පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
සම්මා සංකලපනා වෙන්න ඕන.
ලෝකෝත්තර වෙන්නත් ඕන.
එනිසා සවිතක්ක කියන්නේ ලෝකයේ තියෙන අනිච්ච දුක්ක අනත්ත (වචනයෙන් කීමයි) මෙනෙහි කිරීමයි. ඒ ස්වභාවයේ නැවත නැවත හිත තියාගෙන ඉදීම / සිත හැසිරවීම සවිචාරය යි.
Play this part on YouTube
අරූප දැහැන් වලදී ලෝකයේ නිස්සාර ස්වභාවය හොදින් දැනෙනවා.
ඒත් අරූප දැහැන් අවශ්‍යම නෑ.
අශ්‍රවක් ක්ෂයට හිත තියෙල ධ්‍යාන වඩන්න.
නොපෙනෙන ලෝක පේන්න ගන්නවා නමුත් බලන්න යන්න එපා. ඒවා තුල අතරමං වෙන්න එපා.
Play this part on YouTube
අවිච්චප්‍රසාදය කියන්නේ අචල විශ්වාසය නොවෙයි.
අවිච්ච-ප්‍රසාදය කියනේ – ඉච්චාවෙන් හදපු ආශ්වාදය කැමැත්ත ඉෂ්ට නොකරන බව තේරී අව-ඉච්චාවට ටිකක් පත්වෙලා.
මේ පැවැත්මෙන් මිදිය යුතුයි කියල සීයට පනහකට වඩා හිත පිහිටියනම් සම්මා දෘශ්ඨියට පත්වූනේ ය.
සීයට සීයම සම්පූර්ණ වන්නේ අරහත් ඵලයේදීය.
Play this part on YouTube
සිංහල:
පාළි පදය කීමට පහශුය.
මෙහි දේශනා කරන්නේ මෙනෙහි නොකරන්නේය – කියලායි.
ආර්යයන් පෘථිවි, ආපෝ, තේජෝ, වායෝ (හුලං) නිසා ධ්‍යාන නොකරයි.
ලෝකයේ ඇති කිසිවක් අල්ලා ගෙන ධ්‍යාන නොකරයි.
ආර්‍යයන්ගේ ධ්‍යාන අරමුණ කාටවත් පේන්නේ නෑ. ඇයි- දුටු නිවන අරමුණු කරලයි ධ්‍යාන වඩන්නේ.
මොකක්ද මේ කියන්නේ?
සංකාර වැඩපිළිවෙළ හොද නැති බවත්, සියලු උපාදානයන්ට ඇති බැදීම් හොද නැති බවත් මෙහෙදී මෙනෙහි කරයි. මිදිච්ච ස්වාභාවය මෙනෙහි කිරීමයි.
මෙහි නියානටෙඪා – කියල කිවේ නිවන. එයට මූඛ්‍ය නිමිත්ත කියලත් කියාවා.
එය ලෝකයේ කිසි දෙයකින් විස්තර කල නොහැකිය.
මුක නිමිත්ත කුමක් ද? නාසික අග්‍රය නොවේ.
න-ආසික අග්‍ර (නිවන පැත්ත, ඇසුරු නොකරන පැත්ත අග්‍ර) කරන්න කියල යි මේ කියනේ.
ඇසුරු කිරීමෙත් මිදෙනවා.
ප්‍රථම ධ්‍යානයේදී විතක්ක විචාර වගෙම සවිතක්ක සවිචාර ද එනවා. (බුදුන්ද මෙහෙම කිව් සේක. තපස්සු ගෘහපති සූත්‍රය)
විතක්ක විචාර කියන්නේ කාම සංකල්පනා ගැන හිත හිත ඉන්නවා.
සවිතක්ක සවිචාර කියන්නේ නෙක්කම්මය ගැන මෙනෙහි කරමින් ඉන්නවා.
විතක්ක විචාර මැඩීමට සවිතක්ක සවිචාර යොදා ගන්න.
විතක්ක විචාර කියන්නේ මේ හිතුවිලියි. මේ සිතුවිල්ලෙන් තමයි සසර ගමන යන්නේ.
නිවන යනු සිතුවිල්ලක් නිරෝද කිරීමයි.
කර්මස්තාන වඩන විටදී සිදුවන්නේ විතක්ක විචාර සමඟම නැවත නැවත සවිතක්ක සවිචාර ඇතිකිරීමයි.
කර්මස්තාන සජ්ජායනයේදී කටපාඩමෙන් නොසිතා නො-මෙනෙහි කර කියනවාට වඩා (ගිරව වගේ) ඒ කර්මස්තාන මොනවද, කොහොමද එය නිවනට උපකාර වන්නේ කියා අභ්‍යන්තර සාකච්ඡාවක් කරමින් සජ්ජායනය කිරීමයි කල යුතු වන්නේ.
ඕනවට වඩා මේ අභ්‍යන්තර සාකච්ඡාව දුර ගෙනයාමත් හොඳ නැත. භාවනාව වැඩීමට උපකාර වූ පසු විතක්ක විචාර තුනී වී යා යුතුය.
Play this part on YouTube
එනම් වැඩිය යුත්තේ ප්‍රඥාව යි.
එක් ඉන්ද්‍රියක් වඩා අරහත්වට සම්පූර්ණ කරයි. ඒ ප්‍රඥා ඉන්ද්‍රියයි.
සද්ධාව වැඩීමෙන් ප්‍රඥාව වැඩිමට උපකාර වේ. නමුත් වීර්‍ය කල යුත්තේ වහ වහා ප්‍රඥාව වැඩීමට යි.
පුද පූජා වලින්ද ආර්‍ය මාර්ගය පූර්ණ වන්නේ නැත.
Play this part on YouTube
ත්‍රී ලක්ෂණ කියා දෙයක් ත්‍රිපිටකයේ නැත.
වඩන්න කියන්නේ පස් ආකාරයක සංඥාවකටයි.
අනිත්‍ය සංඥාව වඩන්න
අනිත්‍යයෙහි දුක්ක සංඥාව වඩන්න
දුක්කයේ අනාත්ම සංඥාව වඩන්න
ප්‍රහාණ සංඥාව වඩන්න
විරාග සංඥාව වඩන්න
මේ පහට බෙදලා ත්‍රිපිටකය පුරා විස්තර කරන්නෙ අනිත්‍ය සංඥාව යි.
අනිත්‍ය නම් උදය වැය ඥාණයට සං වෙන්න, එනම් බැඳෙන්න. සම්මා කරගන්න නොවේ. අනිත්‍ය සංඥාව කුසල මූල යි.
පරියායෙන් දෙසන ලද්දේය.
එනම් අනිවාර්‍ය කොට දෙසා ඇත.
ප්‍රඥා විමුක්ත පුද්ගලයාට අඩුම ගානේ පලමු දැහැන වත් තියෙන්න ඕන.
මේ අභිධර්ම කොටසට අනුව ප්‍රඥා විමුක්තයාට අෂ්ඨ විමෝක්ෂ (අරූප දැහැන්) නොපිහිටයි.
බුදු සසුනේ සදහන් නොවන ලෞකික දැහැන් වඩන්නා (හුලං, පස්, ගිනි, ජල, කසින) අරගෙන සක්කාය ප්‍රහානයට (සක්කාය දිට්ටි නොවේ, එය වන්නේ බන අසාය) වඩයි.
මෙහිදී අයෙකුට චේතෝ විමුක්තිය වැඩී යයි. කෙනෙකුට නොවැඩේ.
කෙනෙකුට මේ ලෞකික දැහැන් වලින් අවිද්‍යාව දුරු නොවෙයි.
කෙනෙකුට මේ ලෞකික දැහැන් වලින් අවිද්‍යාව දුරු නොවෙයි.
ආර්‍ය දැහැන් නොවැඩේනම් මෙසේ හෝ වඩා උත්සාහ කරන්න.
Play this part on YouTube
ප්‍රඥා විමුක්ත, චේතෝ විමුක්ත, ඉන් පසු උභතෝභාග විමුක්ත.
මේ ගැන විස්තර ඉදිරි සාකච්ඡාවකදී..
කර්මස්තාන මෙනෙහි කරන විට ඇතිවන සතුට තමයි ධ්‍යානයේ වැඩීම විස්තර කරන්නේ.
කාමයෙන් මිදීයන විට
කාම නම් මොනවාද?
ඡන්ද කාමය
රාග කාමය
සංකල්ප කාමය
සංකල්ප රාග කාමය
(?? රාගය කාමය කිය දෙසරයක් කියා ඇත්තේ ඇයි?)
මේ සිතුවිලි මාත්‍ර වලින් මිදී යයි.
ආර්‍ය භාවනා සමාධි 5ක් මෙහි විස්තර කරයි.
කරජකය – තමාගේ ඝන කය.
කරජකය ප්‍රීතියෙන් තෙමාලයි. තෙතට ඇනූ මැටිගුලියක් වගේ (සුදස්සන හිමිගේ දේශනාවේදී මෙසේ විස්තර කර දෙයි).
විතක්ක විචාර තුනී වී යමින් පවතී.
දෙවන දැහැනේදීත්,
ධ්‍යාන සුව ප්‍රීති සුව තමා තුලම නැගි නැගී එයි. සිසිල් දියෙන් තෙමන්නාක් මෙනි.
විතක්ක විචාර නැත.
තෙවන දැහැනේදීත්,
ධ්‍යාන සුව ප්‍රීති සුව තමා තුලම නැගි නැගී එයි. සිසිල් දියෙන් තෙමන්නාක් මෙනි.
ආලෝක සංඥාව සිරුර වසා පැතිර වැඩී යන්නේ මේ ධ්‍යාන යේ දීය.
(?? පංචාංගික සම්‍යක් සමාධිහූගේ මේ චතුර්ත භාවනාවයි – ඒ කියන්නේ මොකක්ද?
සමහර විට අර මුලින් කියූ සංඥා 5 විය හැකිය)
Play this part on YouTube
දොම්නස කෙලෙස් පැත්තට (පටිඝ) නොපැමිණේ.
Play this part on YouTube
1. ප්‍රථම ධ්‍යානය
සවිතක්ක සවිචාර ප්‍රීති සුක ඒකාග්‍රතා විතක්ක විචාර තියෙනවා.
2. දෙවන ධ්‍යානය
සවිතක්ක සවිචාර ප්‍රීති සුක ඒකාග්‍රතා තියෙනවා. විතක්ක විචාර නිරෝධයි.
3. තෙවන ධ්‍යානය
සවිතක්ක සවිචාර සුක ඒකාග්‍රතා තියෙනවා. ප්‍රීති විතක්ක විචාර නිරෝධයි.
4. හතරවන ධ්‍යානය
සවිතක්ක සවිචාර උපේක්ෂාව ඒකාග්‍රතා තියෙනවා. සුක ප්‍රීති විතක්ක විචාර නිරෝධයි.
මේ තමයි අනුපූර්ව නිරෝධය. මේ දැනගෙන සිටීමෙන් ඉන්න තැන දැනගෙන එතනින් එහාට යන්න නිරෝධ කරන්න ඕන දේ දැනගෙන ඉදිරියට යන්න පුලුවන්. නැගිටලා ඇවිත් ගුරුවරයාගෙන් අහන්න ඕන නෑ.
Play this part on YouTube