+1-778-834-5353 info@namaroopa.com
Select Page

නූතන කාලාමයන්ට…

මේ කතා අපට වැදගත් වෙන්නෙ කොහොමද?

පසුගිය කාලයේ බුදු දහමේ මූලික අර්ථ විකෘති කරනවා කියා ඇතැම් සංවිධාන සහ පූජ්‍ය පක්ෂය විවිධ චෝදනා එල්ල කර තිබුණා. ඒත් එවැනි මතවාද ඉදිපත් නොවේ නම් දහම ඉදිරියට ගලා යෑමක් තිබේද කියන එක විමසා බැලිය යුත්තක්.

බුදු දහම ජනපද නිරුක්තියෙන් ඈත් වීමත්, බුදු දහම ලියැවී තිබෙන මූල ග්‍රන්ථ කියවීමට සහ තේරුම් ගැනීමට හැකි වී තිබුනේ කීප දෙනෙකුට පමණක් නිසාත්, වචන අර්ථ සහ හැඟීම එම වචන තුලින් මතු නොවීමත් නිසා දහම අවශ්‍ය අයට ප්‍රථිඵල නොලැබීමත් මේ ගැටලු වලට බලපෑ හේතු අතරින් කීපයක් ලෙස හදුනාගත හැකිය.

එම ඉදිරිපත් වන අදහස් අතුරින් කීපයක් බොහෝ දෙනා ප්‍රථිඵල දායක ලෙස බාරගන්නවා.

ප්‍රථිඵල නැති අදහස් කාලය සමඟ යටපත්ව යනවා. ඇතැම් අදහස් අත්තනෝමත.

යම් අදහසක ප්‍රථිඵල නොලැබීමත් සමඟ එම දහම ප්‍රතිකේෂ්ප වීම වැලැක්වීම නොහැකිය. එය රැක ගැනීම අසීරු කරුණක් මිස පහසු කරුණක් වන්නේ නැත. ඇයි? කිසිම කෙනෙක් ඒ අදහස ගැන විස්වාස නොකරන නිසා. ගැටලුවට හේතු නිවැරැදිව හඳුනා නොගෙන පුජ්‍ය පක්ෂයම කියනවා නම් මේ කාලයේ මේ දහමේ ප්‍රථිඵල ගත නොහැකිය කියා, තත්ත්වය තවත් නරක අතට මිස හොඳ අතට හැරීමක් නම් නැත.

එවිට විවිධ මතවාද, නව අදහස් සඳහා පරිසරය සැකසෙනවා. එය හේතු ඵල අනුව වන්නක්. මොකද වැඩක් ගන්න බැරිදේකට මහන්සිවෙන්න කැමති කවුද?

මේ වෙලාවට ඉදිරියට එන මතවාද, ඒවා ඉදිරිපත් කරන දේශකයන් සහ ඔවුන්ගේ  අදහස විග්‍රහ කිරීමට යොදාගන්න ක්‍රම වේද ඒ ඒ අයගේ දැනුම, පරිචය, පසුබිම සහ ප්‍රඥාව මත තීරණය වනවා.

උදාහරණයක් වශයෙන් වහරක හිමියන් බොහෝ විට නිරුක්ති ඥාන යොදා ගැනීම සහ අභය හිමියන් බොහෝ විට විද්‍යාත්මක මූලධර්ම අනුව දහම පැහැදිලි කිරීම දැක්විය හැකිය.

වචන නොගැපීම්, ව්‍යාකරණ, සංධි, ව්‍යංජන ආදී කොපමණ සම්මත අධ්‍යාපනය සමඟ එකඟ නොවනේය යැයි සිතිය හැකි අවස්ථා කොපමණ තිබුණමුත්, නිවීම හටගන්නේ අදහස නිසි ආකාරයෙන් අවබෝධ කිරීමෙන්.

වචන ඊට රුකුලක්, මඟ පෙන්වීමක් පමණයි.

මේවන විටත් විවිධ පර්ශවයන් එකිනෙකා එකඟ නොවන (වැරදි?) වැටහීම් සමාජගත කරන්න උත්සාහ කරනවා.

ඇතැමුන් තමන්ගේ අදහසේ වැරදි බව නොදැන ඒ වැරදි සමාජගත කරන්න උත්සාහ කරනවා.

ඇතැමුන් ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, ලාභය, ප්‍රශංසාව  වැනි අට ලෝ දහමේ ඇලී මේ අදහස් සමාජගත කරන්න උත්සාහ කරනවා. තවත් අය කලින් කියූ දෙය වෙනස් කරගත නොහැකිව, හොඳින්ම වරද වරද හැටියට පෙනි පෙනීම එය පිළිගැනීමට මැලිව හෝ තමා දැනට ගොඩනගා ගත් තත්ත්ව තානාන්තරයට, ආරණ්‍ය, සේනාසන, අසපු, මන්දිර, දායක සභා, ගෝල-බාල, සංවිධාන, යාන-වාහන, විදේශ සංචාර, දාන-මාන සහ නිල-තල තවදුරත් පවත්වාගෙන යෑමට නොහැකි වේදෝ යන බිය, චකිතය සහ තැති ගැනීම නිසාම දෝ තමාගේ වරද නිවැරැදි කර නොගෙන, එය කෙසේ හෝ තර්කයෙන් දිනා ගැනීමට අපමණ වෙහෙස වෙනවා දැකිය හැකිය.

තවත් පිරිසක් බොහෝ වෙහෙස දරාත්, කාලාන්තරයක් මහන්සිවීත් අපේක්ෂිත ප්‍රථිඵල නොලැබී ඇතිවිට “අපට මෙච්චර මහන්සි වෙලත්, පොතේ තිබුණ විදියටම පිළිපැදලත්, ආචාර්යවරු කියූ විදියටම, පරපුරේ පැවති සිල් සිරිත් විදියටම, ලෝකය පුරාම කරන විදියට අනුගමනය කරලත් නොලැබුණු ප්‍රථිඵල අරයා, මෙයා සතියෙන් දෙකෙන් ලබා ගත්තේ කොහොමද” කියා වික්ෂිප්තව, “ඒක වෙන්න බෑ… ඕවා කරන්න බෑ… ඕවා නියම ප්‍රථිඵල නොවේ… ඔය ප්‍රථිඵල ලැබීමට අනුගමනය කල ක්‍රමයත්, වචනත්, අදහසත් ඔක්කොම- මේ පොතට, අර අදහසට, අපේ ආචාර්‍ය වාදයට, නිකායට, මගේ පුද්ගලික අදහසට, මගේ පුද්ගලික උවමනාවට, මට දැනෙන විදියට… ගැලපෙන්නේ නෑ, අපේ සංවිධානයේ ව්‍යවස්ථාවට-අදහසට-මතයට ගැලපෙන්නේ නෑ” කියා.. සියල්ල සහ සියල්ලෝම ප්‍රතිකේෂ්ප කිරීමට පෙලබී ඇත. කටයුතු කරමින් ඇත. මාධ්‍ය මෙහෙයවමින් ඇත.

බලය පාවිච්චි කරමින් මර්ධනය කරමින් ඇත. අසා පැහැදී අවබෝධ කිරීමේ අවස්ථාව අවුරමින් ඇත.

අද අප පත්ව ඇති බරපතලම ගැටලුව වී ඇත්තේ කිව්වේ මොනවාද කියා නොසොයා කිව්වේ කවුද කියා සෙවීම යි.

මේ පිටුවේ බොහෝමයක් කරුණු දිහා ඔබ බැලිය යුත්තේ අන්න ඒ වැරදි දෘෂ්ටි බැහැර කරල.

කියල තියෙන යම් කරුණක් හේතුවෙන් රාගය ද්වේශය මෝහය අඩුවේ නම්, සම්පූර්ණ වශයෙන් සිඳ දැමීමට උදව් වේ නම් ඒ කියූ දේ ධර්මය යි.

බුද්ධ භාශිතයම යි.

අදහස් ප්‍රකාශ කිරීමේදී, සංනිවේදනයේදී යම් අඩුපාඩු, නොගැලපීම් සහ අතපසුවීම් විය හැකියි. ඒ කොපමණ ප්‍රමාණයක් ද? එම අදහස යොදා ගැනීමෙන් නිවනක්, නිරෝධයක් ලැබිය හැකිද යන්න සොයා තීරණය කරගැනීමට අනුගාමිකයෝ, අසන්නෝ සහ සිව්වනක් පිරිස යුහුසුළු විය යුතුය.

ඒ සඳහා ඔවුන්ට ඇති අයිතිය සුරක්ෂිත කල යුතුය. ඒ අයිතිය ඔවුන්ද වටහා ගත යුතුය.

“දුවාපන්” කිව්වාම දුවන්නත්. “නැවතියාන්…” කිව්වාම නවතින්නත් සැදී පැහැදී නොයිද ඇයි එහෙම කිව්වේ? මොනවටද මම එහෙම කරන්න ඕන.. කරාම ලැබෙන ප්‍රථිඵලය මොකටද කියල තේරුමක් ඇතිව කටයුතු කිරීමයි වටින්නේ.

හැම දේශකයාම එකම මට්ටමේ දමා “මුං ඔක්කෝම එකයි” කියා එකටගෙන කටයුතු කිරීමෙන් වැලකිය යුතුය. එයින් සත්ධර්මයක් ඇසීමට ඔබට තිබෙන අවස්ථාව ඈත්වී යෑමයි සිදුවන්නේ. ඒ ඒ දේශකයා දෙසන දහම වෙන වෙනම තේරුම් ගෙන තම නිවීමට හේතු වේද කියා “කාලාමයන්” කලා සේ කටයුතු කිරීම කාලෝචිත ය. මේ පිටුව එසේ විවෘතවූ මනසක් ඇතිව කරණු සොයන අයට යි.

කාලාමයන් සේ සොයන්න…

Prof. Nalin

ආචාර්‍ය නලීන් ද සිල්වා

භෞතික වාදය, සාපේක්ෂවාදය, Doppler නියමය, යුදෙවන්ගේ පැරණි තෙස්තමේන්තුව, ද්වයිතය සහ මනසක් නෑ වැනි අදහස් කීපයක් එතුමා ඔබුගේ කතාවේ දක්වනවා. ඒවා කියවෙන තැන් කීපයක් වේලාව සමග සටහන් කරල තියෙනවා මේ post එකේ.

වයස සහ පැවිද්ද

බොරු රහතුන් සමග අපායෙ නොයන්න නම්...

තල්ගමුවෙ සුධීරානන්ද හිමි
වයස් ගතවී සසුන්ගත වූ අය...
වයස් ගතවී සසුන්ගත වූ අය සාසණය විනාශ කලා… සුභද්‍ර වගේ. https://youtu.be/gZz_cBuhr3U?t=20m10s දැන් ආයතන හයෙන් වැඩක් තියෙනවද? https://youtu.be/gZz_cBuhr3U?t=8m58s

වැරදුන් තැන්

වැරදුන තැන් බොහෝමයක්...

This is from a comment provided for Sinhawalokanaya Episode 05 / 06 You will see the published comment here: https://www.youtube.com/watch?v=zSwtowJiq5E   කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේට වැරදුන තැන් බොහෝමයක් ඇති බව කියා සිටීම නහතමානී කමක්. එය අගය කරමි.   වැරදුන කාලයේත් උන්වහන්සේ බණ කීවා. ඒකාලේ වැරදී ඇතිබව නොදැන, එවිට දැරූ මතය හරිය කියා දෘශ්ටියක සිට තම අනුගාමික අසපු වාසීන්ද, දායක දායිකාවන් ද ඒ වැරදි දෘෂ්ටියේම පිහිටෙවුවේ නෑ කියන්න උන්වහන්සේට පුලුවන්ද?   ඒ එදා. මෙදා උන්වහන්සේ නැවතත් උන්වහන්සේට හිතන විදියට නිවැරදි දේ කියනවා. මේ වැඩසටහනත් එයින් එකක්. ඉතින් ඔබ සාදුකාර දී අසනවා – එදා වගේම. දැන් හිතල බලන්න… එදා වගේම අදත් වැරදිලා, උන්වහන්සේ තව වසර 5කින් කිව්වුවොත් මට 2018දීත් වැරදුනා කියලා — සාසනය අහිමි උනේ උන්වහන්සේට පමණක් ද? මේවා අසා, යෝනිසෝ මනසිකාරයේ නොයෙදී මේ කියන එකම බොහොම බයෙන් සද්ධාවෙන් බාර ගන්න ඔබත් පමා වූවන්ගේ ගොඩේ නොවෙයිද?   දැන් ඔන්න හිතන්න…. ඔය ගොබිල කියල බැන්න භික්ෂූන්, භික්ෂුනීන් වහන්සේලා කොපමණ අර්ථයෙන් ධර්මයෙන් දහම දෙසනවාද අහල බලන්න. මේ වාගේ වචනයෙන් අන්මතයන්ට සලකනවාද කියා සොයා බලන්න.   වතුර තිබහ නම්, බොන්න වතුරත් තිබේනම්, ඔබ නොබීම තිබහට බනින්වා නම්, වරද වතුරේද?   අනෙක මේකත් හිතන්න… අද ඔබ ඇසූ ප්‍රශ්නත්, ඔය කියූ ගොබිලන්ගේ දේශනා අසන අය අසන ප්‍රශ්නත් එකම ද කියල හොයල බලන්න. ඔබ බයෙන් භිරන්ත වී ප්‍රශ්න කරන බොහෝ දේට වඩා නිවනම හොයන ප්‍රශ්න ඔවුන් අසනවා ද ඔය ධර්මය විකුර්ති කරනවා කියන අය ඒ ප්‍රශ්නවලට නියම විභජ්ජවාදී උත්තර දෙනවාද කියා හොයල බන්න. සසදා බලන්න.   මෙන්න දැනට ඇසෙන දේශනා: ආලෝකෝඋදපාදි — මේ තෙරණිය දැනට කැනඩාවේ දේශනාවාරයක් සඳහා සහභාගි වී සිටී. උන්වහන්සේ ලොව ඇති ප්‍රිය මදුර ස්වභාවයේ ඇති ලාටුව ගැන මිහිමත දෙවුලෝ සැප විදින මිනිසුන් සමූහයකට පවත්වන දේශනා ඔබත් අහල බලන්න — විකුර්ති කරලද කියල. https://www.youtube.com/channel/UCHcA3qBIPf55vRbeVCBhNgQ   නිරපේක්ෂත්වයේ මඟ — මේ භික්ෂූන්වහන්සේත් දැනට පැරීසියේ දේශනා වාර කීපයක් පවත්වයි. ඒ සඳහා සහභාගි වන්න තමන්ගේ දින 14ක වාර්ශික නිවාඩුව කැපකරගෙන බොහෝ පිරිසක් අවට රටවලින්ද සහභාගි වී ඇත. මේ අයට පිස්සුද මේ ට්‍රිප් එකක් ගිහිල්ලා ජොලියක් දාලා ඉන්න තියෙන vaccation leave ටික දාල මේ බණ අහන්න එන්නේ කියල, මොලේ තියෙනවා කියල කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් කියන අයම හිතල බලන්න. තව ගැඹුරු බණ මොකටද. https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos   මේවා පරණ ඒවා. ඒත් බලන්න ඒ අයට වැරදුනා කියලා ඒ අයම කියන එක. කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ වගේම ඒ අයත් තේරුම් අරන්. පෙර කුසලයකට වගේ ඔවුට නම් අද ධර්ම මාර්ගය විවර වී ඇති බව පවසනාවා – මීවනපලානේ හිමියන්ට පිං සිද්ද වෙන්න.. කොච්චර හොඳ ද? https://www.youtube.com/watch?v=k028r8V-vPw https://www.youtube.com/watch?v=U9LQ55xOuJE https://www.youtube.com/watch?v=somNZb3GmgE   වහරක හිමියන් දැනට ජීවතුන් අතර නෑ. උන්වහන්සේටත් ගොබිලා කිව්වානේ. ඒත් මේකරුණු ගැන ඉතාම හොදින් අනාගතය දැක්කාක් මෙන් මීට වසර ගණනාවකට පෙර වහරක හිමියන් කියා තිබුනා: එදත් ඒවා ඇහුනේ නැත්තේ ධර්මයේ නාමයෙන් වෙනත් ඝෝසා බහුල නිසා ධර්ම දේශනා ශබ්ධය යටපත්ව තිබීම නිසා නොවේද – හිතල බලන්න. අහල බැලුවටම පේන්නේ නෑ? https://www.youtube.com/watch?v=1IrH3nwYDdI&list=PLetVXp4Mj3bVIo2cjO48vS1MGl5ym0myG https://www.youtube.com/watch?v=XrI206o709A&list=PLetVXp4Mj3bVIo2cjO48vS1MGl5ym0myG&index=3 https://www.youtube.com/watch?v=3yWshvYJK_w&index=9&list=PLetVXp4Mj3bVIo2cjO48vS1MGl5ym0myG https://www.youtube.com/watch?v=dOlKxJDpmEY&list=PLetVXp4Mj3bVIo2cjO48vS1MGl5ym0myG&index=11 https://www.youtube.com/watch?v=As-SkMhI6qQ&index=13&list=PLetVXp4Mj3bVIo2cjO48vS1MGl5ym0myG https://www.youtube.com/watch?v=Jy35OncWYcM&index=19&list=PLetVXp4Mj3bVIo2cjO48vS1MGl5ym0myG   එදාත් බොහෝ පිරිසක කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ ලගින්ම ඇසුරු කලා… කියන සියලු බණ ඇසුවා. කාලය බොහෝ වැය උනා. ශරීරය දුබල උනා… හැබැයි එකක් පැහැදිලියි කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ අද කියන්නා වගේ එදාම කිව්වානම් මට මේ වැරදිලා කියලා – වෙලාව ගොඩක් ඉතුරුයි නේද?, එහෙනම්, වහරක හිමියන් එදා  පුංචි සද්දයක් වී කියූ බණ ලොකු සද්ද වලින් යට නොවී අපටත් අහගන්න ඉඩ තිබුනා.   https://youtu.be/8yC19JZI_t8?t=1h8m20s කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ කියූ පරිදි: “ගොඑන්කා, අජාන් චා, සිසාඩෝ  භාවනා කරන අයගැන ප්‍රශ්න ය. නාඩිවක්‍ය, ඉංදියාවේ යෝගීන් ඉන්නවා කියූ එක, ඉසිවරු මේ ඔක්කෝම මිසදිටු. මටත් වැරදුනා නේ. මගේ ජීවිතයෙත් සෑහෙන කාලයක් අපතේ ගියා…” වාසනාවකට වහරක හිමියන් දෙසූ බොහොමයක් බණ කැසට් වල රෙකෝඩ් කරල සංරක්ෂණය කරල තිබුනා (එසේ කල උතුමන්ට පිං). අද ඒ බණ ලොව පුරා ලොකු කුඩා හැමෝම අහනවා. පරතෝගෝස ප්‍රත්‍ය ලබනවා. මෙන්න ඔබත් අහල බලන්න. බණිනවානම් අහල ගුණ දැනගෙනම බණින්න, හේතු ඇතුව. කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් කිව්වට බනින් එපා. ආයෙත් වැරදිලානම්, කරගන්න අකුසලේ ඔබේ නෙවෙයිද?   නාමරූප යූටියුබ් චැනල් එක: https://www.youtube.com/channel/UC0wT4wXEPgVGqIVy9gsrioQ වෙබ් අඩවිය: https://namaroopa.com   එක අතකට ඇහුනේ නෑ කියන්නත් බෑ. මේ දහම් ගුවන්විදුලියේ පවා විකාශනය වී තිබෙනවා. නමුත් දැරූ දෘෂ්ටියක භයානක කම. එවැනි දහමක් යෝනිසෝ මනසිකාරයෙන් තෝරාගන්න බෑ. වැහිල ගිහින් තිබුනා. ඛේදවාචකයකි. අද ඔබත් ඉන්නේ එතෙනමද කියා අතපත ගා හරි බලා ගන්න.   මේ සිංහාවලෝකනය ඔබව යම් දෘෂ්ටියක හිර කරන්න හදවාද කියා කලින්ම දැන අඳුනා ගන්න. හැමෝටම නිවන් දකින්න බෑ – ඒක ඇත්ත. ඒත් මේව කියවන්නේ වැරදිලනම් – ඒකට කියන්නේ වගකීමක් නැති ප්‍රකාශ නිකුත් කරන්වා කියා නෙවෙද? අන්තිමේ අනාථ වෙන්නේ කවුද?

මහමෙව්නාවේ මතය

පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි

මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් සිංහාවලෝකනය නම් ඔවුන්ට සම්බන්ධ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ඔස්සේ විකාශනය වන වැඩසටහන් මාලාවේදී ප්‍රකාශ කරන්නට යෙදුණු විවිධ අදහස් පහත දැක්වේ. ඒවා හෙමින් හෙමින් දිග හැර බලන්න. ගත යුත්තක් වේ නම් ගන්න. බැර කල යුතුදේ බැහැර කරන්න.

Sinhawalokanaya

Adding notes from Sinhawalokanaya TV program broadcast on Shraddha Media Network. Ven. Kiribathgoda Gnanananda Thero trying to address recent religious developments in Sri Lanka. The program was conducted by Mr. Sudath Jayasundhara. සිංහාවලෝකනය නමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් විසුරුවා හරින මෙම වැඩසටහ හුදෙක් ශ්‍රී ලංකාවේ වත්මන් සාසන ප්‍රබෝධය ගැන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගේ අදහස් විමසීම කරයි. දායක මුදලින් පවත්වාගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාතිලයේ නිර්මාතෘ වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගෙන් ප්‍රශ්න විචාරන්නේ එම මාධ්‍ය ජාලයටම සම්බන්ධ අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාය. මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවස්ථා සදහා පහතින් ඇති කාල-නිර්මිත යොමු (time tagged links) තුලින් පිවිසිය හැකිය. මේ ව්‍යායාමය හුදෙක් — ධර්ම විකෘති වී ද? නැතිද — යන ප්‍රශ්නයට උත්තර, අහන බලන සිව්වනක් පිරිසටම වටහා ගැනීමට සහ තේරුම් ගැනීමට පහසු ලෙස තොරතුරු සංවිධානය කිරීමයි.

Sinhawalokanaya Episode 01

Sinhawalokanaya Episode 02

Sinhawalokanaya Episode 03

Sinhawalokanaya Episode 04

Sinhawalokanaya Episode 05

2018-06-09

චතුරාර්‍ය සත්‍යයේ දුක දුක හැටියටම විස්තර කළ යුතුය.

https://youtu.be/8yC19JZI_t8?t=16m1s මගේ ප්‍රශ්නය: මේ දේශනාව යෝනිසෝ මනසිකාරය ගැනද… නැතිනම් දෘෂ්ටිගත වීම පිළිබඳවද?  

ලස්සන උපමාව…. රත්වන දණ්ඩ.

https://youtu.be/8yC19JZI_t8?t=19m55s  

මෝහණය

https://youtu.be/8yC19JZI_t8?t=21m45s වැරදි බණ… මෝහණය… කනෙන් අසා සෝවාන් නොවේ…??? යෝනිසෝමනසිකාරයෙන් සෝවාන් වේ.  

අලුත රහත් වුනාය කියන බොරුකාරයෝ ධර්මය දැන අතහරින්න කීම වැරදිය…

https://youtu.be/8yC19JZI_t8?t=25m5s  

දෙව්ලොවදී මඟ ඵල ලබයි…

https://youtu.be/8yC19JZI_t8?t=28m30s  

බුදු සසුන අතුරුදන්වන ක්‍රම දෙකම මෙකල පවතිනවා.

https://youtu.be/8yC19JZI_t8?t=30m1s  

හැදල බණ

https://youtu.be/8yC19JZI_t8?t=31m08s මේටික ඉගෙන තිබුනේ නෑ මම. හැදල බණක් අහල කියල දාන්න පුළුවන්. පොතක් බලාගෙන සූත්‍රයක් මුල ඉදල අගට කියල දෙන ක්‍රමයක් එදා තිබුනේ නෑ. අදවගේ දහම තෝරාගන්න පුලුවන් පිරිසක් එදා හිටියේ නෑ.  

පටිච්ඡසමුප්පාදයේ ඇති භව

https://youtu.be/8yC19JZI_t8?t=46m45s කට්ටියට අහුඋනේ නැති තැන… පටිච්ඡසමුප්පාදයේ ඇති භව යන වචනය.  

තුච්ඡපෝටිල

https://youtu.be/8yC19JZI_t8?t=1h2m3s දුරකථන ප්‍රශ්නය සහ ඊට ලබුන පිළිතුර… තුච්ඡපෝටිල.  

උගත් මෝඩ දොස්තර ඉංජිනේරු

https://youtu.be/8yC19JZI_t8?t=1h7m3s ලජ්ජා සහගත උගත් මෝඩ දොස්තර ඉංජිනේරු

ගොඑන්කා, අජාන් චා, සිසාඩෝ  භාවනා

https://youtu.be/8yC19JZI_t8?t=1h8m20s ගොඑන්කා, අජාන් චා, සිසාඩෝ  භාවනා කරන අයගැන ප්‍රශ්න ය. සිසාඩෝ ක්‍රමයනම් අවුලක්. නාඩිවක්‍ය, ඉංදියාවේ යෝගීන් ඉන්නවා කියූ එක, ඉසිවරු මේ ඔක්කෝම මිසදිටු. මටත් වැරදුනා නේ. මගේ ජීවිතයෙත් සෑහෙන කාලයක් අපතේ ගියා (උන්වහන්සේම කියූ විදියට).  

ආලෝක සංඥාව සහ ධ්‍යාන

https://youtu.be/8yC19JZI_t8?t=1h15m10s ආලෝක සංඥාව සහ ධ්‍යාන ගැන. මේවා හරියටම ධ්‍යාන නෙවෙයි. එඩ්ගාකේසි එහෙනම් කොච්චර අභිඥා ලාභියෙක් ද. කසින මණ්ඩල තියාන භාවනා කරපු ගොඩක් අයට පිස්සු හැදුනා… (මට තියෙන ප්‍රශ්නය මේ කසින ඉගෙන ගත්තේ බුද්ධ දේශනාවෙන්ද කියන එකයි)  

පටිච්ඡසමුප්පාදය විමසීම

https://youtu.be/8yC19JZI_t8?t=1h18m10s දෙවන දුරකථන ඇමතුම. පටිච්ඡසමුප්පාදය විමසීම සහ භය. සෝවාන් අයගේ ආත්ම හත ගැන… අටවන භවයක් නැත ප්‍රමාද වූවවත්. (මට නොතේරෙන්නේ මේ කියන ආතම භාවය කියන්නේ මොකක්ද කියන එකයි.)  

ධර්මයයි ඔබයි… නිරපේක්ෂ මග … මේක වරද්දලා කියනවා

https://youtu.be/8yC19JZI_t8?t=1h22m3s ධර්මයයි ඔබයි… නිරපේක්ෂ මග … මේක වරද්දලා කියනවා. … අටවෙනි භවයකට නෙවෙයි ලු අනිවාර්යෙන්ම ඉතුරු හත ගන්නවා ලු…..  

මට තිබෙන තවත් ප්‍රශ්නයක්

https://youtu.be/8yC19JZI_t8?t=1h29m1s (මට තිබෙන තවත් ප්‍රශ්නයක්… මෙතන “නිසා” කියන්නේ “පච්ඡයා” කියන තෙරුම නම් නොවේ, මෙහි තෝරන ආකාරයට).  

යන්ඩ කිව්වට යන්ඩත් බෑ. ගියපු කෙනෙකුත් නෑ. … මේ දෙවියන් අතරට

https://youtu.be/8yC19JZI_t8?t=1h31m10s  

ගුරුවරුයා දැන් මහමෙව්නාවේ යන්නේ නෑ. මම දැන් මොකද කරන්නේ?

https://youtu.be/8yC19JZI_t8?t=1h32m3s තවත් දුරකථන ප්‍රශ්නයක්… ගුරුවරුයා දැන් මහමෙව්නාවේ යන්නේ නෑ. මම දැන් මොකද කරන්නේ.  

දබකසාරේ සුමේධංකර ලොකු හාමුදුරුවෝ ඉන්න තරුව

https://youtu.be/8yC19JZI_t8?t=1h35m10s දබකසාරේ සුමේධංකර ලොකු හාමුදුරුවෝ ඉන්න තරුව සේරුවිලදී බලපු කතාව…  

ඔපරේෂන් කරන අය තමාවම දැක ගත්තේ කොහොමද?

https://youtu.be/8yC19JZI_t8?t=1h39m3s ශ්‍රාවිකාවකගේ ප්‍රශ්නය —

  1. විඥානයට නාම රූපය හා එක්වීමකින් තොරව පැවත්මක් නැත. එතකොට… ඔපරේෂන් කරන අය තමාවම දැක ගත්තේ කොහොමද?
    1. උත්තරය: මෙය නාමරූපයට ගලපන්න හොඳ නෑ. ශරීට 3කි. මනෝමය ශරීරයට වෙන්න ඕන මේක පේන්නේ. මේක භ්‍රාන්තියක් හෝ භූත සම්බන්ධයක් නොවේ.
  2. යක්ෂයෙකුට දරුවෙක් ලැබෙන්නේ කොහොමද, ඔවුන් උපදින්නේ කොහොමද?
    1. උත්තරය: යක් පැටවු උපදිනවා… ඒ ඕපපාතිකයි. පුත්‍ර ස්ථානයේ… දාස බවේ උපදිනවා.
  3. අන්‍ය ලබ්ධිකයන්ට අනුමෝදන් කරන පිං ලැබෙනවාද?
    1. උත්තරය: නැති තරම්…

 

අලුත් රහතන් වහන්සේලාගේ කතාව

https://youtu.be/8yC19JZI_t8?t=1h48m3s ඊමේල් ප්‍රශ්නය —

  1. අලුත් රහතන් වහන්සේලාගේ කතාව… කෑම වළඳලා තියෙන්නේ හවස 4ට.
    1. (මට තියෙන ප්‍රශ්නය : යෝනිසෝ මනසිකාරය පූර්ණ වශයෙන් ඇත්තේ කාටද? ධර්ම අවබෝධ කල කෙනාටද? නිර්මලව ධර්මය දේශනා කරන කෙනාටද?).

පිළිකුල් භාවනාව සහ මෛත්‍රී භාවනාව

https://youtu.be/8yC19JZI_t8?t=1h59m3s ප්‍රශ්නය: පිළිකුල් භාවනාව සහ මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැත්තේ ඇයි? උත්තරය: හුස්ම දිහා බලා ආනපාන සතිය කරන්න.  

සරණ යනවා කියන්නේ මොකක්ද?

https://youtu.be/8yC19JZI_t8?t=2h3m3s ප්‍රශ්නය: සරණ යනවා කියන්නේ මොකක්ද? සරණේ පිහිටනව කියන්නේ කුමක්ද? සරණේ පිහිටියා කියා දැනගන්නේ කෙසේද?  

සෝතාපන සහ ධ්‍යාන

https://youtu.be/8yC19JZI_t8?t=2h7m20s ප්‍රශ්නය: සෝතාපන සහ ධ්‍යාන  

සතර බ්‍රහ්ම විහරණ

https://youtu.be/8yC19JZI_t8?t=2h9m20s ප්‍රශ්නය: සතර බ්‍රහ්ම විහරණයේ කියන උපේක්ෂාවත්, සප්ත බොජ්ජංගයන්ගේ උපේක්ෂාවත් එකමද?

Sinhawalokanaya Episode 06

https://www.youtube.com/watch?v=zSwtowJiq5E

රුවන්මැලිසෑයේ පිං අස්සේ බිස්නස්

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=4m10s රුවන්මැලිසෑයේ ගොස් සෙල්ෆි ගැසීම…

අලුත් මඟ ඵල සෙට් එක

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=13m45s මට ත්‍රිපිටකය තේරුම් ගන්න දොළොස් වසරක් පමණ ගියා.

අලුත් නිරුක්ති

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=17m10s ධර්මයයි ඔබයි → ධර්මය යටට ඔබයි. නිරපේක්ෂමඟ → නිරය අපේක්ෂිත මඟ

ප්‍රශ්නය… රාගය පැත්තට බර නම් පටිඝය පැත්තට බර නම් භාවනාව කරන්න ඕන විදිය?

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=19m20s ප්‍රශ්නය… රාගය පැත්තට බර නම් පටිඝය පැත්තට බර නම් භාවනාව කරන්න ඕන විදිය? කරුණා භාවනාව කුමක්ද? දුකින් නිදහස් කිරීමේ කැමැත්ත.. මෛත්‍රී භාවනාව කුමක්ද? මිත්‍රත්වය… අවෛරී බව පැතිරවීම. මුදිතා භාවනාව? අන් අයගේ යහපත, සැපත, සතුට බලා සතුටු වීම. උපෙක්ෂා භාවනාව? කර්මයට මොනවා කරන්නද කියා සිටීම. මේවා වැඩීමට විශේෂ උපදෙස් අවශ්‍ය නැත.

ආශ්වාදය — යං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං….

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=31m20s

මහා මායාව සහ කොස්වැටිය ආරණ්‍ය ය

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=34m20s රූප රාමු පෙලක් බලා මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න… මහා මායාව සහ කොස්වැටිය ආරණ්‍ය ය. (මට තියෙන ප්‍රශ්නය: වීඩියෝව එකක්… ලබාදුන් උත්තරය තව එකකි. තුසිතය ඇඹිලිපිටියේ කියා තර්කයෙන් ගලපා ගත්තේ කවුද? ගොබිලා කියා ඔබ හැදින්වූ උන්වහන්සේ එසේ කීවාද?) ලිංග විපර්යාසය සිදු උනා කිව්වේ…

වහරක අරියරතනාලංකාර කියා ගොබිලෙක්

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=47m30s “මේ විනාශය පටන් ගත්තේ වෙන ගොබිලෙක්… ඒ වහරක අරියරතනාලංකාර කියා ගොබිලෙක්.” මේ ගෘප් එකේ කට්ටිය තමයි ධර්මයයි ඔබයි, නිරපේක්ෂත්වයේ මඟ, ආලෝකෝ උදපාදි… මේ සියල්ලෝම. (මගේ ප්‍රශ්නය: මෙහි සඳහන් ගොබිලෙක්ගෙන් බණක් අසා බලන්න. කිවත් වගේ උන්වහන්සේලා ගොබිලොද කියලා)

මාරයාගේ සැලසුමක්

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=59m10s මේක මාරයාගේ සැලසුමක්… ප්‍රශ්නය: ධර්මය විනය සම්බන්ධ වෙන්නේ කොහොමද?

ප්‍රඥාව මූලිකව

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h6m20s ප්‍රඥාව මූලිකව තමයි මේවා තියෙන්නේ.. (මගේ ප්‍රශ්නය: මීට කාලයකට පෙර දේශනා කලේ සීලය මූලික කියා නේද?)

සෙලෙවෙන ශ්‍රද්ධාව

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h12m53s ප්‍රශ්නය – සෙලෙවෙන ශ්‍රද්ධාව https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h23m3s ප්‍රශ්නය – සංඝරාජයනන් වහන්සේට පොල්පිතිමූකලානෙන් මහානායක හිමියන්ගේ නම්බුනාමය.

නිරපේක්ෂමඟේ ගොබිලියක්….

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h30m54s නිරපේක්ෂමඟේ ගොබිලියක්…. (මගේ ප්‍රශ්ණය: දැන් එතකොට චිත්ත ගෘහපති හිටියේ ගෙදර නෙවෙයිද… වස්තු පරිහරණය කලේ නැත්ද? කර්ම විපාක ලෙස ලද දෙයක් දන් දෙන්න බැරිද?)

අන්තර්පරිනිබ්භායී අවස්ථාව

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h34m3s මේක පස් ආකාරයි. ගිනි පුපුරේ උපමාව.

මම නන්නත්තාර උන විදිය

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h38m3s “මම නන්නත්තාර උන විදිය… “

ධාතු පරිනිර්වාණය

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h41m3s “ධාතු පරිනිර්වාණය ගැන මට මතක් උනා…”

ඉෂ්ට දේවතාවෝ

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h48m3s ප්‍රශ්නය: ඉෂ්ට දේවතාවෝ ගැන.

සිගරැට් බීම නවත්තා ගන්න බෑ

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h52m3s ප්‍රශ්නය: කතෝලික මගේ ශ්‍රද්ධාව ඇතිමුත් සිගරැට් බීම නවත්තා ගන්න බෑ. මම අපායේ යයිද?

සර්වාස්ත්‍රවාදී අභිධර්මය – ටිබෙට්වල

https://www.youtube.com/watch?v=zSwtowJiq5E&t=1h57m55s ප්‍රශ්නය: අභිධර්මය ගැන… සර්වාස්ත්‍රවාදී අභිධර්මය (ටිබෙට්වල තිබෙන්නේ මේක, දලෙයි ලාමා ලඟ තිබෙන්නේ මේක, අන්තරභවය ඉස්සරහට ගෙනාවේ මේ අයයි) උත්තරය: අභිධර්මය තමයි ඔය වාද සියල්ලටම භාවිතා කලේ. මජ්ජිම නිකාය 3, කිංති සූත්‍රය අරං බලන්න. මුල් කාලයේ අභිධර්මය කියා කිව්වේ සත් තිස් බෝධි පාක්ශික ධර්ම ගැන.

Sinhawalokanaya Episode 07

https://www.youtube.com/watch?v=77TL08-58k0

අවබෝධය පිහිටන සංඥාව

https://youtu.be/77TL08-58k0?t=4m4s ඇතිවීම නැතිවීම සහ අනිත්‍ය මැවීම තුල අවබෝධය පිහිටන තැනක් තමයි සංඥාව.

ගොබිලෝ ලිංග භේදය සහ ඒවාට නිරුක්ති

https://youtu.be/77TL08-58k0?t=10m1s ගොබිලෝ = පුරුශ ලිංග පදය. ගොබිලි = ස්ත්‍රී ලිංග පදය. මේ වචනයේ නිරුක්තිය මෙහිදී විග්‍රහ කරන ලදි…

ඔතන භාවනාවක් නෑ…. මේ මුලම වැරදි යි…

https://youtu.be/77TL08-58k0?t=12m06s

ප්‍රථම ධ්‍යානයේ බඩ එළිය – අමනුශ්‍ය ග්‍රහනය – ගුද මාර්ගයෙන් හෝ ඉන්ටනෙට් එකෙන් භූතයෝ රිංගනවා

https://youtu.be/77TL08-58k0?t=14m30s “ප්‍රථම ධ්‍යානයේ බඩ එළිය යාම… මේක අමනුශ්‍ය ග්‍රහනය… ගුද මාර්ගයෙන් හෝ ඉන්ටනෙට් එකෙන් භූතයෝ රිංගනවා..” “බාබ retreats”

දේපොල

https://youtu.be/77TL08-58k0?t=17m40s “තමන්ගේ දේපොලත් ඒ මනුස්සයට දෙනවා…”

තද-වචන

https://youtu.be/77TL08-58k0?t=31m0s “ඇයි මේ තද-වචන කතා කරන්නේ… මේ කරුණාවෙන් බණින්නේ…”

ව්‍යංජනය සාසනය අතුරුදන් කිරීම…

https://youtu.be/77TL08-58k0?t=36m5s ව්‍යංජනය සහ එහි භාවිතය… සාසනය අතුරුදන් කිරීම…

නිරුක්තිය ගැන ලොකු ස්වාමීන්වහන්සේ ගේ දායකයන් ගේ අදහස්

https://youtu.be/77TL08-58k0?t=39m30s Hydrophobia — නීතිඥ මහතාට තේරුම්ගිය නිරුක්තිය… මගේ ප්‍රශ්නය: නමුත් මූලික අවශ්‍යතාවය මේ නිරුක්තියේ නැත. නැත්තේ මොකක්ද කියල දැන ගන්න නම් නිරුක්ති ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න. අතීත වර්තමාන අනාගත කාල තුන පිළිබඳවත් මෙහිදී කරුණු දක්වන ලදි.

සිත හැංගීම…. මෙය ගැඹුරු සමාධියක් නොවේ

https://youtu.be/77TL08-58k0?t=40m05s හිත භාවනා අරමුණේ පවත්වාගෙන යාම… සිත හැංගීම…. මෙය ගැඹුරු සමාධියක් නොවේ.

ගැඹුරු සමාධිය සිත ඒකාග්‍ර කිරීම යි

https://youtu.be/77TL08-58k0?t=45m20s ගැඹුරු සමාධියක් ලැබෙන්නේ සිත ඒකාග්‍ර කිරීමට පුරුදු කිරීමෙන්.

නිමිත්ත සහ භාවනා අරමුණ

https://youtu.be/77TL08-58k0?t=50m30s නිමිත්ත සහ භාවනා අරමුණ. ආනාපාන සතිය. නිමිත්තක් පෙනීම.

සමාධියට ආසන්නම කාරනය අසුභ භාවනාවයි

https://youtu.be/77TL08-58k0?t=56m10s හිතෙන් ඇතිවෙන දෙයක්… සංඥාවක්.

චන්ද්‍රගුප්ත රජුගේ කතාව

https://youtu.be/77TL08-58k0?t=1h4m0s

කැනඩාවේ ප්‍රශ්නය

https://youtu.be/77TL08-58k0?t=1h4m55s කැනඩාවේ ප්‍රශ්නය…. මින් ඉදිරියට කුමක් කල යුතුද? සමාධිය දිගටම පුරුදු කරන්න.

වැඩිම අවුල විද්ර්ශනාවෙ

https://youtu.be/77TL08-58k0?t=1h47m10s හතරම එකම වඩනවාද, වෙනම වඩනවාද… වැඩිම අවුල විද්ර්ශනාවෙ

මුහුනු මැවෙන විතක්ක ගැන

https://youtu.be/77TL08-58k0?t=1h10m02s තවත් ගැටලුවක්… විතක්ක ගැන… මුහුනු මැවෙනවා. ඒ වෙලාවට ආනපානය නවත්තන්න ඕන. අතීත සංකාර අනිත්‍යයි කියල මෙනෙහි කරන්න ඕන. (මගේ ප්‍රශ්නය: අතීත සංකාර අනිත්‍යයි කියල හරියටම දන්නේ කොහොමද?)

ජාතිවාදී අරගල

https://youtu.be/77TL08-58k0?t=1h15m30s පොල්පිති මූකලානේ පංඥාලංකාර ලොකුහාමුදුරුවන්ගේ ප්‍රශ්නය… ගුණසිරි හාමුදුරුවන්ගේ ප්‍රකාශය ගැන. ත්‍රස්තවාදී කණ්ඩායම්වල භූමිකාව… ජාතිවාදී අරගල.

රටක නායකත්වය කෙසේ විය යුතුද?

https://youtu.be/77TL08-58k0?t=1h28m05s ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ නායකත්වය ගැන විස්තරය.

පිරිසිදු බඹසර සීලය රකින්නේ කෙසේද?

https://youtu.be/77TL08-58k0?t=1h49m10s

අසුභ භාවනාව වඩන විට අසුභ සංඥාව වැඩෙන්නේ කෙසේද?

https://youtu.be/77TL08-58k0?t=2h00m05s

Sinhawalokanaya Episode 08

https://www.youtube.com/watch?v=H7DEG2GqGhI

කෙලෙහිගුණය…

https://youtu.be/H7DEG2GqGhI?t=5m15s

මේ වචන කඩන සෙල්ලම පටන් ගත්තේ “වඳුරඹ සිරිවර්ධන”….

https://youtu.be/H7DEG2GqGhI?t=22m1

ප්‍රශ්නය : භාවනාව සැමට පොදු ද?

https://youtu.be/H7DEG2GqGhI?t=31m20s දිව්‍ය ලෝක වල සියලු දෙනාම සිටියාද? “ආභස්සර සංවත්සනික වෙනවා…” (නිරයේ හිටියේ අය පිටසක්වල නිරයේ උපදිනවා…) ධාතු පරිනිර්වාණය…

නිරපේක්ෂත්වයේ මඟ ගැන ….

https://youtu.be/H7DEG2GqGhI?t=38m5s

කාල බීල ඉන්න එක..

https://youtu.be/H7DEG2GqGhI?t=39m20s

Sinhawalokanaya Episode 09

https://www.youtube.com/watch?v=6fc8r_bP5gc

බෝධිසත්වයන් වහන්සේගේ මවගේ ලිංග විපයාසයක් සිදු වීද?

https://youtu.be/6fc8r_bP5gc?t=4m34s

සියලු බුදුවරුන්ට පොදු ධර්මතා 16ක් ඇත.

https://youtu.be/6fc8r_bP5gc?t=15m12s   මෙහි මුල් විනාඩි 30ම අසා බලන්න. රාග ද්වේශ මෝහ අඩු උනාද?

සෝකෝ අසහාරා එල්ලා මරණයට පත් කලේ ඇයි?

https://youtu.be/6fc8r_bP5gc?t=6m10s   රහත්වූ සෙට් එක… සහ බුද්ධගෝෂ නම් මහා ප්‍රාඥ පඬිවරයාගේ වික්‍රමය. නිරපේක්ෂ මඟ සුදු පැවිදෙකුගේ ඇගේ එල්ලීම ගැනකල ප්‍රකාශ කල අවස්ථාව. https://youtu.be/6fc8r_bP5gc?t=35m21s   සුද්දන්ට මොනවද තියෙන්නේ? කිසිම වැදිලි පිදිලි ක්‍රමයක් නෑ. සම්ප්‍රදායක් සංස්කෘතියක් නෑ.   … අභිමානයක් නෑ…. https://youtu.be/6fc8r_bP5gc?t=42m21s   පංච දුශ්චරිතය, පංච සීලය සහ සුරා මේරය. “සෝවාන් වෙලත් ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නෑ කියල මේ සෙට් එක කියයි…” https://youtu.be/6fc8r_bP5gc?t=45m15s

Why Arahants cannot prove themselves?

https://youtu.be/6fc8r_bP5gc?t=51m28s   අලුත්ගංගොඩ ඥාණවීර හිමි ගැන ප්‍රශ්ණය.

අජාසත්ගේ කතාව… කුසල් මුල් සිඳ ගැනීම.

https://youtu.be/6fc8r_bP5gc?t=1h10m10s

දිව්‍ය ලෝකවල සිටින සත්වයෝ.

https://youtu.be/6fc8r_bP5gc?t=1h27m10s මේ අය දිව්‍යානුභාවයෙන් ඇතිවූ අය මිසක් කර්මාණුරූපා ඇති වූ අය නොවෙ.

සෝවාන් සහ සාමාන්‍ය කෙනෙකු අතර විවාහය.

https://youtu.be/6fc8r_bP5gc?t=1h28m37s වූල සුභද්‍රා ගේ කතාව.

ලොකු හාමුදුරුවන්ගේ ලොකු හාමුදුරුවන්ගේ ප්‍රශ්නය.

https://youtu.be/6fc8r_bP5gc?t=1h37m1s

බුදු රජාණන්වහන්සේ වඳින්නේ කෙසේද?

මහා ප්‍රජාපතීගෝතමියට බුදුන් මෙසේ වදාල සේක. https://youtu.be/6fc8r_bP5gc?t=1h44m00s

බුදු රජාණන්වහන්සේ ඉපදුනු ඉන්දියාවේ බුදුන් ධර්මය දේශනා කලේ පාලියෙන්ද?

මනුශ්‍යයෙක් වෙන්ඩ විශේශ පිංකමක් තියෙනවාද?

එහෙම පිංකමක් කරල හැමදාම මනුශ්‍යයෙක් වී ඉන්න පුලුවන්ද? https://youtu.be/6fc8r_bP5gc?t=1h48m00s ඉන්දියාවේ වැඩිය කතා කරන්නේ හින්දි. එදා වැඩි බලය තිබුනේ මගධයට. එහි කතා කලේ මාගදී. මාගදී කියන්නේ පාලි. එදා බුදුන් පිය නැගූ මධ්‍ය දේශය එතරම් විශාල නැත. රහතුන් කෙලෙහිගුණ පූර්ණ පිරිසක්. ඒ අය ප්‍රථම ධර්ම සංඝායනයේදී වෙන භාශාවක් භාවිතා කියල හිතන්න බෑ. ඉතින් එහිදී භාවිතා කලෙත් මාගදී හෙවත් පාලි භාශාව. යමෙලු තෙපලු යන බ්‍රහ්මනයන් මේ ගැන ඇහුවා. බුදුන් ධර්මය සංස්කෘතයට හැරීම ප්‍රතිකේෂ්ප කලා.

උතුරුකුරු දිවයින හා දූතාංග රැකීම

https://youtu.be/6fc8r_bP5gc?t=2h01m10s උතුරුකුරු දිවයින — අපට පෙනෙන්නේ නෑ. (ජෝතිය සිටානංගේ බිරිද උතුරුකුරු දිවයිනේ කෙනෙක්) දුතාංග — ගිහියන්ට සමාදන් වෙන්න අවශ්‍ය නෑ.

පින මෝරන්න මොනවාද කරන්න ඕන?

https://youtu.be/6fc8r_bP5gc?t=2h07m10s

Sinhawalokanaya Episode 10

https://www.youtube.com/watch?v=jL-mlGqHXnA

පැහැදිලි කිරීම

සද්ධාසීල ස්වාමීන් වහන්සේ අද සහභාගී වෙනවා කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ අද සහභාගී වෙන්නේ නෑ. අද ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නේ මුතියංගනයෙ. පොල්පිතිමූකලානේ ලොකු හාමුදුරුවෝ සංවිධානය කරපු පූජාවකට සම්බන්ධ වෙලා. https://youtu.be/jL-mlGqHXnA?t=24s

සංඥා වේදයිත නිරෝධය බුදු දහමට අදාළ දෙයක් නොවේද?

මෙය යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙසින් ලියන ලද පොතක් නිසා ඇතිවුණු අදහසක්. https://youtu.be/jL-mlGqHXnA?t=3m37s

පැවිදි පාරාජිකා

https://youtu.be/jL-mlGqHXnA?t=21m19s

  1. මෙවුන්දම් සේවනය
  2. සොරකම
  3. මනුෂ්‍ය ඝාතනය
  4. මාර්ගඵල තැන පැවසීම

 

ගිහි පාරාජිකා

  1. රහතුන් ඝාතනය කිරීම
  2. මව මැරීම
  3. පියා මැරීම
  4. බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම
  5. ආර්යයන් වහන්සේලාට ගැරහීම
  6. දැන දැන ආර්ය උපවාදයේ යෙදීම

 

ප්‍රායෝගික ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඇසූ ප්‍රශ්නය?

https://youtu.be/jL-mlGqHXnA?t=25m35s ආලාරකාලාම දැක්කොත් නොදැක්කා වගේ ඉන්න කිව්වා. ආර්ය විනයේ දිනය වෙනස්. මේ වගේ මේ උතුම් ධර්මයේ අර්ථ ලෞකික අර්ථයට වඩා වෙනස්.   දහම් පොත් බලාගෙන මුලින්ම බණ කිව්වේ අපි…. ඊට කලින් තිබුනේ බදාදාට බණකුත් ඉරිදාට බණකුත් විතරයි. දැන් වෙලා තියෙන්නේ රත්තරං හොයාගන්න බැරි වීමයි. https://youtu.be/jL-mlGqHXnA?t=30m30s

මේ කාලයේ මෙවැනි කෙනෙක්, වැනි කල්‍යාණ මිත්‍රයෙක් නැත.

මෙය කරගෙන පහල වෙලා පොතක් බලාගෙන තමන්ට හිතෙන හිතෙන ඒව කියන කෙනෙක් නෙවෙයි. මේ කරන්නේ ගොයම් අතර පැළ වෙලා තියෙන බජිරි ගස් කරවල ඉවත් කරන එක. වී ටිකයි ගන්න ඕනේ. ඒකට කුල්ලෙන් ගහලා ගහලා බොඩි ටික අයින් කරගන්න ඕන. මේ කරන්නේ කසඩයෝ ඉවත් කරගැනීම. https://youtu.be/jL-mlGqHXnA?t=33m40s

එක එක අර්ථකථන. නිල් පාට පසුබිමක රතු පාට බෝලයක්

ඇවිල්ලා ඒක ලොකු වෙනවා. මේක නිමිත්තක්. මේ කියන්නෙ මොකක්ද? යම්කිසි විදියකින් මොකුත් නෑ කියන, හිස් කියන අර්ථය, හිත නිරුද්ධ වෙනවා කියන අර්ථයක් මෙයින් කියවෙනවා. මේක නිවැරදිද? https://youtu.be/jL-mlGqHXnA?t=38m39s

කරන්න බැරි දේ බැහැර කිරීම ….

https://youtu.be/jL-mlGqHXnA?t=51m10s

අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්නය.

අමනුෂ්‍යයන්ට අපි ණය වී ඇති ආකාරය. ණය නැති කරගෙන තමයි තිසරණය. මේ ගැන අපට ගැරහීමට ලක් වන්නට සිදු වෙලා තියෙනවා. ආනන්ද හිමියන් බඩ විරේකයක් ගත්තාද? සෝණදණ්ඩ සූත්‍රය, කූටදත්ත සූත්‍රය සහ අනෙකුත් දීඝ නිකාය සුත්‍ර වල මේ ගැන තියෙනවා. https://youtu.be/jL-mlGqHXnA?t=52m10s

(කුරුණෑගල පැත්තේ) යකෙක් කියූ කතා…

https://youtu.be/jL-mlGqHXnA?t=1h02m10s

බෝධිසත්වයන් නියත විවරණ ලැබූ පසු නිරයේ උපදිනවා ද නැද්ද?

https://youtu.be/jL-mlGqHXnA?t=1h06m05s ස්ත්‍රියක් නොවීම, වැරදි කාම සේවනයට හිත යොමු නොවීම, අසම්මත රාගයක් සිතට ඇති නොවීම, නපුංසකයෙක් නොවීම, අවීචි මහා නරකයේ නොවැටීම, පුංචි ජීවීන් වී ඉපදෙන්නේ නැත.

ආර්ය උපවාද හිතන් වෙන්න පුළුවන්ද?

https://youtu.be/jL-mlGqHXnA?t=1h09m10s බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කතාවෙන් ම මිහිදු මහරහතන් වහන්සේ ලංකාව ආක්‍රමණය කරන්න ආවා කියා කිව්වේ. රටක් ආක්‍රමණය කරන්න රහතන් වහන්සේ නමක් උපදෙස් දුන්නා කියන උපවාදයයි කලේ.   මේ දවස් වල තියන ප්‍රශ්නත් එක්ක, තිසරණය රැකගෙන ජීවත් වෙන්නේ කොහොමද? https://youtu.be/jL-mlGqHXnA?t=1h12m10s   දරුවෝ ලැබෙන්නේ නැත්තේ ඇයි? https://youtu.be/jL-mlGqHXnA?t=1h21m15s   වස්කාලය ගිහියන් වශයෙන් ගත කළ යුත්තේ කොහොමද? https://youtu.be/jL-mlGqHXnA?t=1h27m10s   කල්‍යාණ මිත්‍රයා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් විතරයි කියලා මේ දවස්වල ප්‍රචාරය වන මතය අපට නිවැරදි කරගන්නේ කොහොමද? https://youtu.be/jL-mlGqHXnA?t=1h37m10s   තලගුරු වෙහෙර ධම්මානන්ද රහතන් වහන්සේගේ කතාව. https://youtu.be/jL-mlGqHXnA?t=1h41m10s   අනුන්ගේ තරහ මට බලපානවද? https://youtu.be/jL-mlGqHXnA?t=1h46m40s එංගලන්ත ප්‍රශ්න ය. තෙරුවන් සරණ නොගිය පියා සමග සම්බන්ධය නවතා දමා තිබීම හරිද? https://youtu.be/jL-mlGqHXnA?t=1h48m20s   සතර අපායට මෛත්‍රිය වඩන එක හරිද වැරදිද? https://youtu.be/jL-mlGqHXnA?t=1h51m30s   මේ අලුත ධ්‍යාන වඩන ක්‍රම වලදී මෛත්‍රී භාවනාව ගැන සඳහන් වෙන්නේ නැහැ… තින්නං සංගති ඵස්සෝ කර ගත්තම මෛත්‍රී භාවනාව එළියට වැටෙනවා. https://youtu.be/jL-mlGqHXnA?t=1h52m47s

Sinhawalokanaya Episode 11

https://www.youtube.com/watch?v=2Hra7ddYo9U

රහතුන් සම්බන්ධ ගැටලුව නිරාකරන කර දෙන්න?

https://youtu.be/2Hra7ddYo9U?t=4m20s

අඥාං භ්‍යාකරන සූත්‍රය

https://youtu.be/2Hra7ddYo9U?t=7m20s

මේ පහ දුරු නොකර ප්‍රථම ධ්‍යානයට භාධා ය. ඒ මොනවාද?

https://youtu.be/2Hra7ddYo9U?t=11m55s

අරූප ධ්‍යාන සහ යුතුකම් අතර ප්‍රශ්නයක් තිබේද?

https://youtu.be/2Hra7ddYo9U?t=13m32s

වහරක රන්පොත සහ විවිධ අර්ථ ගෙන ඒම නිවැරදි ද?

https://youtu.be/2Hra7ddYo9U?t=18m02s

සංඝ සමාජයේ හිරි ඔතප් හීන වීමක් ඇතිවී ද?

https://youtu.be/2Hra7ddYo9U?t=25m50s

Sinhawalokanaya Episode 12

2018-0ct-08

@ University of Westminster, London

ධර්මයයි ඔබයි - කොත්මලේ කුමාර කාශ්‍යප හිමි (විබජ්ජ කණ්ඩායම) සහ බැලුම්ගල

කොතමලේ කුමාර කාශ්‍යප හිමියන් උන්වහන්සේ හඳුනා ගත් විදියට මේ ධර්මය විකෘති කිරීම් මොනවාදැයි කියා මේ වීඩියෝවේදී කියනවා. බැලුම්ගල ඒ කතාවට සම්පූර්ණයෙන් එකඟවී මේ වැඩසටහන් කරන බවක් තමයි පේන්න තියෙන්නේ.

ධර්ම විකෘතිය කොත්මලේ කාශ්‍යප හිමියන් කියන විදියට කරල තියෙන්නේ මෙන්න මෙහෙමයි.

මේකට උන්වහන්සේ කියන්නේ වහරක විකෘතිය කියල. මේ කාරනා තමයි ඔය කියන විකෘතිය.

  1. ආර්යෙකුගෙන් බණ ඇසිය යුතුය.
  2. අපි තමයි ආර්‍ය (වහරක අනුගාමිකයෝ ගැන වෙන්න ඕන)
  3. පන්සල්වල ඉන්නෙ අනාර්‍යයෝ
  4. අපි කියන්නේ ආර්‍ය භාවනා, අර්‍ය ආනාපාන සතිය
  5. ත්‍රිලක්ෂණයි විකෘති කරල (කොහෙද තියෙන්නේ මේ ත්‍රිලක්ෂණය කියන දේ?)
  6. මූලික ඉද්ධාන්ත සියල්ල වෙනස් කරල
  7. නමස් කාරය කියන්නෙ නම අස්කරගන්න (හිස් කරගන්න කිව්ව එක වෙන්න ඇති ඔය වරදවා කිව්වේ) වැඩ පිළිවෙලක්
    බව උද්ද කිරීම බුද්ධ.
  8. හැමෝටම බුද්ධ වෙන්න පුලුවන්.
Please note that the following does not represent the view of -Namaroopa.com-

This is just reporting of the existing facts for the viewers. It (-namaroopa.com-) does not mean that it agrees to this video or the stand point or associate with the view of this video. These videos and following description is from Gauthama Shrawaka YouTube channel.

What the YouTube Channel published this Video had to say about it:

ධර්මය විකෘති කොට සමාව ගත් ධර්මයයි ඔබේ අධර්මවාදීන් පිලිබඳ නවතම සත්‍ය අනාවරණය…………..

⁣පසු ගියදා මල්වතු මහා නා හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව ඉදිරියට ගිය ස්වාමීන්වහන්සේලා කිහිප නමක් තමන් මෙයට පෙර ධර්මය විකෘති කර අධර්මය පැවසූ බවත් ඒවා අන්තර්ජාලය හරහා ප්‍රචාරය කල බවත් එය තමන් අතින් සිදුවූ බරපතළ වරදක් නිසා එම වරද මින්පසු සිදු නොකරන බවට සමාව ගෙන ලිපියකට අත්සන් තබා පොරොන්දු උනා.

ඒ ස්වාමීන්වහන්සේලා අතර හඳපාන්ගොඩ නිවාතාප ස්වාමීන්වහන්සේද සිටියා.
උන් වහන්සේද තමන් අධර්මය පැවසූ බව පිළි ගත්තා.
ඒත් උන් වහන්සේ සරණ ගොස් සිටින ඔහුගේ ගෝල බාලයන්නම් එය පිළි ගන්නට කැමති බවක් පෙනෙන්නට නෑ.

මේ නිවාතාප ස්වාමීන්වහන්සේ තමයි “ධර්මයයි ඔබයි” කියන නමින් රටපුරා තිබෙන රාජ්‍ය ආයතන, සමාගම්, සහ පුද්ගලික ආයතනවල ප්‍රධානීන් රවටා ඒ හරහා එම ස්ථානවල අධර්මය ප්‍රචාරය කරගෙන ගියේ.

උන් වහන්සේ නිවාතාප නමින් නොදන්නා බොහෝ පිරිසක් “ධර්මයයි ඔබයි” ස්වාමීන්වහන්සේ යන නමින් තමයි හඳුන්වන්නේ.

ඒ නමින් උන් වහන්සේ ප්‍රසිද්ධ නිසා වැඩි දෙනෙකු උන් වහන්සේත් අධර්මය ප්‍රකාශ කල බව පිළිගත්තා කියන කරුණ දන්නේ නෑ.

බලන්න හොඳින් පහත සඳහන් කරුණු ගැන දැන ගන්නට ත්‍රිපිටක දැනුම අවශ්‍යයමද කියලා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට බෝධි සත්වයන් වහන්සේ නමක් ලෙසින් පෙරුම් දම් පිරූබව අපි දන්නවා.

සත්වයා සසරින් නිදහස් කර වන්නට බොහෝ දුක්පීඩා විඳිබව අප දන්නවා.

⁣එය හෑල්ලුවට ලක් කරන නිවාතාප ස්වාමීන්වහන්සේ කියන්නෙ “ජේසු තුමා” ද බෝධි සත්වයන් වහන්සේ නමක බවයි.

අනෙක් කරුණ ක්‍රිස්තියානි ආගමිකයන් සෑමඉරුදිනකම පල්ලියට ගොස් ජේසු තුමාට වන්දනා කරන නිසා බෞද්ධයන් සහ ඔවුන් එක සමාන බවද මේ නිවාතතාප ස්වාමීන්වහන්සේ පවසනවා.

බොහෝ පාලි වචන වල අර්ථ විකෘති කරමින් , අලුත් නිරුක්ති දෙමින් පිරිසිදු දහම් කරුණු වෙනස් කළ මේ හිමි නම එසේම ධර්මය විකෘති කරමින් බුදු සසුනට මහත් හානියක් සිදු කළ වහරක අභයරතනාලංකාර නම් පවිටු භික්ෂුවගේ ගෝල නමකි.

අප කව්රුත් හොඳින්ම දන්නා අතහැරීම පුරුදු කරවන දානය දීම පවා අවඥාවට ලක් කරන මුන් වහන්සේ, දානය යනු සසරේ ලත් ණය නැවත ගෙවීමක් (දා + ණය = දානය) ලෙස හඳුන්වයි.

එය එසේනම් බැංකුවකින් ලබා ගත් ණය ගෙවන අය දානය තුළින් පින් රැස් කර ගන්නා පිරිස විය යුතුය.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ වදාලේ එළ දෙනකගේ බුරුල්ලෙන් කිරි දොවන තරම් සුළු මොහොතක් පවා මෛත්‍රීය වැඩුවහොත් එය මහත්ඵල මහානිශංස වන බවයි.

මේ සා උතුම් මහානුභාව සම්පන්න බෞද්ධයන් සියල්ලෝම පාහේ දන්නා මෛත්‍රී භාවනාව පවා මෙම හිමි නම විසින් සංස්කරණයට ලක් කළා.

මීට අවුරුදු 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ වදාල මෛත්‍රී භාවනාව ප්‍රතික්ෂේප කරමින් ” ආර්ය මෛත්‍රී භාවනාව ” නමින් ඔහු විසින්ම විකෘති කළ භාවනාවක් සමාජ ගත කිරීමට මෙම හිමි නම කටයුතු කළා.

එසේම මේ ධර්මය යි ඔබයි හිමි නම ( නිවාතාප ස්වාමීන්වහන්සේ ) පාලිද නොවන සංස්කෘතද නොවන සිංහලද නොවන , fm නාලිකාවල භාවිතා කරන ආකාරයේ කලවම් වචන සහිත පාඨයන් , තම අනුගාමිකයන් අතර ව්‍යාප්ත කරමින් පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය හා උතුම් පාලි භාෂාවත් හාස්‍යයට ලක් කළා.

” නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා”

මෙහි ” නිබ්බාන , සුඛ හා සුඛිත ” යනු පාලි වචන වන අතර , ” තර වෙත්වා” යන්න මහත් වීම නම් අර්ථය සහිත සිංහල වචනයකි.

තෙරුවන් සරණයි ..!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා..! ,
නිවන් සුව ලබත්වා..!
වැනි සාම්ප්‍රදායික වූත් , ධාර්මික වූත් , අර්ථවත් වූත් සිංහල බෞද්ධයන් අතර ප්‍රචලිතව පැවති වාක්‍යය වෙනස් කරමින් මෙවන් හාස්‍යජනක විකෘති පද හා යෙදුම් සමාජගත කරමින් ජනප්‍රිය වීමට උත්සාහ ගත් මෙවන් හිමිවරුන් බුදු සසුනට මහත් අනතුරකි.

මීට අමතරව නිවාතාප හිමි , අන්තර්ජාලය ඔස්සේ සියුම් ධර්ම කාරණා බොහොමයක් වැරදි ලෙස අර්ථ දක්වමින් ද උතුම් පාලි භාෂාව නිර්දය ලෙස විකෘති කරමින් ද සසුනට විශාල විනාශයක් සිදු කළේ තථාගත ශ්‍රී සද්ධර්මය ගැන අල්පමාත්‍ර වූ හෝ දැනුමක් නොමැති රජයේ හා පෞද්ගලික ආයතන වල විවිධ ක්ෂේත්‍ර වල රැකියාවල නියුතු නිලධාරීන් මුලාවට පත් කරවමිනි.

කෙසේ හෝ ඉහතින් දක්වන පරිදි ඒ සා මහත් ශාසන විනාශයක් සිදු කළ ” ධර්මය යි ඔබයි ” හාමුදුරුවෝ නමින් පෙනී සිටි නිවාතාප හිමි පසුගිය දා තමා විසින් සිදුකළ සියලු වැරදි පිළිගනිමින් මල්වතු මහා නා හිමියන් අභිමුව වැඳවැටී සමාව ඉල්ලුවා..

එය අවංකව සිදුකළ සමාව ගැනීමක් ද නැතහොත්
උන්වහන්සේ ගේ තවත් ප්‍රයෝගයක් දැයි අපි නොදනිමු…

ඒ කෙසේ වෙතත් ඔබ හසුවූ “ධර්මයයි ඔබයි” යන වැඩ සටහනද එය ආරම්භ කල නිවාතාප ස්වාමීන්වහන්සේද “ධර්මයයි ඔබයි” යනු අධර්මය කියාදුන් වැඩ සටහනක් බවත් සහ මින්පසු එසේ නොකරන බවට සහ අධර්මය ප්‍රචාරය නොකරන බවටත් එසේ කලහොත් ශාසනයෙන් ඉවත් කරන්නට හැකි බවටත් පවසා මහා නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන සංඝ සභාව ඉදිරියේ පොරොන්දු වී අත්සන් කර පිළිගෙන ඇත.

ඔබත් මේ අධර්මවාදීන් ගේ රැවටීමට හසූවී බොහෝ පව් රැස්කර ගෙන ඇත්නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මහා සෑ රජුන් ළඟට ගොස් වන්දනා කොට සමාව ගන්න. තෙරුවන් කමා කරගන්න.

තෙරුවන් සරණයි….!!!

විශේෂ ස්තුතිය:
නෙත් FM බැලුම්ගල වැඩසටහන ඔස්සේ සම්බුද්ධ ශාසනය වනසන අධර්මවාදීන් හෙළි දරව් කිරීම ගැන එම කාර්ය මණ්ඩලයට සහ එම ආයතනයට ශ්‍රාවක අපගේ විශේෂ ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව.

උපුටා ගැනීම : නෙත් FM බැලුම්ගල යූ.ටියුබ් චැනලයෙන්.

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. (Y) මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

2018-0ct-06

@ University of Westminster, London

සිත හටගන්නේ ප්‍රභාස්වරව - කාමයට අධි වචන

මේ කියන්නේ පළමුව හටගන්නා විපාක සිත.

ඉච්ඡාව සහ සහ තණ්හාව අධිවචන - නිරුක්ති සහ මට විරුද්ධව එවපු ලියුම්

එනම් මේවා සමාන පද. ඉඡ්ඡා, තණ්හා, සල්ල, ධූපායනා, සිසත්තිකා, … තවද සං.නි.1 77පි ඉච්ඡා සූත්‍රය අනුවද මෙසේමය. නමුත් අද මේ කාරණය නොතේරෙන බොහෝ දෙනෙක් ඉන්නවා. මල්වතු පන්සලේදී ප්‍රශ්න අහන්න ගත්ත වෙලාවේ දීත් මම උන්වහන්සේලා කියනදේ අහගෙන ඉදල උත්තර දුන්නා… ප්‍රශ්න ඇහුවා – එක ප්‍රශ්නයක් තමයි “තණ්හි තණ්හි හාවෙනවා”.

අල්පප්‍රාන සහ මහප්‍රාන - අනිත්‍ය - අනිච්ච - අනිච්ඡ ප්‍රශ්නය

පටිච්ඡසමුප්පාදය හැදෙන්නේ කොහේද? හිතේ. එතැන ඉදල හිතන්න.

ශ්‍රාවිකාවකගේ ප්‍රශ්නය - ඇගේ වරදම නොවේ. කාලයක් තිස්සේ ලද වැරදි දත්තයක්

ඉච්ඡාවගැන කතා කරද්දී පුද්ගලයකුගේ ඉච්ඡාවක් ගැන නෙමෙයි නේද මේ කතා කරන්නේ?
ඇස උදා වීම.. රූපය උදාවීම.. චක්කු වින්. උදාවෙලා.. ඒතුනේ ස්පර්ශය ඔස්සේ තමයි වේදනාවක් පහලවෙන්නේ.. ඒ තමයි දිට්ඨ සුත මුත විඥාත මට්ටම.
ඉතින් එතනදී තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් මමය මගේය කියන දෘෂ්ටිය (ඇතිවෙලා).. වේදනාව මගේය, මම වේදනාවය… කියන දෘෂ්ටියගතවීම සිද්ධ වන්නේ…

අමුවෙන් පරිවර්තනය සහ ඒවා ගෙඩි පිටින් දරා ගැනීමේ විපාකය...

නිවන අහිමි වීම නම් එක සාධාරණ ද? ඒ පොට්ටවෙච්ච ඇස් පාදන්න මහන්සිවීම වරදක් ද? ආදිත්‍තපරියාය සූත්‍රයේ රූපෙසුපි යන්න චක්ෂුසය ලෙස ගැනීම කොච්චර හරිද? රහතන්වහන්සේටත් ඇස් තියෙනවා. එහෙනම් උන්වහන්සේගෙත් ඇස ඇවිලෙනවාද? නෑ කියල තේරුම් ගන්න තියෙන තැන තමයි අර ලොප් වෙච්ච ‘පි’ යන්න.

AA

BB

2018-0ct-09

@ Edgware, London

පරිවර්තනයේදී සිදුවූ විපත සහ මූලික සිද්ධාන්ත වැරදී යෑමේ විපත

අනිච්ඡ – පටිච්ඡ // නිබ්භින්දති // පටිච්ඡසමුප්පාදය // සම්මා දිට්ඨිය වැනි වචන අර්ථ වශයෙන් වෙනස් වෙලා තියෙනවා – පරිවර්තනය කියවල නැවත කියා දෙනකොට.

මේ කැඩෙන බිඳෙන විනාස වෙන දේ ගැන කියන්න බුදු කෙනෙක් පහල වෙන්න ඕනද? හොයන්න ඕන ඇයි මේ අභ්‍යන්තර දේ භාහිර දේක අලවන්නේ? ඇයි මේ අනිත්‍ය දුක්ක අනාත්ම නොතේරෙන්නේ? ඒක මිත්‍යා දෘෂ්ටියක්.

නැති ප්‍රශ්නයක් හදාගෙන එය විසඳන්න බැරිව දඟලන දැගලීමක්

බොහෝ දෙනෙක් මේ බව දන්නේ නෑ.

අනිත්‍ය ස්වභාය හැම විටම දුක දෙන්නේ නෑ. මේ වෙනස ඇතිවෙන්නේ සිත තුල, ඉච්ඡාව හෙවත් කැමැත්ත අනුව බව දන්නේ නෑ.

කාය සත් කියන දෘෂ්ටියට සක්කාය දෘෂ්ටිය කියා, ඒ මොකක්ද කියා තෝරනවිට ඒ “මමය මාගේ යැයි ගැනීම” නම් වේ කියා හඳුන්වනු ලබනවා. මෙය බුදු දහමේ නැති දෘෂ්ටියක් වන අතර නැති ප්‍රශ්නයක් හදාගෙන එය විසඳන්න බැරිව දඟලන දැගලීමක් වෙයි.

පංච සීලයත් වරද්දා ගත්තා... මෙච්චරකල් මොනවාද කලේ?

මේ දේශකයෝ බොහෝ දෙනෙක් ප්‍රථම ධ්‍යානයවත්, සෝවාන් ඵලයවත්… නෑ.

පස්ස පැත්ත මහල බඩ යන්න බෙහෙත් දුන්නා වගේ දෙයක් තමයි මෙච්චර කාලයක් උනේ. ඒනිසායි මෙච්චර බණ කියන රටේ බේබද්දෝ, කුඩු කාරයෝ…. ආදී දහ ජරා වැඩ වලින් අංක එක.

පංච සීලයත් වරද්දා ගත්තා… මෙච්චරකල් මොනවාද කලේ?
කිං පංචසීලං කියන ප්‍රශ්ණයට පිළිතුරක් දීල තියෙනවා. පටි. මග්ගප්‍රකරණය -1/සීලයම ඥාණ යටතේ මෙය දක්වා ඇත. පහාන, වේරමණී, චේතනා, සංවර, අවිතික්කම සීලය පංචසීලය ලෙස දක්වා ඇත.
සීලය කුමක්දැයි කියා මහා නිද්දේසපාලිය බලා තෝරා ගන්න පුලුවන්.

2018-0ct-13

@ Bristol – England

විභජවාදය සහ ජාතික වස්තුව

විවිධ මත සහ ආචාර්‍ය වාද තුල සිරවූ බෞද්ධයන් ගැන අභය හිමි අදහස් දැක්වූ අවස්ථාවක්. වෙනස් නොවී දැරීමට දරන උත්සාහයක් මිසක් ප්‍රථිඵල නොලැබෙන්නේ ඇයි කියන එක ගැන කවුරුත් විමසන්නේ නැත්තේ ඇයි?

ශ්‍රමණ යනු කුමක්ද? රෙද්දේ තියෙන එකක්ද?

විහාරගම් දේවාල පනතේ ලියාපදිංචි වූ අයෙක් නම් ශ්‍රමණ. මේ කථාව කොපමණ උචිත ද? අන්‍ය පරවාද ශ්‍රමණයන් කෙරෙන් තොරය.

බණ සහ බජව් අතර - වහරක හිමියන්ගේ බුද්ධාන්තර 13ක ප්‍රාර්ථනාව

මේ බණ මෙච්චර අහල නොතේරුනේ ඇයි? කියන ප්‍රශ්නය අපි හැමෝටම තිබුනා. උන්වහන්සේගෙන් පැය දෙකක් පමණයි මේ බණ ඇහුවේ. වෙච්ච වරද තේරුණා… කියන දේ තේරුම් ගියා. එතෙනින් එහාට මේ ගමන නැවතුනේ නෑ. මේ පණිවුඩය අහන අය මේක තේරුම් ගත්තා, නමුත් උන්වහන්සේට බොහෝ බලපෑම් ආවා ත්‍රිපිටකයේ නැති දේ කියනවා කියා. ඒ නිසායි අද මේ විදියට ත්‍රිපිටකය පෙන්වමින් දහම් දෙසන්න මම තීරණය කලේ.

නැවත…

නොසාදන්නට.

අසාර වූ මේ භව ගමන. නිමා කරන්නට.
සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය…

වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය.

පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත.

මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

ප්‍රශ්න අසන්නෝ බොහෝය
උත්තර දෙන්නෝ අල්පය

සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවන්න.