+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[29/32] - රහත් ඵලය දක්වාත් රහත් ඵලයෙන් පසුවත් වඩන ආනාපානසතිය - (Season 08)
Question - ස්පර්ශ ආයතන හයට පටිච්ච සමුප්පාද චක්‍ර වෙන වෙනම තියෙනවාද?
Time: 0:1:8
27 https://youtu.be/3MJ2CnQaWaQ

ඔව්.

උදා:
තොරණක් බලන්න යෑම.

දවල්ට එකක් රෑට වෙන එකක්.

11 x 11 = 121 පටිච්ච සමුප්පාද තියෙනවා. මේක 3D matrix එකක් වගේ. ඊට පස්සේ ආයෙත් මේ ටිකට 30 ආකාරයකට යෙදෙනවා. එවිට 4D matrix එකක් තරම් සංකීර්ණ වෙනවා.

ඒත් මෙච්චර ඕනෙ නෑ. ආයතන හයේ ආස්වාද ආදීනව නිස්සරන දකින්න පුරුදු වෙන්න. ඒ නිවන් මඟයි.
Play this part on YouTube

Question - 30 ආකාර වු පටිච්චසමුප්පාද චක්‍රය
රහත් ඵලය දක්වා ඉන් පසුව ආනාපාන සතිය
බුද්ධත්වයෙන් පසුව කල්ගෙවූයේද ආනාපාන සතිය වඩමින්ය
Time: 0:45:57

මෙතන පජානාමි (වඩා ඉවරවූ දේ ප්‍රකුර්ති ඥානයෙන් දකිමින් සිහිකරමින් සිටී) කියන පදය සහ සික්ඛති (ශික්ශනය වෙනවා, හික්මෙනවා) කියන වචන අර්ථ දෙකක්. පරිවර්ථන දෝශයක්.

පජානාති – විජානාති විරුද්ධ පද.

විජානාති වෙන්නේ රාග ද්වේශ මෝහයෙන් යමක් දකින විටයි.


Play this part on YouTube

ආනාපාන සතිය වෙනස් අයුරකින් - හතරවන දැහැනෙන් පස්සේ හුලං අරං ගියාට තවත් නැත
Time: 0:51:47

පංචකාම විතර්ක ප්‍රහීණවීමට කැමැත්ත ඇතිකර ගනී. මේක හිතේ වෙන වැඩක්. හුලඟක් නොවේ.

වෙන්ව එය විදී — වෙන් වෙන්නේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් වශයෙනි.


Play this part on YouTube

ආශ්වාදයේ දුකින් මිදෙන කෙටි ක්‍රමය
Time: 1:3:1

ඌනතාවයෙන් නෙවෙයි ප්‍රිය වස්තූ හටගන්නේ. ප්‍රිය වස්තු හටගත්තේ කාමච්ඡන්දයෙනි.

ආශ්වාදයේ ප්‍රිය මධුර ස්වභාවය අනිච්ච බව දැක, දුක් වශයෙන් දැක, අනාත වශයෙන් දැක, රෝග වශයෙන් දැක ආශ්වාදයට බිය වෙන්න. ආශ්වාදය හොයන්න එපා. එවිට ඒ කෙනා නෙක්කම්මයේ ඇලෙනවා. තෘශ්ණාව දුරු වෙනවා.

මෙසේ තෘශ්ණාව දුරුවන විට ක්‍රමක්ක්‍රමයෙන් නිවනට පත්වේ.

Play this part on YouTube

Question - වේදනා 3යි අනෙක් බොහෝමයක් සංඥා
Time: 1:14:36
සැප දුක් උපේක්ෂා වේදනා තුනයි.

රතුපාට – රූප සංඥාව — රතුපාටට කැමති වීම — සංඥාවට කැමති වීම — රතු කැමති බව

සීනි රස – රස සංඥාව — සීනි රසට කැමති වීම — සංඥාවට කැමති වීම, සීනි රස මූලිකව ආශ්වාද විඳිනවා, ඒක සැප වේදනාවක් — සීනි කැමති බව

සිතාර හඬ — ශබ්ධ සංඥාව — සිතාර හඬ කැමති වීම — සංඥාවට කැමති වීම, සිතාර හඬ මූලිකව ආශ්වාද විඳිනවා, ඒක සැප වේදනාවක් — සිතාර හඬට කැමති බව — බව පච්චයා ජාති, ජරා….

කකුල සීරෙනවා — ඵොට්ටබ්භ සංඥාව — සීරුමට අකැමති වීම — සංඥාවට අකැමති වීම, සීරුමට මූලිකව ආශ්වාද විඳිනවා, ඒක දුක් වේදනාවක් — සීරුමට අකැමති බව — බව පච්චයා ජාති, ජරා….

කකුල සීරෙනවා — ඵොට්ටබ්භ සංඥාව — සීරුම අවිද්‍යාවෙන් තොරව දැන ගන්නවා. එය විපාක සංඥාවක් ලෙස දැන උපේක්ෂාවෙන් සිටිනවා — සංඥාවට උපේක්ෂා වීම, සීරුමට මූලිකව ආශ්වාද විඳින්නේ නැත, සීරුම ඒක දුක් වේදනාවක් — සීරුමට අකැමති හෝ කැමති බවක් නැත — බවක් ඇතිවීමට කරුනු නොමැති හේතුවෙන් ජාති, ජරා…. මරණ ආදියෙන් මිදී නිවනට පත්වේ.

මේ ආකාරයට ආයතන හටම යෙදේ.

මේගැන තේරුම් ගත් විට නිවනට පත්වේ.
Play this part on YouTube

Question - ඒහිපස්සික ගුණය
Question - මානසික විශාදය තියෙන අයට භාවනාව සුදුසුද?
Time: 1:21:42
ඉස්සෙලා බණටික ඇහුවොත් හරි. පුද්ගලිකව සාකච්ඡා කිරීම වඩාත්ම සුදුසුය.
Play this part on YouTube
ලෝකෙටම එකම ප්‍රශ්නයයි තියෙන්නේ -- Theory of everything
Time: 1:23:44
ලෝකය කැමති සේ තියාගන්න බැරි වීමයි.

Play this part on YouTube

ලෞකික විවේකය සහ ධ්‍යාන විවේකය සහ උපදි විවේකය
Question - අනිත්‍ය සහ අනාත්ම සහ ආනන්තරීය පාපකර්මය
Question - පුරහඳ සමග සම්බන්ධය
Time: 2:4:55
ඕරා –

ගති ආකර්ශනයෙන් පිහිටන කිරන ඡන්දයෙන් හටගත් නිසා හඳ, ඡන්ද්‍රයා නම් වේ.
Play this part on YouTube

Question - අවිතක්ක අවිචාර සමාධියේදී කන්දෙක රත් වෙන්නේ ඇයි?
Time: 2:12:0
ඕරා අංශු නිදහස්වෙන විට මේවාගේ තමයි. Tapping method eka තරමක් උදව්වෙනවා මෙය සමනය කරගන්න.
Play this part on YouTube
Question - අවිතක්ක අවිචාර සමාධිය
Time: 2:25:17
අවසාන කෙලෙවර උපේක්ෂාව ඒකාග්‍රතා තියෙන චතුර්තත් ධ්‍යානය.

Play this part on YouTube

Question - චිත්තවීථි සහ ප්‍රභාශ්වර චිත්තය අතර සම්බන්ධය පැහැදිලි කර දෙන්න
Time: 2:26:6
ප්‍රභාස්වර චිත්තය – අඳුන ගන්න කාලයේදී කාටවත් කෙලෙස් නෑ.
Play this part on YouTube
Question - යේ ධම්මා හේතුප්පභවා ගාථව --- තේ සං වීම ගැන ගැටළුව
Question - ආනන්තරීය පාපකර්ම හේතුවෙන් අනිවාර්යයෙන් අපාගත වන්නේ ඇයි?
Time: 2:35:33
පාපශක්තිය වැඩි නිසා.

දරන්න බෑ. ඒ කර්ම වල ඕරා අංශූ ඉතා ප්‍රබලයි.

ඕරා අංශු ධම්ම ගට්ටනය කරල මනසේ සිතුවිලි ඇති කරල ඒ පාප සිතුවිලි ඇති කරල අපාගත කෙරේ.
Play this part on YouTube

Question - මේ ආත්මයේ මව පියා මැරීම - කවුද නියම මව පියා? ශුක්‍රාණු දුන්නේ පියා ඩිම්භානු දුන්නේ මව
Question - මරණයට මොහොතකට පෙර ආයතන හයේ වෙනස් වීම පැහැදිලි කරන්න - ගති උපත්
Time: 2:43:33
මරණයේදී ඇස්ට්‍රල් බොඩි එක ගැලවීමයි වෙන්නේ නැතිනම් චුති පටිසංන්දි යේදී.

Play this part on YouTube