+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Nirapekshathwaye Maga (Season 07/Episode 07 /Part 01 )09-10-2016
Ven. Abaya Thero

URL to YouTube Video:

උන්නහ බ්‍රහ්මණ සූත්‍රය - පස ඉඳුරන්ට ආස්වද විඳිය නොහැකිය -- වැරදිමත නිවැරදි කරගන්න
Time: 0:2:57
ආස්වාද විඳින්නේ ඒ ඒ ආයතනය නොව – සිතෙන් සදා ගෙනයි.
Play this part on YouTube
Start of Program - ලෝකයේ කිසිවක් අල්ලා ගන්නේ නැතිවයි භාවනා කරන්නේ
විමුක්ති මෑණියෝ ගැන සඳහන් කල අවස්ථාව
Time: 0:22:0
ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වී ඇති කෙනෙක්ට සතර දැහැන් හොඳට වැඩෙනවා.

ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වී ඇති බව දැන සිටීම හෝ නොසිටීම ප්‍රශ්නයක් නොවේ.

Play this part on YouTube

සංඛේත අර්ථය - නිවන සංකාර කර ලබන දෙයක් නොවේ - සංකාර නොකර ලබන එකක්
Time: 0:24:22
නිරෝධ යනු උදා නොකර සිටීමයි.

පේනවා – අභිසංකාර කර බලන්නේ නෑ.
ඇහෙනවා – අභිසංකාර කර බලන්නේ නෑ.
දැනෙනවා – උදා දිවට රසයක් – අභිසංකාර කර බලන්න ඕන නෑ.
දැනගන්නවා

රාගක්ඛය, ද්වේශක්ඛය මෝහක්ඛය – මේ නිවනයි.
Play this part on YouTube

Question - පස්ස සහ සම්පස්ස අතර වෙනස
Time: 0:28:35
සං – යනු කෙලෙස් ද?
නැත.

සං යනු යමක් එකතු වීමයි. එයට රාග ද්වේශ මෝහ සම්බන්ධයක් නෑ.

ඇසට රූපයක් එකතු වෙනවා.

රාග ද්වේශ මෝහ සංචේතන – මේව කෙලෙස්.

ඉතින්, හැමවිටම සංපස්සජා සංපස්සජා කියල කියන්න බැරි නිසා මේක කෙටි කර මාතෘකා පාළි ලෙස ඉදිරිපත් කර ඇත.

ප්‍රිය රූප කියූ තැන ඒ හැමතැනම රූපය වගේම ශබ්ද, ගන්ද, රස, පහස ගැතන් ඒ විදියටම කියවෙනව. ඒවා හිතා ගන්න ඕන. සම්මා ඥාණ යෙන්.

රාග සංපස්සජා වේදනා කියනේ නැතිව වේදනා නිරෝධ කරගන්න කියල කියනවා.

සංපස්සජා වේදනා රහතන් වහන්සේලාටත් තියෙනව.

ඒත් රාග සංපස්සජා වේදනා රහතන් වහන්සේලාට නෑ.

උදා:
යමක් දක්කිනවා – රූපවල ඇත්තම වේදනාව උපේක්ෂාවයි.
ඒ සමඟ රාගයෙන් බැදුනමයි දුක එන්නේ.

අසත් පුරුෂයා තමයි බොහෝ විට මේ උපේක්ෂා වේදනාව සාරයි සුබයි යසයි නිච්චයි සුකයි කියල හිතන්න පුරුදු කරල දෙන්නේ.

අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයෙන් කරන රූපයක වේදනාවේ තියෙන්නේ උපේක්ෂාව විතරයි.
Play this part on YouTube

ආර්‍ය අශ්ඨාංගික මාර්ගය - chart
Time: 0:41:7
ගුරුවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අඩුම ගානේ තමන්ගේ දහම් ඥානය කොතෙන තිබේදැයි ආසන්නව දැනගත හැකිය.

මේ හැම මාර්ග අංගයක්ම ලෞකික සහ ලෝකෝත්තර ලෙස දෙකොටසකට බෙදෙනවා.

රතුපැහැ කොටස තුල තියෙන කොටසයි වැඩිය යුතු කොටස.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වර්ධනය කරගැනීමට කරන උත්සහයට වීර්යයට සම්මා වායාමය ලෙසත්, ඒ සඳහා සිහිය පැවැත්වීම සම්මා සති ලෙසත් හඳුන්වනු ලබයි.
සම්මා දිඨිය සහ සම්මා සංකප්ප ආර්යයන්ගෙන් බණ අසා දැනගත යුතු දෙයකි. එය ස්වයංභූ ඥානයෙන් ලබන්නේ බුද්ධ සහ පසේ බුදු හිමිවරුන් පමණි.
සම්මා සමාධිය මේ අනෙක් කොටස් පූර්ණ වීමේදී ලබන ප්‍රථිඵලයකි.

නැතිවෙයිදෝ කියන සැකය අවිද්‍යාව නිසා හටගත් නිසායි.

world happiest person – is a tibet monk.

අත්‍යවශ්‍ය ප්‍රමාණයට පමණක් භුක්ති විඳින්න පුරුදු වෙන්න.
Play this part on YouTube

සම්මා වායාමය සහ සම්මා සති වෙනම අංගයක් ලෙස විග්‍රහ කර නැත - මහා චත්තාරික සූත්‍රය
සම්මා සති යනු සතර සතිපට්ඨානයයි - මහා චත්තාරික සූත්‍රය
සම්මා සතිය - තවත් විදියකට - සච්ච විභංග සූත්‍රය
Time: 1:4:24
ඇලීමෙන් ගැටීමෙන් මිදීමටයි සම්මා සතිය වඩන්නේ.
මා වෙන පැත්තට සතිය වැඩීමයි.
Play this part on YouTube
සතර සෝතාපත්ති අංග මොනවාද?
Time: 1:7:32
සෝතාපත්තියට අවශ්‍ය වන්නෙ සත් පුරුෂ ආශ්‍රයත්, සත්ධර්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්, ධම්මානු ධම්ම ප්‍රතිපදාවත්ය.

සතර සෝතාපත්ති අංග යනු බුදුන් දහම් සඟුන් කෙරෙහි අව්ච්චප්‍රසාදය සහ ආර්‍යකාන්ත සීලයත් ය.
මෙය සිද්ධාර්ථ නම් තවුසා කෙරෙහි අව්ච්චප්‍රසාදය නොවේ. මෙය බව උද්ද කිරීම හෙවත් පට්ච්ච සමුප්පාද නිරෝධය පිළිබඳව අව්ච්චප්‍රසාදය යි. මෙය පුද්ගල බද්ධ දෙයක් නොවෙයි.
ධර්ම යනු පට්ච්ච සමුප්පාද ධර්මය කෙරෙහි අව්ච්චප්‍රසාදය යි.
සංඝ යනු කෙලෙස් බිඳ හරින ක්‍රමය පිළිබඳව අව්ච්චප්‍රසාදය යි.
Play this part on YouTube

කායේ කායානුපස්සනාව - ඇයි මෙතන කාය දෙකක් කියලා තියෙන්නේ? - කාය සූත්‍රය
Time: 1:12:51
අනිච්ච දුක්ක අනත්ත මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි.

මේ ලෝකයට බැඳෙනවද නැත්තං මිදෙනවද කියල තීන්දු තියෙන්නේ මේ තුලයි.

මෙලෙස දරන කෙලෙස් කය තමයි දෙවන කය.

පලමු කයේ කෙලෙස් නැත. අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය.
දෙවන කය සදා ගන්නේ යෝනිසෝ මනසිකාරය නොමැතිව කෙලෙස් වැඩීමෙනි. කෙලෙස් කය දෙවන කයයි. ආශ්වාද ඇත්තේ සාර සුබ ලෙස ගන්නේ මේ කයයි.

දෙවන කය අනිච්චානු පස්සනා කරන්න.

මේ කියන වචනයේ වෙනසක් තියෙනවා – කායානුපස්සනා කියල නෙවෙයි මෙතන කියන්නේ. ඒ කියන්නේ කය පිහිටන, නවන දිග අරින, ඇවිඳින විඳියට සිහිය පිහිටුවන එක නොවෙයි මෙතන කියන්නේ.
මේ කියන්නේ කායේ-කායානු පස්සනාවයි. එනම් කය නිසා උපන් දෙවන කය දෙස අවධානයෙන් බැලීමයි.
මොකක්ද උපන් දෙවන කය? ඒ තමයි ප්‍රභාස්වරව හටගත් කය අවිද්‍යාව හේතුවෙන් රාග ද්වේශ මෝහ හා පටිච්ච වී සාදා ගත් ආශ්වාද කය. මේ දෙවන කය තමයි අනුපස්සනා කරන්න කියල දේශනා කලේ.

උපදින දේ ප්‍රහීන කිරීම නොව උපදවා ගන්නා දේ ප්‍රහීන කිරීමයි.
Play this part on YouTube

විපාක කයට අමතරව පංච නීවරන යනු වෙනම කයකි.
විපාක කයට අමතරව ආස්වාදය යනු වෙනම කයකි.
සමුදය සූත්‍රය
Time: 1:34:19
කයේ සමුදය – ආහාර ගැනීමෙන් කය හටගනී. — මේ කියන්නේ බත් පාන් වගේ කෑම ගැන නෙවෙයි. ඒ ලෞකික අර්ථයයි.

මෙහි ලෝකෝත්තර අර්ථය අනුව ගන්න ඕන.

මේ කියන්නේ ඕලාරික, ඝන කය නෙවෙයි. පංච නීවරණ කයයි. ආස්වාද කයයි.
අහර – හර නැති දේ දීමෙන් කයේ සමුදය (පැවැත්ම) සිදුවේ.

ඒ අහර දීමේන් වැලකීමෙන් මේ කය හට ගැනීම නැවැත්වීමට පුලුවන්.

රාග ද්වේශ මෝහ සිතුවිලි නැවැත්වීමයි.

හිතේ තියෙන සත්-කාය දිට්ඨිය දුරුවීමෙන් මේ ගමන ඇරබේ. මෙය මමය මාගේ කියන දෘශ්ඨිය කියන එක නෙවෙයි.
Play this part on YouTube

උදා - සුදු බුදු පිළිමයට එල්ල කරන ආලෝකය
Time: 1:45:52
පිළිමයට එල්ල වන වර්නය අනුව පිළිමය පෙනෙයි.

නමුත් වර්නය පිළිමයට අයත් නොවේ.

වර්ණය අමුතුවෙන් එකතුවූ අශුද්ධ දෙයකි.

අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ පටන් ගත් මේ පිලිමය, වර්ණ නම් නීවණ නිසා වර්ණ ගැන්වී ගියා වගේ.

නිවන නම් මේ ලයිට් නොගසා සිටීමයි.
Play this part on YouTube

භූමිජ සූත්‍රය - සංචේතනා - කය නිර්මාණය වන්නේ කෙසේද?
ගෙලඤ්ඤ සූත්‍රය - සුව වේදනාව කෙසේ නිත්‍ය වන්නේද?
කල්‍යාණ මිත්‍රයා කවුද?