+1-778-834-5353 info@namaroopa.com
Select Page

භාහිර හෝ අභ්‍යන්තර ලෝකයේ ආශ්වාද තියෙන බව දැනුනත්, ආශ්වාදය ඒවායේ තිබුනු දෙයක් ද?

Are the things we like really a property of things we liked? Or is it that something that was created in our mind that we liked?

Can we keep our mind the way we want? If not how can we keep the likeness born in our mind the way we want?

පිළිගැනීම නොව අවබෝද කරගන්න.


මනඃකල්පිත ලෝකය

වෙලාව නැතිනම් මේටික හරි අහන්න.
If you don’t have enough time – listen from here.

[01/29] - බණ අසා සෝතාපන්න වීම - (Season 07)

සම්පූර්ණ දේශනා මාලාව:

[01/29] - බණ අසා සෝතාපන්න වීම - (Season 07)

මේ දේශනා මාලාව ඉලක්ක වන්නේ…
දස්සනේන පහාතබ්බ – නිවැරදි දැකීම තුලින් පහකල යුතු දේ.
භාවනා පහාතබ්බ – භාවනව මගින් පහ කල යුතු දේ.
ගැන හොදින් දැන ඉගෙන ගැනීමටයි.

ආශ්වාදය තාවකාලික විඳීමක්
පරිහරණය කරන භාන්ඩ හැම දෙයකම තියෙන ආශ්වාදය කාලයකදී නැතිවී යන බවක් දැනෙයි.
එදා විඳගත් සතුට කලකදී නැතිව යයි. දිනක සුවදුන් දේ දිනක එසේ සුව නොදෙන බව තේරුම් යයි. ඇයි මෙහෙම වෙන්නේ?

යමක් කැමති සේ ඇත්නම් සුවදෙනවා, සැනසිල්ල ලබාදෙනවා. අපි මෙවැනි දෙයක් ලෝකේ සොයනවා.
යමක් සුව දෙන්න නම් සාරවත් වෙන්න ඕන. අපි සාරවත් දෙයක් ලෝකයේ සොයනවා.
යමක් කැමැත්ත ඉෂ්ට කරන්නේ නම් සැපක් ලැබෙන බවත්, එසේ නැතිනම් දුකක් ලබාදෙන බවත් දැනෙනවා.

එසේනම් සැප ලබා දෙන දේ මොනවාද කියල අපි මේ ලෝකයේ සොයා යනවා.

ලෝකය යනු කුමක්ද?
ඇස රූපය
කන ශබ්දය
නාසය ගඳ/සුවඳ
දිව රසය
කය පහස
මනසට සිතුවිලි/ධම්ම

මේ දොලොස් ආකාරයෙන් ලෝකය සෑදී ඇත.
අභ්‍යන්තර ආයතන හයයි. භාහිර ආයතන හයයි.

මම කියන මගේ ගොඩේ පරමාදිපත්‍ය ඇත (කියා අපි හිතනවා).
“මගේ බවේ” (මම කියන අදහසේ) උපරිම ආධිපත්‍ය ඇත්තේ හිතේ… ඒත්..

තමන්ගේ හිත තමන්ට කැමති විදියට තියාගන්න පුලුවන්ද කියා පරීක්ෂා කරලා බලන්න.

හිත තියාගන්න පුලුවන්ද තමන්ට ඕන විදියට?
කය තියාගන්න පුලුවන්ද තමන්ට ඕන විදියට?
වචනය තියාගන්න පුලුවන්ද තමන්ට ඕන විදියට?

මේක තමයි බුදුදහමේ තියෙන මූලිම හරය. කැමති විදියට ලෝකය පවත්වන බැරිය.

තමන්ට ඕන විදියට තියාගන්න බැරි තමන්ගේ ලෝකයක ජීවත් වන අපට අන් අයගේ ලෝක අපේ කැමත්තට පවතීවියි සිතීම මුලාවකි.
තමන්ට ඕන විදියට නැති දේ තමන්ගේ කියන්නේ කොහොමද?

එසේ සිතීම මුලාවකි. නොතේරෙනකම හේතුකොට සිදු වන දෙයකි. අවිධ්‍යාවකි.

තිත්ට රස පැනි රසයි කියා දැරීමත්
පැනිරසක් තිත්තයි යයි දැරීමත් වාගේ. මුලාවක්.

(නිරුක්ති)
කැමත්තට කියන තව නමක් ඉච්චාව.
ඉච්චාව කියන්නේ කැමැත්ත.
කැමැත්තෙන් බැදුණොත් පටිච්ච.
අන්-ඉච්ච යනු නම් අනිච්චයි – කැමැත්ත ඉටුනොවීමයි.

0:44:00
බොජ්ජංග පිරිත්.
ඇයි බුදු රජාණන්වහන්සේට බොජ්ජංග ධර්ම වෙන අයෙක් ලවා (චුන්ද තෙරුන්) දේශනා කරවා ගන්න ඕන උනේ?
කැමති විදියට හිත පවත්තන බැරි තරම් රෝගාබාධ වී සිටි නිසායි.
ඒ වෙලාවේ තමන්ටම තමන්ගේ බොජ්ජංග ධර්ම වඩා ධ්‍යන දියුණු කරගෙන ලෙඩෙන් නැගිටින්න බැරි උනා.

0:50:00
ඇයි මේ කැමත්ත ඉෂ්ට වෙන්නේ නැත්තේ?

(නිරුක්ති) හාද වන වත — හදවත

1:01:00
භාහිර හෝ අභ්‍යන්තර ලෝකයේ ආශ්වාද තියෙන බව දැනුනත්, ආශ්වාදය ඒවායේ තිබුනු දෙයක් නොවේ.
ඇස – රූපය – පෙනීම — ආශ්වාද ජනක ද?
කන – ශබ්දය – ඇසීම — ආශ්වාද ජනක ද?
නාසය – ගඳ/සුවඳ – දැනීම — ආශ්වාද ජනක ද?
දිව – රසය – දැනීම — ආශ්වාද ජනක ද?
කය – පහස – දැනීම — ආශ්වාද ජනක ද?
මනසට – සිතුවිලි/ධම්ම – දැනගැනීම — ආශ්වාද ජනක ද?

මේ රූප ගන්ද රස පහස තුල ආශ්වාද නොතිබිනි. එය හිතේ හට ගත් දෙයක් මිස රූපයේ, ශබ්දයේ, ගන්දයේ … ආදී මේ දහ අටපොලේම තිබ්බ දෙයක් නොවේ.

(මේවා නිසා, මේවා තුල, මේ හේතුවෙන්, මේවා මුල් කරගෙන … ආශ්වාද ඇති උනාද? නැත. පටිච්ච වීමෙන් ආශ්වාදය උපදී)

ගට්ටනය වීමත් සමගම (පටිච්ච) හිතේ ආශ්වාදයක් හටගනී.
එය අභ්‍යන්තර ආයතනයේ තිබ්බ දෙයක් හෝ, බාහිර ආයතනයේ තිබ්බ දෙයක් හෝ, එම ආයතනයන්ට ගොදුරුවූ දෙයක තිබූ දෙයක් හෝ නොවන බව නොවැටහීම අවිධ්‍යාවයි.

රාග පටිච්චය — ආශ්වාදයක් හදල දුන්නා – කොහේද? – හිතේ. පෙනුණු දේ තුල වත් , රූපයේවත්, ඇහේ වත් නොවේ. (අනෙක් 15ටද මෙසේමය) — මේ මුලාව සසර තුල සත්වයා දුකට පමුණුවයි.

ද්වේශ පටිච්චය — තරහ හදල දුන්නා – කොහේද? – හිතේ. පෙනුණු දේ තුල වත් , රූපයේවත්, ඇහේ වත් නොවේ. (අනෙක් 15ටද මෙසේමය) — මේ මුලාව සසර තුල සත්වයා දුකට පමුණුවයි.

1:05:00
දෙවන උදාහරණය.
ආගමික නායකයාගේ පිලිමය.

ලෝක යුද්ධ කරගනී, සියදිවි හානි කරගනී, කලකෝලාහාල කරගනී – සියල්ල ආශ්වාද අහිමිවීමට විරුද්ධවයි. හිමි නොවූ ආශ්වාද ලබාගැනීමටයි.

1:13:00
රාග ද්වේශ මගින් නැති ආශ්වාදයක්, නැති දෙයක් ඇති හැටියට මවලා පෙන්වනවා.
නැති දෙයක් ඇති හැටියට දැකීම විද්‍යාව ද? අවිද්‍යාවද?

පිළිගැනීම නොව අවබෝධ කරගන්න.

ශ්‍රාවක ගෝචර සහ තථගත ගෝචර යැයි දෙකොටසකකි.

මේ දහ අටපොලේ ආශ්වාද නැති බව ශ්‍රාවක ගොචරය. ශ්‍රාවකයාට මේක තේරුම් ගත හැකිය.

මේවායින් මිදෙනවාට වඩා ඒවා සතුටු කිරීමෙන් සැනසීමක් නැත.

1:28:00
ආශ්වාද සොයාගොස් සැනසීමට යෑම :
උපමාව : ගඟට ඉනි කැපීම
උපමාව : මස්කටුව කාල බඩපුරවන්න හදන බල්ලා වගේ. (ගිරිමානන්ද සූත්‍රය)
උපමාව : හීනෙන් බත් කෑව වගේ.
උපමාව : මිරිගුවෙන් වතුර සොයා ගියා වගේ.
උපමාව : හුලං අල්ලනවා වගේ. (බයිබලය)
උපමාව : කලුගල මිරිකලා වතුර ගන්න හදනවා වගේ.

(නිරුක්ති)
සං-වෙනවා (එකතු වෙනවා) උදා කරනවා — සමුදය
ඇස රූපය එකතුවී පෙනීම, කන ශබ්දය එකතුවී ඇසීම … ආශ්වාද උදාකරනවා. සමුදය.
මේ වැඩපිළිවෙළ ආශ්වාද ඇතිකරමින් සිටින විදියයි. ඒතුල නිවීමක් නැත. රාග ද්වේශ සහිත දුකක් පමණක් ඇත.

(නිරුක්ති)
නිර්-උදා — නිරුද්ධ
සමුදය කරන වැඩපිලිවෙල නිර්-උදා කිරීමයි.

මේ වැඩපිළිවෙළ ආශ්වාද නිරුද්ධ කරමින් යන විදියයි. ඒතුල නිවීමක් ඇත.