+1-778-834-5353 info@namaroopa.com
Select Page

“වලස්මුල්ලේ අභය හිමි අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම” යන මාතෘකාව යටතේ,
https://www.trekmentor.com/si/content/book/957

එංගලන්තයේ වෙසෙන Kamal Wickramanayake නම් මහත්මයා තම ලිපියේ මෙසේ සඳහන් කරනවා:

“අනිච්ච යන වචනය යෙදෙන තැන් වලට අනිච්ඡ යන වචනය යොදා බුදුරජානන් වහන්සේ දේශනා කළ දහම් පද වල අර්ථය වෙනස් අර්ථයකින් ප්‍රකාශ කිරීම බොහෝ දෙනා නොමඟ යවන ක්‍රියාවක්. යම් අයෙක් අනිච්ච යන වචනය “අන+ඉච්ඡ” ලෙස පද බෙදීම නිවැරදි නැහැ. යම් අයෙක් ඉච්ඡ යන වචනයේ අර්ථය ගෙන එය ඉච්ච යන වචනයක අර්ථය යැයි දැක්වීමත් නිවැරදි නැහැ.”

එතුමා (Kamal Wickramanayake නම් මහත්මයා) එතුමන්ට හැඟෙන වැරදි දේ පෙන්වා දුන්නත්, එය නිවැරදි විය යුතු ආකාරය හෝ එතුමන් දරන නිවැරදි මතය ප්‍රකාශ කර නොතිබීම අඩුවක්.

ඒ සමඟම පහත ඡේදයේ “අනිච්ච දුක්ඛ අනත්ත” ගැන යෙදීම ගැන සඳහන් කලත් ඉහත වැරදියැයි එතුමා තීරණය කල “අනිච්ඡ” යන වචනයේ යොදාගැනීම නිවරදි වියයුතු ආකාරය හෝ එය නිවැරැදිව අර්ථ ගන්වන්නේ කෙසේද යන්න ප්‍රකාශ නොවීම ලිපියේ අඩුපාඩුවක්.

බුද්ධිමත් අය කුමක් කල්පනා කල යුතුද?

බුදුන් ලොව පහල වූයේ කුමක් සදහාද යන්න අප හොදින් වටහා ගත යුතුයි. උන්වහන්සේ දේශනා කල ධර්මය නිවීමට යොදාගන්නේ, යෙදවෙන්නේ කුමන අදහස ගෙන ධර්මානුකූල වීමෙන්ද යන්න අප තේරුම් කර ගත යුතුයි.

යමෙක් “අනිත්‍ය දුක්ක අනාත්ම” කියා නිවනේ නිවීමට පත්වේනම්, බව-උද්ධ වේ නම්. එසේ ගෙන කර්මථාන වඩා ප්‍රඥාව මුඳුන් පමුණුවා ගත ගැකිනම් ඔවුන් එසේ වඩත්වා.

එහෙත් යමෙක් “අනිත්‍ය” යන්න “අනිච්ඡ” හෙවත් ඉච්ඡාවට ඉටුනොවේ යන අරුතෙන් ගෙන, අනිච්ඡ දුක්ඛ අනාත ලෙස නිවන් පූර්ණය කිරීමට පහසු, බව-උද්ධ කිරීම වඩා රුකුලක් ඇති, පරස්පර අඩු, විදර්ශනාවට භාධක අඩු, හැගීම් දනවන, අරුත් දෙන, කිව්වම තේරෙන අරුතෙන් ගෙන නිවන් පූර්ණයට යේ නම් ඔවුන් එසේ වඩත්වා.

යම් පරීක්ෂණයක ප්‍රතිඵල තුලින් තමයි මුලින් කල උපකල්පන නිවැරැදි ද වැරැදි ද කියල තීරණය කරන්න වෙන්නේ. ආර්‍ය පරීක්ෂණය පටන් ගන්න හැමට ධෛර්යය ලැබේවා.

අකුරු වචන වල පැටලැවී ඉන්න තිබ්බා තව කාලයක් ජීවත් වෙන්න තිබ්බානම්. ඒත් ටික ටික නමුත් වේගයෙන් ගෙවෙන මේ කාලය තුල කල කිසිම දෙයකින් “දැන් මගේ කැමැත්ත ඉටු උනා, අදින් පස්සේ කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ” කියල නිගමනයකට එන්න පුලුවන් කිසිම දෙයක් හම්බවෙලා නෑ කියන එක ඇත්තක්. ඒ ඇත්ත ඔබට පේන්නේ ජීවිතය (පන්චස්කන්ධය සහ පන්ච-උපාධානස්කන්ධය කියල ගනිමුකෝ) නිත්‍ය-අනිත්‍ය යන හැගීමෙන් විමසා බැලුවම ද? නිච්ඡ-අනිච්ඡ යන හැගීමෙන් විමසා බැලුවම ද?

අන්න එතෙනයි point එක.

ත්‍රිකෝණද, ත්‍රිකෝණ අටපට්ටම් වෙනවද? වෙන්නේ නැත්ද? ඒක නිසා නිත්‍යද? නැත්තං නිච්ඡ වෙන්න බෑ නේද? මේවා ඔක්කෝම ඔය point එක තේරුම් කරගන්න යොදාගන්න දේ මිසක් ඒක තව නොතේරෙන්න යොදා ගන්න ඕන දේ නෙවෙයි.

ඒක නිසා මෝඩ රැලක් වගේ උදාහරණය උදාහරණයේ ප්‍රමාණයට නො-යොදා ගෙන, වෙන්ඩ යන ව්‍යසනයෙන් ගොඩයන්න පාවිච්චි නොකර, උදාහරණයේ දිග පලළ මැන මැන, වැරද්ද වැරද්ද විදියට තේරුම් නොගෙන වටිනා ජීවිත කාලය ගෙවා දානවද කියන එක; එහෙම කරන්න බලාපොරොත්තුවන සියල්ලෝම හොදින් විමසා තීරණය කරගත යුතුය.