+1-778-834-5353 info@namaroopa.com
Select Page

බුදුදහමේ හරය, මාර්ගය වඩන්නාගේ ආරක්ෂිත භුමිය, පිහිටිය යුතු තැන ආදී විවිධ ප්‍රශංසනීයයි නාමයන්ගෙන් හඳුන්වනු ලබන සතර සතිපට්ඨානය නිවන් මගට පිළිපන් ආර්‍ය ශ්‍රාවකයාට මාර්ගය වඩාගැනීමට මහත් අනුග්‍රහයක් ලබාදෙයි.

Sathara sathipattana is the core and the safe ground for the one who practice dhamma. In this six hour long dhamma discussion Ven. Mankadawala Sudassana Thero explains this deep and detailed dhamma topic clearly with his experience as a meditation teacher.

දෘෂ්ටිය විසුද්දියෙන් පසු හොදින් අසා දරා ගත යුතු මේ භාවනා කමටහන් මග සොයා යන්නෙකුට මහත් අත්වැලකි. බොහෝ විට කාලය හරස්වීම නිසා හෝ දේශකයාගේ ප්‍රායෝගික අත්දැකීම් නැතිව හුදෙක් සූත්‍ර පොතේ පරිවතන මත සිටම අසන්නට ලැබෙන අසම්පූර්ණ දේශනා බහුල වකවානුවක් තුල මාන්කඩවල සුදස්සන හිමියන් පැය හයක් පුරාවට, තුන්‍ යමයේ නිදිවරා ඉතා මහන්සියෙන්, වීර්යයෙන් යුතුව සිදුකරන මෙම දේශනය අශ්ටාර්‍ය පුද්ගල සංගරත්නයටම මහත් උපකාරයකි. උන්වහන්සේ වඩන සාසන ප්‍රතිපදා වහ වහ පූර්ණ කරගැනීමට ලබේවා!

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

මෙහි ඇති සූත්‍ර කොටස උපුටා ගත්තේ https://pitaka.lk/ වෙබ් අඩවියෙන්.
මෙහි සඳහන් සියලු සූත්‍ර කොටස් යූ-ටියුබ් හරහාත් https://Sudassana.org වෙතින් mp3 ලෙසත් භාගත කරගත හැකිය. ඒ ඒ කොටස් වලට සබැඳියාවන් පහත දක්වා ඇත.

Maha Satipatthana 3 of 6 VenMankadawala Sudassana Thero - Vinaya
Time: 0:0:6
Part 3 of Video Continues

මේ සම්පයන්‍ය කොපමණ දුරට කල යුතුද?, වැඩිය යුතුද?
Time: 0:0:40
‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති.

මේ ශරීරය දිහා බැලුවම මේ මම කියල හිතෙන්නේ නැති තැනට එනතුරු මේ කාර්‍ය කල යුතුයි.
ඒ කියන්නේ හිත හිතා ගන්නේ නැතිව ම ඒ බව දැන ගන්න ඕන.
Play this part on YouTube

නාම රූප ගැන උපමාව - අන්දයා සහ පිලා
Time: 0:2:33
රූපය තමයි අන්දයා – පේන්නේ නෑ – ඇවිදින්න පුලුවන්.
නාමය තමයි පිලා – පේනවා – ඇවිදින්න බෑ.

නාම රූප දෙකේ එකතුව නිස ගමන සිදුවෙයි.

‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති.
ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය, කියා සිහිය එළඹසිටියේ වෙයි.
එය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් (දුරුව) වාසය කරන්නේය.

යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
Play this part on YouTube

කායානුපස්සනා ඉරියාපථපබ්බං (108) - හතර ඉරියවුවේ භාවනාව
Time: 0:12:47
මේ දක්වා විස්තර කලේ වාඩිවෙලා කරන භාවනාවයි.

දැන් හතර ඉරියවුවේම භාවනා සලකා බලමු.

‘‘පුන චපරං, භික්ඛවෙ,
“මහණෙනි, නැවතද මහණ තෙම

භික්ඛු ගච්ඡන්තො වා ‘ගච්ඡාමී’ති පජානාති, ඨිතො වා ‘ඨිතොම්හී’ති පජානාති, නිසින්නො වා ‘නිසින්නොම්හී’ති පජානාති, සයානො වා ‘සයානොම්හී’ති පජානාති. යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති.
යන්නේ හෝ යන්නෙමියි දන්නේය. සිටියෝ හෝ සිටියෙමියි දන්නේය. හුන්නේ හෝ හුන්නෙමියි දන්නේය. ශයනය කරන්නේ හෝ ශයනය කරන්නෙමියි දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවනලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය.

Play this part on YouTube

මනසිකාරය ඌහන ලක්ෂණය, ප්‍රඥාව චේදන ලක්ෂණය ** important **
Time: 0:15:43
අරමුණක් හිතෙන් අල්ලාගන්නේ නැතුව අහේතුක අවස්තුක ස්තානයේ විදර්ශනා කරන්න එපා. විදර්ශනාව වැඩෙන්නේ නෑ.

අරමුණක හිත තබා ගන්නේ නැතුව, අරමුණක් හිතෙන් අල්ල ගන්නේ නැතුව “හැම දෙයක්ම අනිත්‍යයි නේද? අනාත්මයි නේද… ” කියල හිතුවට, වැඩුවට වැඩෙන්නේ නෑ. වැඩෙන්නේ තැනක් නෑ.
ගොයම් කපන විට මුලින්ම හොදින් ගොයම් ගස් ටික අල්ලා ගනී. ඌහන.
ඊලඟට දෑකැත්ත අරගෙන ඒටික කපා දමයි. චේදන.

ඒ වගේම මේ හතර ඉරියවුවේදීම ඒ ඉන්න ඉරියවුව හොදින් අරමුනු කරගන්න, නිමිත්ත ගන්න, හිත එහි තියන්න.
රූපය වෙනම බලලා ඒ කය ඇසුරු කරගෙන සිදුවන ක්‍රියාවලියක් නේද කියල බලනව.
රූපය ඇසුරුකර ඒ කය අනුව සිදුවන ක්‍රීයාවලියක් නේද කියල බලනවා.
හිත නිසා මේ ඉරියවු පවතිනවා නේද කියල බලනවා.
ඊට පස්සේ ඉදගෙන ඉන්නවා කියන සිද්දිය වෙන්නේ මෙහෙම නේද ? ඇවිදිනා වා කියන සිද්දිය වෙන්නේ මෙහෙම නේද? කියල නාම රූප වෙන් වන විදියට බලනව.

Play this part on YouTube

කොපමණ දුරට බලනවා ද?
Time: 0:20:19
රූපයත් නාමයත් වෙන වෙනම දකින්න උත්සාහ කරන්න. එවිට ඒ විදියට පේන විට (ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති)

https://pitaka.lk/181010/cs,aps
Play this part on YouTube

කායානුපස්සනා සම්පජානපබ්බං (109)
Time: 0:23:58
“… සම්පජානකාරී හොති,…”

කාරනා 4 කට බෙදයි.
1. සාර්ථක සම්පජන්‍ය – ඉස්සර වෙලා නුවනින් බලන්න ඕන. අර්ථ අනර්ථ බව සලකා බලන්න ඕන.
2. සප්පාය සම්පජන්‍ය – ගැලපෙනවද? සුදුසුද? නුවනින් බලන්න ඕන.
3. ගෝචර සම්පජන්‍ය – යන්න නොයන්න තැන් තියෙනවා – යන්න කලින් නුවනින් බලන්න ඕන.
4. අසම්මෝහ සම්පජන්‍ය – (සම්මෝහ නම් මමයි කරන්නේ, මමයි යන්නේ එනේ කියල අතපය හකුලනවා, ඇවිදිනවා… ) අසම්මෝහ නම් සත්ව පුද්ගල නොවන ලෙස නුවනින් බලීමයි.

Play this part on YouTube

ඉරියවු නම් ගොයම් මිට අල්ලගන්න තැන සතිපට්ටානයයි - කපන තැන සම්පජන්‍යයි
මේ විදියට කරන විට සිහි නුවණ යන ධර්මතාවය වැඩෙනවා - කොපමණ කල යුතුද?
Time: 0:35:26
ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති
මේ යෝගාවචරයාහට වනාහි සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේයයි සිහිය එළඹ සිටියේ වෙයි, (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනාගෙන් දුරුව වාසය කරන්නේය.

එනම් සත්වයෙක් පුද්ගලයෙකු මෙතන නැති බවත් කය ඇති බවත් යන සිහිය හොදට පිහිටන තුරු කරන්න, වඩන්න ඕන.
Play this part on YouTube

මේ සඳහා තවත් අදහසක්
Time: 0:36:26
සම්පජානය කියන විට එම ඉරියවුව්වම මෙනෙහි කරනවා නොවේ.
රාග දෝශ මෝහ ඇති නොවන විදියෙන් වෙනත් කමටහනකින්ද කළ හැකිය.

යෑම එකමයි
නමුත් යනවිට පවත්වන හිත අනුව කල ක්‍රියාව නම් කරයි.
එයිත් තමයි සම්පජන්‍ය.

උදා :

කටු ඇනෙනේ නැතිවෙන්න යන්න ඕන.

හරියට කැලේම තියෙන හැම කටුවක්ම වහලා කටු ඇනෙනේ නැතිවෙන්න ඇවිදිනවා වගේ.
ඒත් ලේසි විදිය නම්:
තමංගේ කකුල් දෙක වැහෙන්න පා වැස්මක් පැලදීමයි.

Play this part on YouTube

හැම අරමුණක් කෙරෙහිම සිහිය පවත්වනවාද? එක අරමුණක් රැකගන්නවාද (කකුල් වලට පා වැස්මක්)
කොපමණ මෙලෙස වැඩිය යුතුද? - බ්‍රහ්මචරියාව - මිහිරි තැනක් ලෙස වැටහෙනවා.
සම්පජානපබ්බං නිට්ඨිතං - කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං
Time: 0:45:5
111
https://pitaka.lk/181010/111/cs,aps
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති – ‘අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති.
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා චතුමහාපථෙ (චාතුම්මහාපථෙ (සී. ස්‍යා. පී.)) බිලසො විභජිත්වා නිසින්නො අස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති – ‘අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති…පෙ…. එවම්පි ඛො, භික්ඛවෙ , භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

“මහණෙනි, නැවතද භික්ෂුව යම් ඉරියව්වකින් සිටියාවූද යම් ආකාරයකින් තබන ලද්දාවූද මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය. මේ ශරීරයෙහි පෘථිවි ධාතුව (තද ගතිය) ඇත්තේය. ආපෝ ධාතුව (බැඳීම් ගතිය) ඇත්තේය. තේජෝ ධාතුව (උණු ගතිය) ඇත්තේය. වායො ධාතුව (පිම්බීම් ගතිය) ඇත්තේය කියායි.
“මහණෙනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ, ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගවයකු මරා සතර මංසන්ධියක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා උන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, භික්ෂුව මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය කෙසේදයත්? මේ ශරීරයෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තෙජො ධාතුව, වායො ධාතුව ඇත්තේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ධාතු මාත්‍රවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

Play this part on YouTube

වයස 120ක් වු සෝනා භික්ෂුණිය ගැන කතාව - වීර්‍ය වැඩීමයි
කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං - වැඩිය යුතු ආකාරායි
Time: 0:48:4
කුනුප කොටස් වලට සිහිය යොමු කරන්න
ඉතා සෙමෙන් ද නොව වඩා වේගයෙන් ද නොවේ.
පර පුද්ගලයන්ටද සිහිය යොමනව – ඒ අයත් මෙසේ කුනුප කොටස් නේද?
ඒ ඒ දේ සැදී තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් නේද?
ධන්‍ය මල්ලේ උපමාව මතක් කර ගන්න. ඒ ඒ කුනුප කොටස් ඇස් ඇති පුද්ගලයෙකු දකිනවා වගේ සිහියෙන් දකින ඕන.

ආහාරයෙන් කය සැදුණු නිසා හේතුප්‍රත්‍ය නිසා කය පවතිනවා කිය රූප ධර්ම කොටස තේරුම් යන්න ඕන.
මෙබදු වූ කය ඇසුරු කරගෙන සිටින හිත හේතුවෙන් මේ ඉරියව් පවතිනවා කියල නාම ධර්ම කොටස තේරුම් යන්න ඕන.

මේ නාම රූප නොදන්නා නිසා සත්ව පුද්ගල කියා දෘෂ්ටි ඇතිවෙනවා කිය තේරුම් යන්න ඕන.

සත්වයෙක් පුද්ගලයකු නොව කය පමනක් ඇති බවට සිහිය හොදින් එලබ සිටින්න පුලුවන් වෙන්න ඕන.

තෘශ්ණා දෘෂ්ටි වශයෙන් කිසිම කයක් ගන්නෙ නෑ.

මේ ලෝකයේ කිසිම රූපයක් සත්වයෙක් පුද්ගලයකු හෝ ආත්මයක් ලෙස ගන්නේ නෑ. ධර්මතාවය පේනවා.

අන්ධයා සහ පිලා වෙන වෙනම දකිනවා.

නෑ කියන්වා නෙවෙයි. සියල්ලම පරිඤ්ඤෙයිය වේගන එනවා.
Play this part on YouTube

කොපමණ දුරට වැඩිය යුතුද?
Time: 0:51:0

මේ තත්ත්වයට එනවිට ප්‍රීතියට ඇතිවෙනවා.

ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවා.
Play this part on YouTube

පටිකූලමනසිකාරපබ්බං නිට්ඨිතං - කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං
Time: 0:54:34