නිවනට හිත පිහිටුවන ක්‍රම 3ක් තියෙනවා,
ශුන්‍යත චේතෝවිමුක්තිය
ඒතං සංතං ඒතං පණීතං කියන කර්මස්ථානය වගේ, සියලු (අභි) සංස්කාරයන්ගෙන් මිදී වාසය කිරීමයි. බලන්නේ නැතිව නිදහස්ව ඉන්න පුලුවන්. හරයක් නෑ කියල ඉන්න පුලුවන්.
අනිමිත්ත චේතෝවිමුක්තිය
ලෝකයේ නිමිති වශයෙන් මට ගන්න දෙයක් නෑ කියල කිසිම නිමිත්තක් අල්ලන්නේ නෑ කියන මානසිකත්වය. නිමිති අත්හැරල ඉන්නවා. ඇහැට පේනවා දර්ශන නිමිත්ත ගන්නේ නෑ.
අප්පණීත චේතෝවිමුක්තිය
ශාන්තයි ප්‍රණීතයි කියල ගන්න දෙයක් නෑ කියල අත්හැරල නිවීමට පත් වෙනවා.
මේ චිත්ත ස්වභාවයන් ශාන්තයි ප්‍රණීතයි. එනිසා ඒ චිත්ත ස්වභාවයන්ට පත්වූ අයගේ වර්ණය හැඩය ශාන්තවත්, වර්ණවත් වෙනවා.
මේ ලෝකය සැපයෙන්, සාරත්වයෙන්, සුභ යැයි ගත හැකි නිමිත්තකින්, ප්‍රණීතයැයි ගතහැකි රසයකින් ශුන්‍යයයි කියන අදහස ආවට පස්සේ ඒ පුද්ගලයා දකිනවා රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් ලෝකයේ යමක් අල්ලන්න, ලබාගන්න යෑම හරයක් නැති දෙයක් බව. ඒ බව දැක දැක නිදහස් වෙන්වා. නිදහස් වෙන්න වෙන්න ඒ නිවීමට හිත ඇලෙනවා, නිවනට කැමැති වෙනවා.
අවසානයේ, අරිහත් ඵල චිත්තයේ ස්වභාවය තමයි ලෝකය හරයක් නෑ ශූන්‍ය යි කියන අදහස. ඒ අදහස තුල සිටීමයි ශුන්‍යත විහරණය.