+1-778-834-5353 info@namaroopa.com
Select Page

ඔබගේ දෛනික බුද්ධ වන්දනාව පහසු කරගන්න මෙන්න අපෙන් විශේෂ ගාථා එකතුවක්! ඡත්ත මානවක ගාථා, රත්නමාලී ගාථා, නරසීහ ගාථා සහ ජිනපඤ්ජර ගාථා යන විශේෂ ආරක්‍ෂක ගාථා මෙහිදී ඔබට පහසුවෙන් බලාගත හැක.

ඔබට අවශ්‍ය ගාථාවේ මාතෘකාව මත හෝ එහි ඇති (+) ලකුණ මත ක්ලික් කිරීමෙන් අදාළ වීඩියෝව සහ PDF ඩවුන්ලෝඩ් ලින්ක් එක පහළට විවෘත කරගත හැක (Dropdown). නැරඹී අවසන් වූ පසු නැවත එය ක්ලික් කිරීමෙන් පහසුවෙන්ම වසා දමන්නත් පුළුවන්.

බුද්ධ පූජා – Budhdha Pooja
අටවිසි බුද්ධ පූජාව - Atavisi Budhdha Poojava - 45 Mins

වන්දනාව සහ භාවනාව – 45 මිනිත්තු

සම්බුද්ධ රාජ මාලිගය – මහ මෙව්නාව


බුද්ධ පූජාව - Budhdha Poojava
ඖෂධ පූජාව - Offering Medicines
නවග්‍රහ ශාන්තිය - Navagraha Shanthiya
නවග්‍රහ ශාන්තිය - Navagraha Shanthiya (Sinhala) / 10 Mins
රත්නමාලී ගාථා - Rathnamaali Gathaa (Pali chanting with Sinhala Meaning) - 7 Mins
රත්නමාලී ගාථා - Rathnamaali Gathaa (Pali chanting with Sinhala Meaning) - 7 Mins
නරසීහ ගාථා - Naraseeha Gatha (Sinhala Meaning) - 9 Mins
නරසීහ ගාථා - Naraseeha Gatha (Sinhala Meaning)
නරසීහ ගාථා (Pali) සිංහල තේරුම (Sinhala Meaning)
චක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ
ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ
චාමර සත් බැබලෙන පා පතුලේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා
පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා
ලෝ යහපත වෙත ආ නරවීරා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාගෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ
පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි
දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි
මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
අග්‍ර කුලය වූ කැත් කුල වංශේ
දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ
ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
උසින් දිගින් සුපිහිටි සොද නාසේ
ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ
දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
මනාව වටකොට සැදි ගෙල ඇත්තේ
සිංහ හනුද මුව රජ වැනි සිරුරේ
රන්පාටින් බැබලෙන ගත සිරියේ
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සුසිනිල කේශය අඤ්ජන වර්ණය
රන්පටයක් බඳු නිමල ලලාටය
ඕසධි තරුවක් සේ පිරිසිදු විය
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන
හිංගුල කන්ද සෙ දිව යහපත් වේ
විස්ස බැගින් යුත් සමසතලිස් දත්
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිවේඨිත රූපෝ
සාවක මජ්ඣතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
අහස් කුසේ සරණා පුන්සඳ සේ
තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්
ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා
මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
ඡත්ත මානවක ගාථා - Chaththa Manavaka Gatha (Sinhala Meaning) - 4 Mins
ඡත්ත මානවක ගාථා Video

ඡත්ත මානවක ගාථා (පාලි) සිංහල අර්ථය
යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි
තං සුගතං සරණත්ථමුපේමි
කථා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙකු වෙතිද,
ඒ අවබෝධ කරගතයුතු සියල්ල අවබෝධ කරගත්
ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ය.
ප්‍රඥා බල මහිමයෙන් හා චතුරංග සමන්වාගත
වීර්යයෙන් සංසාරයෙන් එතෙරට වැඩි ඒ
සුගතයන් වහන්සේ ව සාදරයෙන් සරණ යමි.
රාග විරාග මනේජ මසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි
රාගය නැති කරන්නා වූ, ශෝක රහිත වූ,
තෘෂ්ණාව රහිත වූ, අසංඛත වූ මෙම ධර්මය
පිළිකුල් රහිත ය. මනා කොට ප්‍රගුණ කළහොත්
අනන්ත සුන්දරත්වයක් සාක්ෂාත් කර දෙන්නේ ය.
ඒ නිර්වාණ ධර්මය සාදරයෙන් සරණ යමි.
යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසූ පුරිස යුගේසූ
අට්ඨ ච පුග්ගල ධම්ම දසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි
යම් කෙනෙකුට පිදීමෙන් මහත් ඵල,
මහත් ආනිසංස ලැබේද? ඒ පුද්ගල යුගල
වශයෙන් වූ සතර දෙනෙක් වූ, පාරිශුද්ධ වූ,
සංඝයා වහන්සේලාට දීමෙන් ය.
ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගලයන්
වශයෙන් අට දෙනෙකු වේ.
ඒ සංඝ රත්නය සාදරයෙන් සරණ යමි.
ආරක්ෂක පිරිත් - Protective Pirith Chantings
සෙත් පිරිත් - Sinhala / 30 mins
ගිනි පිරිත - Sinhala / 4 mins
ධජග්ග පිරිත - Sinhala / 9 mins
දස දිසා පිරිත - Sinhala / 6 mins
සත් බුදු වන්දනාව - Worship last seven enlightened beings - Seven Buddhas
සත් බුදු වන්දනාව - Sinhala / 4 mins
ජිනපඤ්ජර ගාථාව
ජිනපඤ්ජර ගාථාව - Sinhala
Download PDF ජිනපඤ්ජර ගාථාව - Sinhala
ජිනපඤ්ජර ගාථා (පාලි) සිංහල අර්ථය
ජයාසනගතා වීරා ජය අසුන් අරා වැඩහුන් වීර වූ
ජෙත්වා මාරං සවාහිණිං සේනා සහිත මරසෙන් පරදවා,
චතුසච්චාමතරසං යේ පිවිංසු නරාසහා යම් නරෝත්තමයන් වහන්සේලා සිවුසස් අමා රසය පානය කොට වදාළ සේක් ද,
තණ්හංකරාදයො බුද්ධා තණ්හංකරාදි ඒ බුදුවරයෝ ද,
අට්ඨවීසති නායකා අටවිසි ලෝක නායකයන් වහන්සේලා ද,
සබ්බේ පතිට්ඨිතා (තුය්හං) මත්ථකේ (තේ) මුනිස්සරා ඒ සියලු මුනීශ්වරයන් වහන්සේලා (ඔබේ) මස්තකයෙහි (හිස මත) වැඩ වසන සේක.
සිරේ පතිට්ඨිතා බුද්ධා (ඔබේ) සිරසෙහි බුදුවරු වැඩ වෙසෙති.
ධම්මෝ ච ධර්මය ද
(තව) ලොචනේ (ඔබේ) දෑසෙහි පිහිටියේ ය.
සංඝෝ පතිට්ඨිතෝ (තුය්හං) (ඔබේ) මහ සඟරුවන පිහිටියාහු ය.
උරේ සබ්බගුණාකරෝ සියලු ගුණයට ආකරයක් වූ, ලයෙහි වෙසෙයි.
හදයේ අනුරුද්ධෝ ච හදවතේ අනුරුද්ධ තෙරුන් වහන්සේ ද,
සාරිපුත්තෝ ච දක්ඛිණේ දකුණු පස සැරියුත් තෙරුන් වහන්සේ ද,
කොණ්ඩඤ්ඤෝ පිට්ඨිභාගස්මිං පසුභාගයෙහි කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ද,
මොග්ගල්ලානෝ සි වාමකේ වම් පස මුගලන් තෙරුන් වහන්සේ ද වෙති.
දක්ඛිණේ සවණේ (තුය්හං) ඔබගේ දකුණු කණෙහි
ආහුං ආනන්ද රාහුලා ආනන්ද සහ රාහුල තෙරවරු ද,
කස්සපෝ ච මහානාමෝ කාශ්‍යප සහ මහානාම තෙරුන් වහන්සේලා ද,
උභොසුං වාමසෝතකේ ඒ උභය දෙනා වහන්සේලා වම් කණෙහි වසන සේක.
කෙසන්තේ පිට්ඨිභාගස්මිං කේශාන්තයේ හා පසුභාගයෙහි
සුරියෝවිය පභංකරෝ හිරු මෙන් බබළන
නිසින්නෝ සිරිසම්පන්නෝ සමෘද්ධි සම්පන්නව වැඩ වෙසෙන
සෝභිතෝ මුනිපුංගවෝ සෝභිත නම් මුනි උතුමාණෝ පිහිටියහ.
කුමාරකස්සපෝ නාම කුමාර කාශ්‍යප නම් වූ
මහේසි චිත්‍රවාදකෝ විචිත්‍ර කථික වූ ඒ මහා ඍෂීන් වහන්සේ
සෝ (තුය්හං) වදනේ නිච්චං ඔහු ඔබගේ මුහුණෙහි නිතර
පතිට්ඨාසි ගුණාකරෝ ගුණයන්ට ආකර වූ උන්වහන්සේ පිහිටි සේක.
පුණ්ණෝ අංගුලිමාලෝ ච පුණ්ණ, අංගුලිමාල ද,
උපාලි නන්ද සීවලි උපාලි, නන්ද, සීවලී ද යන
ථේරා පඤ්ච ඉමේ ජාතා මේ පස් තෙරුන් වහන්සේලා
ලලාටේ තිලකා (තව) ඔබේ නළලෙහි තිලකයක් මෙන් ජාත වූ සේක.
සෙසාසීති මහාථේරා සෙසු අසූ මහා ශ්‍රාවක තෙරුන් වහන්සේලා
විජිතා ජිනසාවකා කෙලෙස් සතුරන් පරදවා ජය ලද බුදු සව්වෝ
ජලන්තා සීලතේජේන සිල් තෙදින් බබළමින්
අංගමංගෙසු සණ්ඨිතා ඔබේ අඟපසඟෙහි පිහිටියාහු ය.
රතනං පුරතෝ ආසි ඔබේ පෙරටුවේ රතන සූත්‍රය පිහිටියේ ය.
දක්ඛිණේ මෙත්තසුත්තකං දකුණු පස මෙත්ත සූත්‍රය ද,
ධජග්ගං පච්ඡතෝ ආසි පසුභාගයෙහි ධජග්ග සූත්‍රය ද පිහිටියේ ය.
වාමේ අංගුලිමාලකං වම් පස අංගුලිමාල සූත්‍රය ද පිහිටියේ ය.
ඛන්ධ මෝර පරිත්තං ච ඛන්ධ පිරිත සහ මෝර පිරිත ද,
ආටානාටිය සුත්තකං ආටානාටිය සූත්‍රය ද,
ආකාසච්ඡදනං ආසි ඔබට අහසෙහි සෙවණක් (වියනක්) මෙන් විය.
සේසා පාකාරසඤ්ඤිතා සෙසු සියලු පිරිත් ඔබ අවට ප්‍රාකාර මෙන් පිහිටියාහු ය.
ජිනාන බලසංයුත්තේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් යුතු වූ,
ධම්මපාකාරලංකතේ ධර්මය නමැති ප්‍රාකාරයෙන් අලංකාර වූ,
වසතෝ තේ චතුකිච්චේන සිවු ඉරියව්වෙන් වෙසෙන ඔබට,
සදා සම්බුද්ධපඤ්ජරේ හැම කල්හි සම්බුද්ධ නමැති ජිනපඤ්ජරයෙහි (බුදු මැදුරෙහි),
වාතපිත්තාදි සඤ්ජාතා වාත, පිත් ආදියෙන් හට ගන්නා වූ ද,
බාහිරජ්ඣත්තුපද්දවා බාහිර වූ හා ආධ්‍යාත්මික වූ ද සියලු උවදුරු,
අසේසා විලයං යන්තු අනන්තගුණතේජසා අනන්ත ගුණ තෙදින් සර්ව ප්‍රකාරයෙන් (අශේෂයෙන්) දුරුවේවා.
ජිනපඤ්ජරමජ්ඣට්ඨං ජිනපඤ්ජර මධ්‍යගතව
විහරන්තං මහීතලේ පොළෝ තලයෙහි වාසය කරන ඔබ,
සදා පාලෙන්තු (ත්වං) සබ්බේ හැම කල්හිම ආරක්ෂා කෙරෙත්වා
තේ මහාපුරිසාසභා ඒ සියලු මහා පුරුෂෝත්තමයන් වහන්සේලා.
ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ මෙසේ ඒකාන්තයෙන් කරණ ලද මනා ආරක්ෂාව ඇතිව,
ජිනානුභාවේන ජිතූපද්දවෝ ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් උවදුරු ජයගෙන,
බුද්ධානුභාවේන හතාරිසංඝෝ බුද්ධානුභාවයෙන් සතුරු සමූහයා පරාජය කොට,
චරාහි සද්ධම්මානුභාවපාලිතෝ සදහම් බලයෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේ ය.
ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ මෙසේ ඒකාන්තයෙන් කරණ ලද මනා ආරක්ෂාව ඇතිව,
ජිනානුභාවේන ජිතූපද්දවෝ ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් උවදුරු ජයගෙන,
ධම්මානුභාවේන හතාරිසංඝෝ ධම්මානුභාවයෙන් සතුරු සමූහයා පරාජය කොට,
චරාහි සද්ධම්මානුභාවපාලිතෝ සදහම් බලයෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේ ය.
ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ මෙසේ ඒකාන්තයෙන් කරණ ලද මනා ආරක්ෂාව ඇතිව,
ජිනානුභාවේන ජිතූපද්දවෝ ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් උවදුරු ජයගෙන,
සංඝානුභාවේන හතාරිසංඝෝ සංඝානුභාවයෙන් සතුරු සමූහයා පරාජය කොට,
චරාහි සද්ධම්මානුභාවපාලිතෝ සදහම් බලයෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේ ය.
සද්ධම්මපාකාරපරික්ඛිතෝසි ඔබ සද්ධර්මය නමැති ප්‍රාකාරයෙන් වට කරන ලද්දේ වේ.
අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති ආර්යයන් වහන්සේලා අට නම අට දිශාවන්හි වෙති.
එත්ථන්තරේ අට්ඨ නාථා භවන්ති මේ අතරෙහි අට නාථයෝ වෙති.
උද්ධං විතානං ව ජිනා ඨිතා (තේ) ඔබට උඩුවියනක් සේ ජිනේන්ද්‍රයන් වහන්සේලා වැඩ වෙසෙති.
හින්දන්තෝ මාරසෙනං දස මරසෙන් පරදවමින්
(තව) සිරසි ඨිතෝ ඔබගේ සිරසෙහි වැඩ සිටින සේක.
බොධිමාරුය්හ සත්ථා ජයසිරි මහ බෝ රුක් මුල විදුරසුන් අරා වැඩහිඳි ශාස්තෘන් වහන්සේ ද,
මොග්ගල්ලානෝසි වාමේ වසති භුජතටේ දක්ඛිණේ සාරිපුත්තෝ මහ මුගලන් තෙරුන් වහන්සේ වම් පසෙහි ද, සැරියුත් මහ තෙරුන් වහන්සේ දකුණු පසෙහි ද වැඩ වෙසෙති.
ධම්මෝ මජ්ඣේ උරස්මිං විහරති භවතෝ මොක්ඛතෝ මෝරයෝනිං භවයෙන් මිදීම හේතුකොට ගෙන ධර්මය ලය මැද පවතී. මෝර යෝනියට
සම්පත්තෝ බොධිසත්තෝ චරණයුගගතෝ භාණු ලෝකේකනාථෝ පැමිණියා වූ බෝසතාණන් වහන්සේ ද, හිරු මෙන් ලෝවැසියාට අසහාය සරණ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද පා යුවලෙහි වැඩ සිටිති.
සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං සියලු අවමඟුල්, උවදුරු සහ නපුරු නිමිති ද,
සබ්බීතිරෝගගහදෝසමසේසනින්දා සියලු රෝග පීඩා, ග්‍රහදෝෂ සහ අශේෂ නින්දා ද,
සබ්බන්තරායභයදුස්සුපිනං අකන්තං සියලු අන්තරාය, භය සහ නපුරු සිහින යන මේ සියල්ල ද,
බුද්ධානුභාව පවරේණ පයාතු නාසං බුද්ධ රත්නයේ උතුම් ආනුභාවයෙන් දුරුවේවා (විනාශයට පත් වේවා).
සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං සියලු අවමඟුල්, උවදුරු සහ නපුරු නිමිති ද,
සබ්බීතිරෝගගහදෝසමසේසනින්දා සියලු රෝග පීඩා, ග්‍රහදෝෂ සහ අශේෂ නින්දා ද,
සබ්බන්තරායභයදුස්සුපිනං අකන්තං සියලු අන්තරාය, භය සහ නපුරු සිහින යන මේ සියල්ල ද,
ධම්මානුභාව පවරේණ පයාතු නාසං ධම්ම රත්නයේ උතුම් ආනුභාවයෙන් දුරුවේවා (විනාශයට පත් වේවා).
සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං සියලු අවමඟුල්, උවදුරු සහ නපුරු නිමිති ද,
සබ්බීතිරෝගගහදෝසමසේසනින්දා සියලු රෝග පීඩා, ග්‍රහදෝෂ සහ අශේෂ නින්දා ද,
සබ්බන්තරායභයදුස්සුපිනං අකන්තං සියලු අන්තරාය, භය සහ නපුරු සිහින යන මේ සියල්ල ද,
සංඝානුභාව පවරේණ පයාතු නාසං සංඝ රත්නයේ උතුම් ආනුභාවයෙන් දුරුවේවා (විනාශයට පත් වේවා).
බොජ්ජංග පිරිත් – Bojjanga Pirith
පිරිත් - බොජ්ජංග පිරිත් - ගිරිමානන්ද සූත්‍රය - Girimanandha Suthraya (With Sinhala Meaning) - 17 Mins

දස සංඥාව ගැන දේශනාව

https://youtu.be/BTMSUhRqQRM

පිරිත් - බොජ්ජංග පිරිත් - මහා චුන්දතෙර බොජ්ජංග පිරිත - Maha Chunda Thero Bojjanga Piritha - 5 Mins
https://youtu.be/bcmsxMOOBfE
පිරිත් - බොජ්ජංග පිරිත් - මහා මොග්ගල්ලානතෙර බොජ්ජංග පිරිත - Maha Moggallana Thera Bojjanga Piritha - 7 Mins
https://youtu.be/v9DSmIUAXEk
පිරිත් - අංගුලිමාල පිරිත - Angulimala Piritha - 4 Mins
https://youtu.be/Svm2dgPHUsw
ජය මංගල ගාථා – Jayamangala Gaatha
බෝධි පූජාව – Bodhi Pooja

බෝධි පූජාව – Bodhi Pooja

බෝධි පූජාව - Sinhala / 37 mins
මෝර පිරිත - Mora Piritha
මෝර පිරිත Mora Piritha by Waharaka Abhayarathanalankara Thero / 3 mins
පාලි පාඨය (Pali) සිංහල තේරුම (Sinhala Meaning)
උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.
ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා.
යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.
අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං
ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.
යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.
යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ යි.