බුදුදහමේ හරය, මාර්ගය වඩන්නාගේ ආරක්ෂිත භුමිය, පිහිටිය යුතු තැන ආදී විවිධ ප්‍රශංසනීයයි නාමයන්ගෙන් හඳුන්වනු ලබන සතර සතිපට්ඨානය නිවන් මගට පිළිපන් ආර්ය ශ්රාවකයාට මාර්ගය වඩාගැනීමට මහත් අනුග්‍රහයක් ලබාදෙයි.
Sathara sathipattana is the core and the safe ground for the one who practice dhamma. In this six hour long dhamma discussion Ven. Mankadawala Sudassana Thero explains this deep and detailed dhamma topic clearly with his experience as a meditation teacher.
දෘෂ්ටිය විසුද්දියෙන් පසු හොදින් අසා දරා ගත යුතු මේ භාවනා කමටහන් මග සොයා යන්නෙකුට මහත් අත්වැලකි. බොහෝ විට කාලය හරස්වීම නිසා හෝ දේශකයාගේ ප්‍රායෝගික අත්දැකීම් නැතිව හුදෙක් සූත්‍ර පොතේ පරිවතන මත සිටම අසන්නට ලැබෙන අසම්පූර්ණ දේශනා බහුල වකවානුවක් තුල මාන්කඩවල සුදස්සන හිමියන් පැය හයක් පුරාවට, තුන් යමයේ නිදිවරා ඉතා මහන්සියෙන්, වීර්යයෙන් යුතුව සිදුකරන මෙම දේශනය අශ්ටාර්‍ය පුද්ගල සංගරත්නයටම මහත් උපකාරයකි. උන්වහන්සේ වඩන සාසන ප්‍රතිපදා වහ වහ පූර්ණ කරගැනීමට ලබේවා!
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
මෙහි ඇති සූත්‍ර කොටස උපුටා ගත්තේ https://pitaka.lk/ වෙබ් අඩවියෙන්.
මෙහි සඳහන් සියලු සූත්‍ර කොටස් යූ-ටියුබ් හරහාත් https://Sudassana.org වෙතින් mp3 ලෙසත් භාගත කරගත හැකිය. ඒ ඒ කොටස් වලට සබැඳියාවන් පහත දක්වා ඇත.
Continuation of Dhammanupassana started at 55 min in Part 4.
0 min: Neevarana, 30 min. Skandha Panchakaya, 44min.:Ayathana.
නීවරන 5 යි.
ඒවා සිතක ඇතිවෙන විදිය බලාගෙන සිටිනවා. එසේ සිටින විට ප්‍රොයෝජන දෙකයි.
1. නීවරන නැති නම්, සිතේ නීවරන නැති බව දැනගන්නවා.
2. නීවරනය ඇති උනොත් ඇති උන බව දැන ගන්නවා.
උදා:
තමා තුල කාමච්ඡන්දය තියෙනවද නැද්ද කියලා අවධානයෙන් බලාගෙන ඉන්නවා.
1. නූපන්නේ නම්, නූපන් එක නූපදවා ඉන්නේ මෙහෙමයි කියල දන්නවා.
2. උපන්නේ නම් උපන් එක දුරු කර්න්නේ මෙහෙමයි කියා දන්නවා.
රූප කාම, ශබ්ද කාම, ගන්ද කාම, රස කාම, ස්පර්ශ කාම, ධම්ම කාම ලෙස යි.
නූපන් කාමච්ඡන්දය උපදින්න හේතු දෙකයි.
1. අයෝනිසෝ මනසිකාරය (නීවන ධර්ම කෙරෙහි අවධානය නැති බවයි. අවධානය නැති බවම නීවරන ඇති වෙන්න හේතුවක්).
2. සුභ නිමිත්ත (සුභ විදියට මෙනෙහි කරවිට ඇති වන කාමච්ඡන්දය වැසී යනවා – සාරයි සුබයි – නිත්‍යයි – සුකයි කියලා වැරදියිදේ නිවැදි දේ ලෙස පේනවා)
කාමච්ඡන්දය ගැන සිහි නොකිරීමම කාමච්ඡන්දය ඇතිවීමට හේතුවක්.
කාමච්ඡන්දය ගැන සිහි කිරීමෙන් වසන විට කාමච්ඡන්දය ඇතිවීම සොයා ගත හැකිය.
ඇතිවූ බව දත් විට එය දුරු කිරීමට අසුභය වැඩීම කල හැකිය.
අදුනා ගැනීමත්, ඒ සමගම ඊට ප්‍රතිවිරුද්ධ මනසිකාරයකින් (අසුබය වැඩීමෙන්) එය දුරු කිරීමත් කල හැකිය.
Play this part on YouTube
ව්‍යාපාදය ගැන සිහි නොකිරීමම ව්‍යාපාදය ඇතිවීමට හේතුවක්. සෙවිල්ලෙන් සිටීමෙන් එක්කෝ ව්‍යාපාදය ඇති බව දැනගන්නවා. නැතිනම් ව්‍යාපාදය නැතිබව දැනගන්නවා.
ව්‍යාපාදය ගැන සිහි කිරීමෙන් වසන විට ව්‍යාපාදය ඇතිවීම සොයා ගත හැකිය.
කරුණු දෙකක් බලපායි.
1. අයෝනිසෝ මනසිකාරය.
2. පටිග නිමිත්ත.
යෝනිසෝ මනසිකාරයෙන් පසුවීමෙන්, එය දුරුකිරීමට කටයුතු කල හැකිය. මෙය උපායශීලී බවයි.
ඇතිවූ බව දත් විට එය දුරු කිරීමට මෛත්‍රීය වැඩීම කල හැකිය. (මෛත්‍රීය වැඩිය යුතු බව කලිනි අසා දැන පුරුදු කරගෙන තිබිය යුතුය)
අදුනා ගැනීමත්, ඒ සමගම ඊට ප්‍රතිවිරුද්ධ මනසිකාරයකින් (මෛත්‍රීය වැඩීමෙන්) එය දුරු කිරීමත් කල හැකිය.
ධම්මානුපස්සනාවත් අර චිත්තානුපස්සනාව වගේම හරිදේ හරියටම අදුරගන්න පුරුදු කරනවා.
ව්‍යාපාදය චෛතසිකයක්. සිතේ ඇතිවෙන්නේ පටිඝ ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ එයත් සිතේම ඇතිවන දෙයක් හරියට අදුර ගන්නේ නැතිව භාහිර රූපයක් හේතුවෙන් හටගන්නවා කියා වැරදියට හිතුවත් හරියට අදුනා ගන්න විට දුරු කිරීම කල හැකියි.
Play this part on YouTube
තීනම්ද්දය ඇතිවෙන්නේ කොහොමද කියල දැනගන්න ඕන.
1. අරති – හිත කුසලයේ නොඇලෙන ගතිය, ධර්මය ගැන උනන්දුවක් නැති කම, හිත ඒ ගැන පෙලබවීමක් නැති බව, හිතේ කයේ මැලි බව.
හිතේ මැලි බව – දුරු කිරීමට චෛතසික වීර්ය වැඩිය යුතුය. එනම් … මෙලෙස සසර පුරා නිදා ගන්න ඇති, නින්ද නිසා බණ ටික අසාගන්න බැරුව සතර අපායේ වැටුන වාර ගනණ අනන්ත අප්‍රමාන ඇති… කියා යෝනිසෝ මනසිකාරයක් ඇති කර ගත යුතුය.
කය මැලි බව – මෙසේ එකම විදියට ඉන්න විට කායිම මැලි බව ඇති වේ නම් ඉරියවු මාරු කරනවා, මූන සෝදා ගන්නවා… ආදී ලෙස යෝනිසෝ මනසිකාරය ඇතිව වීරය කරනවා.
2. තන්දි – ඇග මැලි ගතිය
3. විජම්භිකා – කුසීත ගතිය
4. බත්ත සම මදෝ – බත් මදය
5. කුසීත බව – කම්මැලිකම
ව්‍යාපාදය ගැන සිහි නොකිරීමම ව්‍යාපාදය ඇතිවීමට හේතුවක්. සෙවිල්ලෙන් සිටීමෙන් එක්කෝ ව්‍යාපාදය ඇති බව දැනගන්නවා. නැතිනම් ව්‍යාපාදය නැතිබව දැනගන්නවා.
ව්‍යාපාදය ගැන සිහි කිරීමෙන් වසන විට ව්‍යාපාදය ඇතිවීම සොයා ගත හැකිය.
කරුණු දෙකක් බලපායි.
1. අයෝනිසෝ මනසිකාරය.
2. පටිග නිමිත්ත.
යෝනිසෝ මනසිකාරයෙන් පසුවීමෙන්, එය දුරුකිරීමට කටයුතු කල හැකිය. මෙය උපායශීලී බවයි.
ඇතිවූ බව දත් විට එය දුරු කිරීමට මෛත්‍රීය වැඩීම කල හැකිය. (මෛත්‍රීය වැඩිය යුතු බව කලිනි අසා දැන පුරුදු කරගෙන තිබිය යුතුය)
අදුනා ගැනීමත්, ඒ සමගම ඊට ප්‍රතිවිරුද්ධ මනසිකාරයකින් (මෛත්‍රීය වැඩීමෙන්) එය දුරු කිරීමත් කල හැකිය.
ධම්මානුපස්සනාවත් අර චිත්තානුපස්සනාව වගේම හරිදේ හරියටම අදුරගන්න පුරුදු කරනවා.
ව්‍යාපාදය චෛතසිකයක්. සිතේ ඇතිවෙන්නේ පටිඝ ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ එයත් සිතේම ඇතිවන දෙයක් හරියට අදුර ගන්නේ නැතිව භාහිර රූපයක් හේතුවෙන් හටගන්නවා කියා වැරදියට හිතුවත් හරියට අදුනා ගන්න විට දුරු කිරීම කල හැකියි.
උද්දච්ච කුක්කුච්ච ඉපදීමට හේතු?
1. අයෝනිසෝ මනසිකාරයත්
2. සමත අරමුනක් මෙනෙහි නොකිරීමත් ය.
මේ සදහා තවත් ප්‍රත්‍ය ඇත. ඒවා සෝයා දැන ගන්න.
මේ චෛතසික සිත ආශ්‍රය කරගෙන ඇතිවන බවත් භාහිරයකින් නොවන බවත් දැනගන්න ඕන.
Play this part on YouTube
විචිකිච්චාව කොයි වගේද?
බුද්ධා දී අට තැන කෙරෙහි ඇති සැකය.
පිං පව් ගැන සැකය… ආදිය.
සෙවිල්ලෙන් සිටීමෙන් එක්කෝ විචිකිච්චාව ඇති බව දැනගන්නවා. නැතිනම් විචිකිච්චාව නැතිබව දැනගන්නවා.
විචිකිච්චාව ගැන සිහි කිරීමෙන් වසන විට විචිකිච්චාව ඇතිවීම සොයා ගත හැකිය.
නූපන් විචිකිච්චාව ඉපදීමට කරුණු දෙකක් බලපායි.
1. අයෝනිසෝ මනසිකාරය.
– සාවජ්ජ, කලු, ඇසුරු නොකල යුතු ධර්ම මෙනෙහි කිරීම
– අර්ථ විමසා ධර්මය නොමෙනෙහි කිරීම
– ආදී…
2. විචිකිච්චා නිමිත්ත. (?? මේ ගැන හරියට ඇහුනේ නෑ)
Play this part on YouTube
නීවරනයට හේතුවූ කාරනය ගැන අවධානයෙන් සිටි විට ඒ සිතේ උපන් චෛතසිකයක් බව වැටහී යයි.
Play this part on YouTube
නීවරනයට හේතුවූ කාරනය ගැන අවධානයෙන් සිටි විට ඒ සිතේ උපන් චෛතසිකයක් බව වැටහී යයි.
එවිට එම ධර්මතාවය විතරක් බේරිලා හිතට අහුවෙනවා. මෙය සත්වයෙක් පුද්ගලයෙක් කියා නැතිව මෙය සංඥා සංකාර ධර්මතා නිසා සිදුවන්නක් බව පේනව.
ඒ විදියට බලන විට මේ තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් යුතුව වාසය කර්න්නේ නෑ.
එවිට තරහව කාමය හේතු ප්රත්යයි කියල තේරෙන්වා.
මේ තෙරුම් ගැනීමත් සමහ නොඇල්මෙන් ආශ්රවයන්ගෙන් මිදෙනවා.
Play this part on YouTube
මාහා භූතත් (4) උපාදාය රූපත් ගැන දැන ගන්න ඕන (28).
සුකුම සහ ඕධාරික ලෙස තව දුරත් විග්රහ කරගන්න ඕන.
මෙය ඉතා ගැඹුරු ලෙස ආහාරය ගැන විග්රහ කර ගත යුතු තැනක්.
වමන ගොඩක් හපලයි රස විදින්නේ කියල අපි දැනගන්න ඕන.
35:00
පිඟානේ තියෙන කේක් කෑල්ල දිහා බලාගෙන කටේ තියෙන කේක් කෑල්ල (වමනය) හපල අපි රස විඳිනවා.
අභ්‍යන්තරය ගැන භාහිරෙන් අරමුණු ගන්නවා වැරදි විදියට.
https://pitaka.lk/181010/116/cs,aps
116
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු? ඉධ, භික්ඛවෙ, භික්ඛු – ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො; ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො; ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති; ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු.
“මහණෙනි, භික්ෂුව නැවතද පසක්වූ උපාදාන ස්කන්ධ (රූප, වෙදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
“මහණෙනි, භික්ෂුව පසක්වූ උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසයකරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ රූපරාශියයි, මේ රූපයන් පහළවීමේ හේතුවයි. මේ රූපයන්ගේ විනාශයයිද, මේ වේදනාවය (විඳීමය) මේ වෙදනාව පහළවීමේ හේතුවය. මේ වේදනාවගේ විනාශයයිද, මේ සංඥාවය, මේ සංඥාව පහළවීමේ හේතුවය. මේ සංඥා විනාශයයිද, මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ පහළවීමේ හේතුවය, මේ සංස්කාර විනාශයයිද මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ පහළවීමේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ විනාශයයිද මෙසේ තමා තුළවූ (පංචස්කන්ධ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරවූ (අනුන් තුළවූ) හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් කෙරෙහිවූ හෝ අනුන් කෙරෙහිවූ හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ ඇතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාවය හෝ බලමින් වාසය කරන්නේය. කලෙක ධර්මයන්ගේ පහළවීම හා කලෙක ධර්මයන්ගේ විනාශවීම හෝ බලමින් වාසය කරන්නේය. ඔහුට (සත්ව පුද්ගල නොවන) ස්කන්ධධර්මයෝ ඇත්තාහුය. (යන) සිහිය හොඳින් පිහිටියා වෙයි (ඒ සිහිය) නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ඇසුරුනොකොට වාසය කරයි. (පංච ස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මෙය මාගේයයි ගැනීමක් නොකරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ පඤ්ච උපදාන ස්කන්ධයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
32 රියන් (28 රියන් සිත්රියකගේ) බඩවැල්වල ගමන් කරන ආහාරයේ ඕජාව ශරීරය උරා ගනී.
Play this part on YouTube
මේ පංච උපදානස්කන්ධයම හේතු ප්‍රත්‍ය සහිතයි.
හේතු අනාත්මයි.
එනිසා උපදින ඵලය ආත්ම වන්නේ කෙසේද? කියන නුවණ ලැබෙනවා.
Play this part on YouTube
ධර්මයන්ගේ ඇතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාවය හෝ බලමින් වාසය කරන්නේය. කලෙක ධර්මයන්ගේ පහළවීම හා කලෙක ධර්මයන්ගේ විනාශවීම හෝ බලමින් වාසය කරන්නේය. ඔහුට (සත්ව පුද්ගල නොවන) ස්කන්ධධර්මයෝ ඇත්තාහුය. (යන) සිහිය හොඳින් පිහිටියා වෙයි (ඒ සිහිය) නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ඇසුරුනොකොට වාසය කරයි. (පංච ස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මෙය මාගේයයි ගැනීමක් නොකරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ පඤ්ච උපදාන ස්කන්ධයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
Play this part on YouTube
https://pitaka.lk/181010/117/cs,aps
117
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු?
‘‘ඉධ , භික්ඛවෙ, භික්ඛු චක්ඛුඤ්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘සොතඤ්ච පජානාති, සද්දෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘ඝානඤ්ච පජානාති, ගන්ධෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘ජිව්හඤ්ච පජානාති, රසෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘කායඤ්ච පජානාති, ඵොට්ඨබ්බෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘මනඤ්ච පජානාති, ධම්මෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු.
—
“මහණෙනි, නැවතද භික්ෂුව තමන් තුළවූ සය ආයතනයන්ද (ඇස, කණ, නාසය, දිව, කය, සිත,) පිටතවූ සය ආයතනයන්ද (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම) යන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. මහණෙනි, භික්ෂුව තමන් තුළවූද, පිටතවූද සය ආයතනයන් කෙරෙහි ධර්මයන් අනුව කෙසේනම් බලමින් වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ඇසද දැනගනී. රූපයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීම හේතුකොටගෙන යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද, දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. කණද දැනගනී. ශබ්දයද දැනගනී ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. නාසයද දැනගනී. ගන්ධයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.
දිවද දැනගනී. රසයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.
කයද දැනගනී. ස්පර්ශයද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද එයද, දැනගනී.
සිතද දැනගනී. ධර්මයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද එයද දැනගනී.
මෙසේ තමා තුළවූ (ආයතන) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. පිටත්හිවූ ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළවූද පිටත්හි වූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම බලමින් හෝ වාසය කෙරේ. ඔහුට (සත්ත්ව පුද්ගල නොවන) ආයතන ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. (එය) නුවණ වැඩීම පිණිසද, සිහිය දියුණුවීම පිණිසද පවතී ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන අසුරු නොකොට වාසය කරන්නේය. (ආයතන ධර්ම) ලොකයෙහි කිසිවක් (මමය, මාගේයයි) ගැනීම නොකෙරේ. මහණෙනි ඒ භික්ෂුව මෙසේ තමන් තුළවූද, පිටත්හි වූද දොළොස් ආයතන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
චක්ඛුඤ්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති,
චක්ඛුඤ්ච පජානාති – කියන්නේ නුවණින් ඇහැ දැන ගැනීමයි.
ඇසේ නියම ස්වභාවය කුමක්ද කියා දැනගන්න.
සතර මහා භූතයන්ගෙන් හටගත් උපාදාය රූපයක් ..
ඇහැයි රූපයයි දෙදෙනාව තේරුම් ගන්න ඕන. එවිට ඒ දෙදෙනාගෙන් හටගන්නා පෙනීම තේරුම් ගත හැකිය.
සංකප්ප රාගය ඒ ඒ පුද්ගලයා විසින් උපදවා ගත් දෙයක්.
පිංතූරය දිහා බලනා අදුර ගන්න මට්ටම දැනගන්න සංයෝජන කියල.
Play this part on YouTube