පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
These text are a note coming from Nirapekshathwaye Maga Season 08.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
සතර මහ භූතයෙන් උපන් –
ආත්මභාව සහිත වූ – (බලු විදියට හිතුවොත් බලු සංකාර බලු ජාති, බලු ඇහැ)
අනිදස්සන වු – නොපෙනෙන (මෙය ක්‍රියාත්මක වූ ක්‍රියවලියකි – කන්නාඩියෙන් බලුවම පෙනෙන ඇස නෙවෙයි)
සප්‍රතිඝ වූ – ගැටෙන, ගැටෙන්නට වූ විට
ප්‍රසාදය – ඇසතුල නැවත සෑදෙන ප්‍රතිභිම්බය (මේ කියන්නේ ප්‍රසාද රූපයයි)
සනිදස්සන වූ සප්‍රතිඝ වූ රූපය දකී – පේන තියෙන රූපයක් දෙයක් දකී.
එනිසා මේ කන්නාඩියෙන් බලුවම පේන ඇස අයිති රූපයටයි.
දහමේ විස්තර වන ඇස මේ පෙනෙන ක්‍රියාදාමයයි. ප්‍රසාද ක්‍රියා දාමය නොපෙනෙන ක්‍රියා වලියකි. ඒ තමයි ධහමේ ඇස.
Play this part on YouTube
ඔපය හෙවත් ප්‍රසාද ගුණය ලැබෙන තුරු වීදුරුව කන්නාඩියක් උනේ නැත.
ප්‍රසාද ගුණය දකින්න බෑ.
ප්‍රසාද ගුණය මගින් රූපය දකින්න ලැබෙනවා.
යමක් අනිච්චයි යන්න විභාග කොට විසදිය යුතුය.
ආයතනය උනා කියන්නේ ඇස රාග ද්වේශ මෝහයට යොදා ගැනීමයි.
මේ ඇස මතු තියෙනව ද? නැත. ඇස මතු නොවේද? නැත.
සත්වයා සහ ඇස එකමද? එය පසක තබිය යුතු පැනයකි. අරහත්වයේ දී විසදේ. (රහතන් වහන්සේ සත්වත්වය ඉක්ම යයි නමුත් ඇස ඇත).
රහතන් වහසේගේ ඇස මතු ඇතිද? මීට උත්තර දී නැත.
වර්ණ ධාතුව + යමක් වීම (වේදනාව) + සංඥාව දිග පළල ආදිය = රූපය පැනවේ
(ඉහත) රූප + සංකාර කිරීම (සත් ප්‍රත්‍යයට සම්බන්ධ වීම) + චක්කු විඤ්ඤාන = රූප රූප
එනම් සංඥා සමූහයක වීමක් අපි රූපයක් ලෙස පනවා ගන්නවා.
මෙය සත් ප්‍රත්‍යට සම්බන්ධ වෙන්නේ ඇසේ සංකාර වැඩපිළිවෙළ හේතුවෙන්.
මෙය තිස් ආකාරයකි.
ධම්ම ලෝකයේ විග්‍රහය තරමක් දුරට කරන්න ඕරා විස්තරයෙන් කරන්න පුලුවන්. හැබැයි ප්‍රත්‍ය නොවන බෝහෝ කොටසක් විස්තර කරන්න බැරුව තියෙනව.
Play this part on YouTube
සිහිබුද්දියෙන් කියවූ විට මෙය තේරුම් යයි.
මේ මොන ලෝකයේ ආකාරයෙන් කිව්වත් එකම දේ ගැන තමයි මේ කියන්නේ.
සිද්ධාර්ත කවුද? ඒකට උත්තර දෙනවිට උත්තර ලබන පුද්ගලයාට සාපේක්ෂව කිව යුතුය. එනම් ඔහු රාහුල දන්නේ නම් උත්තරය – ඒ රාහුලගේ තත්තා කියා උත්තර දුන් විට අසන්නාට හොදින් වැටහේ. නමුත් සුද්දෝදන දන්නා කෙනෙකුට – ඒ සුද්දෝදනයේ පුතා – කියූ විට වැටහේ.
මේ ආකාර තුනක් :
මේ තවත් ආකාර :
නිල් රතු කහ දක්වා ඇති කෙලෙස් වලින් ඇලීම .. නිසා කෙලෙස් හට ගනී.
ඉහල ඇති රූප ස්කන්ධයත් පහල ඇති රූප ස්කන්ධයත් කාරනා දෙකක්. ඉහල ඇත්තේ විපාක. මෙය අනිච්ච ලෙස දකින්න කිව්ව කොටසයි.
පහල ඇත්තේ (පාට කර ඇති) පටිච්චයෙන් හටගත් රූපය යි. මේ අනිච්චානුපස්සී ලෙස දකින්න කිව්ව කොටසයි.
Play this part on YouTube
දුටුගැමුණු රජතුමා නිතර භාවිතා කළේය යි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ජයමංගල ගාථාවක්
ජයෝ මුනිදස්ස සුබෝධිමූලෙ
අහොසි මාරස්ස පරාජයෝ හි
උග්ඝෝසයුං දේවගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මෛහං
අනිච්ච ලක්ෂණ කියල වචනයක් ත්‍රිපිටකයේ නෑ. අනිච්ච සංඥාවක්.
උදයව්‍ය ඥාණය — “ශුද්ධාස්ටකයේ ඇතිවීම නැතිවීම දකින්න” කියන එක නෙවෙයි. මේක හරියට theoritical physics වගේ.
මෙය සුතමය ඥාණයක්. අහල දැනගන්න එකක්. කරන්න තියෙන දේ පැත්තක තියෙද්දී වෙන එකක් කරාම නිවන් දකීද?
අවිද්‍යාව නිසා රූපයි නිර්මාණය උනා කියන එක නෙවෙයි මේ කියන්නේ. මනමාලයා කැමැති වෙලා බලන්න ගිය දවසේ දැකල පටිච්ච උනා. ඒ රූපය සමඟ බැදීම පටන් ගත්ත. රූප සමුදය උනා. ඒකියන්නේ මනමාලිව හැදුව නෙවෙයි.
රූප පිලිබඳ අවස්ථා 5ක් විස්තර කරනවා.
අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වේ.
තණ්හාව සමුදයෙන් රූප සමුදය වේ.
කර්ම සමුදයෙන් රූප සමුදය වේ.
ආහාර රූප සමුදය වේ.
උත්පාද ලක්ෂනයෙන් රූප සමුදය වේ.
නිවන් මඟ උගුල් — මඟුල්
නිබ්බත්ති – කෙලෙවරක් පේන්නේ නෑ.
එනම් උදය නම් ආශ්වාද සුබයි සාරයි කියල අවිද්‍යාවෙන් ගන්න එකයි.
නිරෝධ කියන වචනයේ තේරුම එනෙනේ මෙතෙනදී. අවිද්‍යාවෙන් රෝද කිරීම නැති කිරීමයි.