+1-778-834-5353 info@namaroopa.com
Select Page

අද තුන්වන ධර්ම සාකච්ඡාවයි

මුල් දින දෙකේ දී මෙන් තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ අභිධර්ම දේශනා මාලාවේ පළමු දේශනය තවදුරටත් විග්‍රහ කරගනිමින් ධර්ම සාකච්ඡාව ඉදිරියට යයි.
පළමු දේශනය අභිධර්මයේ මූලාශ්‍ර ගැනත්, දේශනාවේ පසුබිම ගැනත් පැහැදිලි කිරීමකි.
ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි.

අභිධර්මය පොතේ මේ ගැන තියෙන පිටු පහතින් දැක්වේ.

Introduction Pages
මේ පොතේ 22 වන මුද්‍රිත පිටුවේ සිට 37 වන පිටුව දක්වා මේ විස්තරය ඇත.
abhidharmaye-mulika-karunu-rerukane-chandavimala-nahimi-full-book-with-comments-highlights-and-book-marks_page_019
අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවේ යැයි පවසන අයට පිළිතුරු
abhidharmaye-mulika-karunu-rerukane-chandavimala-nahimi-full-book-with-comments-highlights-and-book-marks_page_199

පහතින් දැක්වෙන්නේ සාකච්ඡාවට භාජනය විය යුතුයැයි සිතූ අවස්ථා කීපයකකි

හේනපිටගෙදර ඤාණසීහ හිමි සහ පොල්වත්තේ බුද්ධදත්ත හිමි සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි... (ගැන සඳහන් කල අවස්ථාව)

හේනපිටගෙදර ඤාණසීහ හිමි සහ පොල්වත්තේ බුද්ධදත්ත හිමි සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි… (ගැන සඳහන් කල අවස්ථාව)
අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවේ යයි පවතින විවිධ මත ගැන…

නෙත්තිප්‍රකරනය
නෙත්තිප්‍රකරනය නම් මූලාශ්‍රය ගැන..
ධර්ම භාංඩාගාරික ආන්ද රහතන් වහන්සේගේ ථෙර ගාතාව (84000 ධර්ම කරුනු දැරූ බව හා ඉන් 82000 බුදුන්ගෙන් ද 2000 ක් ශ්‍රවකයන්ගෙන් ද වන පරිදි)
විනය හා සූත්‍ර පිටක මුලු ධර්ම කරුනු 42000 වනවිට ඉතිරිය කොහේද යන ප්‍රශ්නය මතුවේ. ඒ කරුණු අන්තර්ගත වන්නේ අභිධර්ම පිටකයේ බව.

කරජකාය සූත්‍රය (චිත්තක්ෂණය)

කරජකාය සූත්‍රය (චිත්තක්ෂණය) ගැන සඳහන් කල අවස්ථාව.
මේගැන තව විස්තර ධර්ම සාකච්ඡාවේදී මතු විය. දැනට දන්නා පරිදි මෙය නිවැරැදි විය යුතු මූලාශ්‍රයකි.

දනුග්ගහ සූත්‍රය

දනුග්ගහ සූත්‍රය වඩා නිවැරැදිමූලාශ්‍රයකි.

භාවනා කමටහන

භාවනා කමටහන
සිතේ පහලවන සිතුවිලි දෙස ඇලෙන්නේ, ගැටෙන්නේ, එකතු නොවී සෙවිල්ලෙන් බලා සිටින්න.

පාඩම ආරම්භය - සිත ගැන

පාඩම ආරම්භය – සිත ගැන සඳහන් කල අවස්ථාව

අරූපී ධර්ම

අරූපී ධර්ම
අරමුණක් ඕනේ.
හිත ගන්නේ අරමුනක්.
හිත කරන්නේ ආරම්මන ව්ජානනය.
ඒ කියන්නේ අරමුනු දැන ගැනීම.
විජානන්තිකෝ භික්කවේ තස්මා විඤාණන්ති උච්චති.
විඤාණය කරන්නේ විශේශයෙන් යමක් දැනගැනීම /අරමුනු දැන ගැනීමයි.
හිත කරන්න් අරමුනු දැන ගැනීමයි.
විඤාණය, හිත, පණ්ඩර – ඔක්කොම එකමදේට කියන සමාන පද.

සිතක කාර්‍යය

සිතක කාර්‍යය.
සිසිරගේ උපමාව.
හිත කරන් වැඩේ හැටියට නමක් ලැබේ.

සම්මුති හා පරමාර්ථ

සම්මුති හා පරමාර්ථ

බිඳින්නට බැරි දේ පරමාර්ථ ධර්ම.

කාලය නම් සම්මුතිය

කාලය නම් සම්මුතිය.
අඩුම කායක් ජීවත් වෙන්නේ හිත.
දනුග්ගහ සූත්‍රය මේ සඳහා මූලාශ්‍රයකි.
10(-12)s — 10 යේ 12 වන බලය.
අටුවාවට අනුව ඇසිපිය ගසන වෙලාවට හිත් ලක්ෂ කෝටිවාරයක් පහල වෙයි.

වෙලාවකට එක හිතයි

එක වෙලාවකට එක හිතයි.
Sigmund Freud ගේ වැරැදි මතය.

එක වෙලාවකට එක හිතයි.
කුසුමා අක්කා ගැන උදාහරණය.
ගිනි බෝලය ගැන උදාහරණය.

ජීවත් වෙන්නේ චිත්තක්ෂණ එකයි

ජීවත් වෙන්නේ චිත්තක්ෂණ එකයි.

ප්‍රත්‍ය ශක්තිය

ප්‍රත්‍ය ශක්තිය – එක හිතකින් තව හිතකට ලැබෙන දේ…

ත්‍රිලක්ෂණයට සම්ම්බන්ධ වන විදිය

අනිත්‍ය දුඛ්ඛ අනාත්ම බවට පත් වන විදිය.
හිතක් නිරුද්ධ වෙමින් තව හිතකට ප්‍රත්‍ය ලබා දෙයි. එයින් තව හිතක් උපදී.
ඒ සංසාරයයි.
හිත නම් මායාකරු වේගයෙන් අරමුණු ලබාදී ලෝකයක් මවයි.
අරමුණු වේගය ඇත්තේ තණ්හාව නිසයි.
ආරම්මණ (තණ්හාව) ප්‍රත්‍යය එයට හේතුවයි.
තණ්හාව දුරු කිරීමෙන් සංසාර ගමන නවතී. නිවන නම් එයයි.

ආරම්මණ වේගය අඩුවන විට

ආරම්මණ වේගය අඩුවන විට??

සෝවාන් ඵලය

පලමු වරට සිතක් නූපදී යන චිත්තක්ෂණය – සෝවාන් ඵලයයි.
ඒ ගැන දැන ගැනීම ප්‍රත්‍යවේශාව යි.