+1-778-834-5353 info@namaroopa.com
Select Page

l=vd kuq;a m%Yak”

Chapter 1 : An Introduction to the Basics

Duis egestas aliquet aliquet. Maecenas erat eros, fringilla et leo eget, viverra pretium nulla. Quisque sed augue tincidunt, posuere dui tempor, dapibus nisi. Donec vel lectus sapien.

45min.

Chapter 2 : Information Architecture

Duis egestas aliquet aliquet. Maecenas erat eros, fringilla et leo eget, viverra pretium nulla. Quisque sed augue tincidunt, posuere dui tempor, dapibus nisi. Donec vel lectus sapien.

1hr. 10min.

කාමය සහ රාගය

Lust

It is important to understand this obstacle for liberation. Lust keeps us attach to lustful nature of concepts that we created in our mind. Mentally fabricated cravings – that we have assigned values, where there is none.

Free Courses

Duis egestas aliquet aliquet. Maecenas erat eros, fringilla et leo eget, viverra pretium nulla. Quisque sed augue tincidunt, posuere dui tempor.

Premium Courses

Duis egestas aliquet aliquet. Maecenas erat eros, fringilla et leo eget, viverra pretium nulla. Quisque sed augue tincidunt, posuere dui tempor.

Ready to get started?

Get in touch, or create an account

වෙන කෙනෙකුගේ පිරිකර අතගැසීම

පූර්වාරමය පූජා කල අනේපිඬු සිටුතුමා රිදී විමානයක් ලැබූවත් හිඟන්නා රත්‍රන් විමානයක් ලැබුවා. මෙය ක්‍රියා වාදයක් නොවේ.

පින සහ කුසලය අතර වෙනස?

පින යනු කුමක් ද? කුසලය යනු කුමක්ද?  මේ ඒ ගැන කියවුන අවස්ථාවක්.

20 ආකාරය

සක්කාය දෘෂ්ටිය - විසි ආකරය කුමක්ද?

කාය සත් කියා දෘෂ්ටියක් ඇත. සත් කියා ගන්නේ ආත්ම දෙයක්. ආත්ම යනු එහි මූලධර්මය යි. එය දරන්නෝ සිතන්නේ කෙසේද? මේ පහත කොටස බලන්න.

සදාතනික / අවපරිනාමික / සාරත්වය

සදාතනික දෙයක් පවතිනවා. විනාශවී නොයයි. හටගත් දවසක් හෝ විනාශ වන දවසක්නැත.
අවපරිනාමික – එනම් වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ නෑ.
සාරත්වය – හොඳ සාර බවක් තියෙන්වා.

මෙය දුරුව යන්නේ කාය සත් කියන දෘෂ්ටිය බිදී ගිය දවසටයි.

කාය මොනවාද කියා දැන ගන්න ඕන.

චක්කු කාය, රූප කාය
සෝත කාය, ශබ්ධ කාය
ඝාන කාය, ගන්ද කාය
ජිව්හා කාය, රස කාය
කාය කාය, පොට්ඨබ්බ කාය
මනෝ කාය, ධම්ම කාය

මේ සියලු කාය අනිච්චයි දුක්ඛයි අනත්තයි නේ. ඉතින් මේ එකක් වත් සදාතනික, අවපරිනාමික, සාර දෙයක් නොවෙයි නේ. එනිසා මේ එකක් වත් ආත්මයක් වෙන්න බෑ.

උච්ඡේද දෘෂ්ටිය / භෞතිකවාදී මතය

රූපය යනු මමයි. මම යනු රූපයි.
වේදනාව මමයි. මම යනු වේදනාවයි.
සංඥාව මමයි. මම යනු සංඥාව යි.
සංඛාර මමයි. මම යනු සංඛාර යි.
විඥානය මමයි. මම යනු විඥානය යි.
මේ උච්ඡේද දෘෂ්ඨිය යි.
මම කැඩී බිදී මැරී විනාශ වී ගියාම ආත්මය තියෙන්න බෑ නේ. එනිසා ආත්මයත් පවතින මොහොතේ විතරයි තියෙන්නේ. මගේ විනාශ්‍ය සමඟ ආත්මයත් විනාශ වෙනවා. එනිසාම පිං පවු කියා දෙයක් නෑ. මේ උච්ඡේද දෘෂ්ටිය දරන අයගේ අදහසයි. භෞතිකවාදී මතයත් මෙය යි.

සාස්වත දෘෂ්ටිය / ඇත යන මතය

සාස්වත දෘෂ්ටිය මීට වෙනස්.
මම සිටී යනු මෙම අදහසයි. රූපය තුල / ඇතුලේ කියා මම සිටී කියා ගනී.

රූපය තුල මම සිටිමි. මම තුල රූපය ඇත.
වේදනාව තුල මම සිටිමි. මම තුල වේදනාව ඇත.
සංඥාව තුල මම සිටිමි. මම තුල සංඥාව ඇත.
සංඛාර තුල මම සිටිමි. මම තුල සංඛාර ඇත.
විඥානය තුල මම සිටිමි. මම තුල විඥානය ඇත.

5x4=20 මේ ප්‍රධාන දෘෂ්ටි විසි ආකාරයක් වේ

මේ ප්‍රධාන දෘෂ්ටි දෙක. මෙය විසි ආකාරයක් වේ.

රූපය යනු මමයි. මම යනු රූපයි. රූපය තුල මම සිටිමි. මම තුල රූපය ඇත. ලෙස හතර ආකාරය කි. මෙය පංචස්කන්ධයට ගත් විට 5×4=20

රහතන් වහන්සේද මම කියා භාවිතා කරනවා. ඒ අදහස් හුවමාරුවේ පහසුවට.

විචිකිඡාව

යනු සැකය යැයි ගැනීම තවත් වරදක්.
මෙය බුද්ධ, ධම්ම, සංඝ යන ගුණ පිළිබඳව සැකය දුරුවීම කියා නිවැරැදි විය යුතුය.

කංකා විචිකිච්ඡා

මොකක්ද කංකා? ක+අංකා
අංකයක් දෙන්නේ නෑ. ගණන් ගන්නේ නෑ. ඕවා බොරු කතා කියා බුද්ධ, ධම්ම, සංඝ යන ගුණ ගණන් නොගෙන සිටී. යි පෘථග්ජන මානසිකත්වයකින් සිටී.
ඊට වඩා ලොකුයි පංච කාමය. ඔහුගේ බලාපොරොත්තුව ඒ විකෘති වූ කැමත්ත / ඉච්ඡාව. එනිසා විචිකිච්ඡාවෙන් තොර වෙන්නේ නෑ.

ඉතින් මේ කාරනා අර්ථවත්ව වටහාගැනීමෙන් විසි ආකාර සක්කාය දෘෂ්ටිය දුරුවේ.

ආකාර සක්කාය දෘෂ්ටිය දුරුවීමත් සමඟම සීලය වැඩේ. ලයේ සිසිල වැඩිවේ. දස අකුසලයෙන් ක්‍රම ක්‍රමයෙන් වෙන්වී අරහත්වයේදී පූර්ණ වශයෙන් වෙන්වී යයි.

පනස් ආකාර නිත්‍ය ආර්‍ය කාන්ත සීලය පිහිටන්නේ කුමක් අවබෝධයකින් ද?

දස අකුසලය ගැන දැන අර්ථවත්ව වැලකී සිටී. සමාදන්වූ රකින සිල් වෘතයක් නැත. සීලය පිහිටියේ ය. නිත්‍ය සීලයකි.

…ව්‍යාපාද, අභිජ්ජා, මිච්ඡාදිට්ඨි,… ලෙසෙ දස අකුසලයෙන් මිදෙයි. ඇයි? සාරයි කියන දෘෂ්ටියෙන් මිදුනා. එනිසා පහානය උනා. එයි වලකිනවා – වේරමනී, එවැනි චේතනා දැන් කරන්නේ නෑ – චේතනා සීල, එවැනි අසංවර කම් වල යෙදෙන්නේ නෑ – සංවර සීලය.

පහාන, වේරමණී, චේතනා, සංවර අවිතික්කම ලෙස පස් ආකාරයකින් මේ දස අකුසලය රැකීම සිදුවේ. එවිට පනස් ආකාරයකි.

අද රකින පංච ශීලය එදා පංච දුශ්චරිතයෙන් වෙන් වීමට රජවරු පැනවූ ආචාර්‍ය ධර්ම පහකි.

පටිසම්භිදා මග්ග ප්‍රකරනය, නෙත්තිප්‍රකරනය, පිටකෝපදේශය කියන්නේ මූලික අටුවා. මේවා පරිශීලනය කර බලන්න. මේ දහම් කරුන්.

නිරුක්ති ක්‍රමය හෙවත් ප්‍රභේද හටගන්නා ක්‍රමය කුමක්ද?

ප්‍රභේද හටගන්න ක්‍රමයේ පසුබිම පටිච්ඡසමුප්පාද අවබෝධයයි. යමක් හෝ යමෙක් බවට පත්වීම හෙවත් භව පච්චයා ජාති සිද්ධාන්තය මෙහිදී භාවිතා වේ.

දුක නම් කුමක්ද?

වේදනා චෛතසිකයෙන් හෝ සංඥා චෛතසිකයෙන් හට ගන්න දුක නොවෙයි මේ තථාගත දහමේ දුක ලෙස හදුන්වන්නේ. එය ප්‍රඥා චෛතසිකයෙන් පැනවේ.

ආන-පාන

ආන පාන භාවනාව කෙටියෙන් පැහැදිලි කර දෙන්න. සාම්ප්‍රදායික ක්‍රමයට ගැලපෙන්නේ කෙසේද කියාත් පැහැදිලි කර දෙන්න.

 

කොහොමද අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංඛාර හැදෙන්නේ?

විද්‍යාව සහ අවිද්‍යා. අනෙංජාභි සංඛාර හැදෙන්නේ කොහොමද?

සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ -- යන්නෙහි සංකප්පරාග යනු කුමක්ද?

සුදුසු දහම් දෙසුමක් සොයමි…

ප්‍රිය මධුර ජාති වලින් ගැලවෙන්නේ කෙසේද?

අඩුවක් නැතිව ලෝකයේ ඇති ප්‍රිය දෙයින් ගැලැවෙන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

 

සිතට පිළිසරණ සතිය

ඉඳුරන්ට පිළිසරණ සිතය. සිතට පිළිසරණ සතිය යි. සතියට පිළිසරණ විමුක්තිය යි.
එනම් මෙනෙහි කරත්ම කරත්ම විමුක්ත වේ. කුමකින්ද? රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්.
විමුක්තියට පිළිසරණ නිවනයි.
කියන්න අනාගාමී ඵලයට පත්වූ කෙනෙක් සකෘදාගාමී කෙනෙක්ට වඩා පහසුවෙන් නොබැඳී විඳියි.
මාර්ග ඵලයන්ම තමයි විමුක්තිය.
උන්නාහ බ්‍රහ්මන සූත්‍රය

සත්ත්වයා මරණින් මතු ඇත ද? නැත ද?

ලෝකය සාස්වතද? නැතිද? ලෝකයට අන්තයක් ඇතිද? නැතිද?… ආදී ලෙස ප්‍රශ්නය රාශියක් මෙහිදී වච්චගොත්ත පරිභ්‍රාජන විමසන ලදි. බුදුන් මේ එකදු දෘෂ්ටියක්වත් නොදරන බව වදාලේය. බුදුන් මේ එකදු දෘෂ්ටියකටවත් නොපැමිණියේ ඇයිද කියා ඇසූ විට පිළිතුර වූයේ එම දැනුම තුල නිරෝධයක්, නිවීමක්, සත්‍යාවබෝධයක් නොවන හේතුවෙන් බවයි.
අග්ගිවච්ඡගොත්ත සූත්‍රය

රහත් මහන කය බිඳීමෙන් සිඳේද වැනසේද, මරණින් මතු නොවේද?

රූප වේදනා සංඥාව සංඛාර විඥාන යම් ආකාරයකට පිහිටයිද එම ආකාරය තතාගත ආකාරය නම් ඒ තතාගතයන් වහන්සේයි. රූපයෙන් පමණක් තථාගතයාන් පැනවිය නොහැකිය. වේදනාවෙන් පමණක්… පහම තිබෙන්න ඕන.

කුමන වෙසින් සිටියත් වදකයා, වදකයාමයි.
ප්‍රිය ස්වාභාවයෙන් සිටින විටත් වදකයා, වදකයාමයි. ඒ බව නොදත්තේනම් පහර කෑමට සිදුවේ.
එනම් රූපය ඇත්තයි. රූපය තුල සාර බව තියෙනවා… ආදී ලෙස ගනී.
ශ්‍රත වන්තයා දුක්වූ රූපය, දුක්වූ රූපය ලෙසම දකී. දුක්වූ ශබ්දය…
වදකයා වදකයා විදියටම දකී.
යමක සූත්‍රය

අන්තරාය පරිනිබ්බායී අවස්ථාව යනු?

තුන් භවයට හිත නොතබා භාවනා කොට, අරිහත් නොවී එහෙත් මග ඵල ලැබූ කෙනෙක් පිරිණිවන්නොපා මරණයට පත් උනොත් එවැන්නා නිවන් දකින්නේ කෙසේද? බ්‍රහ්ම ලෝකයට හිත නොතැබූ නිසා.

කරුමය, කරුම විපාකය සහ නව කරුම චක්‍රය යනු?

කර්ම විපාක සතුටින් ගෙවන්නේ කොහොමද? කරුම ගෙවෙන්නේ නැත්තේ ඇයි? කරුම ප්‍රශ්න එන්නේ කොහොමද? කරුම ප්‍රශ්නේ විසදා ගන්නේ කොහොමද?

ආලවක යකෙක් නම් සෝවාන් උනේ කොහොමද?

යක්කු ඉන්නේ අපායේ. යක්ෂ කියන්නේ සතර අපායට අයිති සත්ව කොටසක්. ඒනිසා ඒ අයිට සත්ධර්මය වටහා ගන්න බෑ. මේ තමයි අපි දන්න දේ. නොදන්න දේ වීඩියෝවේ තියෙනවා. (ආලවක යක්ෂ නොවේ යක්ක).

නිරුක්ති ඥානය - ස්වභාවික ව්‍යසන ගැන

පිටාර — පිට+ආර
අ+අය– නාය (ගතිය –> නොයා යුතු පැත්තේ ගමන් කිරීම // උපත –> නාය )
භූ+අමි+කම්පා– භිහිවීමට භවයිට හේතුවු ධර්මයක් දැනගනීද කම්පා වෙනවා. යහපතට සහ අයහපතට දෙකටම වෙනවා.

Video Title: පූජ්‍ය මහරගම කුමාර කාශ්‍යප හිමි මෙහෙයවන පැන විසඳුම් [මෙල්බර්න්] (13.10.2018) – Part 3

අඩංගු ප්‍රධාන දහම් කරුණු මෙසේය:

සෝවාන් මාර්ගයට පිවිසීමේ ක්‍රමය? ජාති ධර්ම සූත්‍රය / ප්‍රිය ජාති ගොඩ නැගීම / කාංකාවතරනය / ත්‍රිවිධ සුචරිතය / ආත්ම සංකල්පය.

ඉහත වීඩියෝවේ අඩංගු ප්‍රශ්ණ සහ දහම් කරුණු පහත සටහන් කර ඇත.

You can use this as a quick index.

සෝවාන් මාර්ගයට පිවිසීමේ ක්‍රමය?

 

Video Link: https://www.youtube.com/watch?v=RDfb9GJH9vM&t=1m2s
අපි තුල සත් කරගත් විදියක් තියෙනව. සාර කියන වටිනාකමකින් එක්කයි අපි බලන්නේ. මේ කාය වැඩපිළිවෙළක්. සත් සාරයි කියන කාය දෘෂ්ටිය සමඟ සත්කාය දෘෂ්ටිය එනව.
එබැවින් සාරයි කියා සිතනවා.
ජාති ධර්ම සූත්‍රයේ මේ කුමන භවද කුමන ජාති ගැනද කතා කරන්නේ කියා පැහැදිලි කර තිබෙනවා. මෙහිදී මිනිස් ජාති.
භව හදන වැඩපිළිවෙළ අසාරබව ඉව වැටී, එම අසාර වැඩපිළිවෙළ සැක කරන්න පටන් ගන්නවා. කංකා විචිකිඡාව / සැකය මතුවෙනවා. හොඳින් මේ ගැන සිහි කල්පනා ඇතුව බලමින් විමසමින් සිටින විට භව ගමනක් හදන එක සාර නොවන බව තේරුම් යන්න පටන්ගන්නවා. එසේ කිරීමේ අසාරබව වැටහීම තුල භව ගමනක් සෑදීමේ සාරත්වයක් ඇතැයි යම් සැකයක් වූයේ නම් එක සැකය දුරු වෙන්වා. බුද්ධ පිළිබඳව සැකය දුරු වෙනවා. බුද්දේ කංකති.
දරන ස්වභාවය ගැන සැකය නිමවීමෙන් ධම්මේ කංකති ඉවර වෙනවා.
කෙලෙස් නසන වැඩපිළිවෙළ ගැන සැක දුරුවීමෙන් සංඝේ කංකති ඉවර වෙනවා.
මෙයින් ත්‍රිවිධ සුචරිතය පුර්ණ වෙනවා.
එකදිගට පවතින හිතක් හෝ ආත්මයක් හෝ මමෙක් ගැන කතාවක්, පෙර සිට පැවති බවක් ගැන කතාවක් බුදු දහමේ සැලකීමට නොගනී. එනම් පූර්වාන්තය පිළිබඳව සැකය දුරු වෙනවා.
පසුව පවතිනවා කියනවා කියන සැකයත් දුරු වෙනවා. එනම් අපරාන්ත සැකය දුරු වෙනවා.
මේ අවබෝධය එනවිට මේ ක්‍රියාව ඒ ඒ වෙලාවේ සිදුවෙන සිදුවන දෙයක් කියන එක තේරුම් ගන්න පටන් ගන්නවා. ඉදප්පච්ඡයතා පටිච්ඡසමුප්පාදය තේරුම් යන්න පටන් ගන්නවා.
මෙසේ සිදුවන විට, ඉදප්පච්ඡයතා පටිච්ඡසමුප්පාද දැනුම මුහුකුරා යනවිට යම් යම් ක්‍රියාවන් තුල, සීලයන් තුල එල්බ සිටීම ගැන සැක උපදවනවා. මෙයින් සීලබ්බත පරාමාස දුරු වෙනවා.

මෙසේ අට තැනක් පිළිබඳව සැක දුරු වෙනවා. සංයෝජන තුනක් බිඳී යනවා. එයින් සෝවාන් ඵලයට පත් වෙනවා.

අනුගාමික ➠ මාර්ගස්ථ ➠ ඵල ලාභී

රාග ද්වේශ මෝහ කී ආකාරයකට කැඩිය හැකිද?
ජාති ධර්ම නොඑන්නාවු නම් මැනවි යනු කුමක්ද?
සූත්‍රයට විනයට ධර්මයට බහා බලන ආකාරය පහදා දෙන්න.

https://www.youtube.com/watch?v=RDfb9GJH9vM&t=30m42s

මෙහි සූත්‍රය නම් චතුරර්‍ය සත්‍යයි. යමක් චතුරර්‍ය සත්‍යයට බහා බලනවා ගැලපෙනවාද කියා.
මෙහි විනය නම් රාග ද්වේශ මෝහ විනයයි. යමක් හේතුවෙන් රාග ද්වේශ මෝහ විනය පවත්වයි ද. රාග ද්වේශ මෝහ දුරුවෙයිද ප්‍රහානය වෙයිද කියා.
මෙහි ධර්මය නම් දරන ස්වභාවයයි. එනම් රාග ද්වේශ මෝහ දුරු වෙන අකාරයෙන් දරන ස්වභායයි.
කේක් කෑල්ලේ සැප වේදනාව වෙනම තේරුම් ගිහින් එහි අභිසංකාරයෙන් අතින් දාපු, රාගයෙන් බැඳුණු කොටස වෙනම තේරුම් යනවා.

ආශ්වාදය හෙවත් සම්පස්සජා වේදනාව සාරයි සුභයි යසයි හොඳයි කියා ඡන්දරාගයෙන් බැඳෙන වා. කේක් කෑල්ලේ රස ගැන මෙසේ බලනවා. ඒ සූත්‍රයට බහා බැලීමයි.
කේක් කෑල්‍ල කෑමේදී රාග ද්වේශ මෝහය ඇතිවන ආකාරය කෙසේද කියා බැලීම විනය සමඟ සැසඳීම වේ.
යමක් දරන ස්වභාවය යනු විපාක ස්වභායයේ පැවතීමයි. එම ස්වභාවය වෙනස් කිරීම නොදරන ස්වභාවයට පත් කිරීමයි.

සංඛාර යනු මොනවාද?

https://www.youtube.com/watch?v=RDfb9GJH9vM&t=46m55s

විභංගප්‍රකරණය අනුව සංඛාර යනු සංචේතනා. එනම් චිත්තය තනන ආකාර.
චිත්තය කියන්නේ ආරම්මන විජානණ ලක්ෂණය යි. එය ලක්ෂණයක්. එයින් දැනගැනීම,මැනගැනීම… ආදී දේවල් කරන්න පුලුවන්.
මෙසේ තනා ගන්නා ආකාර 3යි. චිත්ට, වචී සහ මනෝ සංඛාර කියල.

අත එසවීම – කාය සංඛාරයක් නොවේ.

ආස්වාස ප්‍රස්වාස කාය සංඛාර කියල කියල තියෙනවා. මේ මොකක්ද?

අත නවනවා…. මොකක්ද මෙතනදී වෙන්නෙ? පේශීන් දිග හැරීම සහ ඇකිලීම සිදුවේ. මෙය කාය ක්‍රියාවකි. කාය සංඛාරයක් නොවේ. නමුත් කාය සංකාරය අනුව ගොඩ නැගූ කාය ක්‍රියාවකි.
හරියටම බැකෝ යන්ත්‍රයක වැඩකරන ක්‍රියාකරුවෙක් වගේ.
අත නවන්න හිතුවා… හිතෙන් අත නැවුවා… හිතූ විදියට අත නැමුනා… අත වැඩකරා.. කාය ක්‍රියාවක්. අත නවන්න හිතූ එක කාය සංඛාරයක්. මෙය මනෝ සංඛාරයක් නොවේ.

වචී සංඛාර යනු මොනවාද?

https://www.youtube.com/watch?v=RDfb9GJH9vM&t=54m50s

 වචී සංඛාර ගැන තේරුම් ගැනීමට ධ්‍යාන අත්දැකීම් අරගන්න පුලුවන්.

ප්‍රථම ධ්‍යානයට සද්දබද්ද.. ශබ්ද විස කටුවගේ කියනවා. කංඨකයි. භාහිර සද්ද කංඨකයි. ප්‍රථම ධ්‍යාන සමාපත්තියේදී වචන නිරුද්ධ වෙනවා – කතා කරගන්න බෑ. නමුත් කතා කරනදේ ගැන හිතන්න පුලුවන්.
වචනයක් කියන්න හිතන්න වෙනවා. හිත හසුරුවන්න වෙනවා. හිත හසුරුවා පසුව හිතෙන් කියන්න ඕන.. ඊට පස්සේ තමයි තොල් හොලවලා වචන සද්දය එන්නේ. ඉස්කෝලේ නම කියන්න ඉස්සෙල්ලා හිතන්න ඕන. පසුවයි කියන්න ඕන.
නමුත් ප්‍රථම ධ්‍යාන සමාපත්තියේදී කියන වචන හිතන්න බැරිද? පුලුවන්. වචී සංඛාර නිරුද්ධ නෑ. වචන කතා කරගන්න බැරි උනත් වචන හිතන්න, ඒ වචන මැනගන්න, අදුන ගන්න, හිත හසුරුවන්න පුලුවන්.

ද්විතීය ධ්‍යාන සමාපත්තියේදී වචන කතාකරන්නවත් හිතන්නවත් බෑ. නමුත් කාය සංඛාර නිරුද්ධ නෑ.
ද්විතීය ධ්‍යානයේදී විතක්ක විචාර නිරුද්ධ වෙනවා.
විතක්ක විචාර කොටස් දෙකයි. සවිතක්ක සවිචාර සහ විතක්ක විචාර ලෙස.
දෙවන ධ්‍යානයේදී විතක්ක විචාර නවතී. දෙවන ධ්‍යානයේදී සවිතක්ක සවිචාර ඉදිරියට යයි.
දෙවන ධ්‍යාන සමාපත්තියේදී කතා කරගන්නත් බෑ, කතාකරන් දේ ගැන හිතන්නත් බෑ. එනම් වචන මෙන්ම වචී සංඛාරත් නිරුද්ධ වෙනවා.
දෙවන ධ්‍යාන සමාපත්තියේදී කාය සංකාර නිරුද්ධ නැත. එනම් අතපය සොලවන්න පුලුවන්.

චතුත් ධ්‍යාන සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධයි. මේ කියන්නේ හුස්මද? නැත. ඇසුරු කිරීමයි – පහ කිරීමයි. එනම් චතුත් ධ්‍යාන සමාපත්තියේදී කාය සංඛාර නිරුද්ධ වෙනවා. ඒ හේතුවෙන් තමයි චතුත් ධ්‍යාන සමාපත්තියේදී ශරීරය ගල් වෙලා වගේ දැනෙන්නේ. අතපය හොල්ලන්න බෑ. හුස්ම ගන්නත් බෑ. නමුත් හිතන්න බැරිද? පුලුවන්.
චතුත්තත් ධ්‍යාන සමාපත්තියේදී වචී සංඛාර සම්පූර්ණයෙන් නතරවේ.
චතුත්තත් ධ්‍යාන සමාපත්තියේදී කාය සංඛාර සම්පූර්ණයෙන් නතරවේ.
චතුත්තත් ධ්‍යාන සමාපත්තියේදී චිත්ත සංඛාර නතර නොවේ.

කාය සංඛාර සම්පූර්ණයෙන් නතරවෙන්නේ මේ ආකාරයේ සමාපත්ති සිත් වලදීය.

චිත්ත සංඛාර යනු හැගීම්. උදා: අම්මා යන හැගීම. එය වචනයට නැගීමට අපහසුය.

මෙසේ බෙදා දැක්විය හැකිය:
වචී සංඛාර – විතක්ක විචාර
චිත්ත සංඛාර – වේදනා සංඥා
කාය සංඛාර – ආස්වාස ප්‍රාස්වාස

විභංගප්‍රකරණයේ මේ සංඛාර තවදුරටත් වර්ගීකරණය කරයි. ඒ:
පුණ්‍ය – කාම සුගති (මිනි / දේව) ලෝකවල සැරිසැරීමට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හෙතුවන සංඛාරයි.
අපුණ්‍ය – දුගති ලෝකවල සැරිසැරීමට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හෙතුවන සංඛාරයි.
ආනෙංජාභි – බ්‍රහ්ම ලෝකවල සැරිසැරීමට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හෙතුවන සංඛාරයි.

උදයවැය ඥානය සහ පටිච්ඡසමුප්පාදය අතරය සම්බන්ධය පැහැදිලි කරන්න?

https://www.youtube.com/watch?v=RDfb9GJH9vM&t=1h4m4s

 අවිද්‍යා සමුදයා රූප සමුදයා
අවිද්‍යා සමුදයා වේදනා සමුදයා
අවිද්‍යා සමුදයා සංඥා සමුදයා
අවිද්‍යා සමුදයා සංඛාර සමුදයා
අවිද්‍යා සමුදයා විඥාන සමුදයා

තණ්හා සමුදයා රූප සමුදයා
තණ්හා සමුදයා වේදනා සමුදයා
තණ්හා සමුදයා සංඥා සමුදයා
තණ්හා සමුදයා සංඛාර සමුදයා
තණ්හා සමුදයා විඥාන සමුදයා

මෙහි තණ්හා යනු:
රූප, ශබ්ධ, ගන්ද, රස, ඵොට්ටබ්බ, ධම්ම තණ්හා ලෙසයි.

කර්ම සමුදායා රූප සමුදයා
කර්ම සමුදායා වේදනා සමුදයා
කර්ම සමුදායා සංඥා සමුදයා
කර්ම සමුදායා සංඛාර සමුදයා
කර්ම සමුදායා විඥාන සමුදයා

ආහාර සමුදයා රූප සමුදයා
ආහාර සමුදයා වේදනා සමුදයා
ආහාර සමුදයා සංඥා සමුදයා
ආහාර සමුදයා සංඛාර සමුදයා
ආහාර සමුදයා විඥාන සමුදයා

මෙහි ආහාර නම් හතරකි:
කබලිංකාර ආහාර (කාන්තාරය මැද ගමනේ යන දෙමාපියන් දරුවා මරාගෙන කෑ උදාහරණය)
ස්පර්ශ ආහාර (හමගැසූ එළදෙන කොතැනක ස්පර්ශ උනත් වේදනාවක්ම දුකකට පත්වීමේ උදාහරණය)
මනෝසංචේතනා ආහාරය (මනුස්සයෙක්ව දෙන්නෙක් විසින් අඟුරුවලට ඇදගෙන යන උදාහරණය. අවිද්‍යා සහ තණ්හා මේ දෙදෙනාය)
විඥාන ආහාරය (පාර 300ක් ගුටිකා සිටින මිනිසා වගේ භයානක අවස්ථාවාක තවත් ගුටිකන්න බෑ කියන ගානේ ඉන්න මිනිහා වගේ… උදාහරණය)

වස්තුකාම සහ ක්ලේශකාම නිරෝධ කරගැනීම කබලිංකාර ආහාර නිරෝධයෙන් සිදුවේ.

මෙහි කය හතරකි:
කර්මජ කය
චිත්තජ කය
උතුජ කය
කරජ කය (ඕලාරික ආහාර කය)

පස්ස නිරෝධා රූප නිරෝධෝ
පස්ස නිරෝධා වේදනා නිරෝධෝ
පස්ස නිරෝධා සංඥා නිරෝධෝ
පස්ස නිරෝධා සංඛාර නිරෝධෝ
පස්ස නිරෝධා විඥාන නිරෝධෝ

රූප නිරෝධෝ
වේදනා නිරෝධෝ
සංඥා නිරෝධෝ
සංඛාර නිරෝධෝ
විඥාන නිරෝධෝ

විභජ්ජ කරමින් බලමින් උදයංගම අස්තංගම ආස්වාද ආදීන නිස්සරන තේරුම් ගැනීම කරන්නේ කොහොමද?
කණ්නාඩිය පේන දේ මායාව... පැහැදිලි කර දෙන්න...
සංඛාර යනු මොනවාද?

 

නැවත…

නොසාදන්නට.

අසාර වූ මේ භව ගමන. නිමා කරන්නට.
සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය…

වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය.

පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත.

මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

පූජ්‍ය මහරගම කුමාර කාශ්‍යප හිමි මෙහෙයවන පැන විසඳුම් [මෙල්බර්න්] (14.10.2018) – Part 3 (14.10.2018) – Part 3

අඩංගු ප්‍රධාන දහම් කරුණු මෙසේය:

කර්මස්ථාන වැඩීමේදී ඇති වන ගැටළු බොහෝමයක් මෙහිදී සාකච්ඡා කරන ලදි.

ඉහත වීඩියෝවේ අඩංගු ප්‍රශ්ණ සහ දහම් කරුණු පහත සටහන් කර ඇත.

You can use this as a quick index.

ජයෝමුනින්දස්ස ගාථාව කර්මස්ථානයක් ලෙස වඩන අයුරු පහදා දෙන්න?

https://youtu.be/MM2LLRPVFKI?t=18m40s

 අටලෝ දහමේ කම්පා නොවී සිටීම හෙවත් කේමය නම් වූ නිවන නම් වූ එම මංගල්‍යය මට වේවා කියායි අවසාන ප්‍රාර්ථනය.

කර්මස්ථානයක් වඩන්නේ කෙසේද? කර්මස්ථාන පිළිවෙල කුමක් ද?

https://youtu.be/MM2LLRPVFKI?t=27m8s

 මුලින්ම ලෝකය නම්වූ පංච උපාදානස්කන්ධයේ එනම් ලෝකයේ අසාර බව මෙනෙහි කරන්න ඕන. ඒවගේම නිවනේ ශාන්ත ප්‍රනීත බව මෙනෙහි කරන්න ඕන.
දුටු නිවන ගැන මෙනෙහි කරන්න ඕන.

හතර්වන ධ්‍යානයේ සිට පහතර බහින්නේ කෙසේද? ඡන්දරාගය කියන්නේ කුමක්ද?

https://youtu.be/MM2LLRPVFKI?t=31m51s

 ඡන්දය යනු කැමැන්තෙන් අන්ධ වීමයි. රාගය යනු සැරිසැරීම අග්‍ර කර ගැනීමයි (විවිධ දේ තුල, අරමුණු තුල, තිස් එක් ලෝක ධාතුවේම).
සැරිසැරීමෙන් අග්‍රවීමකට කැමැන්තෙන් අන්ධ වීමයි.
නිබ්බාන වීමට නොදෙන රැහැන මෙය යි. පංචස්කන්ධය සහ පංචඋපාධානස්කන්දය බැඳ තබන.

සම්මා ඥාන සහ සම්මා විමුක්ති පැහැදිලි කර දෙන්න?

https://youtu.be/MM2LLRPVFKI?t=39m1s

 මෙය සම්මා සමාධිය වැඩෙන මට්ටමට වැඩෙන අවබෝධයක්.

කුසල මූල පටිච්ඡසමුප්පාදය සහ අව්‍යාකෘත පටිච්ඡසමුප්පාදය විස්තර කර දෙන්න?

https://youtu.be/MM2LLRPVFKI?t=40m10s

 මුලින්ම අභිසංකාර පටිච්ඡසමුප්පාදය ගන්න. එතැන්සිට පැහැදිලි කරගන්න.
අව්‍යාකෘත පටිච්ඡසමුප්පාදයට රූප කොටස අයත් වන්නේ නෑ.
කුසල සහ අව්‍යාකෘත පටිච්ඡසමුප්පාදය වෙනස් වෙන්නේ කුසල යන අර්ථකතනය සමඟ. එනම් කුසල නම් සකල විධ කර්ම කෝෂයන්ගේ උපැද්මට හේතු වන සංඛාර සලා හරින එනම් නිවන අරමුණු වූ ක්‍රියාවන් කුසල යි. මේ අනුව සැකසෙන මනක් මූලික කරගෙන හැදෙන පටිච්ඡසමුප්පාදය යි. එනිසායි මෙහි වේදනා වෙනුවට ප්‍රසාද සහ අධිමොක්ක කියා යෙදෙන්නේ.
මේ කොටස හොදින් අහලම තේරුම් ගන්න. තවද මේ ගැන දිගු විස්තර ඇති දේශනා අසන්න.

සචිත්ත පරියෝ දපනං යන්නේ තේරුම කුමක්ද?

https://youtu.be/MM2LLRPVFKI?t=48m41s

 ස්ව චිත්තය පහෙන් අරිය කරගෙන දපනය කරගන්න.

උද්දච්ඡ / කුක්කුච්ඡ අනුව පෙර කල කර්මයෙන් පීඩා විඳින්නෙකුට ඉන් ගැලවීමට මඟක් පහදා දෙන්න?

https://youtu.be/MM2LLRPVFKI?t=49m51s

අච්ඡ යනු ඉක්මවා යෑම යන අර්ථයයි.
ඉදප්පච්ඡයතා පටිච්ඡසමුප්පාදය අනුව කල්පනා කරන්න. මේ මේ මොහොතේ සිදුවෙන්වා කියා හිතන්න.
ඉතින් දුක්ඛ දුක්ඛයෙන් මිදී කලයුත්තේ දැන් දැන්ම කුසල මූල පටිච්ඡසමුප්පාදය වඩන එකයි.

සියල්ල අනිච්ඡ වුවත් අපේ කැමැත්ත අනුව සිදුවන දේ තුල අපි ආශ්වාදයක් ලබනවා නේද?

https://youtu.be/MM2LLRPVFKI?t=56m40s

කන්නේ බටර් කේක් එක. නමුත් අයිසින් ටික තමයි ප්‍රශ්නය.
සැප විඳින්න එපා ද? නෑ.
සැප වේදනාව ආශ්වාදයක් බවට පෙරලා ගන්න එපා කියන එකයි මේ කියන්නේ.
එනම් මේ පෙරලන වැඩේ නතර කරන්න කියන එකයි. කරන වැඩේ නතර කරන්න.. ඒ ගැන තමයි නඡේතනාකරණීය සූත්‍රයේ කිව්වේ.

සිතට පිහිට සතිය යන්න... පහදන්න.

https://youtu.be/MM2LLRPVFKI?t=1h5m18s

සියල්ල විඳින්නේ සිතයි.
ගින්න උදාහරණයක් විදියට ගන්න. ගිනි ගන්න දේ අනුව ඒ ගින්නට කියන නම වෙනස් වෙනවා.
ඒ වගේන හිතත් හදුනා ගන්නා දේ අනුව කියන නම වෙනස් වෙනවා.
මීට පිළිසරණ සම්මා සතිය යි.

ලෞකික සහ ලෝකෝත්තර භාවනා පැහැදිලි කර දෙන්න?

https://youtu.be/MM2LLRPVFKI?t=1h19m30s

මෙහි ප්‍රධාන වෙනස වෙන්නේ අරමුණු කරන දේ අනුව. ලෝකෝත්තර භාවනාවක අරමුණ නිවන.
රාග භව, දෙවේශ භව, මෝහ භව හදන්නේ නෑ.

සංඛාර දුක්ක සහ විපරිණාම දුක්ක පැහැදිලි කරන්න?

https://youtu.be/MM2LLRPVFKI?t=12h22m54s

සංඛාර වෙන්නේ කොහොමද?
විපරිණාම වෙන්නේ කොහොමද?
කියන දේ මුලින්ම හදුනා ගන්න ඕන.

ආරම්මණයක් ඇතිවන ආකරයත්, මම ඇතිවෙන ආකාරයත් පැහැදිලි කර දෙන්න?

https://youtu.be/MM2LLRPVFKI?t=1h32m51s

මේ ප්‍රශ්නය වැරදිය. මම ඇති වේ යැයි ගත් විට තමයි මේ ප්‍රශ්නය.
මම කියා දෙයක් කතා කරනවා නම් එය පටිච්ඡසමුප්පාදය චක්‍රය තුලින්ම කතා කල යුතුය.
මෙය හේතු ඵල ක්‍රියාවලියක් ලෙස දැනගත යුතුය.

පංච මාර යනු කුමක්ද? ක්ලේශ මාර යනු කුමක් ද?

https://youtu.be/MM2LLRPVFKI?t=1h37m1s

පංච මාර – පංචස්කන්ධය යි.
අභිසංකාර මාර – පංචස් උපාදානස්කන්ධය යි.
ක්ලේශ මාර – කෙලෙස් ධර්ම.
මච්ඡු මාර –
දේව පුත්ත මාර – දිව්‍ය පුත්‍රයෙක්.

සියලු ලෝක සියලු සත්වයෝ
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

පූජ්‍ය මහරගම කුමාර කාශ්‍යප හිමි මෙහෙයවන පැන විසඳුම් සහ භාවනා [මෙල්බර්න්] (15.10.2018)

අඩංගු ප්‍රධාන දහම් කරුණු මෙසේය:

විතක්ක විචාර සහ භාවනාවේ ප්‍රථම ධ්‍යානයට පැමිණීමේ මහා සටනට යම් උදව්වක් මේ සාකච්ඡාවේදී ඇසූ ප්‍රශන සහ ඒවාට ලැබුණාවූ පිළිතුරු තුල අඩංගු විය.

ඉහත වීඩියෝවේ අඩංගු ප්‍රශ්ණ සහ දහම් කරුණු පහත සටහන් කර ඇත. සඳහන් වන තැන 0h1m1s යන ආකාරයෙන් දක්වා ඇත. එම අවස්ථාව බැලීමට පහත රතුපාට අයිකනය මත ක්ලික් කරන්න.

You can use this as a quick index.

0h14m1s - මෛත්‍රි භාවනාව සාම්ප්‍රදායික ක්‍රමයේ අඩුපාඩු මොනවාද? පරස්පරතා මොනවාද?

වීඩියෝ වේ මේ අවස්ථාව ඉහත යොමුවේ ඇත.

නිරෝගී නම් සුවපත් වෙත්වා කියන්න ඕනද? ඒක එච්චර ගැලපීමක් නෑ.
නමුත් සෝතාපන්න ඵලයෙන් නිදුක් උනොත් නැවත දුක් සහිත සතර අපා ගතියකට පත් වෙන්නේ නෑ.
සකදාගාමී ඵලයෙන් නිරෝගී උනොත් නැවත ලෙඩ රෝග දෙන කයක් හදන බවයක් ලබන්නේ නෑ.
අනාගාමී ඵලයෙන් සුවපත් උනොත් ආයේ කාම භවයක ඇති අසහනය ලැබෙන භවයක් ලබන්නේ නෑ.
මේ වචන කිව්වාට මදි. මේ හැඟීමෙන් යන්න ඕන.

අහං අවේරෝ හෝමි – එනම් වෛරී සංකල්පයක් එන්නේ කොහොමද කියල දැන ගෙන ඉන්න ඕන. කාමයෙන් තොර වීමයි.

දිසා වශයෙන් අරගෙන වැඩීමක් ද මෙහිදී ඇත. එහි දිශාව යන්න ලෝකෝත්තර අරුතින් අදහස ගන්න ඕන. නිකම්ම දිශාවට සිත යොමුකීරීම කොපමණ ප්‍රායෝගික ද? ඔබම සිතා බලන්න.
පෙර දිග වසන සත්වයෝ කියනේ, ප්‍රඥාව නම් වූ සූර්‍යායා එනම් මේ සත්වයාට ප්‍රඥාව ලැබේවායි අරමුණු කරලා විදර්ශනා කිරීමයි.

0h24m35s - මන ධම්ම සහ විතක්ක විචාර සම්බන්ධ වෙන්නේ කෙසේද?

වීඩියෝ වේ මේ අවස්ථාව ඉහත යොමුවේ ඇත.

අපට කතා කරන්න බෑ ධම්ම මූලික කරගෙන. ධම්ම තුලින් සැලැසුම හදා ගන්න පුලුවන්. නමුත් කතාව කෙරෙන්තේ වචී සංඛාරයෙන්.
විතක්ක විචාර හට ගන්නේ සිතේ.

0h38m30s - හිතට මතක්වන දේ ඔස්සේ විතක්ක සමඟ පැටලී යාම ප්‍රථම ධ්‍යානයේදී නතර කර ගන්නේ කෙසේද?

වීඩියෝ වේ මේ අවස්ථාව ඉහත යොමුවේ ඇත.

මේ පැටලී යන අරමුණේ අසාරබව මෙනෙහි කරන්න. ආදීනවය මෙනෙහි කරන්න. එවිට එන අවබෝධය තුල විතක්ක නැගැන ප්‍රමාණය අඩුවෙනවා.
කර්මස්ථානයෙන් තමයි මේක බිඳගෙන යන්න තල්ලුවක් ලැබෙන්නේ.
කර්මස්ථානයට “අවධානය” නැවත නැවත ගැනීමෙන් තමයි යම් වෙලාවක හිත කර්මස්ථානයේ හිටින්න පටන්ගන්නේ.

නැවත නැවත විතක්ක එන විට ඒ අත්දැකීමේ අනිච්ඡ දුක්ඛ අනත්ත ස්වභාවය මෙනෙහි කර බලන්න ඕන.

0h50m10s - මේ සියලු දේ එකම වෙලාවේ වෙන්න බැරිද?

වීඩියෝ වේ මේ අවස්ථාව ඉහත යොමුවේ ඇත.

 මේ චිත්ත විෂය අචින්ත්‍ය ධර්මතාවයකි. ඒ ගැන සොයා බලන්න එපා කියා තියෙනවා.

ඔබට ඇති ප්‍රශ්න මෙතන අහන්න.

උත්තර පොරොන්දු වෙන්න බෑ. නමුත් දන්නා තරමින් උදව් කල හැකිය.

If you have a question – please record here.  Don’t expect a quick answer but you can expect an answer to the best at this time.