+1-778-834-5353 info@namaroopa.com
Select Page

රඟපෑම හොඳයි ද නරකයි ද? සැප විපාක ලැබීමට හේතු වෙයිද?

තාලපුට ඇහුවේ නලුවෝ නිලියෝ තම තමාගේ නලු නිලි වෘත්තීය හේතුවෙන් පහාස නම් දෙව්ලොව ඉපදෙනවද කියලා. නැටුම් ගැයුම් රැගුම් ලොව පිනවනවා. රාගයට හේතු තිබූ මිනිසුන් ඒ නැටුම රැඟුම දැකල රාගය ඇති කරගන්නවා නම් ඒ රංගන ශිල්පියා කරන්නේ ලෝකයට හොදක් ද නරකක් ද? මේ කටයුත්තෙන් සිදුවෙන්නේ මිනිසුන් රාගයට, ද්වේශට, මෝහයට ඇලවීමට පසුතලය සකසා දීමයි. ඒ වැඩපිළිවෙළ ලෝකයට අවැඩදායී. එනිසා අකුසල් කරගන්නවා. ඒ අකුසල විපාක, අකුසලට අනුවයි. නමුත් වඩා භයානක එය නොවේ. මෙසේ කටයුතු කරන නලුවෝ නිලියෝ පහාස නම් දෙව්ලොව ඉපදෙනව කියල සිතා සිටීම නම් මිත්‍යා දෘශ්ඨියක් දැරීමක්. මිත්‍යා දෘශ්ඨියක් දැරීම තිරිසන් යෝනියක හෝ නිරයේ උපතක් ලැබීමට හේතුවක්. තව දැනගන්න තාලපුට සූත්‍රය බලන්න. වහරක අභය රතනාලංකාර හිමියන් දෙසූ මේ දහම් කොටසත් අහන්න.

සම්පූර්ණ දහම් දේශනය සඳහා වහරක වෙබ් අඩවිය බලන්න (13 වන CD එක/ 13_32). මෙතනින්ද භාගත කරගැනීමට පුලුවන්.