Title: 01 – Sappaya Patipada Sutta.mp3
In Brief:
11:00
මම කියන්නේ හිතේ තියෙන හගීමක්. ඒත් මම කියල ඉතා ගෙන ඉන්න දේවල් හොදට කල්පනා කරල බැලුවොත් ඒවායේ මම-සොයාගත නොහැක.
හැගීමට අදාල දෙයක් අපි හෙව්වොත් අපිට හම්බ වෙන්නේ නෑ.
ඇස මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා හැගීමක් ඇති කර නොගනී.
ඇස තුළ මම ඉන්නවා කියා හැගීමක් ඇති කර නොගනී.
ඇසෙන් භාහිරව මම කියා හැගීමක් ඇති කර නොගනී.
ඇස මගේය කියා හැගීමක් ඇති කර නොගනී.
ඇස හැදිය තියෙන්නේ කුමකින්ද? නාම – රූප වලින්.
රූප කිව්වේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ
නාම කිව්වේ? වේදනා, චේතනා (කර්මය), හදුනාගැනීම, ස්පර්ශය (ආයතන එකතුවීම), මනසිකාර (සිතුවිලි වල ක්‍රියාකාරිත්වය)
රූපය අපි නමකින් හඳුනාගනී. රූප ගැන කියන්නේ නාමයක් භාවිතාකරලයි. මෙය රූපකායේ අධිවචන සම්පස්සය යි.
නාමයක් අපි රූපයකිනි හඳුනාගනී. නාමය ගැන කතා කරන්නේ රූප යොදාගෙනයි. මෙය නාමකායේ පටිඝ සම්පස්සය යි.
ඉතින් මේ දෙකේ ක්‍රියාවලිය නිසා තමයි ලෝකය පවතින්නේ.
මෙසේ පවතින ලෝකයේ විවිධ දේ කෙරෙහි ලෝබ, ද්වේශ, මෝහ උපදවා ගනී. අනිත්‍ය වූ නිස්සාර වූ ලෝකයට තණ්හාවෙන් බැඳී යයි.
භව ගමනකට කර්ම රැස්කර ගනී. උපන් උපන් තැන – උපතේ ලක්ෂණයවූ ජරා, මරණ දුක් ගොඩක සිරවී සිටි.
මෙය හඳුනාගැනීමට තරම් දියුණුවූ ප්‍රඥාවක් නැති නිසා, අවිද්‍යාව බලවත් නිසා සසරට බැඳී සත්වයා භව ගමනක දුක් විඳිනවා.
මේ ක්‍රියාවලිය නතර කරන්න නම් විද්‍යාව පහළ කර ගතයුතුයි.
කොහොමද විද්‍යාව පහළ වන විදියට ලෝකය (පංචස්කන්ධය) දකින්නේ?
ඇස තුල පවතින්නේද නාම – රූප ක්‍රියාකාරිත්වයක් බව දැකිය යුතුයි.
එසේ දකින්න ඇස දිහා දැන් බලන්න ඕනේ – ඇස හේතු ප්‍රත්‍යයෙන් සෑදී ඇති දෙයක් ලෙසයි.
ඒ හේතු නිරුද්ධ වී යෑමෙන් සෑදුන දේ ද අනිත්‍ය, දුක්ක, අනාත්ම ව විනාශ වී යනවා කියා බැලිය යුතුයි.
අනිත්‍ය වූ ප්‍රත්‍යයෙන් සැදෙන දේ ද අනිත්‍ය වූ දෙයක්මයි බව තේරුම් කර ගත යුතුයි.
එසේ දකින්න පුරුදු වූ විට,
ඇස මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා හැගීමක් ඇති කර නොගනී.
ඇස තුළ මම ඉන්නවා කියා හැගීමක් ඇති කර නොගනී.
ඇසෙන් භාහිරව මම කියා හැගීමක් ඇති කර නොගනී.
ඇස මගේය කියා හැගීමක් ඇති කර නොගනී.
මක් නිසාද?
ඇස හේතූන්ගෙන් හටගත් දෙයක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධව යන දෙයක් බව වටහා ගන්නා නිසායි.
ඇසට පෙනෙන රූප මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා හැගීමක් ඇති කර නොගනී.
රූප තුළ මම ඉන්නවා කියා හැගීමක් ඇති කර නොගනී.
රූපයෙන් භාහිරව මම කියා හැගීමක් ඇති කර නොගනී.
රූප මගේය කියා හැගීමක් ඇති කර නොගනී.
ඇසයි රූපයයි නිසා හටගන්නවා ඇසේ විඥාණය.
එසේ හටගත් විඥාණය ගැනද හැගීමක් ඇති කර නොගනී.
විඥාණය මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා හැගීමක් ඇති කර නොගනී.
විඥාණය තුළ මම ඉන්නවා කියා හැගීමක් ඇති කර නොගනී.
විඥාණයෙන් භාහිරව මම කියා හැගීමක් ඇති කර නොගනී.
විඥාණය මගේය කියා හැගීමක් ඇති කර නොගනී.
මේ තුනේ එකතුවෙන් හැදෙනවා ස්පර්ශය.
මේ ස්පර්ශය සැදුනේද අනිත්‍ය වූ දේ එකතුවෙන් නිසා, ස්පර්ශයද අනිත්‍ය බව වටහා ගනී.
එසේ හටගත් ස්පර්ශය ගැනද හැඟීමක් ඇතිකර නොගනී.
ස්පර්ශය මම කියා, මගේ කියා, මගේ ආත්මය කියා හැගීමක් ඇති කර නොගනී.
ස්පර්ශය තුළ මම ඉන්නවා කියා හැගීමක් ඇති කර නොගනී.
ස්පර්ශයෙන් භාහිරව මම කියා හැගීමක් ඇති කර නොගනී.
ස්පර්ශය මගේය කියා හැගීමක් ඇති කර නොගනී.
23:00
ඒවාගේම, ඇසයි රූපයයි, විඥාණයයි එකතුවීමෙන් ඇතිවෙනවා විඳීම. වේදනාව.
URL to listen: