+1-778-834-5353 info@namaroopa.com
Select Page

මෙය බුදුරජානන් වහන්සේ දේශනා කරනු ලැබූ පළමු ධර්ම දේශනයයි. සම්පූර්ණ ධර්ම මාර්ගය මෙහි විස්තර කර දේශනා කර ඇත.

පුබ්බේ අණුනුස්සුතේසු ධම්මේ. — පෙර නොඇසූ ධර්මයක් දේශනා කරන ලදි.

මහා සංඝරත්නය ලොවට බිහි උනේද මේ ධර්ම දේශනයේ දී ය.

“yaṃ kiñci samuda­ya­dhammaṃ sabbaṃ taṃ nirodhadhamman”

මහණෙනි, මට යම්තාක් කල් මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති මේ චතුස්සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ නොවීද, මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ බඹුන් සහිතවූ සත්වලෝකයෙහිද මහණ බඹුන් සහිතවූ දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතරෙහිද අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබොධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි.

“මහණෙනි, මට වනාහි යම් අවස්ථාවක මෙසේ තුන් පැවැත්මක් (තිපරිවට්ට) ඇති, දොළොස් ආකාරයක් ඇති, මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි යථාභූතඥාන දර්ශනය මනාව පිරිසිඳ වූයේද, මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහිද මහණ බමුණන් ඇතුළු දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහිද අනුත්තරවූ සම්‍යක් අවබෝධිය අවබොධ කෙළෙමියි, ප්‍රතිඥා කෙළෙමි.”

මේ සූත්‍රය දෙශනා කරනු ලැබීමෙහිදී ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ භික්ෂුවට කෙලෙස් රජස් නැති පහවූ කෙළෙස් මල ඇති ධර්මචක්ෂුස හෙවත් ශ්‍රොතාපත්ති මාර්ග ඥානය පහළවූයේය (කෙසේද?) ‘යම් කිසිවක් ඇතිවීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නැතිවීමද ස්වභාවය කොට ඇත්තේය’ කියායි,

මැදවල සරණපාල හිමි - Ven. Medawala Saranapala Thero - 2016 කැනඩාවේ පැවති ධර්ම දේශනා
Title: පැය භාගයක් වැනි කෙටි කාලයක් තුලදී මෙමෙ සූත්‍රය ඉතාම කෙටියෙන් දේශනා කර ඇත.
In Brief:
This is one of the Poya dhamma sermons held at BVS Canada in 2016.
“yaṃ kiñci samuda­ya­dhammaṃ sabbaṃ taṃ nirodhadhamman”

URL to listen:

Venerable Kiribathgoda Gnanananda Thero - Published on 30 Nov 2012
URL to listen:
Damsak Pawathum Sutta Sajjhayanaya (Sinhala)

Pujya Ududumbara Kashyapa Swaminwahanse @ Galle Town Halle. 12th Oct 2013
URL to listen:
Damsak Pawathum Sutra Deshana

Damsak Pawathum Suthraya - Audio sequence from Shraddha TV (Indian Voice)
URL to listen:
Damsak Pawathum Suthraya

Damsak Pawathum Suthraya - Audio sequence - Better Version
URL to listen:

ධම්සක් පැවතුම් සූත්‍රය – Dhamsak Pawathum Sutra
Damsak Pawathum Suthraya - Maha Rahathun Wadi Maga Osse!!!
URL to listen:

උතුම් වූ දම්සක් පැවතුම් සූත්‍රය (Maha Rahathun Wad
ධම්ම චක්ක පවත්තන සූත්‍රය ( Dhamma Chakka Sutta )
As per note in this Youtube Video:
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ” ධම්ම චක්ක පවත්තන සූත්‍රය ” පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළේ ඉසිපතනාරාම පුද බිමේදීය. බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වූ පුද බිම් අතරේ තුන්වන පුද බිම වන්නේ ඉසිපතනාරාම යයි. බුදු දහමේ නිජබිම, ලෙසින් සැලකෙන්නේද මෙම පූජා භූමියයි. මේ පුද බිමෙහි බුද්ධ කාලයේදී බොහෝ ආගමික ගොඩනැගිලි තිබුණි.

බෝමැඩ අසළ සත්සතිය ගත කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ සිට කිලෝමීටර් 250 පමණ දුරින් පිහිටි ඉසිපතනාරාමයට (මෙකල වාරානසී අසළ වූ සාරානාත්) බලා වැඩම කළ සේක.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වාරානසි දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ ඉසිපතනාරාමය (ඍෂි පතන හෙවත් මිගදාය) බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලෙසින් සඳහන් වේ.
ඇසළ මස පුරපසළොස්වක දා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේ මෙම ඉසිපතනයේ මිගදායේ ය. මේ සමගම මහා සංඝරත්නය බිහි කිරීමේ පදනම ද බුදුරජාණන් වහන්සේ විසින් දමන ලදී. කොණ්ඩඤ්ඤ , භද්දිය, වප්ප, මහානාම සහ අස්සජී යන පස්වග මහණුන් වහන්සේලා , බුදු සසුනේ ප්‍රථම ශ්‍රාවකයෝ පස්දෙනා වූහ. මෙම ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීමට පෙර බුදුරජාණන් වහන්සේට එම පරිබ්‍රාජකයින් පස්දෙනා බුදුසසුනට සම්බන්ධ වීමට පෙර ) හමු වූ ස්ථානය අද දැකගත හැකිය. ඉතිහාසය.
URL to listen:

ධම්ම චක්ක පවත්තන සූත්‍රය ( Dhamma Chakka Sutta )

URL to English-Pali version of the Suttra
URL to English-Pali version of the Sutra:
https://suttacentral.net/pi/sn56.11