භාවනාවක් වැඩීම
“වඩනවා” යන්නෙහි technical meaning එක මොකක්ද?
ලස්සන රූප හොය හොයා ගියා, කැත දෙයක් දැකොත් අයින් කරගන්න මහන්සි උනා. අස්සාද අනුපස්සී විහරණය කල, භාවිත බහුලීකත කරපු විදිය තමයි මේ. මේක සසර ගමන් කල විදිය. ඉතින් සසරෙන් මිදෙන්න ආදීනව අනුපස්සී විහරණය කරන්න ඕන.
එනම් අස්සාදයේ ආදීනව බලන්න ඕන.
ප්‍රධාන භූත රූප 4 කි
පිනේ ඵලයක් විදියට සැප ලැබීම සිදුවේ. නමුත් ඒ ලැබෙන සැප හෝ දුක අස්සාදයකට (හෝ ද්වේශයකට) හවරවා ගන්නේ අවිද්‍යාවෙන්.
අවිද්‍යාව ඇතිවිට සැප / දුක මත ඡන්දරාගයෙන් බැදේ. අවිද්යව දුරු කිරීම විසඳුම වන්නේ මේ නිසා යි.
ඇහැට ගැටෙන රූපයේ ආදීනව බලනවා. එවිට අස්සාදය නිරෝධ වී සැප / දුක වේදනාව පමණක් ඉතිරි වේ.
සිහිය පැවැත්වීම අවශ්‍ය මේ දේ සඳහා ය. සිහිය මොට උනාද කියා අවධානයෙන් ඉන්න ඕන.
වඩනවා කියන්නේ…. දරුවෙක් ගන්න, එයාව වඩනවා කියන්නේ එයාව හදා ගන්නවා වර්ධනය කරගන්නවා. පෝෂණය කරගන්නවා.
Amplify කරගන්නවා. ගුණ කරගන්නවා.
රූප 28කි.
ආදීනව මෙනෙහි කරනවා කියන්නේ… කැතයි ගදයි පිළිකුලක් කියා සිතීමද? නැත.
ආදීනව අනිච්ඡයි, දුක්කයි, අනත්තයි කියා මෙනෙහි කිරීමයි. එනම් මේ ආදීනවය මගේ වසඟයේ, කැමැත්ත අනුව පවත්වන්න බෑ කියා තේරුම් කර බැලීමයි.
එනම් මේ ලස්සන හේතුවෙන් ඇති කරගත්තා නම් යම් ආස්වාදයක් ඒ ආස්වාදය තම වසඟයේ පවත්වන්න බැරි ඇයි කියා මෙනෙහි කර තේරුම් ගැනීමයි.
එනිසා මෙසේ වූ ලෝකය අසාරයි, නිවීම සාරයි කියා මෙනෙහි කල යුතුය.
මන ධම්ම වලදී මනට තියෙන්නේ….
ධම්ම ලෝකයට නිබ්බාන ධාතුව එකතු වන්නේ සෝවාන් ඵලය ලැබෙන විටයි.
මේ තමයි අනිච්ඡ දුක්ක අනත්ත අසුභ යන අදහස.
මේ අදහසින් ධම්ම ලෝකය පිරෙන විට, යම් අවස්ථාවකදී ධම්ම ලෝකයෙන් ඇවිත් වදින්නේ මොනවගේ ධාතුද? නිබ්බාන ධාතුව.
මේ තත්වය පූර්ණ වීම නිවනේදී සිදුවේ.
මෙහිදී කරන්නේ රාග ද්වේශ මෝහ අඩුකරමින්, විරාගය අද්වේශය අමෝහය වැඩීමයි.
කර්මස්ථාන අතරතුර කුමක් කළ යුතුද?
රූපය කියන්නේ මොකක්ද?
මෙතන chips කියන්නේ මොකක්ද? රූපය ද? නැත.
මේ සංඥාව. අපට නාමය යි රූපය යි වෙන්කරගන්න බැරි උනා.
මේක වෙන්කර බලන්න ඕනබ්
මිදෙනවා නම් මිදෙන්නට ඕන කුමක් ගැන සිතාද?
ඇහැට ගැටුනු වර්ණය ගැන සිතා.
කනට ඇහුන ශබ්ධය ගැන සිතා.
…
…
… ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා
මේවාට තම්යි ඇලී සිටින්නේ. ඇලී තියෙන්නේ මේ ශුද්ධාෂ්ඨකයට.
කැමතිවෙන කාරණය හොයල එහෙම කැමති වීම නුවණින් විමසා බැලිය යුතුය.
පීසා වලින් මිදෙන්නට පීසා එක ශුද්ධාෂ්ඨකයට කැඩුවට පුලුවන්ද? බෑ.
කැමතිවෙන කාරණය හොයල එහෙම කැමති වීම නුවණින් විමසා බැලිය යුතුය.
කැමති උනේ පීසා එකේ වර්ණයට නම් ඒ වර්ණය ගැන විදර්ශනා කරන්න ඕන.
කැමති උනේ පීසා එකේ රසයට නම් ඒ වර්ණය ගැන විදර්ශනා කරන්න ඕන.
ලෝකෙයේ හැමදෙනාම හැමදේකටම ඇලිලා නෑ.
ඇලුනු ඇලුනු තැන තමා විදර්ශනා කල යුත්තේ. එයින් නොරෝධ වේ.
කොහොල්ලෑ ගෑවිලා තියෙනවා. මුලු ඇගේම භූමිතෙල් ගාගන්නේ නෑ. ගෑවුනු ඇලුනු තැනටයි බෙහෙත් දාන්නේ.
මෙහිදී බෙහෙත වන්නේ අනිච්ඡ මෙනෙහි කිරීමයි.
චිත්තයෙන් ද රූප හැදෙනවා…. (උදා: දුකේදී කඳුළු එනවා. කදුලු හැදුනේ චිත්තය එක්ක උපන් රූප හේතුවෙන්)
කර්මයෙන් ද රූප හැදෙනවා….
ඏතු මගින් ද රූප හැදෙනවා….
ආහාරයෙන් ද රූප හැදෙනවා….
කබලිංකාර ආහාරයෙන් පමණක් නොවේ.
ඒ හේතුවෙන් තමයි පෙනපිඩුව අසාරයි. රූපය අසාරයි කියා කියන්නේ.
ඡන්දරාගය නොමැතිව ජීවත්වන්නේ කෙසේද?
ද්වේශය නැතුව කතා කරන්න බැරිද? කියන දේම ද හිතේ තියෙන්නේ? මෙතාව කරුණාව මුදිතාව වඩන්න.