+1-778-834-5353 info@namaroopa.com
Select Page

බණ අහන්නේ ඇයි? ඥාණ දර්ශනය ලබන්න අහන්න ඕන මොනවාද? අවිපරීත ධර්ම දේශනාවකට සවන්දීමෙන් ප්‍රතෝගෝෂ ප්‍රත්‍ය ලැබේ. එය කල්‍යාණ මිත්‍රයාගෙන් ලබන උදව්වයි. මේ කරුණු ගැනත්, ඥාණය නම් කුමක්ද යන්නත් ගැන දැනගැනීමට පහත කරුණු බලන්න.


අවිපරීත ධර්ම දේශනාවකට සවන්දීමෙන් ප්‍රතෝගෝෂ ප්‍රත්‍ය ලැබේ. එය කල්‍යාණ මිත්‍රයාගෙන් ලබන උදව්වයි.

සුතමය වශයෙන් අහගන්නා දේ මතක තියාගෙන කියන්න හොඳ මතකයක් තියෙන ඕනම කෙනෙකුට පුලුවන්. නමුත් ඒ මතක තියාගත්ත දේ විමස විමසා තම ජීවිතය සමග ගලපා තේරුම් ගැනීමෙන් චින්තාමය ඥාණයක් බවට පත්වේ. මෙම චින්තාමය ඥාණය ලබන කෙනා ධර්ම මාර්ගයේ ඉදිරියට යයි.

සෝතාපන්න ඵලය ලබන්නා දර්ශනයක් මත පිහිටා කටයුතු කරයි.

තුන් සංයෝජන දුරු කිරීමෙන් සෝවාන් ඵලය ලබයි.

 

පුත්ගලන් වශයෙන් අකාර පහකි

  1. ඒක බීජ
  2. කෝලංකෝල
  3. සත්තක්ඛන්තුපරම
  4. සද්ධානුසාරී
  5. ධම්මානුසාරී

මේ එක් එක් පුත්ගලයා ධර්මය අවබෝධ කරන වේගය සහ ගන්නා මාර්ගය (approach) වෙනස්.

දස අකුසලයෙන් මිදී වාසය කරන්නේ රහතන් වහන්සේ පමණි. අනෙක් අයට දැන දැන දස අකුසලයෙන් මිදී සිටිය නොහැක.
සුතවා පරිභ්‍රාජක සූත්‍රයේ මේ බව පෙන්වාදී ඇත.

 

බුදුන් තම බෝසත් අවධියේදී මේ පර්යේෂනයේ යෙදුනා. ආස්වාදයෙන් වැඩක් වෙනවාද කියල හෙව්වා. අස්සාදපරියේසන සූත්‍රය බලන්න.

හොදින් බලන්න. සෝතාපන්න වෙන්න තියෙන්නේ දැන ගැනීමයි. අරිහත් වෙන්න නම් උපාදාන රහිතව මිදෙන්න ඕන. මේ දෙකක්.

 

 

 

මුල සිට අසන්න

[2/7] - ඔබ නිවන් දැකිය යුත්තේ ඇයි ? - [University of Westminster, London]

P.S. (from a comment):
බණ අහන ඕගොල්ලන්ට විනීවරණ මොහොත හදාගන්න ඕන නම් හිත සංසුන් වෙන්න ඕන අහන දේ හිතට යන්න (විතක්ක අඩුවෙන්න ඔනේ), ධර්මයෙන් ඉපදෙන සැනසුම සිසිල ඇති වෙන්න ඕන… Dhamma Talk එකේ flow එක නොකැඩී ගෙනියන්න ආර්‍යන් වහන්සේට උදව් කරන්න ඕන. ප්‍රශ්ණ අහන එක හොඳයි, නමුත් ඒ අහන හැම ප්‍රශ්නයක්ම flow එකට සමාන්තර වෙනවා නම් තමයි හොඳ. Energy විවිධ දිශාවන්ට වැඩ කරන වෙලාවේදී සම්ප්‍රයුක්තය දුර්වල වෙනවා. ඔයාලට ලැබී තියෙන සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරිවෙනවා.