+1-778-834-5353 info@namaroopa.com
Select Page

Please note that this text is replicated from dhammamedicine.net

අසුභ සඤ්ඤාව පුරුදු කිරීමට මෙම භාවනා වාක්‍ය යොදා ගන්න.

යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ…
මේ කයේ තියෙනවා…, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍ර…

මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ මේ වගේ අසූචි වලින්මයි, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ වගේමයි. ඒවල තියෙන්නෙත් අසූචි විතරයි. මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම අසූචිමයි.

මගේ කියල හිතන ශරීරය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන එකක්. අනුන්ගේ කියල හිතන ශරීරත් ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්. මගේ කියල හිතන ශරීරයත් අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්.

මගේ කියල හිතන ශරීරය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීරය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

අනුන්ගේ කියල හිතන ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන ඒ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ සියළු ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

සාදු…! සාදු…!! සාදු…!!!


අසුභ භාවනාව

සැ:යු: මෙම shared folder එක පූජ්‍ය පිටිගල ගුනරතන හිමියන් වදාල දේශනා ඇතුලත් වෙබ් අඩවියෙන් ලබා ගත් ඒවාය.
https://app.box.com/s/s4mmfzda60ldvfse0v2k89glwiybofio

පහතිත් දක්වා ඇති වීඩියෝ YouTube වලින් eඑකතු කරගත්, අසුබය වැඩීමට උපකාර වන ස්වභාවයේ ඒවායි.

  • රාග සූත්‍රය, අංගුත්තර නිකාය
    • රාගය දුරු කරන්න අසුබ සංඤාව වඩන්න – අසුබ භාවනව
    • මෝහය දුරු කරන්න ප්‍රඤාව වඩන්න
    • ද්වේශය දුරු කරන්න මෛත්‍රිය වඩන්න
  • සල්ල සූත්‍රය, සුත්ත නිපාතය
    • කය පිලිබඳ අනවබෝධය නිය අපට කය හොඩ දෙයක් ලෙස පෙනෙයි.
      කයේ යතා ස්වභාවය වැසී පවතී.
  1. ඇතුලත සිට පිටතට මෙනෙහික් කිරීම.
    පබයා – ඇට සැකිල්ල.
    කුනප කොටස් මේ ඇට කූඩුවේ එල්ලලා ඇති බව සිතන්න.රූප උපාදානස්කන්ධය රාඩ්ධ සංයුක්තයේ සෙල්ලම් ගෙයක් ලෙස දක්වා ඇත.ශරීරය දෙස ඇතුලත ඉදලා පිටතට බලන්න.