+1-778-834-5353 info@namaroopa.com
Select Page

මෙතැනින්

පටන්ගන්න ...

Start here. Listen.

නිවන ලැබීමට

What is Nirvana or Nibbana? Sakkaya?

අසියයුතු දේ අසා

Understand the life puzzle in 16 mins

අරි අට මඟ වඩා

The noble eight fold path in detail

දුක් කරදර නිවා

Will this world ever be fair?

නිවනේ නිවීමට.

32 Programs to discover Buddhism

3 words, 8 letters.

That is all that Buddha taught to heal this  wold.

Road Map To Nibbana

කාලයක් සොයා ගිය දෙයක්, අමාරුවෙන් මහන්සිවී සොයාගත් දෙයක් ලැබීමෙන් යමෙක් සතුටුවෙයි ද ඒ ලෙස සතුටුවන්න දැන් ඔබටත් පුලුවන්. කැමති සේ නෑ. කැමති ලෙස පවත්වනු බෑ. එවැනි තැනක රැඳීම, බැදීම තුල සැනසුමක් ලැබෙයිද? මේ අසාර වූ අනාථ සත්වයාට සංසාරයේ සසර බිය උපදින්නේ එසේය. When you look for something over many years and when you find that if that makes you happy, now you can be happy about finding something like that. One cannot satisfy a desire. Cannot achieve lasting happiness. Is it wise to wish existence in a such a place? Is there a solution for insatiability? Dhamma heals.

මෙතැනින් එහාට:

දහම තෝරාගන්න

Detailed Dhamma By Topic.

ඥාන ගෝචර දහමක්

තෝරා ගන්නේ කෙසේද? බුදු දහම මුල සිටම පැහැදිලිව තෝරා ගත යුතුය. ඉහත දේශනා අතුරින් එක් හෝ අසා යම් අවබෝධයක් ලැබුවා නම් ඊලඟට මේ දහම් දේශනා එකතුව ශ්‍රවණය කරන්න. How to understand Buddhism? There is a vast knowledge behind Buddhist way of thinking and the perspective of the world. Try listening to the links shown on left side of this section to gain more concise understanding of Buddhism. They are short and covers many important topics.

To inspire you a little bit more…

Read the famous words from Albert Einstein. You have to look at new concepts and knowledge with unbiased mind. Then, you will find things becoming possible.

Everybody knows that some things are simply impossible until somebody who doesn’t know that makes them possible. — Albert Einstein
A university professor went to visit a famous Zen master. While the master quietly served tea, the professor talked about Buddism. The master poured the visitor’s cup to the brim, and then kept pouring. The professor watched the overflowing cup until he could no longer restrain himself. “It’s overfull! No more will go in!” the professor blurted. “You are like this cup,” the master replied, “How can I show you Buddhism unless you first empty your cup?” 

— Buddhist Anecdote

mqxÑ mqxÑ Oyï lreKq

ලෝකය හදන්න බුදුවරු පහල උනේ නෑ. බුදුවරු පහල වන්නේ නිවන් දකින්න තරම් ඥානය දියුණුවට පත්වූ අයට එම අවබෝධය විවෘත කර දෙන්න යි. මාර්ගය අනුගමනය කිරීමෙන් නිවනට පත්වේ.

මස් මාංස කෑමේ ප්‍රශ්නයත් මේ වගේ.

Does eating meat good or bad?

ධර්ම දානය පිණිසයි.....(අන්තර්ජාලයෙන් උපුටා ගැන්නාලදි)

“නහි සීල වතන් හේතු – උප්පන්ජන්ති තථාගතා
අට්ටක්කරා තීනි පාදා – සම්බුද්ධෙන පකාසිතා”

තථාගතයන් වහන්සේ කෙනෙකු ඉපදෙන්නේ...

නහි සීල වතන් හේතු – සිල් වෘතය පිලිබඳ හේතු පහදා දීමට නොව
උප්පන්ජන්ති තථාගතා – තථාගතයන් වහන්සේ කෙනෙකු ඉපදෙන්නේ…
අට්ටක්කරා තීනි පාදා – අකුරු අටක් පද තුනක් පහදා දීමටයි (අකුරු අට නම් – ච-තු- අ-රි-ය-ස-ච්- ච- පද තුන නම් අනිච්ච දුක්ඛ අනත්ත වේ )
සම්බුද්ධෙන පකාසිතා – සම්බුදු රජාණන් වහන්සේ පහළ වුනේ.

තථාගතයන් වහන්සේ ලොවට පහළ වන්නේ සිල් වතක් දෙසීමට නොවේ.
අකුරු අටකින් යුතු පද තුනක් දේශනා කිරීමට ය.
අනිච්ච, දුක්ඛ, අනත්ථ යනු එම උත්තරීතර පද තුනයි
මෙහි අකුරු අටකින් පද තුනක් නිර්මාණය වන්නේ, ඒවා බැඳි අකුරු වශයෙන් ලියැවෙන බැවිණි. අකුරු අට – ච-තු- අ-රි-ය-ස-ච්- ච- යැයිද ගත හැකිය.

කෙනෙකු ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශ වන්නේ, මෙම තිලකුණු අවබෝධ වී සම්මා දිට්ඨිය පහළ වීමෙනි.
එවිට හේ සෝතාපන්න යැයි කියනු ලැබේ.

ආර්ය මාර්ගය වැඩීම ආරම්භ වන්නේ, සෝවාන් මාර්ගයට පැමිණි පසු ය.

සෝවාන් මාර්ගයට නොපැමිණි අයෙකු ආර්ය මාර්ගය වඩනවා යනු සිදු නොවන්නකි!

සෝවාන් මාර්ගයට නොපැමිණි අයෙකු ආර්ය මාර්ගය වඩනවා යනු සිදු නොවන්නකි.

පළමුව කළ යුත්තේ, අඛණ්ඩව මනාව සද්ධර්මය ශ්‍රවණය කොට, මූලික දහම් සිද්ධාන්ත වන තිලකුණු සහ පටිච්ච සමුප්පාදය (චතුරාර්ය සත්‍යය) අවබෝධ කර ගැනීමයි.

දෙවනුව කළ යුත්තේ දුටු දහමට අනුව ආර්ය මාර්ගය ප්‍රගුණ කිරීමයි.
ගණනක් විසදීමට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ, මූලික ගණිත සිද්ධාන්ත මනාව අවබෝධ කර ගැනීම ය.
දෙවනුව එම සිද්ධාන්ත අනුසාරයෙන් ඕනෑම ගණනක් විසදීමට හැකියාව ලැබේ.

සොයන්නෝ බොහෝය. සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.