+1-778-834-5353 info@namaroopa.com
Select Page

අදහස් දැක්වීමේ නිදහස ලොව බොහෝ රටවල ඇත. ශ්‍රි ලංකාවේද මේ නිදහස පවතිනවා (ද?) කියන්න පුලුවන්. මොකද ඇතැම් රටවලට වඩා තාමත් ඒ නිදහස ව්‍යවස්ථාවෙන්ම පිළිගන්නා හේතුවෙන්. ආචාර්‍ය නලීන්ද මෙහිදී යම් මතයක් ඉස්මතු කිරීමට මහන්සි ගන්නවා. භෞතික වාදය, සාපේක්ෂවාදය, Doppler නියමය, යුදෙවන්ගේ පැරණි තෙස්තමේන්තුව, ද්වයිතය සහ මනසක් නෑ වැනි අදහස් කීපයක් එතුමා ඔබුගේ කතාවේ දක්වනවා. ඒවා කියවෙන තැන් කීපයක් වේලාව සමග සටහන් කරල තියෙනවා මේ post එකේ.

From: https://www.youtube.com/watch?v=16jh_ohULXo

මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ඉදිරිපත් කරන මේ (නව?) (දර්ශනය?) කුමක්ද?

ඉහත වීඩියෝවේ විවිධ අවස්ථා කීපයක් පහත දැක්වේ. එතුමා ඉදිරිපත් කරන අදහස බුදු දහමද නැතිනම් වෙන යම් එකක් ද කියා තවම හරියට වටහා ගත නොහැකි උනත්, එතුමා යමක් පවසන්න හදන බව මෙයින් පෙනී යයි.

 

2:01 භෞතික වාදය සහ අනෙක් දේ?
3:37 සාපේක්ෂතාවය
4:19 මෙතෙන ඇති දෙයක් නැත (මේ අමුතුම විදියකින් නැත අන්තය ගැන කීමද? තව කල්පනා කරන්න වෙනවා)
4:52 Doppler Effect
7:08 විඥානය කියා දෙයක් නැත යන්න නලීන් මහතාගෙ මතය. ඔහු භෞති වාදය හෝ ද්‍රව්‍ය වාදය මෙන්ම විඥාන වාදය යන්නත් දෙකම නලීන් මහතා ප්‍රතිකේෂ්ප කරයි. භෞති වාදය / ද්‍රව්‍ය වාදය සහ විඥාන වාදය දෙකම එකයි යනු ඔහුගේ මතය යි.

මොකක්ද මේ කියන්නේ? මනස ඇති වෙන්නේ ද්‍රව්‍යයේ විකාශයක් නිසා කියල ඒ කියන්නේ. භෞති වාදය කියන්නේ භාරතීය දර්ශනය. විඥාන වාදය කියන්නේ මනසේ ප්‍රථිඵලයක් විදියට තමයි මේ සියල්ල තියෙන්නේ යන්නේ. වෙනස ඇවිල්ලා “පවතින මනසක ඇතිවන වෙනස්වීම් තමයි ද්‍රව්‍ය” උනේ. මනස කියල එකකුත් නෑ. නමුත් මේ සියල්ල නැති මනස විසින් ඇති කල දෙයක්.

එකම දේට මේ ඉහත ප්‍රකාශයේම – ඇත කියා කියන වෙලාක් ද ඇත, නැත කියා කියන වෙලාවක් ද ඇත. මෙයත් සලකා බැලිය යුතු තවත් අවස්ථාවකි.

11:06 මනස කියල එකකුත් නෑ. නමුත් මේ සියල්ල නැති මනස විසින් ඇති කල දෙයක්.
12:03 මනස කියල එකකුත් නෑ. නමුත් මේ සියල්ල නැති මනස විසින් ඇති කල දෙයක්.
12:38 නැති මනසකට සාපේක්ෂව මේක ඇතිවෙලා කිව්වොත් මේක විඥාන වාදයක් කියල කියන්න බෑ නේ.
18:18 දෙවන විවරණය
20:11 ද්වයිතය
23:11 ඒ අයගේ තර්කයක්
27:36 Westerners think there is no mind for most animals other than human.
33:11 Timeless
42:04 මම කියන්නේ
43:44 පශ්චාත්නූතන වාදීන් බිහි වූයේ 1930න් පසු වූ භෞක්වන්ටම් තියකයෙන් පසුවයි.
49:33 දෙවියන් වහන්සේ සහ යක්ෂයා මේ සියල්ලට බලපානවා
50:31ප්‍රශ්නයක්

It is important to discuss and understand various avenues of these statements. According to Nalin, he claims there is no-mind. He says it all happen from a non existing mind. As to him a non existing mind creates a mind. During his talk he brings up Buddha, Jesus Christ, Brahmans and various other view points.

However it is still not clear what is he trying to say and what he try to achieve by saying that. For example Buddha tried to achieve Nibbana, by ending Suffering. Jesus tried to achieve Haven. However, it is not clear what Nalin is trying to achieve.

So far, it is not clear if Nalin is struggling with words to explain Dependent-Origination in different words.

For anyone coming from Science background and carrying similar views it is important for them to find what is their goal and then try to bridge the gap between where they are and what the Dhamma had to offer towards Nibbana.

මෙවැනි කරුණු සංසන්දනාත්මකව විමසා බැලීමට ලඟදීම namaroopa.com වෙබ් අඩවියේ “Dhamma opened and compared” පිටුව වෙන්කර ඇත. මෙවැනි බොහෝ සැසදුම් සඳහන් උදව් එතැන ඇත.

Two Sides