+1-778-834-5353 info@namaroopa.com
Select Page

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු ආනාපාන සතියට අධි-වචනයකි.
අනාපාන සතිය යනු විදර්ශනාවක්. මෙය බහුලව වැඩීමෙන් නිවන් සපුරයි.

නානා නම් වලින් අරගෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන මහණුන් සිටී.

ආනපන්සී = ආනාපාන සතිය

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු ආනාපාන සතියට අධි-වචනයකි.
අනාපාන සතිය යනු විදර්ශනාවක්. මෙය බහුලව වැඩීමෙන් නිවන් සපුරයි.

 

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තුල හුලං කතාවක් නැත.
බුදු දහමේ ආනාපාන සතිය යනු හුලං භාවනාවක් කිව්වේ බුද්ධගෝෂ හාමුදුරුවෝ.
හුලං භාවනා ක්‍රමයෙන් ධ්‍යාන වඩන විටත් වැඩෙනවා. ප්‍රීති සුඛ දැනෙනවා. අසීමිත සුව දැනෙනවා.
මේකට අසු වූ කෙනෙක් එයින් ගැලවීමත් දුෂ්කර දෙයකි.
ඇයි? වඩනකොට වැඩෙනවා. ධ්‍යාන ලක්ෂණ තියෙනවා. හොයන්න අමාරුයි වෙනස.
ප්‍රශ්නය වෙන්නේ කොච්චර වැඩුවත් මේ ක්‍රමයට නිවන් පූර්ණ කරන්න බැරි වීමයි.
ඇයි නිවෙනේ නැත්තේ කියල වඩාගෙන යන අය මඟදී පැටලැවෙනවා.

 

 

 

තිස්හතෙන් එකක් වැඩුවත් නිවන් මඟක්

 

සමාන ලක්ෂණ නිසා අනෙක්වා වැඩේ.

සමථය = නිවන් මගකි.

ධ්‍යාන වඩවු.

කලින් ඉගෙන තිබුණේ හුලං දිහා බලාගෙන සමථ කරල පස්සේ විදර්ශනා කරන්න. ඒක නෙවෙයි බුද්ධ සාසනයේ සමථය කියන්නේ.

වස්තුකාම ක්ලේශ කාම කෙරෙහි ආශ්වාද ආදිනව දැකල විදර්ශනා කිරීම සමථය යි.
එනිසා සමථය නිවන් මඟකි.

මේ වග්ගයේ නිවන් මඟ විවිධ ලෙස විස්තර කර ඇත.

විපස්සනාව = නිවන් මගකි.

සවිතක්ක සවිචාර සමාධි = නිවන් මගකි.
(මේ ක්‍රමය තමයි ඔය කර්මස්ථාන සජ්ජායනා කරමින් මේ භාවනා වැඩසටහන් වලදී වඩන්නේ. හතරවන දැහැනට වෙනකන් යන්න පුලුවන්, එතෙනින් එහාට විදර්ශනාව පුර්ණ කරල නිවන් අවබෝධ කරගන්න පුලුවන්)
මේ සමාධි සමාන්‍ය හැමට වඩන්න පුලුවන්.

මේ සමාධි තරමක් අමාරුයි. ඥාණ ශක්තිය අවශ්‍යයි වඩන්න.

අවිතක්ක-විචාර මාත්‍ර සමාධිය = නිවන් මගකි.
අවිතක්ක-අවිචාර සමාධිය = නිවන් මගකි.

 

වඩන්නේ මෙහෙමයි:

ඉස්සෙල්ලාම හිතේ ස්වභාවය තේරුම් කරගන්න ඕන.
පරන දෙයක් මතක්වෙන එක විපාකය. ඒක නවත්තන්න බෑ. නමුත් ඒකත් එක්ක බැඳී බැඳී යන එකයි නවත්තන්න ඕන. ඒ ඒ මොහොතේ (පච්චුප්පන්න මොහොත) රාග ද්වේශ මෝහයෙන් කරන වැඩ පිළිවෙළ නවත්තන්න ඕන.
විපාකය තියෙනවා, ඒ අව්‍යාකෘතපටිච්ච සමුප්පාදය යි. එතනින් එහාට අභිසංකරන කරන වැඩපිළිවෙළ නිසා තමයි මේ කර්ම සකස් වෙන්නේ.
ඉස්සල්ලම මෙහෙම බලං ඉදල තෝර ගන්නවා මේ හිත උත්සාහයෙන් වීර්‍යයයෙන් තමයි අභිසංකාර කරන්නේ.
එතනින් එහාට ගන්නවා අදහසක්, මේ රාග ද්වෙශ මෝහයන් ගෙන් හැදුනු ලෝකේ අභිසංකාර කරල වැඩක් නෑ කියල.
දැන් හිතට හිතන්න කරන උත්සාහය සහ වීර්යය අයින් කරනවා, ඒ තුල හිතෙනවා – හිතන්නේ නෑ.
දැන් මේ ක්‍රියාව බලන් ඉන්නෙත් හිතෙන්මයි. ඒ තමයි විචාර මාත්‍රය. කර්මස්ථාන ගැනීමක් නෑ. මේ තමයි watcher, observer.

මෙසේ ටිකෙන් ටික හිත, හිත හිතා යන වැඩපිළිවෙළ පටන්ගන්න යන කාලය වැඩි කරගෙන යනවා. මේ කාලය හොදටම වැඩුනම, observer / විතක්කය නවතනවා.
දැන් වැඩෙන්නේ අවිතක්ක-අවිචාර සමාධිය යි.

අවිතක්ක-විචාර මාත්‍ර සමාධිය වඩන්න හිත දිහා බලාගෙන ඉන්න කෙනෙක් දානව (observer) – ඒකයි විචාර මාත්‍ර කිව්වේ. මේක උපක්‍රමයක්.
හිතකට ධම්ම ඇවිල්ල ගැටෙන්න පෙර හිත ප්‍රභාස්වරව හටගෙන තියෙන්නේ හතරවන දැහැනේ. ඒත් ගැටෙන ධම්මත් සමඟ ලෝභ ද්වේශ මෝහයෙන් පටිච්ච වෙලා අපි හිතුවිලි ක්‍රියාවලියක් හදාගන්නවා. එයින් හිත පහළ වැටෙනවා.

එසේ හිත පහළ නොවැටී තබා ගැනීමයි කරන්න උත්සාහ කරන්නේ. එවිට පච්චුප්පන්න මොහොත පවත්වාගෙන යන්න පුලුවන්.
මේ ක්‍රමයේදී ප්‍රිති සුඛ නැත. කෙලින්ම චතුර්තත් ධ්‍යානය – උපේක්ෂා ඒකාග්‍රතා.

මේ හැම එකම වැඩෙනවා ආශ්වාදයෙ ආධීනව නිස්සරනය වැඩීමෙන්.