පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
URL for YouTube:
මේ ඉගැන්වීමේ ක්‍රමයට කියන්නෙ මාතෘකා පාළි කියලයි.
මාතෘකාව අනුව තේරුම් ගත යුතුයි. මූලධර්මය විග්‍රහ කරනවා. ඊට පස්සේ දවසෙන් දවස විස්තරාත්මකව විග්‍රහ කරනවා.
මාතෘකා පාළි ආදියේ විස්තර විභංගප්‍රකරනය බලලා දැනගන්න ඕන. (උදා පටිච්ච සමුප්පාද විභංගය – ලෝකයේ පදාර්ත හැදුනේ සිත හේතුවෙන්)
මේකරුණු ත්‍රිපිටකයේ පොත් 56යේ හැංගිලා තියෙනවා.
කර්ම ශක්තිය කිලෝජූල් වලින් මනින්න පුලුවන්.
Play this part on YouTube
මෙහෙම දෙකක් තියෙනවා.
එකක් නිරෝධ කල හැකි දුක්/සැප වේදනාවක්. ආශ්වාදය මෙබඳුය. මෙය හිතේ හදා ගන්න එකක් – වේදනාව සමග හිත බැදුන විදිය අනුව ආශ්වාදය විදී.
එකක් නිරෝධ කල නොහැකි දුක් වේදනාවක් (මරණයට පෙර). සැප වේදනාව මෙබඳුය.
සැප වේදනාවේ ආශ්වාදයෙන් බදිලා (පටිච්චවී) වෙන්නේ.
ආශ්වාදය යනු සැප වේදනාවක්. හැබැයි හැම සැප වේදනාවක්ම ආශ්වාද නොවේ.
ගිරිමානන්ද සූත්‍රයේ මේගැන තියෙනවා.
පංචස්කන්දය අනිත්‍ය ලෙසත්.
පංච උපාධානස්කන්දය අනිච්චානුපස්සී ලෙස දකින්න.
කකුලේ ගල්පතුර වැදීම විපාක වේදනාවක්. (සං.1 සකලික සූ. 49පි.)
දෙවන පෙල වේදනාව (රංඩු කරන්න, තරහ ගන්න) හදා ගන්නේ රාග, ද්වේශ, මෝහයෙන්.
ගෙදර fight උදාහරණය:
ගැහුවම රිදෙන එක – එකක්. මේ පූර්ව කර්ම ඵලයකි.
පස්සේ හිතේ අමාරුවට රිදෙන එක තව එකක්.
අයිස්ක්‍රීම් උදාහරණය:
25ක් අයිස්ක්‍රීම්වල රසය. 75ක් රාග ද්වේශ මෝහ පටිච්ච වීමෙන්.
කේක් උදාහරණය:
කැමති කෙනා කවපු එකත් අකැමැති කෙනා කවපු එකත් අතර රස වෙනසක් ලෙස හිත පෙන්නනවා.
එකකට වඩා අනෙක රසයි කියල හිතුනට දෙකම එකම කේක් එකේ කෑලි.
වේවැල් පහරේ උදාහරණය:
සෝපදිශේශ නිර්වාණයෙන් හා අනුපදිශේශ නිර්වාණය ලෙස දෙකක් දැක්වෙන්නේ මේ නිසා.
මේ ලෝකයේ සැප දුක උපේක්ෂා යනු විපාක වෙදනාය.
රාග ද්වේශ මෝහයෙන් එම වේදනා සමග පටිච්ච වීම නිසා ආශ්වාදය සකස් කර ගනී.
හැම වෙලාවෙම රගයෙන් බැදෙන්නේ සැප වේදනාවක් එක්ක. එහෙම වෙලා ආශ්වාදයක් සදාගනී.
ඒත් සැප වේදනාවයි ආශ්වාදයයි දෙකක්.
එනම් ආශ්වාදය යනු විපාක වේදනාවක් නොවෙයි. එය හදා ගත්ත දෙයක්.
ඒනිසයි අපට මෙය බිද දමන්න පුලුවන් වෙන්නේ .
ඒනිසයි අපට මෙය නිරෝදය කර දමන්න පුලුවන් වෙන්නේ .
දුක/සැප (විපාක, එනම් හේතු නිසා හටගත් ඵල) සමග රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැදෙයි. එසේ බැදී හටගන්නා ආශ්වාදය සකස් කරගැනීමක්. එනිසායි මේ බැම්ම බිදින්න හැකි.
Play this part on YouTube
විපාක සැප වේදනා ප්‍රහීන කරන්න බෑ. ඒකට බයවෙන්න එපා යන්න මේ සූත්‍රයේ කියවේ.
ආශ්වාද ප්‍රහීන කරන පුලුවන්.
ප්‍රහීන කරන්න වෙහෙසෙන්න ඕනේ ආශ්වාද යෝය. මේක හොදින් අසාගත යුතු කරුණකි.
Play this part on YouTube
රහතන් වහන්සේද සැප වේදනා, දුක් වේදනා විදී, නොදුක් නොසුව වේදනා විදී. හැබැයි නොබැදුනේ ය.
රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් බැදෙන්නේ නැත. තන්හාවෙන් උපාදාන කරන්නේ නැත.
සැප වේදනාවේත්, දුක් වේදනාවේත්, නොදුක් නොසුව වේදනාවේත් බැදෙන්නේ නැත.
උනුවතුර අයිස් කෝපි උනේ කොහොමද?
අවිද්‍යාව 23 කොටසකි (21 හෝ).
අවිද්‍යාව කිලිටිගැන්වී කිලිටිගැන්වී දුම්මේජ්ජං තත්ත්වය දක්වා වැඩෙයි, තවදුරටත් කිලිටිගැන්වී කිලිටිගැන්වී මෝහය දක්වා වැඩෙයි.
මෝහය යනු සතර අපා ගතකරන්නකි.
අවිද්‍යාව තිබියදී බ්‍රහ්මලෝකයේ ද ඉපදිය හැකිය.
එනිසා අවිද්‍යාව සියුම් ධර්මයකි. මෝහය බරින් වැඩි ධර්මයකි.
සෝතාපන්න බවට පත්වීමේදී මෝහයේ සිට දුම්මේජ්ජං තත්ත්වය දක්වා නැවත පහල නොවැටෙන සේ දුරුව යයි.
ඉන් එහාට මාර්ග ඵල වලදී දුම්මේජ්ජං තත්වයේ සිට තවත් තුනී වී යයි.
අරහත්වයේදී අවිද්‍යාව සපුරා විනාශවේ.
Play this part on YouTube
භයටේන දුක්කා.
මෙහි දුක යන්න කියන්නේ භය යන අර්තයෙනි. වේදනාව යන අර්තයෙන් නොවෙයි.
දුක්ක ආර්‍ය සත්‍ය කියන්නේ රාග ද්වේශ මෝහ යි.
වේදනා හේතුකරගෙන ඉහත කියන්නේ විපාක වේදනායි.
බුද්ධ ශාසනයේ විපාක වේදනා නිරෝද කිරීමක් නොදක්වයි.
නමුත් විපාක වේදනා නිසා නිසා හිතේ ඇතිවන රාග ද්වේශ මෝහ දුරුකිරීම බුද්ධ ශාසනය යි.
පංචකාම ආශ්වාදයට (භය අර්තයෙන් කියයි, එනම් එක පංච කාම නැතිවේ යයි තියෙන බය යයි. ප්‍රඥා චෛතසිකයෙන් මේ ගැන කියයි. රිදෙන / වේදනා චෛතසිකයෙන් නොවෙයි)
ආශ්වාදය සැප වේදනාවකි.
ඇහෙන දකින දැනෙන දැනගන්න දේ තුල කෙලෙස් නැත.
ඇහෙන දකින දැනෙන දැනගන්න දේ සමග රාග ද්වේශ මෝහ පටිච්ච කරගැනීමෙන් කෙලෙස් හටගනී.
කෙලෙස් පිරිසිදු කිරීම නොවෙයි බුද්ධ සාසනේ කරන්නේ.
පිරිසිදුව හටගත් සිත අපිරිසිදු නොවී තියාගැනීමට උත්සාහ කිරීමයි.
චුල්ල පන්ථක කතාව.
අප සිටින්නේ බොහො දුරු රටම. මේ දේශනා ඉතා ප්‍රයෝජනවත්
පින් සිදු වේවා