+1-778-834-5353 info@namaroopa.com
Select Page

අද අටවන ධර්ම සාකච්ඡාවයි – ස්පර්ශය

අද වැඩසටහන චේතනාව ගැනයි. මෙහිදී සිතක ඇතිවන සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් 7න් එකක් වන චේතනාව ගැන තවදුරත් සාකච්ඡාවට ගැනුණි. ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි.

අභිධර්මය පොතේ මේ ගැන තියෙන පිටු පහතින් දැක්වේ.

Start Here
abhidharmaye-mulika-karunu-rerukane-chandavimala-nahimi-full-book-with-comments-highlights-and-book-marks_page_130

පහතින් දැක්වෙන්නේ සාකච්ඡාවට භාජනය විය යුතුයැයි සිතූ අවස්ථා කීපයකකි

අභිධර්ම දේශනා - Abidharma for Beginners - Day 5 at BVS
කලින් දවසේ මාතෘකාව තවදුරත්..

වේදනාව උපදින්න හේතු

වේදනාව, සංඥාව, චේතනාව යන තුනටම එක් හේතුවක් වන්නේ ස්පර්ශයයි.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
Start of todays topic - ස්පර්ශය -- පලමු උදාහරණය
ගැටෙන ප්‍රමාණයට තමයි ස්පර්ශය. පලමු උදාහරණය: කලුවරේදී පේන ප්‍රමාණය

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
දෙවන උදාහරණය: ලේන්සුවේ උදාහරණය
ගැටෙන ප්‍රමාණයට තමයි ස්පර්ශය. දෙවන උදාහරණය: ලේන්සුවේ උදාහරණය
ස්පර්ශ වන ප්‍රමාණයට එහා අරමුණු ගන්න බෑ. ස්පර්ශ වන ප්‍රමාණයට විතරයි අරමුණු ගන්න පුලුවන්.
ස්පර්ශ වන ප්‍රමාණයට එහා දැනගන්න බෑ. ස්පර්ශ වන ප්‍රමාණයට විතරයි දැනගන්න පුලුවන්.
ස්පර්ශ වන ප්‍රමාණයට එහා විඳින්න බෑ. ස්පර්ශ වන ප්‍රමාණයට විතරයි විඳින්න පුලුවන්.
ස්පර්ශ වන ප්‍රමාණයට එහා ක්‍රියාත්මක වෙන්න බෑ. ස්පර්ශ වන ප්‍රමාණයට විතරයි ක්‍රියාත්මක වෙන්න පුලුවන්.

මේ වෙලාවෙ (සිත අරමුණ ගන්නා විටම) පෙර පසු නොවී හදුනා ගැනීම, විඳීම, ක්‍රියාත්මකවීම සිදුවේ.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
ස්පර්ශය ධර්මතාවයක් (චඡක්ක සූත්‍රය)
28m – ස්පර්ශය ධර්මතාවයක්. සූත්‍ර පිටකයේ කියන්නේ තින්නං සංගති ඵස්සෝ කියලයි.
ඇසත් රූපයත් සිතත් එකතුවීම ස්පර්ශය යි. එකතුවූ තැන උපදින ධර්මතාවය ස්පර්ශයයි.
එය මේ එකතුවට කියන සමාන පදයක් නොවේ.
එය යම් ක්‍රියාවලියක ප්‍රථිඵලයක් නොවේ.
ස්පර්ශය ද සත්‍ය වශයෙන් උපදින ධර්මතාවයකි.

හඳුනාගැනීම, විඳීම, ක්‍රියාත්මකවීම (සංඥා, වේදනා, චේතනා) තුනටම හේතුවන දේ ස්පර්ශයයි.
ස්පර්ශ වූ ප්‍රමාණයට වඩා එහාට යන්න ඒවාට බෑ.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
තුන්වන උදාහරණය: නැටුම් පන්තියේ තාලම් පොට
ගැටෙන ප්‍රමාණයට තමයි ස්පර්ශය. තුන්වන උදාහරණය: නැටුම් පන්තියේ තාලම් පොට
ස්පර්ශ වන ප්‍රමාණයට එහා දැනගන්න බෑ.
ස්පර්ශ වන ප්‍රමාණයට එහා විඳින්න බෑ.
ස්පර්ශ වන ප්‍රමාණයට එහා ක්‍රියාත්මක වෙන්න බෑ.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
හතරවන උදාහරණය: කසාය මුට්ටිය - මේ තුනෙන් ප්‍රකට ධර්මය වේදනාවයි
ගැටෙන ප්‍රමාණයට තමයි ස්පර්ශය. හතරවන උදාහරණය: කසාය මුට්ටිය
ස්පර්ශ වන ප්‍රමාණයට එහා දැනගන්න බෑ.
ස්පර්ශ වන ප්‍රමාණයට එහා විඳින්න බෑ.
ස්පර්ශ වන ප්‍රමාණයට එහා ක්‍රියාත්මක වෙන්න බෑ.
මේ තුනෙන් ප්‍රකට ධර්මය වේදනාවයි. හරියට කසායේ තියෙන වතුර රස වෙනමම දැනගන්න බෑ වගේ.
සංසාර ගමනේ විශාල කාර්යයක් ස්පර්ශය විසින් කරනු ලබයි.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
ආහාර සූත්‍රය
ආහාර පිහිටෙන් ශරීරය පවතී, අරමුණු ආහාරයෙන් විඥානය පවතී – සසර පවතී, මනෝසංචේතනා ආහාරයෙන් කර්මය සකස්වී පවතී – සසර පවතී, ස්පර්ශ ආහාරයෙන්

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
ස්පර්ශයට බුද්ධ උපමාව - හම ගහපු ගව දෙන වගේ
ස්පර්ශය ඇතිතාක් කොතනක වත්, කොයි මොහොතකවත් සැනසිල්ලක් නැත. ගව දෙනට වාගේ.
අරමුණු ගන්නේ නැතිවන ඉන්න බෑ.
පංචකාම අරමුණට වඩා සමථ භාවනා අරමුණ හොදයි.
එක මොහොතක එක අරමුණක් පමණක් ස්පර්ශවේ. අපේ සිහිය දියණු නෑ අපේ සිත එක් වෙලාවක එකම අරමුණක ඉන්න බව දැනගන්න.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
භාවනා උපදෙස
පැය ගනනක් එකම අරමුණේ සිටීම සමාධිය නොවේ. සමාධිය හැම විටම ඇත. සිතගන්නේ එක අරමුණක් පමණි.
සමත අරමුණක් පමණක් යොදාගැනීමෙන් ඇතිවන්නේ එකම අද්දැකීමක් පමණි. ජායති, මීයති. පමණි – නිවන් දැකීමක් නැත.
සිහිය දියුණු කරගැනීමයි අවශ්‍ය.
එන එන අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව ඉන්න පුරුදු වෙන්න.
අටලෝ දහමට කම්පානොවී තියෙන
ආලාර කාලමට කිව්වෙත් ඒකමයි.
සැබෑ විමුක්තිය ලැබුවානම් සාමාන්‍ය ජීවිතයේ ජීවත් වන විටත් සිත ධ්‍යානයේ සිටින්නා විටදී වගේ නොසෙල්වී තිබිය යුතුයි. අටලෝ දහමට කම්පා නොවී පැවිතිය යුතුයි.
හිත හදාගත්තද නැද්ද කියලා හොයාගන්න පුලුවන් වෙන්නේ මිනිසුන් අතර ජීවත් වීමෙන්.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS
මහමෙව්ණාව ගැන - ශ්‍රද්ධාව නිසා තමන් තුලින් ගවේශණය නොකර පොතම පිළිගැනීම
හොරකමේ යන හොරා – පරිස්සමෙන් හිටපන් හොරු එනවා කියල යනවා. පස්සේ එයාම එනවා හොරකමේ.
කවුරුත් හිතන්නෙ නෑ හොරකමේ ආවේ හොරාම තමයි කියලයි.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 5 at BVS