+1-778-834-5353 info@namaroopa.com
Select Page

සතරමහා භූත ලෝකයේ ශූන්‍යතාවය කණ්නාඩියේ දකින ප්‍රතිබිම්බය වගේ ශූන්‍යතාවයක් ද?

මේ ගැන දැනට විවිධ ධර්ම දේශනාවලදී අසන්නට ලැබෙනවා. අරණ ධම්ම හිමියන් ලොව වටා සංචාරය කරමින් පසුගිය කාලයේ මෙවැනි උපමාවක් දේශනා කරන්න යෙදුනා. මෙහිදී උන්වහන්සේ දරන අදහසවූයේ ප්‍රතිබිම්බය නැතුවා වගේම අනෙක් සියලු දේත් නැති බවයි.

මේ අදහස බණක් විදියට අසන බොහෝ දෙනා මේ ධර්ම සාකච්ඡාවලදීම දක්වන අදහස වන්නේ ඒ කියන දේ තේරුම් යන බවක් දැනුනත් ඒ බව ප්‍රත්‍යක්ෂ නොවන බවයි. ඒ බව ප්‍රත්‍යක්ෂ වන්නේ නිවනේ දී බව ඔවුන්ගේ අදහසයි. ඒ බැවින් මෙසේ මහා සුන්‍යත දර්ශනයක් නිවන සොයා ඔවුන් කටයුතු කරයි.

මේ ගැන අභය හිමියන්ද කීප වතාවක අදහස් දක්වා ඇත:

[1/6] - සතර අපායෙන් සදහට මිදෙමු - [Leicester, England]

මේ අරණ ධම්ම හිමියන් කරන ලද දේශනාවක්, මෙතෙන උදාහරණයක් පැහැදිලි කරදෙන්න උත්සාහ කරයි:

Ven Arana dhamma thero 27 11 2017 විඥානයේ පිහිටීම....

සාපේක්ෂව දකින දැකීමක් ගැන උන්වහන්සේ විස්තර කරයි. කණ්නාඩියේ ඇත. නමුත් ඒකේ ඉන්නා කෙනෙක් නැත. එනිසා එතෙන නැත. ඉන්පසුව එම කණ්නාඩියේ ක්‍රියාවලිය ඇසට ආදේශ කර ඇසෙන් බලනවිට එලියේ පේන දේවල්ද තිබේද කියා අසයි. එවිට උන්වහන්සේගේ උත්තරය කලින් නෙතිවා වගේ මේවත් හිතේ හැදුන දේවල් නිසා මේවාත් නැත යන්නයි.

උන්වහන්සේ ප්‍රභාස්වර සිත ගැනත් සඳහන් කරයි. ඒ ගැන කතා කරන්න බැරි බවත් කියයි.

උන්වහන්සේ විශ්වයේ සිට වෙස්වලාගෙන ආවා කියාත් සඳහන් කරයි.

ඇතැම් විට උන්වහන්සේ මේ පටිච්ඡසමුප්පාද චක්‍ර හතරේ ක්‍රියාවලිය ගැන කතා කරන්න හදනවාද කියාත් හරියට කිව නොහැකිය. එහිදී දෙවන චක්‍රය ගමන් කරන්නේ ඉන්ද්‍රියෙන් ගත් අරමුණ මත බැවින් එනම් චක්කු විඥානය නිරුද්ධට සමනංතරව උපදින මනෝ ධාතුව ගැනද කියා හරියට පැහැදිලි නැත. උන්වහන්සේ කතා කරන්නේ ඒ ගැන නම්, මේ කියන්නේ ගැඹුරු ගාම්භීර ධර්ම කොටසක් ගැනයි. ඒත් එහිදී ඇතිවන ප්‍රශ්නය වන්නේ මේ තරම් තේරුම් ගැනීමට අතිශ්‍ය අසීරු අවස්ථාවක් ආදුනිකයන්ට තේරුම් කර දෙන්න උත්සාහ කරන එක කොපමණ යෝග්‍යද යන්නයි.

මින් මෙහාදී තෙරුම් ගත හැකි, ඉතාම පහසුවෙන් බුද්ධිමත් අය අවබෝධ කරන ධර්ම කරුණු වන මේ භව ගමනේ අසාර, භයානක කම ගැන දේශනා කර, නැවත නැවත එවැනිම ජීවිතයක් හෝ පැවැත්මක් අපේක්ෂා කිරීම කොපමණ හර සුන්, අනාථ අපේක්ෂාවක් දැයි කියාදීම මීට වඩා හොඳ දැයි සිතා බැලීම වටී.

මේ දේශනා අසන්නන්, ශූණ්‍ය බව අවබෝධ කරන්නේ ආර්‍ය අර්ථයෙන් නම් එය ඉහත පරිදි මේ භව ගමනේ අසාර, භයානක කම ගැන තේරුම් කරගෙන, නැවත නැවත එවැනිම ජීවිතයක් හෝ පැවැත්මක් අපේක්ෂා කිරීම කොපමණ හර සුන්, අනාථ අපේක්ෂාවක් දැයි කරුණු සහිතව අවබෝධ කරගැනීමක් විය යුතුය. එසේ වීම අනුලෝමක්ශානිතියට පත්වීමයි. නමුත් උන්වහන්සේ නිවෙන විදියක් දේශනා කරන්වා ද (තවම හමුවී නොමැත)? එවැන්නක් දේශනා නොකරයි නම් ශ්‍රාවකයා සම්‍යක්ත නියාමයට පත්ව මාර්ග ඵල ලැබීම බුද්ධ දේශනාව අනුව සුදු නොවන්නකි.

මේ ලෝකයේම ඉන්නේ මම විතරයි. අනෙක් සියල්ල බොරුවක් කියා ගැනීමෙන් පමණක් නිවන සාක්ශාත් නොකරයි.

කුරුල්ලා කුඹ ගහෙන් පියෑඹුවාට වහන්න තැනක් නැති නම් ආපසු ඇවිත් වසන්නේ හිටිය තැනමයි.