+1-778-834-5353 info@namaroopa.com
Select Page

බුදු පිළිම ද? පිළිම ද? මාරයා මැවූ බුදු පිළිමය ගැන අහල තියෙනව ද?

වරක් මාර දිව්‍ය පුත්‍රයා මිදුල අමදින මලිදේව තෙරුන්ට කරදර කරමින් ඇමදි වහාම හරකෙක් සේ වෙස් ගෙන මිදුල අවුස්සා යයි.
මාර දිව්‍ය පුත්‍රයා අදුනා ගත් මලිය දේව තෙරුන්, බුදුන් කල මාරයා බුදුන් දැක තිබෙන නිසාත් මාරයාට මැවීමේ හැකියාව ඇති නිසාත් බුදුන් දැක ඇතිනම් බුදුරුවක් මවන්නැයි අභියෝග කරයි. මාරයා බුදුරුවක් මවයි. ඒ මාරයා මැවූ ප්‍රතිමාවේ ශාන්ත බව දැක, ප්‍රතිමාවකින් දකින බුදුන් මෙපමණ ශාන්ත නම්, සැබෑ බුදුන්ගේ ශාන්තිය සිතට දැනුනොත් ලැබෙන සතුට අපමණ බව මෙනෙහි කොට සිත පිහිටුවා, ප්‍රීතියට පැමිනේ.

මාරයා පැරදුනු මේ උපක්‍රමයේදී මලියදේව තෙරුන් වහන්සේ අඩුව තිබූ ප්‍රීති සම්බොජ්ජංගය පූර්ණ කොට අරිහත්වයට පත්විය.

මේ කොටසට සවන් දී ඒ ගැන තව දැනගන්න.

සම්පූර්ණ දහම් දේශනය සඳහා වහරක වෙබ් අඩවිය බලන්න (13 වන CD එක/ 13_32). මෙතනින්ද භාගත කරගැනීමට පුලුවන්.