පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
පංච නීවරන සමතය කරන නිසා – සම-අත – සමත කියා කියනවා.
මේ තමයි අටමහා කුසල මාර්ගය.
Play this part on YouTube
හුස්ම ඉහල පහල ගැනීමේ පරිපූර්න වීමක් සිතිය නොහැකිය.
නමුත් අස්වාස ප්‍රස්වාස පරිපූර්න වීමක් සිතිය හැකිය.
කෙලෙස් හැදෙන මාර්ගය වන ආස්වාද ආදීන නිස්සාරණය මෙනෙහි කරා (ආස්වාසය) ඒවා පහ කරා (ප්‍රස්වාසය).
ධාතු විස්තරයක් මෙහි සඳහන් ය.
එයින් අධ්‍යාත්මික වාතය සඳහන් කරයි. වායුව සමකොට බවුන් වඩව.
මෙහි අට්ටීයති හරායති ජිගුච්ඡති – කියන්නේ අනිච්ච බවයි.
වායුව වගේ නොඇලී නොගැටී බවුන් වඩන්න කියායි කියන්නේ.
හුස්ම රැල්ල දිහා බැලීමක් මෙහි සඳහන් නොවේ.
මේවාගේම පෘථිවිය සමකොට, ජලය සමකොට බවුන් වැඩීමද විස්තර කරනවා.
Play this part on YouTube
තමන්ට හා අනුන්ට අවැඩක් නොවෙන ලෙස කය වචනය පරිහරනය කරන්න.
මනස, මනස් කර්මය පිරිසිදු කරගන්න ආකාරය.
සිත ආරක්ෂිත කරගෙන මෙසේ වැඩිය යුතුය. කුමන කරමයට සිත පිරිසිදු කර ගත යුතුද?
සිත ආරක්ෂිත කරගන්න ආකාරය – ධ්‍යාන වඩන ක්‍රමය යි.
අතීතයේත් එසේය, වර්තමානයේත්, අනාගතයේත් කරන්න තියෙන්නේ මේ මාර්ගයයි.
මේ තමයි හුලං නැති නිවන් මග.
නෙයි නාට්ටා යනු නිවණ යන අර්ථයයි.
න-ආසික යනු නිවන ඇසුරු නොකරන පැත්ත අග්‍ර කරගන්න කියූ එකයි.
ඇසුරු නොකරන පැත්ත නම් නිවන් පැත්තයි.
මෙහි තියෙන පරිවර්තන දෝශය අදුනා ගන්න. අස්සාසය පිණිසයි දහම් දෙසන්නේ.
සමුදය යනු ඇහැ රූපයේ බැදීම පටන් ගැනීමයි. ඇහැ ආශ්වාදය සඳහා ආරම්භවීමයි.
අත්තංගමය යනු එම බැදීමේ කෙලවරයි.
ආදීනවය තමයි එම ආශ්වාදය හටගත් අවස්ථාවේ සිට කෙලවර වන අවථාව දක්වා වෙනස් වී යාමයි. එනිසා ආස්වාදය අනිච්චයි දුක්කයි විපරිනාම ධම්මයි.
එනිසා ආශ්වාදය පසක් කරන්න ඕනෑ. එහෙම කරන්න තියෙනේ අරි අට මග නම් විදර්ශනා මාර්ගය යි.
මෙහි කිසි තැනක සුලං සම්බන්ධයක් නැත.
පංචස්කන්දය අනිච්ච ලෙසත් පංච උපාදානස්කන්දය අනිච්චානු පස්සනා කරන්න කියලා දෙශනා කලේ ඒ හේතුවෙන්.
ඇයි පංචස්කන්දය අනිච්චානු පස්සී විහරති කිවේවේ නැත්තේ? පංචස්කන්දය විපාකයක්.
වේදනාව කෙරෙහි පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං උප්පජ්ජති වේදනා උපාදානස්කන්ද.
පන්ච උපාධානස් කන්ධ අනිච්චානුපස්සී විහරති –
පංචස්කන්දය ඉතිරියි. පංච උපාදානස්කන්දය ප්‍රහානය කරන්න පුලුවන්.
Play this part on YouTube
කාය සංකාර කියන්නේ – කාය සංචේතනා – කය ක්‍රියාත්මක කරවන්න සිතුවිලිවලි සදනවා.
කෙලෙස් ප්‍රස්වාස කරන විදියයි මේ කියන්නේ.
එයයි කයෙහි කය අනුව දැකීම.
මෙතන තමයි සතර සතිපට්ටානයට එකතු වෙන්නේ.
එක්තරා කයක් : ආස්වාසය (ඇසුරු කිරීම ආස්වාද විදීම), ප්‍රස්වාසය (ආස්වාද අනිච්ච දුක්ක අනත්ත ලෙස නිරෝද ප්‍රහානය කිරීම)
ඉතින් මේ කිව්වේ හුස්ම ගැනනම් – හුස්ම ප්‍රහානය කරල ඉන්න බෑ?
ඒක නිසාත් මේ දේශනාව වරද්දා තේරුම් ගත්ත තව තැනක්.
Play this part on YouTube
චිත්ත අභිසංකාර නිරෝධය තුලින් කලය ක්‍රියාත්මක වීම නතර කරදැමිය හැකියි.
එනම් දෙවන කය නිරෝධ වේ, පලමු කය ඉතිරි වේ.
Play this part on YouTube
දැහැන් වඩන මට්ටමට ආනාපාන සතිය වඩන විට තව ආස්වාසයක් ප්‍රස්වාසයක් හමුවේ. ඒ විතක්ක විචාර යි. විතක්ක විචාර ප්‍රස්වාස කිරීමෙන් දෙවන දැහැනට පැමිණේ.
ඒ ලෙසින් හතරවන දැහැන දක්වා වැඩී යනව.
Play this part on YouTube
විශුද්ධිමාර්ගයේ තියෙන තවත් වරදක් – ආනාපාන සතිය මෝහ චරිතයාට සප්‍රාය වේ කියායි.
බුද්ධ දේශනාව වන්නේ මෝහ සහිත පුද්ගලයාට මේ කමටහන දේශනා නොකරන බවයි.
අවිද්‍යා පච්චයෙන් සංකාර වූ පටිච්ච සමුප්පාද දම්ම සියල්ල ප්‍රස්වාස කල යුතුයි. නිරෝද කල යුතුයි.
දහම් හී දහම් අනුව දකින ලද කුසල මූලයෙන් වැඩෙන ධම්ම ආර්‍ය අශ්ඨාංගික මාර්ගය පූර්ණය කරයි.
මේ සූත්‍රය ආනාපාන සතිය සහ සතර සතිපට්ටානය එකට එකතු කල සූත්‍රයකි.
Play this part on YouTube
දෙවන ආශ්වාද කය – සති සම්බොජ්ජංගය
මේ කය අරගෙන කොහෙද යන්න හදන්නේ. එය ධර්මයට අනුකූල නොවේ නේද?
එසේ මෙනෙහි කිරීමෙන් ධර්ම විජය සම්බොජ්ජංගය වැඩේ.
සේක යනු නිවන් මග ඉන්න අය වේ.
පංච නීවරන දුරුකරල ඉවරයි – ඒ එවර වූ දෙයෙහි සම වැදී සිටීම තතාගත විහාරයයි.
දිටුදැමියේ සුවව්හරණය — රහතන් වහන්සේලා ඉන්නකං වෙන කරන්න දෙයක් නැති නිසා සහ සිහි නුවණ පැවත්වීමට ආනාපාන සතිය වඩයි.
Play this part on YouTube
අද නම්: ඕන තැනකට ගියේ හෝ.
කොහේ ගියත් ඉන්න තැනක ඉදගෙන වැඩේ කරගන්න තමයි මේ කියන්නෙ.
කාම සංහිත විතර්ක සමනය වේ යයි.
පටිකූලේ අප්පටිකූල සංඥාව. අප්පටිකූල පටිකූලේ සංඥාව.
ධ්‍යාන විස්තරය කලින් වගේම.
පහන, තෙල් සහ වැටි පිළිබඳව උපමාව
Play this part on YouTube
නිවන් මඟ පූර්ණ කිරීමට කල යුත්තේ චන්දරාග පටිච්චයෙන් නිර්මිත සංකල්පිත කාමය හෙවත් ආස්වාදයේ ආදීනවය වන අනිච්ච දුක්ඛ අනත්ථ දැන චන්දරාග නිරෝධය පමණි.
Play this part on YouTube