පටලවා ගන්නේ නැතිව නිස්කාන්සුවේ මේක අහන්න. මෙම වීඩියෝව තරමක් කතාබහට ලක්වූවක්. පටලවා ගැනිම් වලට ලක්වූවක්. එනිසාම මේ තෙවන වරට කරන විග්‍රහය ක්. පසුව මෙය නිරපේක්ෂත්වයේ මග චැනලයෙන්ද ඉවත් කෙරුණා.
ඊට එක් හේතුවක් වන්නට ඇත්තේ බොහෝ කුඩා කරුණු ගැන දැනගන්න තේරුම් ගන්න තරම්වත් හැකියාවක් නොමැති මිනිසුන්ට මෙවැනි පරම ගාම්භීර දේශනා කෙසේ තේරුම් යන්නද කියන පැණය විය හැකිය. තවත් හේතුවක් විය හැක්කේ මෙතරම් ගැඹුරකට නොගොස් අනිච්ඡ දුක්ඛ අනත්ත දැක නිවන අවබෝධ කිරීමට ඇති හැකියාවත් විය හැකිය.
කෙසේ නමුත් ප්‍රශ්න කරන්නාට උත්තරය ලැබෙනතුරු පවතින්නේ මහත් අසහනයක්. අනෙක මෙවැනි ප්‍රශ්නයක් එසේ මෙසේ කෙනෙකුට අහන්න හිතෙන්නෙත් නැති තරම්. මෙවැනි ගැටලුවලට පිලිතුරක් තියෙනවා කියා දැන ගැනීමම එවැනි වෙලාවට නිවීමක්. මේ ප්‍රශ්ණයට උත්තර ගොනු කිරීමද එසේ මෙසේ භික්ෂුවකට කල නොහැකි වන්නේත් ඒ නිසාමයි. අවශ්‍ය නම් ඔබම අසා බලන්න. අඩුම ගානේ පටිච්ඡසමුප්පාද චක්‍ර හතර දක්වා වත් පැහැදිලි පිළිතුරක් ලැබේද කියා. මේගැන මෑතක දේශනා කරනවා ඇසී ඇති තෙරුන් වහන්සේලා කීප නමක් නම් වශයෙන් සඳහන් කරනවා නම්: වහරක අභයරතනාලංකාර හිමි, වලස්මුල්ලේ අභය හිමි, රතුපස්කැටියේ විමුක්තිරතන හිමි සහ ධම්මවිමුක්තා තෙරණිය යන අයයි.
සක්කාය දිඨිය සහ අස්මීමානය එක් පසෙකින්ද, මන-ධම්ම ක්රීයා කාරීත්වය තවත් පසෙකින්ද, පටිච්ඡසමුප්පාදයේ චක්‍ර හතරෙන් උපාදාන ඇතිකරගන්න චක්‍ර ගැන විග්‍රහය තවත් පසෙකින්ද, හේතු-ඵල ප්‍රත්‍ය පට්ඨානයට ගැලපුම තවත් පසෙකද තබාගෙන කරන මෙමෙ විග්‍රහය ඔබට ලේසියෙන් අසන්න ලැබෙන්නක් නම් නොවේ. එසේම සාමාන්‍ය කෙනෙකුට මෙය තේරුම් යාම එක් විටකම සිදුනොවීමටත් මේ සංකීර්ණතාවයට බොහෝ හේතු වනු ඇත. එවිට නැවත නැවත ඇසීමයි කල යුත්තේ.
මන ධම්ම තුලින් පටිච්චසමුප්පාදය
ධම්ම තුල සිරවූ ලෝකය. ඒ ඒ මොහොතේ භාහිර ආයතන පහෙන් හෝ
ධාතු 18න් 17ක්ම උපාදාන නොවෙති. 18වන ධාතුවෙන් තමයි උපාදාන වෙන්නේ. 18වන ධතුව තමයි ධම්ම.
එලිය සහ ඇතුල