12න් පස්සේ කන්න එපා කියල නීතියක් නෙවෙයි රාත්‍රී ආහාරය නැවැත්වීමයි විනය නීතිය.
අනවශ්‍ය නීති රීති රොත්තක් දාගෙන ඒ ගැන හිත හිත ඉන්නාවා විතරයි කරන්න තියෙන වැඩේ පැත්තක.
අවිද්‍යා පච්චයා සංකාරයෙන් නතර කර ගත්තොත් කර්ම අස්තාන ගත වෙනව. කරොත් කර්ම ස්ථාන ගත වෙනව.
තව විදියකට කිව්වොත් ප්‍රඥාව වැඩීමයි.
තව විදියකර කිව්වොත් ආශ්වාද වලින් මිදෙන විදිය වඩන්න ඕන.
කර්මස්ථාන වඩන විට කර්මය අස්ථාන ගත වේ.
හුලං භාවනාවෙන් කරන්නේ පුණ්‍යාභිසංකාර මට්ටමයි. ආර්ය ධ්‍යාන ඉන් එහාට ගමන් කරයි.
කර්මස්ථාන වඩවන විට – වාක්‍ය කාංඩ කියන විට ඒවා මෙනෙහි කරන්න ඕන (සවිතන්ක්ක) ඒ හැගීමේ ඉන්න ඕන (සවිචාර). මේ තමයි අන්ධයාට දෙන අත්වැල.
මේ අත්වැල අල්ලාගෙන යනවිට හතරවන ධ්‍යානය දක්වා යන්න පුලුවන්. එතනිං එහාට වැඩේ තමාගේ අතේ. මෙච්චර දුර ආ විදියටම ඉතුරු දුරත් යන්න තියෙන්නෙ.
ඉතිං කර්ම අස්ථාන ගත කරන්න පරිසරය සකස් කරල දෙන්න පුලුවන්. කරගන්න එක තමං ගේ වැඩක්.
පාරේ යනකොට කෑගැහුවොත් ඒක අකුසලයක් නම් ඒ වාගේ සිය දහස් ගුණයක් පව් කරගන්නවා ධ්‍යාන වඩන විට යමෙක් එල්ල කරන බාධාවෙන්.
ඉතිං කර්ම අස්ථාන ගත කරන්න ඇවිත් කර්ම ස්ථාන ගත කරගන්න ඕනද?
එකම නීතියයි: අනුන්ගේ දේවල් හොයන්න යන්න එපා. මොකද හොයන්න නොතේරෙන නිසායි. එහෙම දන්න එකම කෙනා තථාගතයාණන් පමණයි.
ඒක නිසා ආර්ය උපවාද කරගන්නේ නැතිව ඉන්න එක තමයි තමාගේ දේ පමණක් සෙවීම. තමාගේ වැඩේ කරගන්න. අරය මෙයා ඉන්න මට්ටම් සොයන්න ඕන නෑ.
මේ කොටස සම්පූර්ණයෙන් අහන්න: