.
කර්මස්ථාන විස්තරය
Q: අවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි, පබසරයි කියන භාවනාවක් මූලික වශයෙන් දී තිබුනී. ඒ පිළිබඳව විස්තරයක් කරලා ඒ භාවනාවට යොමුවෙන අන්දම පැහැදිලි කර දෙන්න.
කර්මස්ථානය හා කර්මස්ථානයේ සියළු පද විග්‍රහය.
Q: භාවනා කරන ආකාරය?
මේ කරුණු සදහම් අටුවාවේ සොයන්න…
මෙත්තා / මෛත්‍රී භාවනාව
විවේක – භාවනාව වඩනවිට විවේකය වැඩිවේ
විරාග – රාගය දුරුවී, විරාගය වැඩිවිය යුතුය
නිරෝධ – ලෝකයේ රවුම් ගහන එක අඩුවිය යුතුය
ඔස්සග්ග – සංසර්ගය හෙවත් එක් වෙන පැත්ත අතහැර, ඔස්සග්ග පැත්තට ලංවිය යුතුය.
සතිය කුමක්ද? සිහිය. ඉංද්‍රිය ගැන සිහිය.
ඉතින් මෛත්‍රීය නිවැරදිව වඩනවා නම් මේ කරුණු වැඩීමට පත් වේ. බිහිලි වේ. ප්‍රභාමත් වේ.
මේ ආකාරයෙන් මේ භාවනාව ගැන මුලින් දැන ගෙන ඊලඟට වැඩීමට යොමුවන්න.
යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ… යන කර්මස්ථානයේ තේරුම
සංතති ඇමතියාගේ කතාව තුලයි මේ කථාවේ මුල. මොන ඇදුමෙන් සැරසිලා හිටියත් සම චරියාව ඇතිනම්, ගති නියත නම්, බ්‍රහ්ම චාරී නම්, සියලු සතුන් කෙරෙහි දඬුවම් බහා තැබූවානම් එවැන්නා බ්‍රාහ්මණ වෙයි, ශ්‍රමණ, භික්ෂූ වෙන්නේ.
ලොවම එකොළොස් ගින්නක්
ආදිත්‍යපරියාය සූත්‍රය වැනි ගැඹුරු විදර්ශනාත්මක සුත්‍ර තුල ඇති ලෝකය ගින්නක් ලෙස දැක එම ගිනි දෙන ලෝකයේ භය(දුක) සහ අසාර /අනාථ බව දැක නිවෙන ආකාරයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් මේ භාවනාව වැඩීමයි සිදුකරන්නේ.
ගිනිගත් ලෝ කුහරෙ කොහොමද සැප වෙන්නේ…
මේ ලෝකය ගින්නක් ආකාරයෙන් මේ භාවනාව ගැන මුලින් දැන ගෙන ඊලඟට වැඩීමට යොමුවන්න.
කායානුපස්සනාව – දෙතිස් කුණුප
ශරීරය අසාර දෙයක් ලෙස දැකීම මෙම භාවනාවේ අරමුණ වේ.
පිළිකුලක් උපදින විදියට ශරීරය දෙස බැලීම නිවැරදි ක්‍රමය නොවේ.
ශරීරය අසාර ඇයි? දැන් ලැබී ඇති ශරීරය අසාර ද? පෙර ලැබූ, මතු ලබන ශරීරද අසාර ද?
මේ ආකාරයෙන් මේ භාවනාව ගැන මුලින් දැන ගෙන ඊලඟට වැඩීමට යොමුවන්න.