+1-778-834-5353 info@namaroopa.com
Select Page

බුදුදහමේ හරය, මාර්ගය වඩන්නාගේ ආරක්ෂිත භුමිය, පිහිටිය යුතු තැන ආදී විවිධ ප්‍රශංසනීයයි නාමයන්ගෙන් හඳුන්වනු ලබන සතර සතිපට්ඨානය නිවන් මගට පිළිපන් ආර්‍ය ශ්‍රාවකයාට මාර්ගය වඩාගැනීමට මහත් අනුග්‍රහයක් ලබාදෙයි.

Sathara sathipattana is the core and the safe ground for the one who practice dhamma. In this six hour long dhamma discussion Ven. Mankadawala Sudassana Thero explains this deep and detailed dhamma topic clearly with his experience as a meditation teacher.

දෘෂ්ටිය විසුද්දියෙන් පසු හොදින් අසා දරා ගත යුතු මේ භාවනා කමටහන් මග සොයා යන්නෙකුට මහත් අත්වැලකි. බොහෝ විට කාලය හරස්වීම නිසා හෝ දේශකයාගේ ප්‍රායෝගික අත්දැකීම් නැතිව හුදෙක් සූත්‍ර පොතේ පරිවතන මත සිටම අසන්නට ලැබෙන අසම්පූර්ණ දේශනා බහුල වකවානුවක් තුල මාන්කඩවල සුදස්සන හිමියන් පැය හයක් පුරාවට, තුන්‍ යමයේ නිදිවරා ඉතා මහන්සියෙන්, වීර්යයෙන් යුතුව සිදුකරන මෙම දේශනය අශ්ටාර්‍ය පුද්ගල සංගරත්නයටම මහත් උපකාරයකි. උන්වහන්සේ වඩන සාසන ප්‍රතිපදා වහ වහ පූර්ණ කරගැනීමට ලබේවා!

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

මෙහි ඇති සූත්‍ර කොටස උපුටා ගත්තේ https://pitaka.lk/ වෙබ් අඩවියෙන්.
මෙහි සඳහන් සියලු සූත්‍ර කොටස් යූ-ටියුබ් හරහාත් https://Sudassana.org වෙතින් mp3 ලෙසත් භාගත කරගත හැකිය. ඒ ඒ කොටස් වලට සබැඳියාවන් පහත දක්වා ඇත.

 

Maha Satipatthana 2 of 6 VenMankadawala Sudassana Thero - Vinaya
Time: 0:0:0
Part 2 of Video Continues

ඔලුබක්කෝ නටවන උදාහරණය
බලන්නේ මොකක්ද? බලල මොනවද කර්න්නේ?
කොහොමද මේ නාම රූප දෙක පිරිසිඳ දකින්නේ?
සසර දුක තුනීකිරීමට එකම මග වූ සතර සතිපට්ඨානය වැඩීමේ ආනිසංශ 7කි.
Time: 0:10:43
සත්තානං විසුද්ධියා – පිරිසිදු වීම පිනිස
සෝක, → – සෝකය ඉක්මවා යාමට
පරිදේවානං සමතික්කමාය – පරිදේවය (තදින් ඇති දුක්) ඉක්මවා යාමට
දුක්ඛ, → – දුක් නැති කිරීම පිනිස
දෝමනස්සානං අත්ථගමාය – දොම්නස නැතිකිරීම පිනිස
ඤායස්ස අධිගමාය – චතුරර්‍ය සත්‍ය අවබෝධයට
නිබ්බානස්ස සච්චකිරියාය – නිවන් ලැබීම පිණිස
Play this part on YouTube
මේ සතර සතිපට්ටනයයි. හතරපොලක ඇති ආත්ම දෘෂ්ටිය දුරු කිරීමටයි.
විනය කොටස් ලෙස බෙදා දැක්වීම
සතිපට්ටානය සාකච්ඡාව - සිහියේ පිහිටුවීම සතිපට්ටානයයි
සංයුක්ත නිකායේ චප්පානක සූත්‍රය
කොහොමද කායානු පස්සනාව වඩන්නේ? පලවෙනි කමටහන.
පරිමුකං සතිං උපට්ට පෙත්වා - අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරනයේ ධ්‍යාන විභංගය බලන්න
Time: 0:34:42
සිහිය තබා ගත යුත්තේ කොහේද?
සිහිය අරුමුනු කොට තබා ගන්න. මේ සිහිය නාසික අග්‍රයේ හෝ මුක නිමිත්තේ තබාගෙන සිහියෙන් ආස්වාස කරනවා, ප්‍රශ්වාස කරනවා.
ඒ තමයි කරන්න තියෙන කාර්‍ය.
Play this part on YouTube
ආනාපාන සති කතා - පටිසම්භිදා මග්ගය - ආනාපාන සති අටලොස් උපක්ලේශ හෙවත් ආනාපාන සතිය නොවැඩීමට හේතු
Time: 0:36:35
මෙහිදී සති නිමිත්තේ සිත තියෙන්නත් ඕන ආශ්වාස ප්‍රශ්වාස වැටහෙන්නත් ඕන.
Play this part on YouTube
මේ සදහා උපමා 1 - නගයේ දොරටු පාලයා
උපමා 2 - පිලාගේ කතාව
ආශ්වාස වාතය ගැන හිතන්නේ නෑ - සිහිය යොමා ගෙන ඉන්න - මේ තමයි සිහිය පැවැත්විය යුතු ක්ෂේත්‍රය
කොච්චර දුරට කළ යුතුද? කාය සංකාර සංසිදෙන තුරු - එවිට අහසේ පාවෙන පුලුං රොදක් සේ කය දැනෙනවා - කාය පස්සද්ධිය ඇතිවේ.
Time: 0:42:9
හුස්ම පාර ටිකක් අඩු උනාට ඒක විශාල ජයක් නෙවෙයි.

එතනින් නොනැවතී ඉදිරියටම යන්න ඕන.

කාය සංස්කාර සංසිදීම දක්වා මේ ආනාපාන සතිය තියෙනව. සංසිදීමෙන් පස්සද්දිය ඇතිවෙන්වා. එනම් ශරීරයේ සැහැල්ලුව දැනෙනවා.
එවිට අහසේ පාවෙන පුලුං රොදක් සේ කය දැනෙනවා

කය සංසිදීමෙන් පසුව කයේ දැනීම අඩුවන නිසා කායානුපස්සනාව ඉවරයි. වේදනානු පස්සනාව පටන් ගන්නවා.

Play this part on YouTube

මෙසේ සිහිය පිහිටුවාගෙන අධ්‍යත්මික කය අනුව බලන්න - බාහිර කය අනුව බලන්න
Time: 0:45:29
කොහොමද? ඇතිවන හැටි බලන්න, නැති වන හැටි බලන්න, ඇතිවන නැතිවන හැටි බලන්න.
Play this part on YouTube
සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව ලෙස දෙකක් ඇත - කාය ගතා සති සූත්‍රය (MN) බලන්න
Time: 0:46:8
පස්සං භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්ඛති — කියන තැනට විතරයි පෙන්වන්නේ. ඒ තමයි සතිපට්ඨාන වල සිහිය පිහිටුවා තියෙනෙ තැන.

නමුත් සතර සතිපට්ඨානයේ මේක වෙනස්. සති සම්පජ්න්‍ය සමගයි යෙදෙන්නෙ.
තමාගේ ශරීරය ගැන බලන්න.
අනුන්ගේ ශරීරය ගැන බලන්න.
තමාගේ හෝ අනුන්ගේ ශරීරය ගැන බලන්න.
සමුදය වශයෙන් සහ වයධම්ම වශයෙන් බලන්න.

රූපය ඇති වන ධර්මතා සමග බලන්න.
එනම්,
අවිද්‍යාව ඇති තැන රූපය පවතී.
කර්ම ඇති තැන රූපය පවතී.
තණ්හා ඇති තැන රූපය පවතී.
ආහාර ඇති තැන රූපය පවතී.
නිබ්බත්ති ලක්ඛණ නොදැකීමෙන් රූපය පවතී.

සති නිමිත්තේ හිත තියාගෙන මේ කය නුවනින් මෙනෙහි කරන්න.
මේ කෙස් ලොම් නිය දත් කන බොන ආහාරයෙන් හට ගන්නවා නේද?
මේ ශරීරය ආහාරයක් නේද?

Play this part on YouTube

මේ කබලින්කා-හාරය නේද? මෙසේ පිරිසිද දැකීමෙන් විපල්‍යාසය මගහැරේ වැරදි සංයෝජනය දුරුවේ
Time: 0:53:32
ආහාරය පිරිසිද නොදකින නිසාමයි මේ මම මගේ යන්න පවතින්නේ.
Play this part on YouTube