+1-778-834-5353 info@namaroopa.com
Select Page

මෛත්‍රී භාවනාව

[10/17] - නිවන යනු? - [ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට]

මොන භාවනාව කලත් කෙරෙන්නේ භව නැසීමයි. කෙරෙන්නේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩීමයි. මේ භාවනාව ආස්වාද ගැටලුවට දෙන උත්තරයක්.
වෙනත් වෙනත් භාවනා කියල අපි හිතාන හිටියට ඒ හිතාගෙන ඉන්නේ ඵල දිහා බලාගෙන ඉදල. අපි බලන්න ඕන හේතුව දිහා.
අසුභභාවනාවකදී උනත් මේ ක්ෂය වන දේ (කය-දේ) ට ඇතිවන ආශාවට ඇති හේතු දිහායි බලන්න ඕන. ඒ හේතු පටිච්ඡසමුප්පන්නව ගොඩනැගෙන විදිය බලන්න ඕන. කෙලෙස් හටගන්න හේතුව බලන්න ඕන.

මම නිදුක් වෙත්වා… දුක යනු කාමයට අධිවචනයක් (කාමාධිවචන සූත්‍රය). අම-කා ගැනීමයි. ඇම කෑමයි. ඇමට ප්‍රිය වී කෑවත්, එය දුකක් බව නොදනී. ප්‍රඥාවෙන් එය දැනගැනීමයි ඇමෙන් බේරී සිටිය හැකි මාර්ගය. අම-කා ගැනීම දුකකි. එනිසයි නිදුක් වෙත්වා කියන්නේ. සෝවාන් ඵලයේදී සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා ප්‍රහීනයි.

නිරෝගී වෙත්වා…. කයේ රෝගය සුව කරල ඉවරයක්කල නොහැක (අස්සුතවන්ත සූත්‍රය). කල හැක්කේ ආස්වාද වැඩපිළිවෙළෙන් මිදීමයි. එනිසා සුව කල හැක්කේ හිතේ රෝගයයි. සකදාගාමී වෙනකොට හිත ලෙඩ වෙනවා අඩුයි. වස්තුකාමය තුනීයි. එනම් කාම රාග පටිඝ තුනීයි. එනිසා හිත රෝග වෙන්නේ නෑ.

සුවපත් වෙත්වා… කියන්නේ නිවන් සුවයයි. නිවන් සුවයෙන් සුවපත් වීම තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ. අනාගාමී ඵලයේදී කාම රාග පටිඝ ප්‍රහීනයි. හිත සුවයට පත්වෙනවා.

නිවන් දකිත්වා… කියන්නේ මේ හුදු දුක් රැසෙන් මිදීමයි (විපාක කයද ඇතුලුව). අරිහත්ඵලයට පත්වී පිරිනිවීමයි. සියලු දුක් කෙලවරයි – නිවී යයි.

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!