+1-778-834-5353 info@namaroopa.com
Select Page

විවිධ අවස්ථා වලදී මෙහෙම කරන්න තිබ්බානම් හොදයි කියල හිතූ, ඒත් ඒවා කරන්න තරම් වෙලාවක් හෝ අවශ්‍ය පිරිස් සහ කළමනා සොයා ගැනීමට මෙතෙක් නොහැකි වූ දේ කීපයක් මෙහි සඳහන් වේ. යම් කෙනෙක් ධර්මය වෙනුවෙන්, කුසල් සම්පාදනය වෙනුවෙන් කරන්නට යමක් සොයයි නම්, ඒ අයට මේ අදහස් සලකා බැලිය හැකිය. තමාටම මේ වැඩ කරගෙන යන්නට හෝ ඒ දේවල් දැනට ලොව කොහේ හෝ සිදුව පවතීනම් ඒ ගැන සඳහන් කිරීමට හෝ මේ වෙබ් පිටුවේ comments section එක භාවිතා කලහැකිය.

Project #1 – දහම් පාසැල් අධ්‍යපනයට අවශ්‍ය වීඩියෝ එකතුවක් සම්පාදනය කිරීම

ප්‍රශ්නය (Existing Problem and Analysis):

ලොවපුරා විවිධ ප්‍රදේශ වල පැතිර සිටින සිංහල බෞද්ධ දරුවන්ට ලංකාවේ මෙන් දහම්පාසැල් යාමට ලැබෙන්නෙ කලාතුරකින්. ඒ ගියත් කාර්‍ය බහුල ජීවිත ගෙවන දෙමාපියන්ටත්, දහම් අධ්‍යපනය ලබාදෙන ගුරුවරුන්ටත් මේ සඳහා නැවත නැවත ගතකල හැකි කාලය සීමිතයි.

බොහෝ විට එකම ගුරුවරයාට එකදිගටම හැම සතියකම පංති කිරීමට සහභාගි වෙන්නත් ලැබෙන්නේ නෑ. දරුවන්ටත් එහෙමමයි. ඒ නිසාම විවිධ අවස්ථා වලදී අධ්‍යාපනය බිඳවැටෙන්න පුලුවන් (due to difficulties in continuation once you takes a break from school).

දහම් පාසැල් කාලයද දලවශයෙන් පැය 2ක් පමනකට සීමා වී තිබෙනවා. මේක ඉතාම කෙටි කාලයක්, යමක් සාර්තකව ඉගැන්වීමට බොහෝවිට වෙලාව මදි. ඉතින් වැඩිහරියක් ඉගෙන ගන්න වෙන්නේ දහම් පාසැල් වෙලාවෙන් පස්සේ – ගෙදරදී. ඒත් ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීමක් දරුවන්ට ලබා දෙන්නේ කොහොමද?

දරුවන්ට අධ්‍යපනය අහිමිවන තව හේතුවක් තමයි පැයක 2ක් වෙනුවෙන් කාර්‍ය බහුල ඉරිදා දවසක්ම දහම් පාසල වෙනුවෙන් ගතකරන්න වීම. හැමෝම වාගේ ඒ වෙලාවට අවම පෘමුකත්වය ලබාදෙන්නේ පැය දෙකක් වෙනුවෙන් දවසම ගාත වන දෙයකට නොවෙයි.

තවත් කරුණක් තමයි ඉරිතු විපර්යාස නිසා ඇතැම් කාල වල පවතින ගමනා ගමන දුෂ්කරතා නිසා දහම් පාසැල මග හැරී යාම. සීත කාලයේ ගමන් බිමන් අමාරුයි, පායන කාලයට මේ රටවල් වල අනෙක් අධ්‍යාපනික ආයතන වලට සමගාමීව දහම් පාසැල නිවාඩු. ඉතින්, ඉතාම කෙටි කාලයක් තමයි දහම් පාසැල් පැවැත් වෙන්නේ.

හැමෝම නිවාඩු ඉරිදා නිසා බොහෝ පිංකම්, පූජා, දාන මාන, fund raisers යොදාගන්න වෙන්නේත් ඉරිදාටමයි. ඉතින් එක්කත් දහම් පාසැල් නොපවත්වන දවස් ගනන වැඩිවෙන්න තව හේතුවක්.

මීට අමතරව ඒ ඒ දරුවන් මුහුණදෙන අනේක වූ කාලීන අවශ්‍යතාද නිසාද දහම් අධ්‍යපනය මග හැරී යනවා. (school projects, sport activities, birthday parties and many others has a tendency to come and crash with the dhamma shcool time. As a child do you have an elevated mind to pick the best between two? Will it be an easy task for a parent to influence a kid to go temple over a birthday party of a friend?)

මේ නිසා තමයි, දෙමාපියන් වැඩිහිටියන් විදියට මේ සම්බන්ධයෙන් යමක් කල හැකි පිරිස් එකතුවී යම් වැඩපිළිවෙළක් මේ ගැන යොදාගත යුත්තේ.

 

 

 එක විසඳුමක් (A possible solution): 
  1. දහම් පාසැල් පොත් අන්තර්ජාලයට එකතු කිරීම.
    1. දැනට නිර්දේශිත අච්චු පොත් සොයා ගන්න.
    2. ඉංගිරිසියෙන් සහ සිංහලයන් යන භාෂා දෙකෙන්ම සියලු පංති වලට පොත් සොයා ගත හැකිනම් ඉතා හොඳයි.
    3. ඒවා scan යන්ත්‍ර මගින් PDF බවට පත් කරන්න.
    4. අන්තර්ජාලයට එකතු කිරීමට අවසර ලබා ගැනීම.
    5. අවශ්‍ය දරුවන්ට සහ ගුරුවරුන්ට ලබා ගන්න පුලුවන් විදියට අන්තර් ජාලයට එකතු කිරීම.
  2. දහම් වචන හුරුව.
    1. දරුවන්ගේ දහම් අධ්‍යපනයට අදාලවන, දහම් පාසල් විෂය නිර්දේශයට ඇතුලත් වූ පොත් මෙන්ම අනෙකුත් වටිනා පොත් එතුකර ගන්න (උදා: ධම්ම පදය, සිංහල වත්තු, වංශ කතා සහ නාම පද)
    2. ඒවා කියවීමට දන්නා දරුවන් සහ වැඩිහිටියන් ඒ පොත් මික්‍රොපෝනක් (mic) ඉදිරියේ කියවා පටිගත කරන්න. (ලංකාවේ දී අපි හිතුවට සිංහල කියවන එක, ඒවායේ නම්, ගම් විස්තර ඉගෙන ගන්න එක ලේසි දෙයක් කියලා – මේ රටවලදී ඒකේ වෙනස හොඳට පෙනෙනවා.  පිටරට දරුවන්ට මේ වචන සහ උච්චාරන අමාරුයි. ඒක වෙනස් කරන්න පුලුවන් වෙන්නේ භාවිතා බහුලිකතා කියන ආකාරයෙන්ම තමයි.)
    3. මේවා Audio Books ලෙස හඳුන්වනවා. කොටසින් කොටස ඉක්මනි සොයා ගත හැකි විදියට තමයි සකස් කරන්න ඕන.
    4. මෙසේ සකස් කලරල ඒවා ක්‍රමානුකූලව වගු ගත (index) කරන්න අවශ්‍යයි.
    5. ඉන්පසු අවශ්‍ය දරුවන්ට සහ ගුරුවරුන්ට ලබා ගන්න පුලුවන් විදියට අන්තර් ජාලයට එකතු කිරීම කල හැකියි.
  3. සිංහල අකුරු ලිවීම සහ කියවීම
    1. සිංහල අකුරු පිටපත් කරන්න වැඩ කොල (small collection of work sheets) එකතුවක් සකස් කිරීම.
    2. ඒවා අවශ්‍ය කෙනෙකුට ලබාගත හැකි ලෙස අන්තර් ජාලයට එකතු කිරීම.
    3. අවශ්‍ය නම් CD / DVD පිටපත් ලෙස ලබා දීම.
  4. දහම් පාසල් පාඩම් දුරස්ථ අධ්‍යපන ක්‍රමයන් මගින් සුලභ කිරීම
    1. හැම ඉරිදාකම හෝ සෙනසුරාදාවකම පවත්වන දහම්පාසැල් පාඩම අවශ්‍ය කෙනෙකුට ගෙදර සිටම අද්‍යයනය කල හැකි ලෙස වීඩියෝ පටිගත කරගන්න. උදාහරණ ලෙස Linda.com / udemy.com බලන්න. මේවායේ තියෙන වීඩියෝ මගින් මිලියන ගනනක් දරුවන් සේම වැඩිහිටියන්ද දිනපතා ඉගෙනීමේ කටයුතුවල යෙදෙනවා.
    2. කොටසින් කොටස ඉක්මනි සොයා ගත හැකි විදියට තමයි සකස් කරන්න ඕන.
    3. මෙසේ සකස් කලරල ඒවා ක්‍රමානුකූලව වගු ගත (index) කරන්න අවශ්‍යයි. ඒ පහසුවෙන් සොයා ගත හැකිවීමටයි.
    4. ඉන්පසු අවශ්‍ය දරුවන්ට සහ ගුරුවරුන්ට ලබා ගන්න පුලුවන් විදියට අන්තර් ජාලයට එකතු කිරීම කල හැකියි.
    5. අවශ්‍ය නම් CD / DVD පිටපත් ලෙස ලබා දීම ද කල හැකියි.