අද හතරවන ධර්ම සාකච්ඡාවයි
අද සාකච්ඡාවට ගනු ලැබුණේ අභිධර්මය ධර්ම දේශනා මාලාවේ දෙවන දේශනය යි. මෙහිදී සිතක ඇතිවන සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් 7න් එකක් වන වේදනාව ගැන සාකච්ඡාවට ගැනුණි.
ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි.
අභිධර්මය පොතේ මේ ගැන තියෙන පිටු පහතින් දැක්වේ.
පහතින් දැක්වෙන්නේ සාකච්ඡාවට භාජනය විය යුතුයැයි සිතූ අවස්ථා කීපයකකි
වේදනාව සිතත් සමග පෙර පසු නොවී උපදී.
සිත ගන්න අරමුණු විදීම වේදනාවේ ස්වභාවය යි.
වේදනා තුන් ආකාරය කි.
- සැප වේදනා
- දුක් වේදනා
- අදුක්කම සුක (උපේක්ෂා) වේදනා
වේදනාවට කැමති වීමම සසර ගමන ඉදිරියට පවත්වා ගෙන යාමකි.
සැප වේදනා පමණක් නොලැබීම ජීවිතයේ ස්වභාවය යි. ඒත් දුක් වේදනාවත් ලබන්න වීමයි ප්‍රශ්නයයි.
මිනිසුන් සැපවේදනා ලැබාගැනීමේ අරමුණෙන් විවිධ නිපැයුම්, උපක්‍රම සාදා ගත්තත් ඒවායේ සාර්තකත්වය තාවකාලික වේ.
සතිපට්ටාන්යේ දී වේදනාවේ සිහිය පිහිටුවා ගන්න කියන්නේ මේ දුක්ක ස්වභාවික තේරුම් කරගැනීමට යි.
වේදනාව යනු දිය බුබුලක් වැනිය යනු බුද්ධ දේශනාවයි.
වේදනාවට අනුව ලෝක ධාතුව බෙදා ඇත.
මිනිස් ලොව දුකද සැපද මිශ්‍රව ඇත. මිනිසත් බව පුණ්‍ය ලාබයකි.
දෙව්ලොව බොහෝ සැප ඇත. ඒත් දුක් වේදනාද ඇත (ඉරිසියාව ආදිය නිසා).
බ්‍රහ්ම ලෝකයේ බොහෝවිටම ජීවිතය සැප හෝ උපේක්ෂාවෙන් ගෙවී යයි.
බ්‍රහ්ම ලොවට හාත්පසින්ම වෙනස් දේ නිරයයි. ජීවිතය දුක් වේදනාවෙන්ම ගෙවී යයි.
නිරය අකුසලයක විපාකයකි.
මානසික සමබරතාවය
මරනසතිය, ගිරිමානන්ද සූත්‍රය වගේ දේශනා යම් අභියෝගයක් පැමිනෙන්න කලින්ම ජීවිතය තුල වඩාගැනීමෙන් ඒ දර්ශනය අනුව සිතීම තුල වේදනා පාලනය කරගෙන යම් සුවයක් ලඟා කරගත හැකිය.
සැ:යු:
මෙහිදී ගිරිමානන්ද සුත්‍රය වගේ දේශනා බුදුරජාණන් වහන්සේද දේශනා කරගත්තේ මන්දැයි පැහැදිලි නොවීය. (ඒ මානසික දුර්වලතාවයක් නිසා විය නොහැකිය)
ධර්ම සාකච්ඡාවේදී පැහැදිලිවූයේ මේ සූත්‍රවල තියෙන සත්‍ය වචනයේ බලයෙන් ගුණදෙන බවයි.
බුදු දහමේ විස්තර කරන්නේ දර්ශයනය තේරුම් ගැනීම තුල වේදනාවට කැමති වීම හෝ අකැමැති වීමක් නොමැතිව සැපේදීත් දුකේදීත් උපේක්ෂාවෙන්.
ස්වභාව ධර්මයට අනුව ජීවත් වීමට පුරුදු උනොත් ඒ කෙනා සැප වේදනා බහුල කරගෙන ජීවත් වන ආකරය ඉගෙන ගනී. සැපවේදනා බහුල කරගෙන ජීවත් වන කෙනා මිහිපිට දෙවියකු වගේ ජීවත් වෙයි. ප්‍රඥව හේතුවෙන් සැපවේදනා බහුල කරගැනීමත්, මෝහයය නිසා දුක් වේදනා බහුල කරගැනීමත් සිදුවේ.
සැම චිත්ක්ෂණයකදීම
මෙවැනි අවස්තාවක් උදාවෙයි.
අංගුලිමාල, අම්භපාලී වැනි අයට බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දුන් සේක.
ප්‍රතිසංදිය සහ චුතිය
ප්‍රතිසංදිය සහ චුතිය අතර සිත් පහලමවීම්ක් තමයි ජීවිතය.
සිතත් සමඟ වේදනාව උපදී.
ඉතින් සංසාරය යනු වේදනාවල එකතුවකි.
හරකෙක්ට ඇත්තේ දුර්වලස් සිතකි.
මිනිසාගේ වෙනස එසේ නොවී සිතන්නට පුලුවන් වීමයි.
නම නැතත්… පිළිම නැතත්…
යමෙක් බෞද්ධ චින්තනය තුල ජීවත් වෙයිනම් ඒ අය බුදුන් සමඟ ඒකාත්මිකව ජීවත් වෙයි.
ඒ ඒ වේදනාවල නොඇලෙන්න මෙසේ බලන්න
සැප — දුකක් වශයෙන් හිතන්න.
දුක — උලක් වශයෙන් හිතන්න.
උපේක්ෂා — අනිත්‍ය වශයෙන් හිතන්න.
කොපමණ දුක් වේදනා ලැබුනත් මේ ධර්ම මාර්ගයේ යන්න උත්සාහ කරන්න.
(උල් පාරවල් 300 ගැන සඳහන් කිරීම)
සමුද්ද දේශනාව – දුක සාගරයට උපමා කල සූත්‍රය.
කුතෝ පුත්තෝ
කුතෝ ධනං
සියල්ල විඳින්න පුලුවන්… නමුත් ඊට බැඳෙන්න එපා.
බැඳෙන්නේ මනසින්.
ගණිකාවන් ඇසුරු කිරීම ගැන සඳහන් විය. එයට නොබැඳීම සඳහන් විය.
(තව පැහැදිලි කරගත යුතුයි)
වේදනාව යනු චෛතසිකයකි.
චෛතසික වලට තව නමක් ධම්ම.
මෙවැනි ධම්ම (සිතුවිලි) 51ක් ඇත.
සිත ගැන සිහිය පැවැත්වීම – චිත්තනුපස්සනාව
වේදනාව ගැන සිහිය පැවැත්වීම – වේදනානුපස්සනාව
සිතුවිලිවලි ගැන සිහිය පැවැත්වීම – ධම්මානුපස්සනාව
වේදනාව අරමුණෙන් අරමුණට වෙනස් වන හැටිය බලා සිටින්න.
වේදනාව යනු දිය බුබුලක් වැනිය.