+1-778-834-5353 info@namaroopa.com
Select Page

මෙම දහම් සාකච්ඡා මාලාව පූජ්‍ය මැදවල සරණපාල හිමියන් මූලිකත්වයෙන් 2016 නොවැම්බර් මාසයේ සිට සෑම ඉරිදාම සිදුකරන්නට යෙදිනි. ඒ සඳහා සැකසුනු සියලු දහම් පත්‍රිකා මේ වෙබ් පිටුවෙන් සහ මීට සම්බන්ධ කර ඇති අනෙක් පිටුවලින් ලබා ගන්න.

පැය බාගක් – පැයක් අතර කාලයක් දහම් දේශනයත් ඉන් අනතුරුව පැයක් හෝ අඩ පැයක කාලක් දහම් සාකච්ඡාවට යොදා ගන්නා පරිදි, සම්ප්පුර්ණ වශයෙන් පැය දෙකක උපරිම කාලයක් සහිතව මේ වැඩසටහන සකස් විය. මීර පෙර මේ වෙලාවේදී පැවති අභිධර්ම සාකච්ඡා මාලාව මේ වැඩසටහනින් මගින් ප්‍රතිස්ථාපනය කෙරිණි.

පහත ඇත්තේ මේ වැඩසටහන වෙනුවෙන් සැකසුනු දැන්වීමකි. සාකච්ඡා කරනුලබන සියලු මාතෘකා මෙහි අඩංගුය.

This series of talks were held with guidance of Ven. Saranapala on every Sunday afternoon, since November 2016. All dhamma notes prepared in aid of this Dhamma discussion series are linked to this web page and its related web pages.

කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං

සුදුසු කල්හි ධර්මය සාකච්ඡා කිරීම, දියුණුවට හේතුවන
උතුම් මංගල කරුණකි.

කාරුණික පින්වතුනි,
වහ වහා සසර දුකින් මිදීම සඳහාත්,
උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම සඳහාත් පැවැත්වෙන
සදහම් හමුව (ධර්ම සාකච්ඡාව)
සෑම ඉරු දිනකම විහාරස්ථානයේ දී පැවැත්වේ. ඊට සහභාගි වන ලෙස ඔබ සැමට කාරුණිකව ආරාධනය කරමු.

මෙහෙයවීම : පූජ්‍ය මැදවල සරණපාල හිමි
වේලාව : සෑම ඉරු දිනකම පස්වරු 3.00 – 4.30
සංවිධානය : බෞද්ධ විහාර සංගමය (ආගමික කමිටුව)

• මෙය උතුම් ධර්ම දානමය කුසලයකි.
• ඔබටත්, මිය ගිය ඔබගේ ඥාති හිතමිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීමට මේ සඳහා දායකත්වය දැරිය හැකිය.
• දායකත්වය දැරීමේදී අවශ්‍ය මූලික වතාවත් පමණක් ඉටු කිරීම ප්‍රමාණවත් වන්නේය. (පිරිකර, සහභාගි වන්නන්ට සංග්‍රහ කිරීම අවශ්‍ය නොවේ)
• දායකත්වය දැරීමෙන් ඔබේ හිත මිත්‍රාදීන් සහ ඥාතීන් සහභාගී කරවා ගැනීමෙන් ධර්ම දානමය කුසලයට ඒ අය ද සහභාගි කරවා ගත හැකිය.
• සාකච්ඡා කෙරෙන සූත්‍රයට අදාළ මූලික ධර්ම කරුණු ඇතළත් අත් පත්‍රිකාවක් ලබා දිය හැකිය.

2016 නොවැම්බර් 13 දින – අවිජ්ජා සූත්‍රය

2016 නොවැම්බර් 20 දින – දක්ඛිනා විභංග සූත්‍රය

2016 නොවැම්බර් 27 දින – දේවදූත සූත්‍රය

2016 දෙසැම්බර් 04 දින – සතිපට්ඨාන සූත්‍රය

2016 දෙසැම්බර් 18 දින – මහා තණ්හා සංඛය සූත්‍රය

2016 දෙසැම්බර් 25 දින – අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය