පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
රත්තරන් කන්ද ආශ්වාද ජනකයි. ආශ්වාද. රාග විඥාණය. රාගයට ඇස ආයතනයක් උනා. ඉන් පසු ලැබෙන ස්පර්ශ රාගික ස්පර්ශ. දැනෙන වේදනා රාග සම්පස්සජා වේදනා. මේ වේදනා ඉතා සුව සේ දැනෙනවා.
රත්තරන් නෙවෙයි විෂ පාශාණයක් කියල දැන ගන්නවා. දැන් අර රාගය නැති උනා. ආශ්වාද නැති උනා. දැන් ඒ ගැන අකමැත්තෙන් ඉන්නේ. පටිඝයක්. පටිඝ විඥාණයක්. දැනෙන වේදනාව තරහක්, අකමැත්තක්.
එහි ආශ්වාදය විපරිණාමයට පත්වන ආකාරය දැන ගන්න. කලින් තිබුන ආශ්වාද ජනක බව රත්තරන් වල, තුල, නිසා… තිබූ දෙයක් නම් දැනගත් දේ අනුව එහි ආශ්වාදය වෙනස් වෙන්න බෑ. මනසක් තුල නිර්මාණය වූ හේතුවෙන් පටිච්චසමුප්පාදය හේතුවෙන් තමයි මේ ක්‍රියාවලිය සිද්ද වෙන්නේ. සිත අභ්‍යන්තරයේ හදා ගන්නා මේ සිතුවිල්ල දැන් භාහිර රූපයෙන් බලාපොරොත්තුවෙනවා. බාහිරදේ මේක නෑ, විපරිනාමය වෙලා. ඒ නිසා දැන් අර සිතුවිල්ල දැන් තෘප්තිමත් කරන්න බලාපොරොත්තුව ඉටු කරන්න බෑ. රත්තරන් රූපය පෙනුනට රූපයේ ආශ්වාද නෑ. මේ වගේ ආයතන හයටම යෙදෙනවා. කොපන හොයාගෙන ගියත් හොයනේ නැති දෙකක් නිසා කවදාවත් පින්වලා ඉවර වෙන්නේ නෑ.
ඒත් මේ රාග ද්වේශ මෝහ නැතිව මේ රත්තරන් දිහා බැලුවම එහි යතාර්තය පේනවා. අරහත් චිත්තය ඒ වගේ.
එනිසා නිවන් දකින්න සිහි තබා සිටිය යුතු ස්ථාන කීපයක් තියෙනවා.
හිත ගැන සිහි තබා සිටිය යුතුය.
ඇස රාගයට ආයතනයක් වෙන හැටි දැක දැන ගත යුතුය.
ආශ්වාද විඳින දේ එක් පසකටත්
ආශ්වාද නොවින්ඳ දේ තව පසකටත් දාන්න.
සීයට එකක් සැප විදින්න සීයට අනූ නවයක් ම දුක් විඳින්න වෙනවා නේද?
Play this part on YouTube
වඩන්නේ සප්ත බොජ්ජංග ධර්මයෝය.
අට්ඨීක සංඥාව කියන්නේ මොකක්ද?
සබ්බ සංකාර (පංච කාම ආශ්වාදය) ඇටයක් වගේ කොච්චර හැපුවත් බඩ නොපිරෙන්නා වගේ හරයක් නැති දෙයක් කියල ගන්න සංඥාව යි අට්ඨීයති කිව්වේ.
ඇස් ඇති අය අන්ධයකු වගේ ඉන්න – මෙය තතාගත දේශනයක් ද බබුණකුගේ දේශනයක් ද?
බධිර == කන් නොඇසෙන කෙනා.
පරාශරිකටද සිව්වනක් පිරිස සිටියේය.
ඔහුගේ ඉගැන්වීම නම් රූප නොබලා ශබ්ද නොඅසා…..
අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව:
ව්‍යංජන, අනු ව්‍යංජන, නිමිති, අනු නිමිති නොගෙන සිටීමයි – නොබලා නොඅසා සිටීම නොවේ.
මනසේ සංකත වන, සැකසෙන බව ස්වභාවය යි.