පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
පටිච්ච වීමයි.
විතක්ක යනු සිතුවිලියි.
රාග ද්වේශ මෝහයෙන් කරන විතක්ක වලටයි මේ කියන්නේ.
කාම විතක්ක, විහින්සා විත්ක්ක, ව්‍යාපාද විතක්ක – ප්‍රත්‍ය සහිතව උපදී.
කාම ධාතුව නිසා කාම සංඥාව උපදී, එයින් කාම සංකල්ප උපදී, එයින් කාම පරිදාහ උපදී, එයින් කාම පර්යේෂණය උපදී.
කාම පර්යේෂණය සොයන්නා තිදොරින් අකුසලයේ යෙදෙයි.
විහින්සා විත්ක්ක, ව්‍යාපාද විතක්ක වලට ද ධාතු ස්වභාවය මෙයමයි.
කාම ධාතුව ලෝකයේ ස්වභාවයයි. එය විපාක ලෙස ලැබෙන්නකි.
ඉන් එහාට කාම සංඥාව, කාම සංකල්ප, කාම පරිදාහ, කාම පර්යේෂණය උපදවන්නේ රාග ද්වේශ මෝහයෙන් පටිච්ච වීමෙනි. නිරෝද කල හැක්කේ මෙයයි.
විහින්සා විත්ක්ක, ව්‍යාපාද විතක්ක වලට ද මෙසේ මය.
Play this part on YouTube
මෙතනදී තමයි සැප යනු දුකේ අඩුවක් යැයි කී අදහස වැරදි යි කියල තේරුම් යන්නේ.
Play this part on YouTube
මාර්ගට කියන්නේ මේ ලෝකේ තියෙන කාම වස්තු සියල්ල අනිච්චයි දුක්කයි අනත්තයි කියා දැකීමයි. නිවන නිච්චයි, සුකයි, අත්තයි ලෙස ගත්තම අනුලෝමක්ශාන්තියටයි සම්‍යක්ක නියාමයටයි (??) පත්වෙච්ච කෙනා සම්මා දිට්ඨියට පත්වීමෙන් ඵලය පූර්ණ වෙනවා.
නිරුක්ති:
සම්මා දිට්ඨියට යනු – මා වීමට සං වීමෙනුයි.
Play this part on YouTube
බැඳීමෙන් නිවන් දකී.
කාමයට පටිච්චව සිටි කෙනා නිවන් මගට පිවිසීමේදී ක්‍රමයෙන් නෙක්කම්මයට (නෙක්කම්ම ධාතුවට) පටිච්ච වීමෙන් නෙක්කම්ම සංඥාව උපදී … මේ විදියට නෙක්කකම්ම පරීක්ෂනය දක්කවා මෙසේ පටිච්ච වෙමින්, එකකින් එකක අල්ලා ගනිමින් යන ගමනක් තමයි නිවන් මාර්ගය.
කලින් කාමයට පටිච්ච වූ කෙනා දැන් නෙක්කම්මයට පටිච්ච වෙනව.
Play this part on YouTube
කාමයට තමයි දුක කියන්නේ.
සැපයි දුක්යි දෙකක්. සැපත් දුකක්ම, දුකේ අඩුවක් යැයි කීම වැරදිය.
රාග + අක්කය = රාගය නිසා හටගත් සිත පහත් නොකර ගැනීමයි.
ද්වේශයටත් , මෝහයටත් මෙහෙම මයි.
Play this part on YouTube
ආශ්වාදයන් ගෙන්, කෙලෙස් වලින් මිදෙන පැත්තට අත්ත වීම යි.
අපට කය-වල් දෙකක් ඇත. එකක් පංචස්කන්ද කය සහ පංච උපාදානස්කන්ද කය ලෙස කය දෙකකි.
එහෙම නැතිනම් –
1. විපාක කය (පංචස්කන්ද කය)
2. රාග ද්වේශ මෝහ නිසා හටගත් ආස්වාද කය (පංච උපාදානස්කන්ද කය)
මේ තවත් විදියකින් කායේ කායානු පස්සනා කය යි. කය අනුව බැලීමෙන් (අනුපස්සනා වෙන් – අනිච්ච දුක්ක අනත්ත ලෙස බැලීම) පංච උපාදානස්කන්ද කය නිරෝද කල හැකිය.
(විපාක කය නිරෝදය වන්නේ අනුපාදා පරිනිර්වාණයෙනි)
මේ විදියටම වේදනා කයත් දෙ-ආකාරයි.
1. විපාක වේදනා කය
2. රාග ද්වේශ මෝහ නිසා හටගත් ආස්වාද වේදනා කය (පංච උපාදානස්කන්ද කය)
පටිච්චයෙන් හටගන්නා පටිච්ච සමුප්පන්න කය අනිච්ච බව දැකීම රාග (ද්වේශ, මෝහ) නිරෝදය යි.
Play this part on YouTube
රාග ද්වේශ මෝහ උපාදානීය ධර්ම යෝය. එයින් ආශ්වාද නිර්මානය කරයි.
මේ ආශ්වාදයේ අනිච්ච දුක්ක අනත්ත නැවත නැවන බැලීම්මෙන් නිවන් පූර්ණය කල හැකිය.
පට්ච්ච සමුප්පාදයේ වේදනාව යනු ආස්වාදයයි.
මේ කොටස වීඩියෝව හොදින් බලන්න.
Play this part on YouTube