+1-778-834-5353 info@namaroopa.com
Select Page

වතක් පුරා නිවන් දුටු අය නැත. බණ පද කීපයක් අසා සංවරත්වය ලැබුවා. යම් මූල අවබෝධ කරගෙන ඒ ඔස්සේ සංවරත්වයක් ඇතිකර ගන්නවා.

යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං
යම් සමාදානයක් ඇත්ද එය වතකි. සංවරත්වයේ පිහිටීමක් ඇත්ද එය සීලයකි.

හේතුවක්, වටින කමක් නිසා තමයි අපි යමක් කරනවනම් කරන්නේ. වටිනා කමක් තියෙනවා කියන එක හිතෙන් අහක් වෙලා ගිය දාට නිරෝධයට පත්වෙනව.
පෘතුග්ජනයා ලෝකයේ වටිනා දේ අසීමිතව දකියි.

දකින්න, අහන්න,… තියෙන බලාපොරොත්තුව
දැනගන්න බලාපොරොත්තුව
විදින්න බලාපොරොත්තුව
පරීක්ෂා කිරීමේ බලාපොරොත්තුව

දැන් සෝතාපති පුද්ගලයා.. එයා මෙහෙම හිතනවා:
සදාකාලික සැනසිල්ලක් දෙන දෙයක් නෙවෙයි මේක. එනිසා වටින්නේ නෑ. ඒක නිසා බලාපොරොත්තුවෙන් ඉදල වැඩක් නෑ.

ඇත්ත මේකයි.. බොරුව මේකයි කියල දැනගන්නවා. එවිට අසීමිත බලාපොරොත්තුව මිදිල යනවා. ඇලීම දුරු උනේ නෑ තවම.
නමුත් මේ ටික තේරුම් ගත් විට ඒ දර්ශනයෙන් යුතු වූ විට සම්මා දිට්ඨියට පත්වූ වා යැයි කියයි.

84000ක් දෘෂ්ටි වලින් මිදෙනවා. ඇත්ත මොකක්ද දැක්ක නිසා. එවිට එම දෘෂ්ටිය වැරදි නම් මොකක්ද හරි? කියා හිතන්න පටංගන්නව.

එහෙනම් මොකක්ද දැන ගන්න ඕන නිවන් දකින්න? බොහොම පොඩ්ඩයි.

යද නිච්චං තං දුක්ඛං යංදුක්ඛං තදනත්තා.

ලෝකයේ යථාර්ථය විශේශ වශයෙන් දැකීම විදර්ශනාවයි.

මේ නිවන් මඟ වැසී ඇති තනක්.

“යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි” කියලයි අද මේ පෙළ දහමත් තෝරන්නේ. ඒක වැරදියි.
ඉතින් පරීක්ෂා කරල බලන්න.
යමක් තියෙනවා. පංචස්කන්ධය. ලෝකය දුකේ පිහිටයි. යමක් ස්ථිර නැතිනම් දුකයි. මේ විදියට තෝර්න විට උදාහරණ ගෙන පැහැදිලි කරගන්න බලන්න.
පිළිකාවක් ස්ථිර නැතිනම් දුක ද?
සංසාර ගමන ස්ථිර නැතිනම් දුක ද?
යම් තැනක දුක් ස්ථිර නම් සැප ද?
ඉතින් මේවා විනයට, ධර්මයට සසඳා බලන්න. ගැලපෙනවාද? බහා හිටිනවද? නැතිනම් මේ විනයට හික්මෙන මඟක් නොවේ කියා තේරුම් ගන්න.

අනිත්‍යයි කියන්නේ ස්ථිර නැති ස්වභාවය කියල ගත්තමයි මේ ප්‍රශ්න එන්නේ.

ප්‍රිය මධුර දෙයක් විපර්නාමයට පත්වෙනව නම් අන්න දුක දැනෙනවා.
අප්‍රිය අමධුර දෙයක් විපර්නාමයට පත්වෙනව නම් අන්න දුක දැනෙනේ නෑ.

දුකට හේතුව දුක නෙවෙයි. ප්‍රිය මධුර ස්වභාවයයි.

සම්පූර්ණයෙන් අහන්න මෙතනින්:
https://deshana.waharaka.com/listen.php?SermonId=CD001-01