අර්ථකථන හතරක් ඇත:
උපන් ධර්මයන් නොයික්ම පවත්නා ස්වභාවය භාවනාය (අභිසංස්කරනය නොකිරීම ද?) -සබ්බසංකාර සමත කරගෙන ඉදීම යි.
ඉන්ද්‍රියයන් ඒකාත්මික භාවයෙන් සිටීම යි.
වීර්‍ය වඩන අර්ථයෙන් භාවනාය.
ආසේවන ස්වභාවෙයෙන් (වැඩිපුර වැඩිපුර ඇසුරු කිරීම, කර්මස්ථාන වඩනකොට එකම දෙයක් කිය කිය කරන්නේ මෙයයි).
කර්මස්ථාන කිය කියා නිවන් දකින්නේ මේ විදියයි. එනම් ආසේවනා ක්‍රමයට යි. ලෝකයේ අසාරත්වයත් නිවනේ නිවන ස්බභාවයත් දිගින් දිගට ඇසුරු කිරීම යි.
නිවෙන තැන නොසිටින හැම මොහොතක් ම ඉන්නේ ගිනි ගන්න තැනක. රාග ද්වේශ මෝහ සදමින්. සදන්නේ සං-චේතනා. රාග ද්වේශ මෝහයෙන් චිත්තය තනනවා.
උදා:
කාය සංකාර → එනම් රාග ද්වේශ මෝහයෙන් යුතුව සිටීමට කය සැකසීමට චිත්තය තැනීමයි කාය සංකාර → සසර ගමන යන්නේ හිතෙන්.
මේ ලෝකය හොදයි කියන පැත්තට නැතුව නිවන ශාන්තයි කියන පැත්තට හිත තියාගෙන සිටියාම නිවී යනවා.
මේක ප්‍රායෝගිකව අත්දැකීමක්. ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වඩන විට ලැබෙන දෙයක්. උපරිම චතුර්තන් ධ්‍යානය හෙවත් සම්මා දිට්ඨිය දක්වා පර උපකාරයෙන් වැඩිය හැකියි. එතනින් එහාට සම්මා ඥාන, සම්මා විමුක්ති විර්‍යයෙන් වඩා ගත යුතුයි.
කතෝලිකයන් කියන ගීතිකා රාග ද්වේශ මෝහ ඒව නෙවෙයි. එනිසා එවන් ගීතිකා දිගින් දිගට කීමෙන්, ආසේවන ස්වභාවයෙන් දැහැන් වැඩී ආලෝක ලැබෙනවා.
නමුත් මේ ආර්‍යයන් වඩන වීත රාග, වීත දෝශ, වීත මෝහ නොවෙයි. මේ වඩන්නේ අලෝභ අද්වේශ අමෝහයි. එය ලෞකිකයි, කෙලෙස් සහිතයි, සුගතියට යන්න පුලුවන්, නිවන් දකින්නේ නෑ.
මේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ ලෞකික ක්‍රමයයි.
මුස්ලිම් ආගමේත් මේවාගේ ක්‍රමයක් තියෙනවා. ඒ අය ශුද්ධ ආලෝක වලට පත්වෙනවා.
වීත රාග, වීත දෝශ, වීත මෝහ ක්‍රමය ⇒ ආර්‍ය ක්‍රමය
අලෝභ අද්වේශ අමෝහ ක්‍රමය ⇒ අනාර්‍ය ක්‍රමය
දැහැන් වඩන්න පුලුවන් කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පස්සේ මේක වඩාගන්න බෑ. යම් කාලයකදී දැහැන් පිරිහී ගියත් පුරුදු කර තිබුනොත් මේ දැහැන් නැවත වේගයෙන් වඩාගන්න පුලුවන්.