+1-778-834-5353 info@namaroopa.com
Select Page

පිරිත් දේශනා

ශබ්ධයේ විද්‍යාවෙන් උපරිම ප්‍රයෝජනය ලැබීමට නම් අක්ශර, ගණ, මාත්‍රා නිවැරැදි සේ අනුගමනය කල යුතුය.

මේ එකතුව එසේ වූ දුර්ලභ සජ්ජායනා කීපයක්.

පිරිත් සජ්ජායනා එකතුව

A collection of Powerful Pirith Chanting sessions

බුද්ධ වන්දනා එකතුව

A collection of Buddha Wandha / Homage to triple Gem

Pirith Chanting – Disclosures of Dhamma

By listening to pirith you can develop all 7 faculties needed to achieve ultimate relief of suffering. There are many ways one can reach higher states in religeous life – listening to Dhamma Disclosures is one of the most important out of all others.

Akshara, Gana, Matra are words used to describe the chanting quality. To get the full power of these chanting those important feature has to be accurately set.  Like any science, the science of sound and words come with its distinct set of rules to follow if you need the best possible resultes. In this page you hear few such chanting clips – that is available today.

පිරිත් දේශනාවේ අතීතය

බුද්ධ කාලයේ යම් කිසි ආපදාවන්ට ප්‍රතිකර්ම ලෙස පිරිත පාවිච්චි කළ විදිය වෙනස්. කරණීය මෙත්ත සූත්‍රය දින හතක් කීවා. එයි ප්‍රථිඵල නැති නම්, මහා මංගල සූත්‍රය දින හතක් කීවා. ඒත් බැරි උනොත් තමයි ආටා නාටිය සූත්‍රය අරගෙන කරදර කරන යකුන් ප්‍රේතයන් ගැන ඒ සම්බන්ධයෙන් පත්කර සිටින දෙවියන්ට කීවේ. සතර බණවර පිරිත් කීමක් එදා තිබුනේ නෑ.

කායත් එක්ක ත්‍රිපිටකයම දරාගන්න පුලුවන් භික්ෂූන් අඩු නිසා සංඝ සම්මතය වුයේ බණවර හතරක්වත් දන්නේ නතිනම් උපසම්පදාව ලබා දෙන්නේ නෑ කියන එකයි. ඉතින් පසුකාලීනව හැමෝටම අඩුම ගානේ සතර බණවර පාඩම් කරන්නයි වෙහෙසුනේ. පාඩම් තියෙන්නේත් පාඩම් කරන්නේත් සතර බණවර නිසා පිරිතට සතර බණවර යොදා ගැනුණේ ඊට පස්සේ.

ජලනන්දන පිරිත මහායානික පිරිතක්. නමුත් එම පිරිතද අක්ෂර පිහිටුවීම සහ අදහස අනුව හොඳ බැවින් හොඳ ප්‍රථිඵල ලබා දෙනවා.

An Introduction… History, and Why?

Paritta in Pali or Pirith in Sinhala refers to a practice that comes from the times of Buddha. Once when there was a disastrous situation to a once beautiful city (like New York today) called Visala, it was Buddha who advised maha Sanga (Bikkus) to chant pirith and spread holy water (Pirith Pan) through out the city. Pirith is the truthful words. That truth carries such a power that can change the molecular structure of water (search google to see pictures). Pirith helped to ward off evil fortune or dangerous conditions. Pirith chanting helped shielding from various forms of evil spirits, misfortune, sickness and influence of the planetary systems as well as instilling confidence in the mind. The vibrant sound of the chanting creates a very pleasing atmosphere for listeners of human and non human beings. The rhythm of the chanting is also important.

පිරිතෙ යෙදුම

පිරිත නම් සත්‍ය වචනයයි. ඒ සත්‍ය වචනය අසා යම් කරදර කරන අමනුශ්‍ය කොටසක් වේ නම් ඔවුන්ට මේ සත්‍ය ස්වභාවය වටහා දී මෙත් පතුරුවා ඔවුන්ගේම කැමැත්තෙන් කරුණු තේරුම්ගෙන ඉවත්ව යෑමට මඟක් යෙදීම මෙහි අරමුණ වේ.
මෙත්ත සූත්‍රය භාවිතා කරන්නේ මේ නිසායි.

බැරිම උනොත්, මුරණ්ඩුකම වැඩි යම් සත්ව කොටසක් වේද ආටානාටිය වැනි සූත්‍ර සජ්ජායනයෙන් එම මුරණ්ඩුකාරයන් ඉවත් කිරීමට එදා සිටම පත්වූ දේව, යක්ෂ කොටසට ආරාධනා කර එම කාර්‍ය ඉටුකිරීමට කියයි.

එනිසා ආටානාටිය වැනි සූත්‍ර නිකරුණේ නිතර භාවිතා කිරීම සුදුසුද යන්න ඔබම සිතා බැලිය යුතුය.

පිරිතේදී පිරිත් නූල්, පිරිත් වතුර ආදියද භාවිතා කරනවා. මේ කරජ කය සීයයට 60ක්ම සමන්විත වන්නේ වතුරෙන් නිසා වතුරට වෙන දේ දැක්කත් ඇති. ජපන් ජාතික Dr Masaru Emoto Hadoගේ  Water Crystals පරීක්ෂණය මේ ගැන කියනවා.

Listen to the Chanting

Some Background

ආටානාටිය සූත්‍ර අර්ථය

විද්‍යුත් මාද්‍ය සහ පිරිත

පිරිත් නූලක හරය

ආටානාටිය සූත්‍ර අර්ථය

විද්‍යුත් මාද්‍ය සහ පිරිත

පිරිත් නූලක හරය

පිරිත් සජ්ජායනයේදී සිදුවූ දෙයක්…

පිරිත් සජ්ජායනයේදී පිරිතේ බලය පිරිත් පැන් වල පිහිටනවා. ඒ නිසාමයි බුද්ධ කාලයේති පිරිත් පැන් කෙන්ඩිය දරාගෙන විසාලා මහනුවර තුන් බිය දුරු කිරීමට වීථි ගානේ පැන් ඉසිමින් යන්න කියා බුදුන් ආනන්ද හිමියන්ට උපදෙස් දුන්නේ.

පිරිතේ බලය පෙන්වන එවැනි අවස්ථවක් විය හැකියි මේ වීඩියෝව.

අන්තර්ජාලයේ පිරිත් දේශනා දකින්න ලැබෙන අවස්ථා

විවිධ වෙබ් අඩවි වල මෙවැනි දේශනා අන්තර්ගත කර තිබෙනවා.

1 — පැය 1:20 – සරණාගමනය / දස ශික්ෂා පද / සාමණේර ප්‍රශ්නය / දෙතිස් ආකාරය / ප්‍රත්‍යවේක්ෂා / දස ධම්ම සූත්‍රය / මහා මංගල සූත්‍රය / රතන සූත්‍රය / කරණීය මත්ත සූත්‍රය / ඛන්ධ පිරිත / මෙත්තානිසංස සූත්‍රය / මිත්තානිසංස සූත්‍රය / මෝර පිරිත / චන්ද පිරිත / සූරිය පිරිත / ධජග්ග සූත්‍රය .

2 — පැය 1:09- බොජ්ජංග පිරිත / ගිරිමානන්ද සූත්‍රය / ඉසිගිලි සූත්‍රය

3 — පැය 1:02 – ධම්මචක්කප්පවත්තන සූත්‍රය / මහාසමය සූත්‍රය

4 — පැය 1:15 – ආලවක සූත්‍රය / කසීභාරද්වාජ සූත්‍රය / පරාභව සූත්‍රය / වසල සූත්‍රය / සච්ච විභංග සූත්‍රය

5 — පැය 1:20 – ආටානාටිය සූත්‍රය

6 — පැය 6:00 – සියලු සූත්‍ර කොටස් සහිත සම්පූර්ණ පිරිත

Pirith Chanted by: Most Ven. Waharaka Abayarathanalankara Thero

Want to learn more about similar Dhamma Topics? please follow and subscribe the YouTube Channel. You will find 10,000+ hours of Videos to listen..  Most of these Dhamma Talks are in Sinhala Language and contains deep knowledge of Buddhism.
බුදුන් වදාල දුක වේදනා චෛතසිකයෙන් නොපැනවේ. රිදෙන, තැවෙන, අඬන, වැලපෙන දුක, දුක්ක-සත්‍යය නොවේ. වේදනා චෛතසිකයෙන් හෝ සංඥා චෛතසිකයෙන් හට ගන්න දුක නොවෙයි මේ තථාගත දහමේ දුක ලෙස හදුන්වන්නේ. එය ප්‍රඥා චෛතසිකයෙන් පැනවේ. ප්‍රඥාව පහල වීමෙන් දුක් කෙලවර කර නිවන අවබෝධ කරයි. උපමාවකින් කීවොත් ලස්සන සෙල්ලම් බඩුවක් සේ සැකසූ බෝම්බයක් දකින ළමයා එයට ඇලුම් කරයි. එයම පතයි. අයිති කරගැනීමටම වෙහෙසෙයි. ලැබීමෙන් සතුටුවේ නොලැබීමෙන් දුකට පත්වේ. එය හඳුනා ගන්නා වැඩිහිටියා එය දකින්නේ මහා භයානක දෙයක් ලෙසකි. එය භයක් ලෙස දකී. එහි ආදීනවය වූ මරණය හෝ මරණයට සමාන දුකට පත් වීමේ භයනාකත්වය නුවණින් දකී. පංච කාමයත් මේ වගේම බෝම්බයකි. ඇමකි. දුක්කං භයට්ඨේන යැයි බුදුන් වදාලේ එබැවිනි.
If you find these topics to be a bit challenging to understand, then please refer to the section “For Beginners A to Z” – (linked at here) of this website. When you learn about the base form of the universe one important material you find is “Dhathu” or “Dhatu” – these are the basic building block of universe. Beyond this is just the pure mind – the ultimate fabricator of all matter or “Sankatha”. By listening to Beginners section you will gain access to the foundation of true knowledge. පහත සඳහන් ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු බවක් දැනේ නම් මූලික දැනුම ලබා දෙන “For Beginners A to Z” යන වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදී මූලික දැනුම ලබා නැවත පහත කරුණු සඳහා පිවිසෙන්න.
There was a time like… සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය… වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය. පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත. මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

බුද්ධ වන්දනා එකතුව

A collection of Buddha Wandha / Homage to triple Gem

නැවත…

නොසාදන්නට.

සොයන්නෝ බොහෝය. සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.