+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[22/29] - ආර්ය ධ්‍යානයේ සිට මෙනෙහි කල යුත්ත කුමක්ද? - (Season 07)
Nirapekshathwaye Maga (Season 07/Episode 08 /Part 01 )16-10-2016
Time: 0:0:3
URL to YouTube Video:

[22/29] – ආර්ය ධ්‍යානයේ සිට මෙනෙහි කල යුත්ත කුමක්ද? – (Season 07)

Play this part on YouTube

Start
Questions - බණ අසා සෝතාපන්න වූ අය අනික් අයට වැදීම පවු සිදු වෙනවාද?
Time: 0:1:51
නැත.

විනය පිටකය තියෙන්නේ – නොපැහැදුණු කෙනා පැහැදීමටත්, පැහැදුණු කෙනා තවත් පැහැදීමටත් ය.

පිනත් පවත් 84000 ගුණාකාර ලෙස වෙනස් වන ආකාරය (11:00) – AN6-වේලාම සූත්‍රය.

සතර දැහැන් නොවඩා නිවන් දැකිය හැකිද? විශේෂ සාකච්ඡාව ලබනසතියට.

අද සම්මා සමාධියෙන් ඉදිරියට විස්තර කරයි.
Play this part on YouTube

දුටු නිවනට හිත තියා භාවනාව වඩයි. දුටු නිවන කියන්නේ මොකක්ද?
Time: 0:19:42
හිතනවා මේවගේ.
මම ඉස්සර රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් හිටියා. දැන් ඊට වඩා එම රාග මෝහ ද්වේශ අඩුයි. ඒ තමයි නිවුන ප්‍රමාණය. ඒ තමයි දුටු නිවන.
නිවිච්ච ප්‍රම්මාණය අරගෙන ඒ ප්‍රමාණය හිත තියා වඩනවා.
Play this part on YouTube
ධ්‍යන සමවැදීමට ඉරියවුවක් තියනවද? පතාංජලී යෝග බුදු දහමට අදාල නොවන බවට ත්‍රිපිටකය සාක්ශි දරයි - AN1-මහා වර්ගය
Time: 0:22:34
දැහැන් හතර ගැන විස්තරය.

සක්මන් කරන්නේ නම් එය මාගේ දිව්‍ය සක්මන වේ.
හිදී නම්
හිටී නම්
සැතපී සිටී නම්
මේ ඕනම ඉරියව්වක ධ්‍යාන වැඩෙනවා, ධ්‍යාන වලට සමවදින්නත් පුලුවන්.

ධ්‍යාන කියන්නේ වාඩි වෙලා ඉන්න එකම නොවෙයි.

උච්චා සයන මහා සයන කියන්නේ – හිතේ තියෙන මානයයි.
උස පුටු මිටි පුටු ගැන නොවේ.

මේ සූත්‍රයේ එම සයන ගැන සම්පූර්ණ විස්තරයක් ඇත.

ධ්‍යාන සම වැදීමට සතර ඉරියව්වම යොදා ගත හැකිය.
Play this part on YouTube

ධ්‍යානයේ සිට මෙනෙහි කල යුත්තේ කුමක් ද? AN-6 අට්ඨකනාගර සූත්‍රය - එකම ධර්මය කුමක් ද?
Time: 0:31:25
අනිච්ච දුක්ක අනත්ත ලෙස වැඩීමයි.

ප්‍රථම ධ්‍යානල් එළඹෙයි, එයද අනිච්ච බව දැන වඩයි. විදර්ශනාව වඩයි. සංකතයි. පටිච්ච සමුප්පන්නයි කියල මෙනෙහි කරන්න. මේ විදියට නිරෝධ සමාපත්තියට වෙනකං යන්න පුලුවන්.

ප්‍රීතියෙන් සුකයෙන් පෙළනවා කියල ගන්න බෑ. නමුත් කැමැත්ත ඉටු නොකරයි යන්න දැන ගත යුතුයි.
Play this part on YouTube

මේ පරිවර්තන දෝශ හදුනා ගන්න - අනිච්ච ස්වභාවය කියන්නේ මොකක්ද? ගිරිමානන්ද සූත්‍රය සිංහල පරිවර්තන දෝශය.
Time: 0:46:9
ද්වේශයෙන් පෙලයි.
ප්‍රීති සුක නොපෙලයි. නමුත් කැමැත්ත ඉටු නොකරයි කියන දේ ඩ

අනිච්ච->අට්ටීයති->පෙළෙයි –> මේ වැරදි ය.

අනිච්ච යනු කැමැත්ත ඉටු නොකරන බවයි (සච්ච විභංග සූත්‍රය).
Play this part on YouTube

කර්මස්ථාන - කර්ම අස්ථාන ගත කිරීමයි - විභංග ප්‍රකරණය පටිභාන විභංගය ** important **
Time: 0:48:59
පටිභාන විභංගය: දහම් අර්ථ පද තෝරා ගන්න ක්‍රමය.

වචනයේ අර්තය වචනය ඇතුලෙම තියෙනවා. ශබ්ධ විද්‍යාව හරහා ගන්නා විද්‍යාවකි. පයිරෝ බෝඩ් හරහා පැහැදිලි කරන ලදි.

නහයේ තියෙන හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න. මෙයිද කල හැකිය. නමුත් එය රූපාවචර අරමුණක් නිසා එය අල්ලා ගෙන රූපාවචර බව ඉක්මවා යන්න පුලුවන්ද?
රූපාවචර කර්ම කරන නිසා අවසානයේ රූපාවචර භවයක් ලබනවා.

කර්ම ඉස්ථාන ගත වන්න්නේ කෙසේද?

සංකාර කියන්නේ සංචේතනා. (පටිච්ච සමුප්පාදය)

චේතනා – නිරුක්තිය — චිත්තය තනන බවයි.
අවිද්‍යාවෙන් යමෙක් චිත්තය තැනුවොත් එයා කර්ම භවය සදයි. කර්ම ඉස්ථාන ගත කරයි.
එනිසා රාග ද්වේශ මෝහ චේතනා අස්ථාන ගත කර දැමිය යුතුයි.
එනිසා වීත රාගී, වීත මෝහී, වීත ද්වේශී අරමුණු වල චේතනා පැවැත්වේමෙන් කර්ම භව නැවැත්විය හැකිය.

කර්මස්තාන සඳහන් වන සූත්‍රය රැසක් ත්‍රිපිටකය තුල තියෙනව. එයින් පහත සූත්‍ර විශේශයි.
ආයාචන සූත්‍රය
මනසිකාර සූත්‍රය
සන්ද සූත්‍රය

ඒතං සන්තං (එයම ශාන්තයි)
ඒතං පණීතං (එයම ප්‍රණීතයි)
සබ්බ සංකාර සමතෝ (සියලු උපාදානයන්ට බැදී ඇති පටි ගැලවී යයි නම් කොච්චර හොදයි ද?)
සබ්භූපති පටි නිස්සග්ගෝ (සියලු උපාදානයන්ට aඇති පටි හෙවත් බැඳීම් ගැලවී යයි නම් කොච්චර හොදයි ද?)
තණ්හක්ඛයෝ (තණ්හාව නිසා ක්ෂය නොවී සිටියානම් කොච්චර හොදයි ද?)
විරාගෝ (විරාගික බව කොච්චර හොදයි ද?)
නිරෝධෝ (පංචස්කන්ධය පස්සේ රෝන්දය නැවතුනානම් කොච්චර හොදයි ද?)
නිබ්බන්ති (බානෙන් නික්මුනා නම් කොපන හොදයි ද?)

මේ තමයි ත්‍රිපිටකය පුරාම ඇති කර්මස්ථානය.

මෙය සජ්ජායනය කරන විට,
තමන් කියනේ මොකක්ද කියලා ඒ ගැන හිත තියාගෙන ඉන්නවා.

පංචස්කන්ධයත් නිරෝදයට කර්මස්ථානයකි. (රූප නිරෝධයි, නිවන් සුව දැනෙනවා… මේවා ඒ වෙලාවට නිරෝධ නිසා ඒ මොහොතේ නිවන් සුවය තමයි දැනෙනේ)

මේ කර්මස්ථාන ගැන තව විදියකින්:

පුණ්‍ය, අපුණ්‍ය, ආනෙඤ්ඤභි සංකාර අස්ථාන ගත කිරීමයි.

පිංකමක් කරනවා ලොකු වටිනාකමක් දීල. ඒ ගැන හිත හිත ඉන්නාවා (අභිසංකාර කරනවා) කර්ම කරනවා. භවයක් හදන වා. ඒත් නිවන ලැබෙන්නේ නැති නිසායි පුණ්‍යභි සංකාරයත් කර්මස්ථාන (කර්ම අස්ථාන ගත කිරීමක්) නොවන්නේ.

පුණ්‍ය ගංගා වැඩෙන්නේ කර්මස්ථාන වැඩීමෙන් ය.

SN 5-2 පුබ්බාරාම සූත්‍රය ආස්න්නයේ ඇති සූත්‍ර සියල්ල කියවන්න.

කර්ම ස්ථානගත වෙන්නේ පටිච්ච සමුප්පාදයෙන් (අව්ද්‍යා පච්චයෙන්).
Play this part on YouTube

ආර්‍ය ධ්‍යාන ලාභියා සහ අනාර්‍ය ධ්‍යාන ලාභියා අතර වෙනාස
Time: 1:13:52
පුහුදුන් තෙමේ ආයු ගෙවා නිරයටද යයි. ..

ගතිය හා උප්පත්තිය අතරයි දෙන්න ගේ වෙනස.
Play this part on YouTube

ලෝකෝත්තර සමාධියේ ලක්ෂණ - ප්‍රත්‍යවේක්ශා ඥාන - AN2 සමාධි සූත්‍රය
Time: 1:25:51
මේ සමාධිය කෙලෙසුන්ගෙන් තොරය, ලොකාමිසයෙන් තොරය (දුටු නිවනට හිත තියාය). තමා තුලම ඥානය උපනේය. පස් ආකාර යේ ඥාණ උපදී.

1. ලෝකයේ ඉන්නගමන් ලෝකයට බැදිල ගත්ත දෙයක් නොවෙන බව (ප්‍රීතිය සහ සුව දැනෙනවා – දැනෙන බව – මේ වැඩීමෙන් මතුවටත් ප්‍රීතියක් සුවයක් මිස දුකක් වැඩෙන්නේ නැති බව)
2. ශාන්තය ප්‍රණීතය, කෙලෙසුන්ගෙන් තොර බව (සිත කෙලෙසන්නේ නෑ)
3. ලෝකාමිසයන් ගෙන් තොර බව (දුටු නිවනට හිත තියාය)
4. ඒකාග්‍රතායෙන් ලබන ලද බව
5. සප්‍රයෝග චිත්තයෙන් ප්‍රත්‍යනීක ධර්මයෙන් නිගෙණ උත්සාහගෙන් කෙලෙස් වළහා ලද්දේ නොවේ ය. (වෙනත් දැහැන් ක්‍රම තියෙනවා භාහිර ලෝකයෙන් අයින් වෙලා ගත්ත දැහැනක් නොවේ, භාහිර ලෝකයේ ඉන්න ගමන් අනිච්ච දුක්ක අනත්ත දැන අවබෝධයෙන් ලද දැනීමක්)

නහයේ ඇති හුස්ම රැල්ලක සමාධිය නොවෙයි.

සෝතාපන්න නොවී භාවනාවට වාඩිවන ආර්‍යයෙක් නැත.

ගණන අනුපුබ්භන ටොපන ටපන ලෙස ධ්‍යාන වඩා ගන්න.

Play this part on YouTube

ලෝකෝත්තර සමාධියේ අප්‍රමාණ බව - ලෝකෝත්තර සමාධිය සහ විමෝක්ෂය
Time: 1:34:37
සුන්ණ්‍යත, අප්පනිහත, අනිමිත්ත විමෝක්ෂය ලෙස තුන් ආකාරයට විස්තර කර ඇත. මේ නිවන් පූර්ණ කරගන්නා ආකාර 3යි.

පිණ්ඩපාත පාරිශුද්ධ ශීලය – සුන්ණ්‍යත විහරණය – ප්‍රත්‍යවේක්ශා කල යුතු ආකාරය:
සුන්ණ්‍යත විමෝක්ෂය නම් රාග ද්වේශ මෝහ හට ගත් ආකාරය විදර්ශනා කරන්න. නැවත නොඑන විදියට ආයතන සංවරයේ පිහිටන්න. මේ ශුන්‍යව විහරණය කිරීමයි.

අනිමිත්ත විමෝක්ෂය නම් ලබන අරමුණු කෙරෙහි නිමිති අනුනිමිති නොගෙන සිටීමයි. ඒ වායේ හිත නොපිහිට වීමයි.

අප්පනිහත විමෝක්ෂය නම් මේ පැවැත්ම තුල ප්‍රණීතයි කියල ගන්න දෙයක් නෑ. භාහිර දෙයක නැති වූ හිතේ හදා ගත්ත ආස්වාදයක් කියා දැන සිත ඒ මත

අසාර යන අර්ථයෙන් අනත්තයි (අනාත්ම යනු වැරදි පරිවර්තනයයි).

මහා වේදල්ල සූත්‍රයේ තවදුරටත් විග්‍රහ කරයි.
සියලුනිමිති මනසිකර නොකර ඉන්නවා.

Play this part on YouTube

තථාගත ධර්මය සංකීර්න ද?
Time: 1:45:16

මේ ගැන දැනගන්න ඕන මෙච්චරයි. මේ ගොඩක් වගේ පේන්නේ ආකාර වැඩි නිසා යි. ඒත් හැම ආකාරයෙන්ම ඉගෙන ගන්න කියන එක නොවේ.

ධාතු 18ට විස්තර කරනවා, ධාතු 6ට විස්තර කරනවා, පංචස්කන්ධ ලෙස විස්තර කරනවා 30ස් ආකරයකට.
මේ ඕනම විදියකින් ඉගෙන ගන්න.

ඇහේ පටිච්ච සමුප්පාදය ඉගෙන ගෙන සෝතයේ පටිච්ච සමුප්පාදය ඒ අනුව තේරුම් ගන්න.

ශඩ් ආයතන්යෝම ඒක ලක්ෂන වේ. ඒ වධකාර්තයෙනි. ඒ ගැන තේරුම් ගන්න. ඒ සමාන ලක්ෂනය තේරුම් ගන්න.
එසේ අරගෙන මොන පැත්තෙන් ගත්තත් ආශ්වාද ඉටු නොකරන බව තේරුම් ගන්න.

අතීත රූප ඉවරයි.
අනාගත රූප හටගත්තේ නැත.
වර්තමාන මොහොතේ ඇතිවන ප්‍රත්යුත්පන්න ධර්මයේ ආස්වාද ආදීනව නිස්සාරණය තේරුම් ගැනීමයි කල යුතු වන්නේ.
Play this part on YouTube