
බුදුන් උපන් දේශය සොයා යන වන්දනා ගමන…
නිවැරැදි අර්ථ ධර්ම අනුව බුදු දහම සොයා ගැනීමට හැකිවූ දේශකයානන් වහන්සේලාගේ ඇසුර ලැබීම මෙකල උපන් බොහෝ දෙනෙකු ලද භාග්‍යයකි.
බුදුන් උපන් දේශය සොයා ගැනීමත්, නඩු දමා දඟ ගෙයි දැමුවත්, සත්‍ය නොබියව හෙලි කිරීමත් ඒ කතාවේ තවත් කොටසකි.
තව පසෙකින් සීමිත ජාතික ධන සම්පත් නිවැරදි ලෙස, රුදුරු අන්තවාදී ජාතීන්ගෙන්, නියම බුද්ධ භූමි රැකගැනීමටත්, ඒවායේ නඩත්තුව සහ දියුණුව සඳහා යෙදවීමට හැකියාව ලැබීම භාග්‍යයකි.
සත්‍යය, වචන තුල දියාරු කර දැමීමේ උත්සාහයෙන් වැලකී මේ හෙලිකිරීමේ සුල මුල සොයා යෑමත්, ඉන් ආර්‍ය මාර්ගය වඩා ගැනීමට රුකුල් ගැනීමත් නිවන කරා ලඟා වීමේ උත්සාහය වේගවත් කරනු ඇත.
බොහෝ අවස්ථාවල මේ කරුණු දන්නා අය හෙළිනොකර සිටියේ ඊට සුදුසු පරිසරය සකස්වන තුරු බව අද පැහැදිලිව පෙනී යයි. එසේත් නැතිනම් තැනක්, ගමක්, නමක් අරභයා, නුවණ මුහුකුරා නොගිය බහුතරයක් සමඟ තර්ක වාදවල පැටලැවී වටිනා ජීවිත කාලය තර්ක තුල ගත කිරීමේ පුස් බව දැන හදුනාගත් නිසාවෙනි. දැන් ඊට අවශ්‍ය පරිසර සාධන සැකසී ඇත.
වහරක අභයරතනාලංකාර තෙරුන් වහන්සේගේ පටිගත කල ධර්ම දේශනා තුල මේ කරුණු ගැන කියවෙන අවස්ථා ඇත. ඒ සමහර පටිගත කිරීම් සිදුකර ඇත්තේ 2007 තරම් ඈත අතීතයකදී ය. ඊට පෙරත් උන්වහන්සේ මේගැන සඳහන් කලාදැයි කීමට තවම කරුණු හමුවී නැත.
කෙසේ නමුත් මේ ගැන කතා කරන මුල් අවදියේදී, බොහෝ අවස්ථාවන් වලදී උන්වහන්සේ කතාව වැඩි දුර නොගොස් කෙටියෙන් නිම කරන්නේ මේ කතාව මෝහයේ අන්ධකාරයට මුලාවූ බහුතරයකට දරා ගැනීමට නොහැකි වූ නිසාත්, ඊට අවශ්‍ය පරිසරය සකස් නොවී ඇති නිසා බවත් හොඳින්ම පැහැදිලි වේ.
පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් මේ සත්‍ය හෙලි පෙහෙලි කරදීමේ සද් කාර්‍ය සිය උර දරා කටයුතු කල, ඒ සම්බන්ධව ප්‍රධානතම දෝෂාරෝපණ, නඩු සහ ගැරැහුම් ලද යතිවරයන් වහන්සේ නමයි.
නොබියව, කිය යුතුදේ කී උන්වහන්සේ තම ධර්ම දේශනා සෑහෙන ප්‍රමාණයක මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදරවු කර, ප්‍රශ්ණ නිරාකරනයකර දී ඇත. ඉතිහාසය පාසැලෙන්ම කැපි කැපී ඉවත් යන කාල වකවානුවක, සොයා ගත් මේ වටිනා කරුණු කැටිකරගත් ප්‍රධාන පොත් දෙකක් උන්වහන්සේ ලියා පල කර ඇත.
මේ පහත ඡේදය උපුටා ගත්තේ උන්වහන්සේ විසින් රචනා කරන ලද “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” පළමුවන ග්‍රන්ථයට උන්වහන්සේ විසින් සැපයූ පෙරවදනෙ නි.

මේ හෙළදිව බුද්ධ රාජ්‍යයයි. ධර්ම දීපයයි. අද ඒ බුද්ධ රාජ්‍යය, ධර්ම දීපය සියලු ආකාරයෙන් ම ශුද්ධ පවිත්‍ර වී, පිරිසිදු වී, සියලු බාධක හා බැඳීම් දුරු වී ක්‍රමානුකූලව සමස්ත ලෝක වාසී ජනතාවටම දහම් දිය බෙදා දෙන ධර්ම මධ්‍යස්ථානය බවට නැවතත් පත් වන්නට අවශ්‍ය සියලු කරුණු ද සම්පූර්ණ වෙමින් පවතී.
මේ සියලු කරුණු සත්‍යයේ නාමයෙන්, ධර්මතාවයේ බලයෙන්, මතු වී එළි දැකීමත් සමග ම ධර්ම මාර්ගයේ අවංකවම ගමන් කරන්නන්ට ද නිවන නිදහස ළඟාකර ගත හැකි වනු ඇත.
කවුරුන් කෙසේ කීවත් පෙළ දහම අනුව අප සිහිතබා ගත යුත්තේ, මේ සතර ස්ථාන දැක ගැනීම පහන් සිතින් සංවේග උපදවා ගැනීමට මිස ඉන් එහා ඵලයක් ලබා ගැනීමට නොවන බවයි.
To inspire you a little bit more…
Read the famous words from Albert Einstein. You have to look at new concepts and knowledge with unbiased mind. Then, you will find things becoming possible.
