+1-778-834-5353 info@namaroopa.com
Select Page

අද පස්වන ධර්ම සාකච්ඡාවයි

අද සාකච්ඡාවට ගනු ලැබුණේ අභිධර්මය ධර්ම දේශනා මාලාවේ තුන්වන දේශනය යි. මෙහිදී සිතක ඇතිවන සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් 7න් එකක් වන සංඥාව ගැන සාකච්ඡාවට ගැනුණි.

ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි.

අභිධර්මය පොතේ මේ ගැන තියෙන පිටු පහතින් දැක්වේ.

abhidharmaye-mulika-karunu-rerukane-chandavimala-nahimi-full-book-with-comments-highlights-and-book-marks_page_064

පහතින් දැක්වෙන්නේ සාකච්ඡාවට භාජනය විය යුතුයැයි සිතූ අවස්ථා කීපයකකි.

Start for the Day
බුදු දහම යනු මනෝමූලික දේශනාවක්

කාමසුකල්ලිකානු යෝගයත් අත්තකිලමතානු යෝගයත් මනෝමූලික දේශනාවන්ය.
ඒවා කය මුල් කරගෙනක් කල, කයට දුක් දීම හෝ කයට සැප දීම ගැන කල විග්‍රහයන් නොවේ.
18:45 – මජ්‍ය සූත්‍රය – මැද සොයා ගැනීම
අන්ත දෙක සේවනය නොකර මනස පවත්වා ගන්න.
අරමුණේ විටක ඇලෙයි. විටක ගැටෙයි. මෙසේ නොවී වාසය කිරීමට බුදුදහම උගන්වයි.
මෙය කය දක්වාද, වේදනාව දක්වාද, මනස දක්වාද, සිතුවිලි දක්වාද දේශනා කර ඇත. (සතර සතිපට්ටානය)

Lesson Start - සංඥා චෛතසිකය

සංඥාව මත මේ ලෝකයම පවතී.

දැනීම සහ දැනගැනීම -- සංඥාවේ කර්‍යය දැනගැනීමට උදව් වීමයි

(20 mins from here)

ඇහෙන දේ ඇහෙන්නේ දැනීමක් වශයෙනි. ශබ්දය දැනීමකි.
නොදන්න භාසාවක වචනයක් ඇහුනොත් ඒක දැනීමක් පමණි.
සංඥාව එකතු වීමෙන් එම ඇසෙන දේ දැනගනී.
ඇසුන දේ පිළිබඳව පෙර සංඥාවක් ඇතිනම් ඒමත සිට දැනීම, දැනගනී.
බුදුරජාණන් වහන්සේ පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා ය දේශනා කලේ ඒ නිසායි.
ලෝකයම අවුලක ඇත්තේ සංඥා නිසාය.
සංඥාව හොල්මනකි.
කුඩා කල සිටම ගන්නා දේ මත සංඥා පද්ධතිය සැකසේ.

සංඥාවේ තවත් අවස්ථාවක් - විවිධාකාර බුදු පිළිම

විවිධාකාර බුදු පිළිම. කවුද හරි?
හේතුව දැනෙන්නේ නැති කමයි.
සංඥාව සහ පෙර පුරුදු නිසා දැනගැනීම වෙනස් කරයි, විවිධාකාර කරයි.
ලෝකය පරිහරණයට කරන්නේ සංඥා මගින්.

සංඥාවේ තවත් අවස්ථාවක් - පබයා සහ කුරුල්ලා

කුරුල්ලාට පබයා ගැන ඇත්තේ මනුෂ්‍ය සංඥාවක්
සාමන්‍ය මිනිසා සම්මුතිය සහ පරමාර්ථය පරිහරණය කරවිදිය වෙනසක් ඇත.
ඇත්ත ඇති හැටියට නොදකී.
ඊට හේතුව සංඥාව වැරදී යාමයි.