බුදුදහමේ හරය, මාර්ගය වඩන්නාගේ ආරක්ෂිත භුමිය, පිහිටිය යුතු තැන ආදී විවිධ ප්‍රශංසනීයයි නාමයන්ගෙන් හඳුන්වනු ලබන සතර සතිපට්ඨානය නිවන් මගට පිළිපන් ආර්‍ය ශ්‍රාවකයාට මාර්ගය වඩාගැනීමට මහත් අනුග්‍රහයක් ලබාදෙයි.
Sathara sathipattana is the core and the safe ground for the one who practice dhamma. In this six hour long dhamma discussion Ven. Mankadawala Sudassana Thero explains this deep and detailed dhamma topic clearly with his experience as a meditation teacher.
දෘෂ්ටිය විසුද්දියෙන් පසු හොදින් අසා දරා ගත යුතු මේ භාවනා කමටහන් මග සොයා යන්නෙකුට මහත් අත්වැලකි. බොහෝ විට කාලය හරස්වීම නිසා හෝ දේශකයාගේ ප්‍රායෝගික අත්දැකීම් නැතිව හුදෙක් සූත්‍ර පොතේ පරිවතන මත සිටම අසන්නට ලැබෙන අසම්පූර්ණ දේශනා බහුල වකවානුවක් තුල මාන්කඩවල සුදස්සන හිමියන් පැය හයක් පුරාවට, තුන් යමයේ නිදිවරා ඉතා මහන්සියෙන්, වීර්යයෙන් යුතුව සිදුකරන මෙම දේශනය අශ්ටාර්‍ය පුද්ගල සංගරත්නයටම මහත් උපකාරයකි. උන්වහන්සේ වඩන සාසන ප්‍රතිපදා වහ වහ පූර්ණ කරගැනීමට ලබේවා!
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
මෙහි ඇති සූත්‍ර කොටස උපුටා ගත්තේ https://pitaka.lk/ වෙබ් අඩවියෙන්.
මෙහි සඳහන් සියලු සූත්‍ර කොටස් යූ-ටියුබ් හරහාත් https://Sudassana.org වෙතින් mp3 ලෙසත් භාගත කරගත හැකිය. ඒ ඒ කොටස් වලට සබැඳියාවන් පහත දක්වා ඇත.
Part 4 of Video Continues
YouTube URL:
0-16 min:Continuation of Kayanupassana,
16 min.:Vedananupassana,
37 min.: Chittanupassana,
55 min.:Dhammanupassana.
Visit for other excellent Sinhala Dhamma sermons by Ven. Mankadawala Sudassana Thero.
This 6hr continuous talk was given on The Buddhist TV.
මුලින් දකින විට එළදෙනක් සිටියත්
මස් පිනිස සකස් කල විට එළදෙනක් දකීද? වෙන වෙනම හම්, මස් ආදිය තමයි දකින්නේ.
පුද්ගලයකු වඩනවා කියල පටන්ගත්තට අන්තිමට ධාතු පමණක් ඉතිරිවෙන බව පේනවා
Play this part on YouTube
පඨවි ධාතුව – තද කර්කශ ගතිය – මෙය නුවනින් දකින්නට ඕන.
ආපෝ ධාතුව – ගලන වැගිරෙන ඇලෙන ගතිය
තේජෝ ධාතුව – දවන තවන දිරවන පැසවන ගතිය
වායෝ ධාතුව – හමන පිම්බෙන හැකිලෙන ගතිය
මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් මේ ධාතු ගැන නිමිති ලැබෙන්නේ නෑ.
උණු වතුර වීදුරුවක් සහ ඇල්වතුර වීදුරුවක් බලලා රස්නය තියෙන්නේ මොකක්ද කියල කියන්න බෑ වගේ.
ඒ නිසා මෙය හිතින්, නුවනින් දකින්න ඕන.
ධාතුව සමානයි.
තේජෝ සියුම් පඨවි රළුයි කියා දෙයක් නෑ. ධාතුව සමානයි.
සසම්භාරික, ලක්කන, ආරම්මන … ආදී ලෙස පටවි ද 4 ට බෙදේ. මෙයින් අපට ඔය දැනෙන්වා කියලා හිතෙන පටවි කොටස සසම්භාරික කොටසයි.
ඉතින් අරමුණක ඇති පටවි ලක්ෂණය කොහොම දැනගන්නද? නුවනින්ම පමණයි.
Play this part on YouTube
ආධ්‍යාත්මික පටවි ධාතුවත් භාහිර පටවි ධාතුවත් එකයි නේද? කියල තේරුම් යන්න ඕන.
භාහිර පටවි ධාතුව සත්වයෙක් පුද්ගලයෙක් නොවෙයි. ධාතු ස්වභාවයක්.
ආධ්‍යාත්මික පටවි ධාතුවත් භාහිර පටවි ධාතුවත් එකයි නම් ආධ්‍යාත්මික පටවි ධාතුවත් සත්වයෙක් පුද්ගලයකු නොවෙයි. හේතු ප්‍රත්‍යයෙන්, එනම් ධාතු ස්වභාවයෙන් හට ගැනුනක් නේද කියල තේරුම් ගන්න ඕනේ.
මෙසේ ප්‍රත්‍යයෙන් හටගත් කය ඇසුරු කරගෙන සිත පවතින නිසා මේ ධාතුවේ සෙලවීම වෙනවා නේද? ඒනිසා මේ සත්වයෙක් පුද්ගලයකු ලෙස වැරදියට පේනවා නේද කියලා පේන ඕන.
කෙලෙස් සංසිදුනු විට ඇතිවෙන ප්‍රීති ප්‍රොමෝදය ඇතිවන තුරු වඩන්න.
Play this part on YouTube
https://pitaka.lk/181010/112/cs,aps
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං උපසංහරති – ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති (එතං අනතීතොති (සී. පී.)). ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති…පෙ…. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං කඞ්කෙහි වා ඛජ්ජමානං සුනඛෙහි වා ඛජ්ජමානං බ්‍යග්ඝෙහි වා ඛජ්ජමානං දීපීහි වා ඛජ්ජමානං සිඞ්ගාලෙහි වා (ගිජ්ඣෙහි වා ඛජ්ජමානං, සුවානෙහි වා ඛජ්ජමානං, සිගාලෙහි වා (ස්‍යා. පී.)) ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. සො ඉමමෙව කායං උපසංහරති – ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති…පෙ…. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං න්හාරුසම්බන්ධං…පෙ…. අට්ඨිකසඞ්ඛලිකං නිමංසලොහිතමක්ඛිතං න්හාරුසම්බන්ධං…පෙ…. අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං න්හාරුසම්බන්ධං…පෙ…. අට්ඨිකානි අපගතසම්බන්ධානි (අපගතන්හාරුසම්බන්ධානි (ස්‍යා.)) දිසා විදිසා වික්ඛිත්තානි, අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ගොප්ඵකට්ඨිකං (‘‘අඤ්ඤෙන ගොප්ඵකට්ඨික’’න්ති ඉදං සී. ස්‍යා. පී. පොත්ථකෙසු නත්ථි) අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරුට්ඨිකං අඤ්ඤෙන කටිට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ටකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිට්ඨිකං අඤ්ඤෙන ඛන්ධට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ටකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ගීවට්ඨිකං අඤ්ඤෙන හනුකට්ඨිකං අඤ්ඤෙන දන්තට්ඨිකං අඤ්ඤෙන සීසකටාහං. සො ඉමමෙව කායං උපසංහරති – ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති…පෙ…. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණපටිභාගානි (සඞ්ඛවණ්ණූපනිභානි (සී. ස්‍යා. පී.)) …පෙ…. අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි…පෙ…. අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි . සො ඉමමෙව කායං උපසංහරති – ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
—
“මහණෙනි, නැවතද භික්ෂුව, මැරී එක දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුනාවූ නිල්වූ සැරව වැගිරෙන්නාවූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දකින්නේද ඒ භික්ෂුව තම ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේද? මේ ශරීරය මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයකට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාව නොඉක්ම සිටියේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව කවුඩන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ උකුසන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ නොයෙක් සතුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ අමු සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද ඒ භික්ෂුව විසින් තමාගේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත්? මේ ශරීරයද මෙබඳුවූ ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාවය නොඉක්ම සිටියේය කියාය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි විනාශවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව ලේ මස් සහිතවූ නහරවලින් බැඳුනාවූ ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේ වේද, ඒ භික්ෂුව මේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත්? මේ (මගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි.
ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව මස් ලේ දෙකින් පහවූ නහරින් බැඳුන ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව නහර බැඳුම්වලින් වෙන්වූ දිශා අනුදිශාවන්හි විසුරුණු ඇට කැබලිද, වෙන දිශාවක විසිරුණු පාඇටද, වෙන දිශාවක විසුරුණු කෙණ්ඩා ඇටද, වෙන දිශාවක විසුරුණු කලවා ඇටද, වෙන දිශාවක විසුරුණු කටී ඇටද, වෙන දිශාවක විසුරුණු පිටකටුද, වෙන දිශාවක විසුරුණු හිස්කැබලිද ඇතිව සොහොනෙහි දමනලද මළමිනිය යම්සේ දකීද,ඒ භික්ෂුව (තම) ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය. කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියාවෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව සක්ගෙඩියක පාටට සමාන ස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී තෘෂ්ණාදෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය,
“මහණෙනි, නැවතද භික්ෂුව අවුරුදු ගණන් ඉක්මගිය ඇට ගොඩක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තමා) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව කුණුවූ, සුණුවූ ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමනලද මළමිණියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි, ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම් පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
දිරාගන සැරව පිරුණු ශරීරක් තමන්ගේ කයට ආදේශ කරලා තම කයද මේ ස්වභාවයන් නොයික්මවා පවතිනවා නේද කියලා බලන්න පුලුවන්.
තමන්ට රාග දෙවේශ ඇතිවන භාහිර කයක් ඇතිනම් ඒ කයටද මෙසේ ආදේශ කර බලන්න ඕන.
කෙලෙස් සංසිදුනු විට ඇතිවෙන ප්‍රීති ප්‍රොමෝදය ඇතිවන තුරු වඩන්න.
Play this part on YouTube
මෙසේ රූපය පිරිසිඳ දකීමෙන් රූපය සම්බන්ධයෙන් යම් කෙලේසයක් ඇතිනම් එය දුරුවේ.
රූපය සාරයි, සුබයි,නිත්‍යයි ලෙස ගත් ආත්මීය සංකල්පය දුරු වේ.
රූපය පිලිබද විපල්‍යාස සංඥාව දුරු වේ.
Play this part on YouTube
අකුසල 9
ලෝබ ද්වේශ මෝහ අවිද්‍යා භව තණ්හා සුභ සැප නිත්‍ය ආත්ම
කුසල 9
සමත විපස්සනා අලෝභ අදවේශ අමෝහ අසුභ අනිත්‍ය දුක්ක අනාත්ම
Play this part on YouTube
දුක් දේ සැප ලෙස ගත් විපල්ල්‍යාසය දුරු කිරීමට, පිරිසිඳ දැකීමටයි මේ වේදනානුපස්සනාව යොදා ගන්නේ.
කොහොමද වේදනාවේ වේදනාව අනුව බලමින් වස්සසය කරන්නේ?
ඉස්සෙල්ලාම වේදනා කියන්නේ මොනවාද කියල දැන ගන්න ඕන.
1. සාමිස වේදනා (කාමය ඇසුරුකලා වු) (රාග අරමුනු නිසා – දොස් සහිතයි – කෙලෙස් සහිතයි) – සැප (රාග අනුශය), දුක් (පටිග අනුශය), නොදුක් නොසුව (මෝහ අනුශය හෙවත් අවිද්‍ය අනුශය) ලෙස තවදුරත් බෙදයි
2. නිරාමිස වේදනා (යම් දහමක් ඇසුරු කල නිසා ඇතිවූ වේදනාව – දොස් රහිතයි – කෙලෙස් රසහිතයි?) – සැප (රාග අනුශය), දුක් (පටිග අනුශය), නොදුක් නොසුව ලෙස තවදුරත් බෙදයි
සාමිස උපේක්ෂාවේ ස්වභාවය තමයි අජ්ජෝසය තිත්තති. අර්මුණුවල මධ්‍යස්ථව ඉන්න පුලුවන්. හරියට ඔය බිත්තියක් දිහා බලාගෙන ඉන්නවා වගේ.
බිත්තිය ගැන අමුතු ආසාවක් වත් අමුතු තරහක් වත් නෑ. බිත්තියක් කියලයි දකින්නෙ. රූපය තුල උපේක්ෂාව ගොඩනගාගෙන ඇත. ඒත් රූපය තුල උපේක්ෂාවක් නොපවතින බව නොදනී. එනිසා අවිද්‍යා සහගතය.
24:39
රූපය බලන කොට රූපය තුල උපේකශයි – රූපයෙන් මිදිලා නෑ.
ඒවගේ අනෙක් ආයතන පහටත් ගන්න.
රහතන් වහන්සේලාට චලංග සමන්නාගත උපෙක්කාවක් තියෙනවා කියනවා.
මජ්ජිම නිකායේ සලායතන විභංගය බලන්න.
https://pitaka.lk/20137/cs,aps
ඉහත කිව්වේ වේදනාවේ පරිසරය.
ඊලඟට වේදනාව ඉලක්ක කරන්න ඕන.
https://pitaka.lk/181010/113/cs,aps
‘‘කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සුඛං වා (සුඛං, දුක්ඛං, අදුක්ඛමසුඛං (සී. ස්‍යා. පී. ක.)) වෙදනං වෙදයමානො ‘සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; දුක්ඛං වා (සුඛං, දුක්ඛං අදුක්ඛමසුඛං (සී. ස්‍යා. පී. ක.)) වෙදනං වෙදයමානො ‘දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති; අදුක්ඛමසුඛං වා වෙදනං වෙදයමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; සාමිසං වා සුඛං වෙදනං වෙදයමානො ‘සාමිසං සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; නිරාමිසං වා සුඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; සාමිසං වා දුක්ඛං වෙදනං වෙදයමානො ‘සාමිසං දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති; නිරාමිසං වා දුක්ඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති; සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; ඉති අජ්ඣත්තං වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, බහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, වයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා වෙදනාසු විහරති. ‘අත්ථි වෙදනා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති , න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති.
113
“මහණෙනි, කෙසේ නම් භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේද? මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව සැප වේදනාවක් විඳින්නේ, සැප වේදනාවක් විඳීමියි දැනගනී. දුක් වේදනාවක් විඳින්නේ, දුක් වේදනාවක් විඳිමියි දැනගනී. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ දුක්ද නොවූ, සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක්ද නොවූ සැපද නොවූ (උපෙක්ෂා) වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. මෙසේ තමන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම්, අනුව බලමින් වාසය කරන්නේය තමන්ගේ හා අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. කලෙක වේදනාවන්හි ඇතිවීම් ස්වභාව හා කලෙක වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ වේදනා (විඳීම්) ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.
ඊලඟට වේදනාව ඉලක්ක කරන්න ඕන.
මෙය සාමිසද නිරාමිසද සැපද දුකද නොදුක්-නොසුවද කියල අදුර ගන්න ඕන.
සිහිය වේදනාවේ පිහිටුවන්න ඕනේ. වේදනාවම ඉලක්ක වෙන්න ඕන. වේදනාව හටගත්ත රූප කොටසට නෙවෙයි.
වේදනාව අතපයේ කකුලේ වශයෙන් රූපය ඈඳුණොත් ඒ වේදනාව සාමිසයි. එතෙන්ර වීමට නොපවතී.
හේතුවක් නිසා පලයක් ඇති වෙන්න පුලුවන්. නමුත් පලය තුල හේතු තියෙන්න බෑ.
වේදනාව කියන ගතියටම හිත හියන්න ඕන. එවිට සිහිය ඒ ගැනම පවතිනවා.
වේදනාවට අයිති තැනක් අපට දැනෙනවා නම් ඒක වේදනානුපස්සනාව නෙවෙයි.
වේදනාවට අයිති තැනක් නැතුව වේදනාවම දැනෙනවා නම් අන්න ඒක වේදනානුපස්සනාව යි.
උදා:
වතුර මෝටයේ පfoot valve එකේ උදාහරණය.
පලතුරු බීම වල උදාහරණය.
පලතුරු ජාති 3ක් එකතු වෙලා රසයක් හැදෙනවා. ඒත් ඒ රසය වෙන වෙනම පලතුරක රසය නෙවෙයි. එය පෙර නොතිබීම හට ගත් දෙයක්.
තවදුරත්,
භාහිර කෙනෙකුගේ වේදනාවක් ගැනත් මේ විදියටම හිතනවා. ඒ ගැන අප තුල ඇති විපල්ල්‍යාසයද දුරු කරගත හැකිය.
සත්වයෙක් පුද්ගලයකු නොවූ වේදනාව පමනක් ඇති බවට සිහිය හොඳින්ම එළඹ සිටින වා.
Play this part on YouTube
මේ භාවනාව සිත පිරිසිඳ දැකීමයි.
මෙයින් අනිත්‍ය දේ නිත්‍යයි යන විපල්ල්‍යාසය දුරුව යයි.
එයින් අනිමිත්ත චේතෝ විමුක්තිය ලබාදේ.
කයට කලකිරෙනවා නම් එයට හේතු තියෙනව. නමුත් හිත මනස කියන දේ පිළිබඳව කලකිකෙරෙන්න ලෝකය දක්ශ මදි. හේතුව හිතම මමායනය කරල සසර පුරා පුරුදු වෙලා – හිත කියන්නේ මමෙක් නොවෙයි කියලා තේරුම් ගන්න බැරි වීමයි. ඒනිසා කවුරුහරි කයට මම කියනවා නම් ඊට වැඩිය හොඳයි කියල බුදුන් දේශනා කලා.
(මජ්ජිම නිකාය අස්සුතවන්ත සූත්‍රය ද බලන්න.)
Play this part on YouTube
https://pitaka.lk/181010/114/cs,aps
114
‘‘කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානාති, වීතරාගං වා චිත්තං ‘වීතරාගං චිත්ත’න්ති පජානාති; සදොසං වා චිත්තං ‘සදොසං චිත්ත’න්ති පජානාති, වීතදොසං වා චිත්තං ‘වීතදොසං චිත්ත’න්ති පජානාති; සමොහං වා චිත්තං ‘සමොහං චිත්ත’න්ති පජානාති, වීතමොහං වා චිත්තං ‘වීතමොහං චිත්ත’න්ති පජානාති; සංඛිත්තං වා චිත්තං ‘සංඛිත්තං චිත්ත’න්ති පජානාති, වික්ඛිත්තං වා චිත්තං ‘වික්ඛිත්තං චිත්ත’න්ති පජානාති; මහග්ගතං වා චිත්තං ‘මහග්ගතං චිත්ත’න්ති පජානාති, අමහග්ගතං වා චිත්තං ‘අමහග්ගතං චිත්ත’න්ති පජානාති; සඋත්තරං වා චිත්තං ‘සඋත්තරං චිත්ත’න්ති පජානාති, අනුත්තරං වා චිත්තං ‘අනුත්තරං චිත්ත’න්ති පජානාති; සමාහිතං වා චිත්තං ‘සමාහිතං චිත්ත’න්ති පජානාති, අසමාහිතං වා චිත්තං ‘අසමාහිතං චිත්ත’න්ති පජානාති; විමුත්තං වා චිත්තං ‘විමුත්තං චිත්ත’න්ති පජානාති, අවිමුත්තං වා චිත්තං ‘අවිමුත්තං චිත්ත’න්ති පජානාති. ඉති අජ්ඣත්තං වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, බහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. ‘අත්ථි චිත්ත’න්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති . එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති.
—
114
“මහණෙනි, භික්ෂුව කෙසේනම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේදයත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සරාග (අටවැදෑරුම් ලොභ සහගත) සිත හෝ රාගසහිත සිතයයි දැනගනී. වීතරාග (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදොස (දෙවදෑරුම් දොසමූල) සිත හෝ සදොස සිතයයි දැනගනී. වීතදොස (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතදොස සිතයයි දැනගනී. සමොහ (දෙවැදෑරුම්) මෝහමූලවූ හෝ දොළොස් අකුසල්වූ) සිත හෝ සමොහ සිතයයි දැනගනී. වීතමොහ (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීත මොහ සිතයයි දැනගනී. සංඛිත්ත (ථීනමිද්ධයන් – චිත්ත චෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය හා යෙදුණ) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනී. වික්ඛිත්ත (උද්ධච්චය – සිතේ විසිරයාම – හා යෙදුණ) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනී. මහග්ගත (රූපාවචර අරූපාවචර) සිත හෝ මහග්ගත සිතයයි දැනගනී. අමහග්ගත (කාමාවචර) සිත හෝ අමහග්ගත සිතයයි දැන ගනී. සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනී. අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි. දැනගනී. සමාහිත (අපර්ණා සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනී. අසමාහිත (අර්පණා සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත හෝ අසමාහිත සිතයයි දැනගනී. විමුක්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුණ) සිත විමුක්ත සිතයයි දැනගනී, අවිමුත්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුණු) සිත හෝ අවිමුත්ත සිතයයි දැන ගනී.)
මෙසේ තමාගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය සිතෙහි ඉපදීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. විනාශවීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. ඔහුට සත්ව පුද්ගල නොවූ සිත ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. ඒ භික්ෂුව තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කෙරේ. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කරන්නේය.
සිත් 16ම ඒ ඒ වශයෙන් දැන අදුනා ගනී.
උදා:
රාග සිත රාග සිත කියල දැන ගන්න ඕන.
එනම්, යම් කෙනෙක් ගැන රාගයක් ඇතිවෙනවා නම්, ඒ රාගය ඇතිවෙන්නේ භාහිර ව පේන කෙනාටයි කියලයි චිත්තානුපස්සනා නැති කෙනාට හිතෙන්නේ.
එවිට සිද්දවෙන්නේ, ඒ රාගග තවත් බලවත් වීමයි. එවිට තව තවත් භාහිරට යොමු වෙයි.
මෝහයත් මෙසේ මයි.
මේ අවිද්‍යාව කරන කෘත්‍ය දෙක නිසාම යි.
1. ඇත්ත නොපෙනෙනවා. (රාගය දැනුනේ අභ්‍යන්තර පටිච්චයක් නිසා බව නොපෙනේ)
2. නැත්තක් පෙන්නනවා. (භාහිර කෙනෙකුට බව පෙන්වයි)
චිත්තානුපස්සනාව නැති වෙන කොට හේතුව දකින්නේ භාහිරයෙන්.
උදා:
අලි අන්දර කටු කනවා වගේ. සතාට තේරෙන්නේ නෑ මේ එන රස තමන්ගේම ලේ වල රස කියලා.
මේ රස අභ්‍යන්තරයේ කියල දන්නේ නෑ. තව තවත් භාහිරයට යොමුවෙලා (තවත් අන්දර කටු කනවා)
චිත්තානුපස්සනාව වඩන්නා රාගය ඇතිවූ විට එය තමන් තුල ඇතිවූ වක් බව දනී. එය භාහිරයට අයිති නොවන බව දනී.
Play this part on YouTube
තමන් තුල සිහිය තියෙන්න ඕන. මේ විදියට කලොත් ඇලෙන ගැටෙන ගතිය සම්පූර්ණයෙන් අඩුවෙලා යනවා.
ඒ හිතත් නාම රූප ධර්මෙන් හටගෙන නිරුද්ධවන බව දැනගන්නවා.
රාග සහිත සිතත් ඒ සිත ඇති වන්නට හේතු ටිකත් පේනවා. මේ විදියට තේරෙනවිට මේ සිත පටිච්චසමුප්පන්නයි කියල තේරුම් යනවා.
සිත හේතු ප්‍රත්‍යයි.
උදා:
යකඩ දෙකක් එකට ගැටීම.
ගැටෙන්න පෙර සද්දයක් නෑ.
යකඩ වල / තුල සද්දෙ තිබේත් නෑ.
ගැටිල එවර උනාම සද්ද්දෙත් ඉවරයි.
කියල සිත පටිච්චසමුප්පන්නයි කියල තේරුම් යනවා.
එවිට එකම සිතක් තියෙනවාය කියන අදහස එන්නේ නෑ.
සත්වයෙක්ය පුද්ගලයෙක්ය කියන අදහස දුරුවෙනවා.
Play this part on YouTube
https://pitaka.lk/181010/116/cs,aps
කොටස් 5කි.
අනාත්ම දේ ආත්මයි කියන පිප්ල්ල්‍යාසය දුරුකර සුංඤත විමුක්තිය උදෙසා මෙය බුදුන් පනවා ඇත.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු? ඉධ, භික්ඛවෙ, භික්ඛු – ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො; ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො; ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති; ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු.
116
“මහණෙනි, භික්ෂුව නැවතද පසක්වූ උපාදාන ස්කන්ධ (රූප, වෙදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
“මහණෙනි, භික්ෂුව පසක්වූ උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසයකරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ රූපරාශියයි, මේ රූපයන් පහළවීමේ හේතුවයි. මේ රූපයන්ගේ විනාශයයිද, මේ වේදනාවය (විඳීමය) මේ වෙදනාව පහළවීමේ හේතුවය. මේ වේදනාවගේ විනාශයයිද, මේ සංඥාවය, මේ සංඥාව පහළවීමේ හේතුවය. මේ සංඥා විනාශයයිද, මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ පහළවීමේ හේතුවය, මේ සංස්කාර විනාශයයිද මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ පහළවීමේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ විනාශයයිද මෙසේ තමා තුළවූ (පංචස්කන්ධ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරවූ (අනුන් තුළවූ) හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් කෙරෙහිවූ හෝ අනුන් කෙරෙහිවූ හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ ඇතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාවය හෝ බලමින් වාසය කරන්නේය. කලෙක ධර්මයන්ගේ පහළවීම හා කලෙක ධර්මයන්ගේ විනාශවීම හෝ බලමින් වාසය කරන්නේය. ඔහුට (සත්ව පුද්ගල නොවන) ස්කන්ධධර්මයෝ ඇත්තාහුය. (යන) සිහිය හොඳින් පිහිටියා වෙයි (ඒ සිහිය) නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ඇසුරුනොකොට වාසය කරයි. (පංච ස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මෙය මාගේයයි ගැනීමක් නොකරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ පඤ්ච උපදාන ස්කන්ධයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.